මම කෝච්චියට හැප්පුන අය/ හැප්පෙනව දැකල තියනව 8ක් වගේ මේ වෙනකොට. ලොකුවට මානසිකව වැටිල නම් නෑ දැක්ක කියල හැබැයි එකක් දැකල පට්ට අවුල් ගියා.
2013 අවුරුද්දේ වගේ මම තව යාලුවො දෙන්නෙක් එක්ක වැල්ලවත්තේ බීච් එකේ හිටියෙ, ෆැමිලි එකක් ඇවිල්ල හිටිය අම්මයි තාත්තයි පොඩි කෙල්ලෙකුයි අවුරුදු 5ක් වගේ ඇති. වාහනේක ඇවිල්ල හිටපු නිසා ඒ අම්මයි තාත්තයි සැරෙන් සැරේ ගියා රේල් පාර පැනල ඒව මේව ගේන්න. ගාල්ල පැත්තට යන train එක දැක්කේ නෑ ඒ ගැණු කෙනා ඇස් ඉස්සරහම වැදුනේ, අපි දුවගෙන ගියා ඔලුව පැත්තකින් ඇරිල. ඒ එක්කම වගේ පොඩි කෙල්ල දුවන් ආව බන් මොනව හිතෙන්න ඇද්ද කියල හිතුන ඒ වෙලාවෙ. ලංකාවේ health and safety 0 යි බන්, suicide විතරක් නෙමේ කොච්චර මිනිස්සු මේ වගේ අනතුරු වෙලා මැරෙනවද.