මදුරුවන් ඒම වළක්‌වන්න

Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    මදුරුවන් ඒම වළක්‌වන්න

    මදුරුවන් ඒම වළක්‌වන්න ගෙවත්තට පැළ වර්ග 12 ක්‌



    ඩෙංගු, මැලේරියා ඇතුළු සියලු මදුරු වර්ග පැමිණීම වළක්‌වන ගෙවත්තෙහි වගා කළ හැකි පැළ වර්ග 12 ක්‌ බටහිර පර්යේෂකයින් විසින් මේ වන විට හඳුන්වා තිබේ.

    මදුරුවන් පැමිණීම වළක්‌වන මෙම පැළ වර්ග වනුයේ පැඟිරි (සිටුනෙල්ලා), දාස්‌පෙතියා (මැරගෝල්ඩ්), සේර (ලෙමන්ග්‍රාස්‌), මදුරුතලා, ලැවැන්ඩර්, පෙපර්මින්ට්‌, රෝස්‌ මරා, බැසිල්, පෙති රෝයල්, ගෙරනියම්, හෝස්‌මින්ට්‌ හා අඟරාටම් යං. මෙම පැළ වර්ග ගෙවත්තෙහි තැබීමෙන් මදුරුවන් පැමිණීම වළක්‌වන බව පර්යේෂණවලදී අනාවරණය වී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ.

    මෙම මදුරු විකර්ශක පැළ අතුරින් පැඟිරි, දාස්‌පෙතියා, සේර හා මදුරුතලා ශ්‍රී ලංකාවට ආවේණික වූ පැළ වීම නිසා ඒවා ස්‌වාභාවික මදුරු විකර්ශක වශයෙන් භාවිත කළ හැකි බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රෙෂීලා සමරවීර මහත්මිය අප කළ විමසීමකදී "දිවයින"ට පැවැසුවාය.

    මෙම පැළ වර්ග ගෙවතුවල තබා ගැනීම මෙන්ම ඩෙංගු මදුරුවන් දෂ්ට කරන උදැසන 6-9 හා සවස 4-6 අතර කාලයන් තුළ පැඟිරි තෙල් සම මත ආලේප කිරීම නින්දට යැමේදී මදුරු දැල් භාවිත කිරීම, අත්දිග ලා පැහැති ඇඳුම් පැළඳීම (ඩෙංගු මදුරුවන් තද පැහැති ඇඳුම්වලට ආකර්ෂණය වන බව හෙළි වීම නිසා) මදුරුවන් දෂ්ට කළ ස්‌ථානය කැසීමෙන් වැළැකීම (ආසාදනයක්‌ බවට පත්විය හැකි නිසා) වැනි පියවර ඩෙංගු පැතිරෙන මෙම සමයේ අනුගමනය කිරීම වැදගත් බවද ඇය කීවාය.




    http://www.divaina.com/2017/07/18/news10.html

     
    • Like
    Reactions: sidathsaumya

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    පැල හිටව හිටව හිටපල්ල. දැන් කොච්චර නම් බයිල ගැහුවද බන්. මදුරුවො කන ශාක භක්ෂක මදුරුවෙක් ගේනව කිව්ව. වගා නොකරන ඉඩ්ම් වලට බදු ගහනව කිව්ව. දැන් අලුත්ම බයිලෙ තමයි පැල හිටුවීම :angry::angry:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    පැල හිටව හිටව හිටපල්ල. දැන් කොච්චර නම් බයිල ගැහුවද බන්. මදුරුවො කන ශාක භක්ෂක මදුරුවෙක් ගේනව කිව්ව. වගා නොකරන ඉඩ්ම් වලට බදු ගහනව කිව්ව. දැන් අලුත්ම බයිලෙ තමයි පැල හිටුවීම :angry::angry:

    සිරාවටම මුන් ඔක්කොම බයිලා ගහනවා. ස්ථිර විසදුමක්‌ දෙන්නේ නැහැ.

    ජනතාව හැටියටත් අපි අපේ වගකීම ඉටුකරන්නේ නැහැ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,655
    40,238
    113
    සිරාවටම මුන් ඔක්කොම බයිලා ගහනවා. ස්ථිර විසදුමක්‌ දෙන්නේ නැහැ.

    ජනතාව හැටියටත් අපි අපේ වගකීම ඉටුකරන්නේ නැහැ.

    මොනාද බන් ස්ථීර විසඳුම් කිව්වෙ? ගඟවල් පොකුනුවල නෙවෙයිනෙ බන් උන් බෝවෙන්නෙ. අපිම වීසි කරන්න තැඹිලි ගෙඩියෙ යෝගට් කප් එකේනේ. අපි හැමෝම එකතුවෙලා මදුරුවො බෝවෙන තැන් ටික නැති කරලා දාලා ඒ තත්වය දිගටම පවත්වගන්න එක තමයි ස්ථීර විසඳුම. හැමෝම බලන් ඉන්නෙ මේවට රජයෙන් එහෙමත් නැත්නම් තමන්ගෙ ආගමෙන් විසඳුමක් දේවි කියලා.
     

    aloy123

    Junior member
  • Mar 14, 2015
    85
    5
    8
    [COLOR="Green" size = "16"]mewa anduwalatama wisadanna puluwan prasna nemai. thamanga ge issarahin yana kanuwa sudda karaganna thamanta puluwan wenna onae. dana minissu tikak hari unanduwala thamanga watta hari sudda karagannae. akalpamaya wenasak minisungaen wenna onea. [/COLOR]