ලාංකික_විදේශාක‍්‍රමණ
ලාංකිකයන් විසින් සිදුලක අතීත විදේශාක‍්‍රමණ
වර්තමාන සිංහලයාට ස්වකීය මුතුන්මිත්තන් විසින් දායාද කරන ලද අති ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇත. ශ‍්‍රී ලංකාව වර්ග කිලෝමීටර් 65610 ක් හෙවත් වර්ග සැතපුම් 25481ක් පමණ වූ කුඩා ¥පතක් වුවද අතීතයේ මෙරැුටියන්ගේ යශෝකීර්තිය ලොව පුරා පැතිර ගියේ රෝමය, පර්සියාව වැනි බල සම්පන්න වූූ අධිරාජ්‍යයන්වල යශෝකීර්තියට නොදෙවෙනි ලෙසය. උක්ත කරුණ හේතුකොටගෙන ක්ලෝඩියස් ටෝලමි (කි‍්‍ර.පූ. 160 – 90* සහ එරොස්තිනිස් (කි‍්‍ර.පූ. 276-195 * වැනි ඉපැරණි ගී‍්‍රක භූගෝල විද්‍යාඥයන් ඇඳි ලෝක සිතියම්වල ලංකාව කුඩා මහද්වීපයක ආකාරයට විශාල කොට සිතියම් ගත කර ඇත. තවද කුටෝ, ක්වේරෝස් වැනි පෘතුගීසි ඉතිහාසඥයන් ස්වකීය කෘති රචනා කිරීමේදී සිංහල රජවරුන් හැ`දින්වීමේදී අධිරාජයා වැනි ගෞරව නාමයන්ද ඇතැම්විට යෝදා ගනී. මෙයින් පෙනී යන්නේ පැරණි සිංහල රජ දරුවන්ගේ යශෝකීර්තිය දාගැබ් ඉදිකිරීමකට හෝ වැව් ඉදිකිරීමකට සිමා නොවූ බවය. ඔවුහු යම් සාධාරණ හේතු මත විදේශ රාජ්‍යයන් ආක‍්‍රමණය කිරීමටද නිර්භය වූහ. එයින් ඇතැම් ආක‍්‍රමණ ස්වකීය මිතුරු රාජ්‍යයවලට යුදමය වශයෙන් උපකාර කිරීම සඳහා හෝ යම් කාලයකට ඉහත ස්වකීය රාජ්‍යයෙන් පැහැර ගත් ධනය ආපසු ලබාගැනීම සහ පැහැර ගත් මිනිස් ජීවිත ආපසු ලබා ගැනීම වැනි සාධාරණ හේතු මතය.
නමුත් අභාග්‍යට කරුණ නම් සිංහලයන් සිදුකළ විදේශ ආක‍්‍රමණ පිළිබඳව කිසියම් විමර්ශනයක් මෙරට ඉතිහාසඥයන් සිදුකර නොතිබීම ලජ්ජා විය යුතු කරුණකි. එකී ඌන පූරණය යම්තාක් දුරට පිරවීමට මෙම ලිපියෙන් අපේක්ෂා කෙරේ. මූලික වශයෙන් ශ‍්‍රී ලාංකිකයන් සිදුකළ විදේශාක‍්‍රමණ පිළිබඳව තොරතුරු විමර්ශනයේදී ලැබෙන මූලාශ‍්‍ර සහ තොරතුරුවලට අනුව කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.
1. පැරණි ඉන්දීය වීර කාව්‍ය, දේශිය-බලි තොවිල් ස්තෝත‍්‍ර සහ හෙළ ජනකථාවල සඳහන් ලාංකිකයන්ගේ විදේශාක‍්‍රමණ.
2. ඵෙතිහාසික වංශකථා දී මූලාශ‍්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රවල සඳහන් ලාංකිකයන්ගේ විදේශාක‍්‍රමණ යනාදී වශයෙනි.
උක්ත වර්ගීකරණයේ ප‍්‍රථමයෙන්ම දැක්වූ වර්ගයට අනුව ලාංකිකයන් සිදුකළ ආක‍්‍රමණ පිළිබඳව පරීක්ෂා කර බැලීමේදී ‘‘බලි’’ නම් යක්ෂ උප ගෝත‍්‍රයකට අයත් ප‍්‍රධානියකු පිළිබඳව තොරතුරු හමුවෙයි. හෙතෙම දකුණු ඉන්දියාව ආක‍්‍රමණය කොට පසුව හින්දු වීරවරියක වූ ‘‘ චණ්ඩි ’’ නම් තැනැත්තියක මෙහෙය වූ ඉන්දීය සේනාවක් අතින් පරාජයට පත්ව ඇත. මෙම ආක‍්‍රමණය පැරණි ඉන්දීය පුරාණ ග‍්‍රන්ථ, ටිබැටියානු යන්ත‍්‍ර මන්ත‍්‍ර ග‍්‍රන්ථවල සහ ඉන්දීය ජනකථාවල සඳහන්ව ඇත. එකී මූලාශ‍්‍රවලට අනුව දකුණු ඉන්දියාව ආක‍්‍රමණය කළ තවත් හෙළ රජ දරුවන් ද්විත්වයකි ඉරණිය සහ තාරක පද්ම. මින් දෙවැන්නා දකුණු ඉන්දියාව සිය අණසකට ුගෙන ආර්යාවර්තය හෙවත් උතුරු ඉන්දියාව ආක‍්‍රමණය කිරීමට ගොස් සටන්කාමී හින්දු දෙවියකූ වූ ස්කන්ධ කුමාර අතින් පරාජයට පත්ව ලංකාවද අහිමි කර ගනී. තාරකයන්ව පරාජයට පත් කළ ස්කන්ද කුමාර ස්වකීය නව රාජධානිය වශයෙන් ලංකාව තෝරා ගනී.
සුවිශාල අධිරාජ්‍යයක් ගොඩනැගු හෙළ රජ දරුවන් අතර සුපතළ රාවණ රජතුමාට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. හෙතෙම දකුණු ඉන්දියාව, ඬේකානය සිට ගංගා නදී ඩෙල්ටාව යනාදි ඉන්දීය ප‍්‍රදේශ නතුකොට ගෙන බලසම්පන්න අධිරාජ්‍යයක් ගොඩනගා ගනී. වර්තමාන ගුවන්යානා ආකාරයේ යුද්ධ විමාන සහ නවීන අවි ආයුධවලින් සන්නද්ධ හමුදාවක් මොහුට අයත්ව තිබූ බව රාමායණය සහ මහා භාරතය වර්ණනා කරයි. වරක මොහු ආර්යයන්ගේ යුද්ධයට අධිපති දෙවියා වූ ඉන්ද්‍රයාද පරාජයට පත් කොට ඇත.
නමුත් රාම නම් උතුරු ඉන්දීය කුමාරයකු සහ හනුමන්ත නම් නායකයකු ප‍්‍රමුඛ මිලේච්ඡු ගෝති‍්‍රක හමුදාවක් අතින් ලංකේෂ්වර රාවණාව පරාජය කළ බව රාමායණය වර්ණනා කරයි. අනතුරුව ලංකාව විභීෂණට පවරා රාම කුමරු උතුරු ඉන්දියාවට සපැමිණියේය. මහායාන ග‍්‍රන්ථයක් වන ලංකාවතාර සූත‍්‍රය රාවනා රජු බෞද්ධයකු බව සඳහන් කර ඇත. රාවණයන්ගේ අභාවයෙන් පසුව යක්ෂ ගෝත‍්‍රය අබිබවා නාග ගෝත‍්‍රය පෙරට පැමිණේ. විදේශ ආක‍්‍රමණයක් සිදුකළ ප‍්‍රථම නාග ගෝත‍්‍රික රජු වන්නේ සුරාට්ය. මොහුගේ දිග්විජය ව්‍යාපාරය පිළිබ`දව කදිම විස්තරයක් වායු පුරාණය නම් ඉන්දීය මූලාශ‍්‍රය වාර්තා කරයි. එයට අනුව සුරාට් ස්වකීය නාග සේනාව කැටිව දකුණු ඉන්දියාවේ කොමරින් තුඩුවට ගොඩබැස ඉන්දීය රජවරුන්ට මාරාන්තික ප‍්‍රහාර එල්ල කරමින් මු`ඵ ඉන්දියාවම යටත් කරගත් බවත් ඉන් නොනැවතුණ හෙතෙම තිබ්බතය සහ මධ්‍යම ආසියාව යටත් කරගත් බවත්්් ස`දහන් කරයි.
විජයාවතරණයට පෙර හෙළ රජ දරුවන් සිදුකළ ආක‍්‍රමණ වීර කාව්‍ය සහ වෙනත් ආගමික මූලාශ‍්‍රවල ස`දහන් වීම හේතු කොට ගෙන ඇතැම් ඉතිහාසඥයන් මේවා අවිචාරශීලීව හුදු ප‍්‍රලාප ලෙස ඉවත දමති. නමුත් උක්ත පුරාවෘත්ත පිළිබ`දව මධ්‍යස්ථ දෘෂ්ටිකෝණයෙන් විමසා බලන නීලකන්ඨ ශාස්ති‍්‍ර, ස්ර්වපල්ලි රාධක‍්‍රිෂ්ණන් එච්.සී. සන්කලියා ස්පෙන්සර් හාඞ්, ආනන්ද ගුරුගේ යනාදි දෙස් විදෙස් උගතුන් පෙන්වා දෙන්නේ මෙම ඉපැරණි මිථ්‍යා කතා ප‍්‍රවෘත්තිවල නිරවද්‍යතාව සීමිත වුවද, එයින් දකුණු ආසියාවේ ආර්යය පැතිරීම හ`ගවන බවත් ඊට එරෙහිව කටයුතු කළ ස්වදේශිකයන් ආර්යයන් අතර සිදුවුණු ගැටුම්වල සාරය දැක්වෙන බවයි.
පෙර දැක්වූ වර්ගීකරණයේ දෙවැනි කොටසට අයත්වන ලාංකීකයන්ගේ ආක‍්‍රමණ පිළිබ`දව ස`දහන් වන මූලාශවල අඩංගු කරුණු වෙනත් සාහිත්‍ය මූලාශ‍්‍රවලින් සහ පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රවලින් තහවුරුවීම හේතුකොට ගෙන ඒවායේ වලංගු භාවය අධිකය. එසේම මෙම ආක‍්‍රමණ සිදුකළ වර්ෂයන්වලට ආසන්න කාලවල විසූ ඉපැරණි වියතුන් විසින් රචනා කර ඇති නිසාද වලංගුභාවය අධිකය. දෙවැනි වර්ගීකරණයට අනුව සිංහලයන් සිදුකළ ප‍්‍රථම විදේශාක‍්‍රමණය සිදුකර ඇත්තේ ගජබාහු (ක‍්‍රි:ව 114 -136* කලය. ස්වකීය පිය රජු වූ වංකනාසිකතිස්ස රජු කල චෝල දේශයේ කරිකාලචෝල නම් රජකු ලංකාව ආක‍්‍රමණය කොට සිංහල සිරකරුවන් 12,000 ක් චෝල දේශයට ගෙන ගිය බවත් එයට ප‍්‍රතිඋත්තර වශයෙන් ගජබාහු ස්වකීය සෙන්පති නීලමහා යෝධයා සමග ගොස් දකුණු ඉන්දියාව ආක‍්‍රමණය කොට චෝල පාලකයාව බිය ගන්වා පාත‍්‍ර ධාතුව, පත්තිනි සළඹ ද සහ 24,000 අධික දෙමළ සිරකරුවන් පිරිසක් රැුගෙන සාර්ථකව මෙරටට ආ බව ස`දහන් වෙයි. එහෙත් මෙම විස්තරය ඇත්තේ මහාවංශයේ නොව පශ්චාත් කාලයේ රචනා වුණු පූජාවලිය, රාජාවලිය සහ රාජරත්නාකරය වැනි කෘතිවලය. නමුත් ගජබා සමයට සම කාලීන ද්‍රවිඩ සංගම් සාහිත්‍යට අයත් සීලප්පදීිකාරම් නම් කෘතියට අනුව කයවාහු නම් සිංහල රජ කෙනකු ඉන්දියාවේ පත්තිනි උත්සවයකට සහභාගි වී ඇත. ගජබාහු යන්නේ දෙමළ ඌරුව කයවාහු බව විද්වත් මතය වේ. උක්ත ද්‍රවිඩ කෘතියට අනුව ගජබාහුගේ ඉන්දීය ආක‍්‍රමණය පිළිබ`දව කිසියම් සත්‍යාශුවක් තිබිය හැක.
,, සේන (කි‍්‍ර :ව 867-902* රජු කල සිංහලයන් දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශය ආක‍්‍රමණය කොට ජයගත් බව මහා වංශය සහ රාජාවලිය මහත් අභිරුචියෙන් වර්ණනා කරයි. සේන රජුගේ පිය රජු වූ , වන සේන රජු කළ ප‍්‍රබල පාණ්ඩ්‍ය රජකු වූ ශ‍්‍රී මාර ශ‍්‍රී වල්ලභ නමැත්තා මහා සේනාවක් ගෙන ලංකාව ආක‍්‍රමණය කොට , සේනයන්ව පරාජය කර රුහුණට පලවා හැර අනුරාධපුරය කොල්ලකා මහත් ධන සම්භාරයක් ගෙන ආපසු සියරට බලා ගියේය.
ඊට පළිගැනීම වස් ,, සේන රජු කල් මරන විට, වල්ලභ නම් ප`ඩි රජු පුත් වර්ගුණවර්මන් කුමරු පාණ්ඩ්‍ය සිංහාසනය ලබා ගැනීම ස`දහා යුදමය ආධාර සපයන ලෙස ලාංකික රජුගෙන් ඉල්ලා ඇත. සුදුසුම අවස්ථාව මෙය බව දැනගත් ,, සේනයන් ස්වකීය ප‍්‍රබල සෙනෙවියකු වූ කුට්ඨික සමග ප‍්‍රබල සිංහල සේනාවක් පාණ්ඩ්‍ය දේශයට යවා ඇත. පාණ්ඩ්‍ය වෙරළට බට සිංහල සේනාව ගම්, නියම්ගම්, නගර අත්පත් කර ගනිමින් සහ පාණ්ඩ්‍ය සේනා පරාජයට පත් කරමින් පාණ්ඩ්‍ය අගනුවර වූ මදුරාව වට කොට එහි ප‍්‍රකාර බි`ද දමා නගරය කොල්ලකා ගිනිබත් කළ අතර සටනින් පරාජය වු වල්ලභ රජු ස්වකීය බිරි`ද සමග එක්ව සියදිවි හානි කරගත් බව මහාවංශය වාර්තා කරයි. ස්වකීය විජයග‍්‍රහණය සිහි කරනුවස් ,, සේන රජු මදුරාදිනු මදුරාපහල යන විරුදාවලි ලබා ගත්තේය. මෙම සිංහල ආක‍්‍රමණය මහාවංසාදී දේශීය මූලාශ‍්‍ර සහා පාණ්ඩය ශිලා ලේඛන සාක්ෂි දරයි.
කල් යාමේදී දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය බලය අබිබවා චෝලයන් බලවත් වන්නට විය. මාර්වර්මන් රාජසිංහ නම් පාණ්ඩ්‍ය රජතුමා රාජ්‍ය කරන කල්හි , පරන්තක නම් චෝල රජු පාණ්ඩ්‍ය දේශය ආක‍්‍රමණය කළේය. බියට පත් පාණ්ඩ්‍ය රජු සමකාලීන ලාංකේය පාලක V කාශ්‍යපගෙන් (ක‍්‍රි:ව 930-940* යුද ආධාර ඉල්ලා ඇත. ඊට පිළිතුරු වශයෙන් කාශ්‍යප රජු සක්ක නම් ප‍්‍රබල සේනාපතිවරයකු යටතේ විශාල සේනාවක් පාණ්ඩ්‍ය දේශයට යවා ඇත. පසුව පාණ්ඩ්‍ය සේනාව හා ඒකාබද්ධ වූ සිංහල සේන වෙල්ලූර් දක්වා රට අභ්‍යන්තරයට ගමන් කළ හැකි වුවද චෝල සේනා අතින් පරාජයට පත් වී ඇත. මේ බව චෝල ශිලා ලිපි සාක්ෂි දරයි. එහෙත් ලාංකේය මූලාශ‍්‍රවල ස`දහන් වී තිබෙන්නේ දකුණු ඉන්දියාවට සපැමිණි සිංහල සේනාව අතර වසංගත රෝගයක් පැතිර ගොස් විනාශ වූ බවයි. සටනින් පරාජයට පත් වූ පාණ්ඩ්‍ය රජු ස්වකීය රාජ කකුධ භාණ්ඩ සිංහල පාලකයාට භාර කොට කේරළයට පලා ගියේය. එවකට ලක්දිව පාලකයාව සිට්යේ තුන්වන දප්පුල රජුය. පාණ්ඩ්‍ය රාජකීය කකුධ භාණ්ඩ සෝලීන් විසින් ඉල්ලූ නමුදු එවා භාර නොදීමට සිංහල රජු වගබලා ගත්හ. දප්පුල රජුගෙන් පසුව රජ වූයේ සුරා සොඬකු වූ , උදය රජතුමාය.
(ක‍්‍රි : ව 946 -954 * රජුගේ දුර්වල භාවය දැනගත් , පරන්තක චෝල රජු ලංකාව සහ පාණ්ඩ්‍ය රාජකීය කකුධ භාණ්ඩ අත්පත් කර ගැනීම ස`දහා සේනා එවීය. චෝල ආක‍්‍රමණයෙන් පරාජය වූ උදය රජු රෝහණයට පලා ගියේය. අනුරාධපුරය කොල්ල කෑ චෝල සේනා ආපසු චෝල දේශයට ගියහ. පියවි සිහියට පත් උදය රජු චෝලයට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට අදහස් කර විදුරංග නම් සටන්කාමී සිංහල සේනාපතිවරයකු යටතේ සේනාවක් චෝල දේශයට යවා ලංකාවෙන් කොල්ලකෑ වස්තුව ආපසු සිය රටට ගෙන්විය. නමුත් විදුරංගයන්ගේ චෝල ආක‍්‍රමණය පිළිබ`දව විස්තර ඇත්තේ චූලවංශයේ පමණි.
චූලවංශයේ පමණක් ස`දහන් වන විදුරංගයන්්ගේ ආක‍්‍රමණයෙන් වසර 342ක දිගු නිහැ`ඩියාවකට පසුව ලාංකීකයන් සිදුකළ විදේශාක‍්‍රමණයක් පිළිබ`දව විස්තර සාහිත්‍ය මූලාශ‍්‍රවලින් හමුවෙයි. ඒ මහා පරාක‍්‍රමබාහු රජු (කි‍්‍ර:ව 1153-1187* දවසය. මහා ගල් විහාරය, ලංකාතිලක වැනි සිද්ධස්ථාන ඉදි කරමින් මහා පරාක‍්‍රම සමුද්‍රය නම් වැව ඇතුළු වැව් රාශිය කරවීම හේතුවෙන් ද, බටහිර හා නැගෙනහිර තොටුපළවල මෙතුමා ගෙන ගිය සාරවත් වෙළෙ`දාම හේතුකොටගෙන සිංහලය දියුණුවේ උපරිමාංකයට පත් විය. එමෙන්ම මෙකල ලංකාව පෙරදිග ධාන්‍යාගාරය යන අන්වර්ථ නාමයෙන්ද පිදුම් ලැබිය. ඒ මෙම ප‍්‍රසිද්ධිය නිසාම රජුට විවිධ ජාත්‍යන්තර ගැටලූවලට, මුහුණ දීමට සිදුවිය. පැරකුම්බා රජුට පෙර රජකළ , විජයබාහු (කි‍්‍ර:ව 1055-1110* කල ලංකාව හා බුරුමය අතර දේශපාලන, සංස්කෘතික හා ආර්ථික සබ`දතා අලූත් වූ අවධියක් විය. නමුත් පැරකුම්බා රජු කල බුරුමයේ රජ පැමිණි ‘‘ අලවංසිතු ’’ නම් රජු කිසියම් හේතුවක් නිසා බුරුම වෙරළට එන සිංහල වෙළෙ`දුන්ට නොයෙකුත් අඩත්තේට්ටම් කළේය. හෙතෙම සිංහල වෙළෙ`දුන්ගේ ධනය රාජසන්තක කළේය. ඉන් නොනැවතුන රජු කාම්බෝජය බලා ගිය සිංහල කුමාරිකාවක ඇතුළු පිරිසක් සිරගත කළේය. කෝපයට පත් පැරකුම්බා රජු බුරුමය යටත් කර ගැනීමට පිඹුරුපත් සැකසිය. ඒ අනුව නැගෙනහිර වෙරළේ කුච්චවෙලිය නම් වරායේ අවශ්‍යය නැව් තනවා එවා ආක‍්‍රමණවලදි අත්‍යවශ්‍ය අවි ආයුධ, ඖෂධ හා සහල් ගබඩා කළේය. අනතුරුව පුහුණු නාවික හමුදාවක් තනවා බුරුම ආක‍්‍රමණය මෙහෙයවීමට කිත්ති නුවරගිරි හා දමිළාධිකාර ආදිත්‍ය යන සෙනෙවියන්ට භාර කළේය. නාවික සේනාව බුරුමය බලා යාත‍්‍රා කළ අතරමගදී පිරිස කාක දිවයින් නම් ¥පත් පෙළක් (අන්දමන් හා නිකොබර් ¥පත් විය හැක.* අල්ලා ගත්හ.
මාසයක ගමනින් පසුව නුවරගිරි සෙනවි ප‍්‍රමුඛ සිංහල සේනා බුරුමයේ කුසුම්තොටට ගොඩ බැස්සහ. භූමියට ගොඩබට සිංහල සේනාව ගම්, නියම්ගම්, නගර ගිනි තබමින් බුරුම අගනුවර වූ කුසුම් නුවරට කඩා වැද නගරය කොල්ලකා අලවංසිතු රජු මරා දැමීය. මේ අතර ආදිත්‍ය සෙනෙවිද සිය සේනාව කැටුව ‘‘පපථාල’’ නම් තොටින් බැස උක්කම් නම් නගරය අල්ලා ගත් බව චූලවංශය විස්තර කරයි. පසුව බුරුම ථේරවාදි හිමිවරුන්ගේ ඉල්ලීම මත සිංහල සේනාව ආපසු මෙරටට පැමිණියේය. කෙසේ නමුත් සිංහලයන්ගේ මෙකී බුරුම ආක‍්‍රමණය බුරුම මූලාශ‍්‍රවල නැත. නමුත් චූලවංශයේ මෙය සවිස්තරව දක්වා ඇත. තවද බුරුම ජයග‍්‍රහණය වෙනුවෙන් පැරකුම්බා රජු විසින් කිත්ති නුවරගිරි සෙනෙවියාට ප‍්‍රදානය කළ ගම්වර පිළිබ`දව ස`දහන් කෑගල්ල දෙවනගල ශිලා ලිපියෙන්ද මේ ආක‍්‍රමණය සනාථවේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාද, මහාචාර්ය ඇල් බෂාම් මහතාද පැරකුම්බා රජුගේ බුරුම ආක‍්‍රමණය පිළිගනී. ම`ද කලකට පසුව නැවතත් පැරකුම්ා රජුට විදේශ අතපෙවීමක් සිදු කිරීමට සිදුවිය. ඒ සිය පිතෘ පාර්ශ්වීය ඥාතිවරයකු පරාක‍්‍රම පණ්ඩු නම් පාණ්ඩ්‍ය රජුට උපකාර පිණිසය. චෝල ආධාර ලබාගත් කුලසේකර නම් පාණ්ඩ්‍ය දුර්ග‍්‍රාහකයකු පාණ්ඩ්‍ය රජුට විරුද්ධව කැරලි ගසා ඇත. මින් අසරණ වූ පාණ්ඩ්‍ය රජු පැරකුම්බා රජුගෙන් යුදමය ආධාර ඉල්ලීය. ඊට ප‍්‍රතිචාර ලෙස සිංහල රජු ලංකාපුර හා ජගත්විජය යන සෙනෙවිවරුන් යටතේ ප‍්‍රබල සේනාවක් පාණ්ඩ්‍ය දේශයට යැවිය. නමුත් ඊට පෙර පරාක‍්‍රම පණ්ඩු රජු සටනකින් කුලසේකර අතින් මියගියද නොපමාව මදුරාව අල්ලා වෙනත් පාණ්ඩ්‍ය වංශවත් කුමරෙකු පත් කරවන ලෙස සිංහල රජු සිය සේනාවට නියෝග දී පිටත් කර යැවීය. පැරකුම්බා රජුගේ මේ පාණ්ඩ්‍ය ආක‍්‍රමණය චූලවංශ කථාකරු ඉතාමත් චමත්කාරජනක ලෙස පිටු ගණනින් වර්ණනා කර ඇත. එම දීර්ඝ විස්තරය සංක්‍ෂිප්තව පාඨකයාට ගෙන ඒමට අදහස් කෙරේ.
ප‍්‍රථම අදියරේදී සිංහල සේනාව රාමේෂ්වරමයට ගොඩ බැස එහි රැුකවල්ලා සිටි කුලසේකර රජුගේ සෙනෙවියන් පස්දෙනකු ප‍්‍රමුඛ 30,000ක සේනාවක් පරාජය කර ‘‘කුන්¥කාල්’’ ප‍්‍රදේශයේ ‘‘පරාක‍්‍රමපුරය’’ නම් වූ සිංහල බළකොටුවක් ඉදි කළහ. (අදටත් දකුණු ඉන්දියාවේ මේ ප‍්‍රදේශයේ පරාක‍්‍රමපුර බල කොටුවේ නටබුන් හමු වී ඇත* පැරකුම් පුරයේ සිට පාණ්ඩ්‍ය රට අභ්‍යන්තරයට සටන් මෙහෙයවූ සිංහල සේනා, චෝල සෙනෙවියන් තිදෙනෙකු මරා කක්කුඩය, චාරුකොට්ට, කොලවුරු, මරුථුපි, මරවර, කොළඌරු යන සතුරු බළකොටු අල්ලා ගත්හ. බෙහෙවින් කිපුණු කුලසේකර රජු ‘‘ සිංහල ලේවලින් දේව පුජාවක් රාමේෂ්වර දේවාලයේ පවත්වන්නෙමි’’ යනුවෙන් වහසි බස් දොඩා සෙනෙවියන් දහතුන්දෙනකු ප‍්‍රමුඛ 50,000 අති විශාල ද්‍රවිඩ සේනාවක් කැටුව තෙමේම ගොඩින්, මුහුදින් දෙකෙන්ම පරාක‍්‍රමපුර සිංහල කොටුව වැටලූහ. එහෙත් දුෂ්කර සටනකින් පසු සුවිශාල සතුරු සේනා සමූල ඝාතනය කොට කුලසේකර පලවාහැරීමට සිංහල රණවිරුවන් සමත් විය. උද්දාමයට පත් සිංහල සේනාව තවදුරටත් පාණ්ඩ්‍ය රට අභ්‍යන්තරයට ගමන් කොට සතුරු සෙනවියන් නව දෙනකු ප‍්‍රමුඛ සතුරු සෙන`ගක් පරදා හරික්කාවුර්, මරථුකෙකාට, මුඩිකාකාර, නෙට්ටුරුව යන පාණ්ඩ්‍ය බලකොටුද, පාණ්ඩ්‍ය අගනුවර වූ මදුරාවද යටත් කළහ.
අනතුරුව වීර පාණ්ඩ්‍ය නම් කුමරකු අභිනව පාණ්ඩ්‍ය රජු ලෙස සිංහල සේනා විසින් පත් කළහ. එහෙත් මෙයින් සිය ආක‍්‍රමණ අත්නොහළ සිංහල සේනා කුලසේකර රජුගේ සෙන්පතිවරු ෙදාළොස් දෙනකු ඇතුළු විශාල සතුරු සේනාවක් පරදා සෙන්පොන්මාරි, රාජිණා, පොන් අමරාවති, වෙල්ලිනාඛ, ත‍්‍රිණවේලි, ඌරියෙරි, තුවර යන ප‍්‍රබල බලකොටු අත්පත් කර ගත්හ. අන්ත පරාජයට පත් කුලශේකර රජු රැුකවරණය පතා චෝල දේශයට පලා ගියේය.
ඔහු පසුපස හඔාගිය ලංකාපුර සෙනෙවි ප‍්‍රමුඛ සිංහල සේනා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට චෝල දේශයද ආක‍්‍රමණය කළහ. චෝල දේ්ශයේ අභ්‍යන්තරයට ගමන්ගත් සිංහල සේනා චෝල අධිරාජ ,, රාජරාජයන් එවූ සෙනෙවියන් 15 කින් යුත් ලක්ෂයක සුවිශාල චෝල සේනාවක්ද තීරණාත්මක ලෙස පරාජය කර වඩමාණමේකකුඩි, මනම්කකුඩිය, වෙලඩිතුඩි යන චෝල බලකොටුද අල්ලා ගත්හ. වෙලඩිකුඩි සටනින් පසුව ලංකාපුර සහ ජගත් විජය ප‍්‍රමුඛ සිංහල සේනා විශාල ධනයක් රැුගෙන ලංකාවට පෙරළා පැමිණි බව චූලවංශය පවසත් ,, රාජරාජ චෝල අධිරජුගේ ශිලාලිපිවල ස`දහන් වන්නේ ජයග‍්‍රාහීව ආ සිංහල සේනා චෝලයන් හමුවේ පරාජයට පත් වූ බවත්, ලංකාපුර සහ ජගත්විජය යන සෙනෙවියන්ගේ හිස් දෙක මදුරාපුරයේ දොරටුවට තබා ඇණ ගැසූ බවත් ස`දහන් කරයි. නමුත් චූලවංශය ආදී දේශීය මූලාශ‍්‍රද චෝල වාර්තා හා චෝල ශිලා ලිපිද පරාක‍්‍රම බළකොටුවේ නටබුන්වලින් කියවෙන්නේ ප‍්‍රබල සිංහල ආක‍්‍රමණයක් සිදුවූ බව නොවේද? පැරකුම්බා රජුගේ මේ ඉන්දීය ආක‍්‍රමණය මහැදුරු නිලකන්ඨ ශාස්ත‍්‍රි හා ඇල්බෂාම් යන විද්වත්හුද පිළිගනී.
මහා පරාක‍්‍රමබාහු රජතුමාගේ බුරුම, චෝල, පාණ්ඩ්‍යවල සිදුකළ දිග් විජයන්ගෙන් පසුව ශ‍්‍රී ලාංකිකයන් සිදුකළ විදේශ ආක‍්‍රමණයක හෝඩුවාවක් ලැබෙන්නේ කීර්ති ශ‍්‍රී නිශ්ශංක මල්්ල රජු (ක‍්‍රි : ව 1187-1196* දවසය. ඔහුගේ ගල්පොත ශිලා ලිපියට අනුව තමා පාණ්ඩ්‍ය, චෝල, කේරළ රාජ්‍යන් යටත් කර ගත් බවත්, රාමේෂ්වරම් දේවාල භුමියේ සිටිමින් නාට්‍ය බලමින් හා ගී රස විඳිමින් මාස තුනක් සතුරන්ට අභියෝග කරමින් සිටි බවට වර්ණනයක් කර ඇත. කලක් යන තුරු මේ නිශ්ශංක මල්ලයන්ගේ දකුණු ඉන්දීය ආක‍්‍රමණය අතිශයෝක්තියක් ලෙස සැලකිණි. නමුත් ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව (කි‍්‍ර:ව 1936-1945* වර්ෂවල රාමේෂ්වරමේ සිදුකළ කැණීම්වලදී නිශ්ශංකමල්ල රජු පිහිට වූ ශිලාලිපියක් හමු වී ඇත. නිශ්ශංකේශ්වර නම් දේවාලයක් කරවා එයට ගම් බිම් ප‍්‍රදානය කළ වග ස`දහන්ව ඇත. ‘‘චෝල, පාණ්ඩ්‍ය දේශ ආක‍්‍රමණය කළ වග ස`දහන්ව නැතත් අඩුම තරමේ මේ සිංහල රජු රාමේෂ්වරම අවට වෙරළබඩ කලාපය සිය වසලායේ තබා ගත් බව නිගමනය කළ හැක.
සිංහල රජ දරුවෙකු සිදුකළ තවත් විදේශ වික‍්‍රමයක තොරතුරක් ලැබෙන්නේ නිශ්ශංකමල්ල රජුගේ රාමේෂ්වරම් ආක‍්‍රමණයෙන් අවුරුදු 269 පසුවය. ඒ සිංහලය අවසාන වරට එක්සේසත් කළ VI පරාක‍්‍රමබාහු (ක‍්‍රි:ව 1412-1467* රජු කලය. මේ රජු කල පුත්තලම ප‍්‍රදේශයේ අනවසරෙන් මුතු කිමිදවමින් සිටි විජයනගර අධිරාජ්‍යයේ ප‍්‍රාදේශීය පාලකයකු වූ මලවවරායර් නමැත්තකු සිට ඇති අතර ප‍්‍රථමයෙන් සවු`ඵ පැරකුම්බා රජු සිය සේනාව යවා ඔහු ආපසු ඉන්දියාවට පලවාහැර ඇත. එහෙත් ඉන් පාඩම් නොගත් මලවවරායයෝ සිය බල ප‍්‍රදේශය වූ මකුඩන්කොට්ටේ රාජ්‍යයේ ආසන්නයේ ගැවසෙන සිංහල වෙළ`ද නැව් කොල්ල කන්නට විය. මල්ලවරායර්ගේ උවදුරු ලොප් කිරීමට සිතූ පැරකුම්බාවන් සිංහල නාවික සේනාවක් මකුඩන්කොට්ටයට යවා මලවවරායර් හා ඔහුගේ සේනාව පරාජය කර අදවිරාම පටුන ප‍්‍රදේශය අල්ලාගෙන වාර්ෂිකව කප්පම් අය කළ බව මේ ආක‍්‍රමණය ස`දහන් කරන ගිරා සංදේශය හා පැරකුම්බා සිරිත වර්ණනා කරයි. එහෙත් මේ බවක් චූල වංශයේ හෝ රාජාවලියේ හෝ විජයනගර වාර්තාවල ස`දහන්ව නැත. නමුත් VI පරාක‍්‍රමබාහු රජතුමාගේ මකුඩන්කොට්ටේ රාජ්‍ය ආක‍්‍රමණය ලාංකික පාලකයකු සිදුකළ අවසාන විදේශ ආක‍්‍රමණය වේ. අතීත සිංහලයන් හා ඔවුන්ගේ මී මුත්තන් වූ හෙළයන් සිදුකළ ආක‍්‍රමණ ගැන මධ්‍යස්ථ දෘෂ්ටිකෝණයකින් විමර්ශනය කිරීමේදි පෙර දැක්වූ පෙළගැස්මේ පළමු වර්ගයේ ස`දහන් මෙරැුටියන් සිදුකළ විදේශ ආක‍්‍රමණ විමසීමේදී එවා දේව කථා, කාව්‍යමය සංකේතයන් හා ගුප්ත චරිතවලින් ගහන හෙයින් ඒකී ආක‍්‍රමණ ගැන ස්ථිරසාර ලෙස නිගමනයකට එළැඹිය නොහැකිය. එයින් මා අදහස් කරන්නේ එකී තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍යය බව නොවේ. එච්.ඞී. සන්කලියා, ඇල් බෂාම් නීලකන්ඨ ශාස්ත‍්‍ර ආදි ප`ඩිවරුන් උපකල්පනය කරන ලංකාවට හා ඉන්දියාවට සිදුවූ ආර්ය සංක‍්‍රමණ හා එවා විරුදැධව සටන් කළ ස්වදේශීය (අනාර්යය* ගෝත‍්‍ර අතර සටන්, ආක‍්‍රමණ හා සංක‍්‍රමණවල සාරය ව්‍යංගාර්ථයෙන් හැ`ගවෙන බව මාගේ හැ`ගීමය.
නමුදු දෙවන වර්ගයේ ලාංකිකයන්ගේ විදේශ ආක‍්‍රමණවල සමුච්චාර්ථය මධ්‍යස්ථව විමසීමේදී පෙනී යන්නේ එවා පැරණි රෝම, පර්සියානු, මොංගෝලියානු හා ඉස්ලාමීක අධිරාජ්‍යවාදී ආක‍්‍රමණවල ස්වභාවය වූ ආගම් ප‍්‍රචාරය අසාමාන්‍ය ලෙස නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කිරීම, රාජ්‍යය ව්‍යාප්ත කිරීම, අසීමිත ලෙස වස්තුව කොල්ලකෑම් වැනි විනාශකාරි ක‍්‍රියාවන්වලට ප‍්‍රමුඛස්ථානය නොදුන් බවය.
උපුටාගැනීමකි
කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න

Last edited: