අපේ රට හරි ලස්සණයි, බැලූ බැලූ අත කොළ පාටයි, සදාකාලයටම වසන්තය තිබෙන පාරාදීසයක්, එත් අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ හිත් ලස්සණ නැහැ, තමන් කරන දේ හී වගකීමක් ගන්නේ නැහැ, මේ නිසාම රට එකම අපායක් වෙමින් පවතිනවා. පාරක ටිකක් ඇවිදලා පාරේ තියෙන කුණු කන්දරාව බලන්න, බස් එකක් එනකං ඉන්න මිනිස්සු ටොෆී එකක් කෑවම බීම එකක් බිව්වම ඒ අසුරණ කවර එහෙම දාන්නේ එතැනම බිමට, ඒවා යෙ වැරැද්ද කිව්වාම අපියි පිස්සන් වන්නේ, එහෙම කරන තක්කඩි හිතාගෙන ඉන්නේ ජනාධිපති ඇවිත් උන් දමන කුණු ටික ඉවත් කරලා පිරිසුදු කරලා යන්න ඕනෑ කියලයි. පෝළිමක් බලන්න හිරිකිතක් නැතිව ලැජ්ජාවක් නැතිව පෝලිම් පනින හැටි, ලැජ්ජාවක් නැතිව අහුවෙන බොරු කියන හැටි, මූනිඡාවට මිතුරුකම් පෙන්වන හැටි, කඩේකට ගියත්, වෙනයම් ආයතනයකින් වැඩක් කරගන්න ගියත් පළමුව පැමිණෙන්නා ට පළමු වාරය ලැබිය යුතුයි කියල හිතන්නේ නැහැ. ඉතින් මේ නින්දිත ගති නිසාම අපේ මිනිස්සු නිසාම අපේ රට ගැන මිනිස්සු ගැන ලෝකේ තියෙන්නේ නරක තත්වයක්, අපේ පාස්පෝට් ඒක ලෝකෙම නරකම එකක් වෙලා තියෙන්නේ අපේම වැරදි නිසයි. අපිට මිනිස්සුන්ට ගහල තලලා හදන්න බැහැ, අපි අපේ වැරදි තේරුම් අරගෙන අපිම හැදෙන්න ඕනෑ, අපේ දරුවන්ට වැරැද්ද පෙන්වා දෙන්න ඕනෑ, එහෙම නොවුනොත්... ඒ ගැන හිතන්න මම කැමති නැහැ.