ශබ්ද_දුෂණය

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම සතා උබ සතා අපි ඔක්කම සතා එච්චර තමා දන්නවා!

    ela.

    thread eke subject ekata enawa nam, parisara amathyanshen shabda thiyenna ona seemal gana dapu neethi thiyanawa neda. residential area wala ehema ona ona widihata sadda danna baha, complain karanna puluwan. awula thiyenne oka maninne kohomada kiana eka api. parisara amathyansheta pethsamak idiripath karanna puluwan danna widihata.
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ela.

    thread eke subject ekata enawa nam, parisara amathyanshen shabda thiyenna ona seemal gana dapu neethi thiyanawa neda. residential area wala ehema ona ona widihata sadda danna baha, complain karanna puluwan. awula thiyenne oka maninne kohomada kiana eka api. parisara amathyansheta pethsamak idiripath karanna puluwan danna widihata.

    කියවන්න බහ මිනිහෝ සිංහලෙන් දාපන්
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    පන්සල නිසල නිකසල සුන්දර තැනකි
    පරිසරයේ නිහඬතාවය, අනුන්ට කරදරයක්, හිංසාවක් නොවන ලෙස ජීවත්වීම සහ පරිසරය පිවිතුරුව තබාගැනීම බොදු

    පිළිවෙතකි. පන්සලක පවතින නිසංසල බව මනසට සැනසිල්ලකි. බුදුරදුන් හමුවට පැමිණි කොසොල් රජු පරිසරයේ නිහඬ බව දැක භික්ෂූන්ට ප්‍රශංසා කළ අයුරු ත්‍රිපිටකයේ සඳහන් වෙයි. එසේ වුව ද. ඇතැම් අවස්ථාවල විහාරාරාමවලින් ඇසෙන හඬ අසල්වැසියන්ට බාධාවකි. කරදරයකි. ශබ්දවාහිනී යන්ත්‍ර යොදාගෙන පිරිත් ප්‍රචාරය කිරීම නිසා ඇතැම්විට භික්ෂූන් නීතිය හමුවට පමුණුවා තිබේ. මේ බෞද්ධ රටේ ශබ්දවාහිනිය මගින් ආගමික ප්‍රචාරක කටයුතු සිදුකරන්නට කාගෙන්වත් අවසරයක් කුමට ද? අන්‍යාගමිකයන්ට ඒ සඳහා කිසිම බාධාවක් නැත යන අදහසින් නීතිය ඉක්මවා කටයුතු කිරීම හේතුවෙන් ඇතැම් භික්ෂූහු දඬුවම් ලබති. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බව ඇත්තකි. එසේ වුවත්, රටේ නීතියට පිටුපා කටයුතු කරන්නට කිසිවකුටත් අවසර නොමැත. අවට පරිසරයේ නිහඬතාවය සුරැකීම හා අසල්වැසියන්ට බාධාවක් නොවන ලෙස කටයුතු කිරීම පිළිබඳ නීතිමය තත්ත්වය භික්ෂූන් දැන සිටිය යුතු යි.

    අසල්වැසියන්ට හිරිහැර වන ලෙස කටයුතු කිරීම ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 261 මහජන කරදරය යන වගන්තිය යටතේ සඳහන් වරදකි. එය මෙසේ පැහැදිලි කර ඇත.

    261 මහජනයාට හෝ සාමාන්‍යයෙන් අසල පදිංචිව සිටින හෝ දේපොල භුක්ති විඳින ජනයාට පොදු පාඩුවක්, අන්තරායක් හෝ අප්‍රසන්නතාවයක් ඇති කරන නැතහොත් යම් පොදු අයිතිවාසිකම් භුක්ති විඳීමේ අවස්ථාවකින් ප්‍රයෝජනයක් ගැනීමට සිදුවිය හැකි ජනයාට අවශ්‍ය ම පාඩුවක්, බාධාවක්, අන්තරායක් ඇතිවන යම් ක්‍රියාවකට හෝ එබඳු නීති විරෝධි නොකර හැරීමකට වරදකරු වන තැනැත්තෙක් මහජන කරදරය කිරීමේ වරදට වැරදිකාරයෙක් වේ. යම් පහසුකමක් හෝ ලාභයක් සැලසීමේ කරුණ උඩ මහජන කරදරයට සමාව නොලැබේ.

    අවට ජනයාට හිරිහැරයක් වන පරිදි, හේවිසි, සංගීත සංදර්ශන, ගුවන් විදුලි යන්ත්‍ර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන අයට විරුද්ධව මෙම වගන්තිය යටතේ නඩු පැවැරිය හැක. අසල්වැසියන්ට හිරිහැරයක් වන පරිදි නිවෙස්වල යාච්ඤා කරන පුද්ගලයන්ට එරෙහිව ද මෙම නීතිය ක්‍රියාත්මක කළ හැක.

    2008 සැප්තැම්බර් මස රාජගිරිය වැලිකඩවත්තේ භික්ෂුවක් අත්අඩංගුවට ගත්තේ ශබ්ද දූෂණය පිළිබඳ නීතියට පිටුපා කටයුතු කිරීම හේතුවෙනි. පොලිසියෙන් බලපත්‍රයක් ලබා නොගෙන ශබ්දවාහිනි යන්ත්‍රයකින් පිරිත් ප්‍රචාරය කිරීම උන්වහන්සේ සිදුකළ වරද යි. උන්වහන්සේට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළේ පරිසර පදනම නමැති රාජ්‍ය නොවන ආයතනයකි. රාත්‍රි 10 සිට අලුයම 6.00 දක්වා කාලයෙහි පොලිසියේ අවසරයක් නොලැබ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය තහනම් කෙරෙන නීති රෙගුලාසියක් පවතියි. වැලිගම ප්‍රදේශයේ ඉස්ලාම් ආගමික ස්්ථාන දෙකක් අතර ඇතිවුණ අර්බුදයක් හේතුවෙන් මහාධිකරණය 2007 දෙසැම්බර් 10 නිකුත් කළ තීන්දුවක් ඇත.

    ඉහත සඳහන් භික්ෂූන් වහන්සේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළේ එම නීති රෙගුලාසි නොදැන යි. එය සමාවට කරුණක් ලෙස නොසැලකෙයි. සෑම පුරවැසියකුම නීතිය දැන සිටිය යුතු ය යන පූර්ව නිගමනයක් පවතියි. එසේ නැතිනම් වැරැදි කරන බොහෝ දෙනකු මම ඒ නීතිය දැන සිටියේ නැතැ යි කියන්නට පුළුවන. නමුත් පෙර වැරැදි නැතිනම්, අනුන්ට බාධාවක් කිරීමේ අදහසකින් එය නොකළ බව තහවුරු කළ හැකි නම් අධිකරණයෙන් සමාව ලැබෙන්නට ඉඩ ඇත. ඇතැම් පන්සල්වල තරඟකාරී ස්වරූපයෙන් පිරිත්, කවිබණ ආදිය ප්‍රචාරය කෙරෙන බවක් ද පෙනී යයි. එය සුදුසු නොවේ. තෙරුවන් නමඳින්නට පැමිණෙන පිරිසගෙන් සම්මාදම් ලබාගැනීම සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේ දී ඔවුන්ට හිරිහැර වන අයුරින් කටයුතු කිරීම ද අවධානය යොමු කළ යුතු කරුණකි.

    රාත්‍රි කාලයේ අසල්වැසියන්ට බාධා වන ලෙස හේවිසි වාදනය කරවීම වරදකි. එම නිසා 1895 අංක 16 පොලිස් ආඥා පනතේ 90 වගන්තිය යටතේ භික්ෂූන්ට එරෙහිව නඩුපැවරීම් සිදු කොට ඇත. මාර්ෂල් එදිරිව ගුණරතන උන්නාන්සේ සහ හොලන්ඩ් එදිරිව කපුගම තෙරුන්නාන්සේ යනුවෙන් නඩු දෙකක් නීති වාර්තාවල දැක්වේ. එහි දී භික්ෂූන්ට දඩ නියම කොට ඇත. පන්සල්වල සිදුකෙරෙන හේවිසි වාදනය, පිරිත් ප්‍රචාරය වැනි ආගමික කටයුතුවලට සාමාන්‍යයෙන් ජනතාව විරුද්ධ වන්නේ නැත. නමුත් ඕනෑම කෙනකුට සාධාරණ හේතු පෙන්වා එයට එරෙහි වන්නට නීතියෙන් ඉඩ ඇත. අසල නිවෙස්වල සිටින රෝගීන්, පාඩම් කරන ළමයින් හා කුඩා දරුවන් සිටින විට ඔවුන්ට තැතිගැනීමක්, බාධාවක් සිදුවන ලෙස ශබ්ද කිරීම නොගැළපෙයි. නීතියටත් වඩා මානව දයාවෙන් පිරුණ ස්වයං පාලනයක් එවැනි පරිසරයක පැවැතිය යුතු යි.

    කිසියම් ආගමික කටයුත්තක් සඳහා මහා මාර්ගයේ ශබ්ද විකාශන මගින් ප්‍රචාරයන් කරන්නට අවශ්‍ය නම්, ඒ සඳහා අදාල ඉල්ලුම් පත්‍රය පුරවා පොලිසියෙන් අවසර ගත යුතුයි. අවට වෙසෙන පිරිස එය බාධාවක් ලෙස නොසලකයි නම්, පන්සල් සීමාවෙහි ශබ්ද විකාශන කළාට කමක් නැත. නමුත් ආගමික හා ජනවාර්ගික වශයෙන් සංකීර්ණ වූ නගර ආශි‍්‍රතව ශබ්දවාහිනිය, බෙර දවුල් භාවිතය ගැටලු සහගත ය. විශේෂයෙන් රාත්‍රි 10 න් පසු උදෑසන 6.00 දක්වා ශබ්ද විකාශනය කළ හැක්කේ අවසරයකිනි. ශ්‍රී ලංකා පරිසර අධිකාරියේ 1980 ජාතික පරිසර පනත ද මෙහි දී අවධානය යොමු කළ යුතු තවත් නීති කෙටුම්පතකි. පරිසරයට හානි කරන ක්‍රියාවන් සිදුකිරීම වරදකි. ශබ්දය මනින ඩෙසිබල් ඒකක 80 ට වැඩි ශබ්ද තරංග මිනිසකුගේ ශ්‍රවනේද්‍රියට හානි පමුණුවයි.

    කිසියම් පුද්ගලයකුට හානියක්, සෞඛ්‍යයට තර්ජනයක් වන පරිදි පරිසරය පවත්වාගෙන යාම හා 1939 අංක 61 දරන පීඩන ක්‍රියා ආඥා පනත හා 1946 අංක 57 ආඥා පනතට අනුව වරදකි. පරිසරය අපවිත්‍ර කරන, දුගඳ හමන අන්දමට මංමාවත් ආදියෙහි කුණුකසල ආදිය දැමීම, අනුන්ගේ ඉඩම්වලට හා මාර්ගවලට කසල කානු හැරවීම තහනම් ය. පන්සල්වලට එම නීතිය බලපායි. ඩෙංගු මර්දන කටයුතුවල දී අවට පරිසරය මහජන සෞඛ්‍යයට හානිකර පරිදි පවත්වාගෙන ගිය නිසා පන්සල්වලට එරෙහිව ද පැමිණිලි ඉදිරිපත් විය. දණ්ඩ නීති සංග්‍රහයේ 262 වගන්තියට අනුව ජීවිතයට අන්තරාය ගෙනදෙන, රෝග පතුරුවන ආකාරයට නොසැලකිලිමත් ලෙස පරිසරය තබාගැනීම නීතියෙන් දඬුවම් ලැබෙන වරදකි. පන්සලකට සැදැහැවතුන් පැමිණෙන්නේ පරිසරය දර්ශනීය වූ විට යි. වෙහෙර මළු, බෝමළු මංපෙත් ආදිය ඇමදීමේ අනුසස් රැසක් බුදුරදුන් පෙන්වා දී තිබේ. පැවිද්දාට මෙන් ම, පැමිණෙන අයගේ ද සිත පහන් කරවයි. එම නිසා, පන්සල් බිම නිසල, නිකසල සුන්දර තැනක් විය යුතු ය.

    අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික
    මැදගම ධම්මානන්ද හිමි
    http://www.lakehouse.lk/alokoudapadi/2014/04/23/_art.asp?fn=a1404234
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මිනිස්සුන්ට තමා මිනිහෝ වරදින්නේ නිකන් පු@ නොදී පලයන්...උ වැරදුනාට පරදෙන්නේ නැහැ..
    පරදෙන්නේ නැහැ..:lol:
    පරදෙන්නේ නැහැ.. ලබ්බේ! :P:P