einhell eka kiyak unada bn....
මගේ ගාවත් einhell impact drill එකක් තියනවා. අවුුරුදු 7කට කලින් විතර තුන්දාස් ගාණකට ගත්තේ. ගෙදර වැඩට තමයි පාවිච්චි කලේ. තාම කිසිම රෙපෙයාර් එකක් කරලා නෑ.
einhell eka kiyak unada bn....
මගේ ගාවත් einhell impact drill එකක් තියනවා. අවුුරුදු 7කට කලින් විතර තුන්දාස් ගාණකට ගත්තේ. ගෙදර වැඩට තමයි පාවිච්චි කලේ. තාම කිසිම රෙපෙයාර් එකක් කරලා නෑ.
![]()
Rs.4000 ta adui machan hariyatama mathaka ne. hardware ekakin ahapan badu ati sure.einhell eka kiyak unada bn....

RYOBI
![]()
මම ගෙදර ගොඩක් DIY වැඩ කරනවා. කොටින්ම පොඩි කොන්ක්‍රීට් කෑල්ලක් දාන්න, දොරක් ජනේලයක් හදාගන්න උනොත් එකත් මමම කරනවා. ඔය ආයුධ ගොඩක් (ඩ්‍රිල්, රොටරි හැමර් ඩ්‍රිල්, ග්‍රයින්ඩර්, ජිග් සෝ, සැන්ඩර් වගේ දේවල්) මගේ ළඟ තියෙනවා.
ඉස්සර නම් බොෂ්, මකිතා, බ්ලැක් ඇන්ඩ් ඩෙකර් වගේ බ්‍රෑන්ඩ් වල බඩු ගත්තා. ඒවත් කාලයක් යද්දී කැඩෙනවා. ජපන්, ජර්මන් වුනා කියල සදාකාලිකව තියෙන්නේ නෑ.
මම දැන් පාවිච්චි කරන්නේ ඩොන් චෙන්, හියුගෝ, මෙන්, පවර්ටෙක්, ඉන්කෝ වගේ බ්‍රෑන්ඩ්. ඩොන් චෙන් රොටරි හැමර් (අපේ බාස්ල හිල්ටි කියන්නේ ඕකට) එකයි ඩ්‍රිල් එකකුයි මගේ ළඟ තියෙනවා. ඇත්තටම හොඳ මැෂින් දෙකක්. රොටරි හැමර් එකක් එක්ක වැඩකරද්දී වයිබ්‍රේෂන් එක ගානට වඩා වැඩි වුනොත් ටයිල් පුපුරනවා, කොන්ක්‍රීට් පුපුරනවා. ඩ්‍රිල් එක වුනත් පාවිච්චි කරද්දී බොෂ් එකෙයි ඉන්කෝ එකෙයි වෙනස අතට දැනෙනවා. බොෂ් එක හොඳ කොන්ට්‍රෝල් නමුත් ඉන්කෝ එක එහෙම නෑ.
මට පුද්ගලිකව රෙකොමෙන්ඩ් කරන්න පුළුවන් - Dong Cheng (very good), MEN (ok), Ken (good)
රෙකොමෙන්ඩ් කරන්න බැරි - Ingco, Powertek, Hugo
සල්ලි තියෙනවනම් - Bosch, Makita, Einhell
සල්ලි තිබ්බත් ගන්න එපා - De Walt, Black and Decker
De Walt - ඉස්සර හොඳයි. දැන් ඉන්දියාවේ හදන්නේ. ඉන්දියන් කොලිටි.
මේවා ඔක්කොම මම පාවිච්චි කරපු/කරන බ්‍රෑන්ඩ්. වෙන බ්‍රෑන්ඩ් ගැන නම් දන්නේ නෑ.


සා..... සෝක් සෝක්.... නියමයි..... Cordless drill (with Li-Ion Battery) පාවිච්චි කරලා තියෙනවද? හොඳයිද? කොන්ක්‍රීට් විදින්න නෙමෙයි. ලීයක් විදින්න, ඇලුමිනියම්, angle iron වගේ විදගන්න.
BTW, 2006 ඉඳල මෙච්චර කල් කොහෙද බොල හිටියේ?![]()
ලාභ දායක කෝඩ්ලස් ඒවා ගත්ත ගමන් හොඳයි. අපි ගෙවල් වල ඕක නිතර පාවිච්චි කරන්නෙ නැති නිසා බැටරි එක ඉක්මනට සවුත්තු වෙනවා.ඉස්සෙල්ලම තද දෙයක් විදින්න අමාරු වෙනවා, පස්සෙ ලේසි දෙයක් විදගන්නත් අමාරු වෙනවා. ඉන්ඩස්ට්‍රියල් ටයිප් ප්‍රොෆෙෂනල් ඒවා ගොඩක් ගණන්. දන්න විදිහට ඒ වගේ එකක බැටරි එකක ගානට ලාභ ඩ්‍රිල් දෙක තුනක් ගන්න පුළුවන්. ඔය ෆොටෝ එකේ තියෙන්නෙ මගේ ඒ වගේ අයින් කරපු ලාභ ඩ්‍රිල් එකක්.
Rs.4000 ta adui machan hariyatama mathaka ne. hardware ekakin ahapan badu ati sure.![]()