නාඩි බලා සෙම පීනස සහ හතිය නිට්ටාවටම සුවකර&#350

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
නාඩි බලා සෙම පීනස සහ හතිය නිට්ටාවටම සුවකර&#350

රෝගීන් රැගෙන එන සියලු වෛද්‍ය වාර්තා පසෙක තබා නාඩි බලා රෝග හඳුනාගෙන ඊට නිසි ප්‍රතිකාරයක්‌ කරන වෙද හාමුදුරුනමක්‌ හමුවීමට පසුගිය දිනෙක අපි ගියෙමු. පිරිමි පක්‍ෂයේ දකුණතත්, කාන්තා පක්‍ෂයේ වමතත්, ඇතැම් විට දෙඅතත් නාඩි පිරික්‌සීමට ලක්‌කරන උන්වහන්සේ පේන කියන්නාක්‌ මෙන් ශරීරයේ තිබෙන සියලු රෝග හා දෝෂ දකින්නේ පියවි ඇසටත් වඩා නිරවුල්වය.

හෙළ වෙදකමේ මූලික අංගයක්‌ තමයි නාඩි පිරික්‌සීම. යම් වෙදැදුරුවරයකුට නාඩි පරීක්‍ෂාවකින් රෝග නිර්ණය කිරීමට නොහැකියාවක්‌ තිබෙනවා නම් ඔහු වට්‌ටෝරු බලා ප්‍රතිකාර කරන අයකු විය යුතුයි. මොකද ඒ තරමට නාඩි පරීක්‍ෂාව හෙළ වෙදකමත් එක්‌ක බද්ධ වෙලා තියෙන එකක්‌. වෙද හාමුදුරුවෝ තිර අදිටනින් ප්‍රකාශ කළහ.

මේ රඹුක්‌වැල්ලේ වෙද හාමුදුරුවෝ වැඩි වශයෙන් ප්‍රසිද්ධව ඇත්තේ සෙම, පීනස හා පපුවේ මහන්සිය වැනි රෝග සඳහා ය. මීට එහා ගිය වෙදකම් ද උන්වහන්සේ ප්‍රගුණ කර සියල්ලට ද ප්‍රතිකාර කළත් සෙම සම්බන්ධයෙන් වැඩි ප්‍රසිද්ධියක්‌ උසුලන්නේය.

රෝගීන් කිහිපදෙනකුගේ ඉල්ලීම මත පසුගිය දිනෙක මම උන්වහන්සේ සොයා ගියේ තවත් කිහිපදෙනකු සමගය.

ඒ වෙද අසපුවට අපි ඇතුළු වනවාත් සමඟ වෙද හාමුදුරුවෝ අපව පිළිගනිමින් ලෑලි පෙට්‌ටි දෙකක්‌ තබා අසුන් ගන්නා ලෙස ඉල්ලීමක්‌ කළේ සුහද කතාබහකට සූදානම් වෙමිනි.

සෙම, හතිය හා පීනස රෝගවලට ඔබවහන්සේ ප්‍රතිකාර ඉතාමත් නිවැරැදිව කරන බව රෝගීන් කිහිපදෙනකු මට ප්‍රකාශ කළා. ඒ වගේම ඔවුන් ඔබවහන්සේගේ මේ ප්‍රතිකාරය රටට කියන්නයි ඉල්ලීමක්‌ කළා. ඒ ඉල්ලීම හරහා අපි ඔබවහන්සේ සොයා ගෙන ආවා. අපේ හාමුදුරුවනේ මෙවැනි රෝගීන් ඔබවහන්සේ හඳුනාගත්තේ කොහොමදැයි කියල අපට කිව්වොත්.

“නාඩි පරීක්‍ෂාවෙන්. මේ නාඩි පරීක්‍ෂාවෙන් සෙම, හතිය, පීනස නෙවෙයි ඕනෑම රෝගයක්‌ මට හඳුනාගන්න පුළුවන්. පාරම්පරික වෙදෙකුට වෛද්‍ය වාර්තා ඕන නෑ. අපේ වෙද පරම්පරාව මේ තාක්‌ කල් වෛද්‍ය වාර්තා පරීක්‍ෂා කළේ නෑ. වෙදැදුරුවරයකුගේ ස්‌කෑන් යන්තරේ තියෙන්නේ ඇඟිලි තුඩුවල

මේ මහත්තයත් එක්‌ක ආපු ඔබතුමා මෙහෙට එන්න. දෙන්න ඔබේ අත

වෙද හාමුදුරුවෝ සමාධියට සම වැදුනාක්‌ මෙන් තත්පර කිහිපයක්‌ නිහඬව සිටියහ. ඉන් පසු උන්වහන්සේ යමක්‌ කියවන්නාක්‌ මෙන් මා සමඟ පැමිණි මිත්‍රයාගේ රෝග සියල්ල කියාගෙන යන්නට පටන් ගත්හ.

ඔබ අධික සෙම රෝගියෙක්‌. යාර කීපයක්‌ ඇවිද ගන්න බෑ පපුවේ හතිය සහ වේදනාවෙන් විඳවනවා. මේ තත්ත්වය ඉතාමත් අනතුරුදායකයි. ගන්න ඖෂධ ඒ වෙලාවට විතරයි. නැවත නැවත රෝගය මතු වෙනවා. මේ වන විට රෝගය උත්සන්න වෙලා. ඔබ වාර කිහිපයක්‌ රෝහල්ගත වෙලාත් ඉඳලා තියෙනවා. තවත් රෝග තිබුණත් මේ රෝගය ප්‍රධානයි.

මගේ මිත්‍රයාට වෙද හාමුදුරුවන්ගේ නාඩි පරීක්‍ෂාව අදහාගත නොහැක. තමන්ට තිබෙන රෝග සියල්ලත් මේ රෝගය නිසා විඳි වේදනාවන් නිවැරැදිව උන්වහන්සේගෙන් පිටවීම පුදුම සහගතය.

මා කිසි විටෙක මෙවැනි රෝගියකු සමඟ පැමිණෙන බවක්‌ කීවේ නැත. එමෙන්ම දැන ගැනීමට ඉඩක්‌ තැබුවේ ද නැත. සැබවින් ම ඔහු සෙම රෝගියෙකි. පපුවේ මහන්සිය වසර ගණනාවක සිට තිබූ බව මම ද දනිමි. වරින් වර මතු වූ මේ තත්ත්වයට ඔහු රෝහල්ගත කර සිටි බව ද මම දනිමි.

මේ රෝගියා එක්‌කරගෙන ආවේ මාව පරීක්‍ෂා කරන්නද? වෙද හාමුදුරුවන් අනතුරුව අප දෙස විමසිල්ලෙන් බලා ඇසූහ.

නැහැ අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේගෙන් ප්‍රතිකාරයක්‌ ගන්නයි ආවේ.

ඉතිං ඒ බවක්‌ කලින් කිව්වේ නැත්තේ.

කෝ බලන්න මේ නෝනත් එන්න

උන්වහන්සේ අප සමඟ පැමිණි මිතුරියද නාඩි පරීක්‍ෂාවට ලක්‌ කළහ.

දරාගන්න බැරි හිසේ වේදනාවක්‌ වරින්වර මතුවෙනවා. බඩේ රුදාවකුත් සමහර අවස්‌ථාවල මතුවෙනවා. එක දණහිසක තද බල වේදනාවකුත් එනවා. කොන්දේ අමාරුවත් සමහර වෙලාවට එනවා. හිසේ ආමාරුව දැනෙන වෙලාවට ඉවසා ගන්න බැරි තරමට වේදනාවක්‌ ගෙන දෙනවා.

උන්වහන්සේ පේන කියන්නාක්‌ මෙන් සියල්ල නිවැරැදිව කියවා ගෙන ගියේ අප මිතුරිය ද විශ්මයට පත් කරවමිනි.

ඔය දෙන්නගේ මේ රෝගී තත්ත්වයන් මම පැය දෙකකදී ඉවත් කරනවා. කිසි දෙයකට බියවිය යුතු නැහැයි කියමින් උන්වහන්සේ ලෑලි ආසනයක්‌ පෙන්වමින් එහි හාන්සිවීමට අප මිතුරන්ට ඉඩ සලසා දුන්හ.

ඉන් අනතුරුව රඹුක්‌වැල්ලේ වෙද හාමුදුරුවෝ අප මිත්‍රයාගේ දෙපයෙහි මහපට ඇඟිලි දෙක අල්ලා නිල තෙරපීමක්‌ කළේ තවත් ප්‍රතිකාරයකට මුල පුරමිනි.

ඉන් අනතුරුව දෙඅත්වල ද නිල තෙරපීමක්‌ කර දෙනෙත් වලට‍ තෙල් බින්දු කිහිපයක්‌ දැමූහ. ඉන් පසු දෙකන් වලට ද තෙල් දමා දිවේ කෙළවර තවරා ගැනීමට බෙහෙතක්‌ දුන්හ.

මේ සියල්ලට විනාඩි දෙකකට වඩා ගත වන්නට නැත. මගේ මිත්‍රයාගේ පපුවෙහි තිබූ සෙම යන්ත්‍රයකින් අදින්නාක්‌ මෙන් සියල්ල පිට වන්නට පටන් ගත්තේය.

ඉන් පැයකට පමණ පසු තවත් තෙල් බින්දු කිහිපයක්‌ උගුරෙහි තවරා නැවත සෙම ඉවත් කිරීමට උපදෙස්‌ දෙමින් වෙද හාමුදුරුවෝ බලා සිටියහ. මේ අතරතුර මම ද උන්වහන්සේ අසලින් සිට අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මගේ මිත්‍රයාගේ මහපට ඇඟිලි දෙක අල්ලා කුමක්‌ කළේ දැයි විමසීය.

මේ මහත්තයගෙ පපුවේ සෙම පිරිලා. මේ තත්ත්වය බොහෝම අනතුරුදායකයි. මම ඒ නිල තෙරපීමෙන් කළේ පෙනහැල්ලේ ලොක්‌ කිහිපයක්‌ ඇරීමයි. දැන් ඒ ඇරුණු දොරවල් වලින් සෙම දිගටම පිට වේවි. ඉන් පසු තවත් වේලාවක්‌ යන කොට සියලු සෙම ඉවත් වී අර මම විවෘත කළ ලොක්‌ වැහිල යාවි.

මේ අතර තුර තවත් කාන්තාවක්‌ සිය සැමියා සමඟ පැමිණ උන්වහන්සේ ඉදිරිපිට හඬන්නට පටන් ගත්තාය. ඇයගේ දකුණු අතෙහි පහළ කොටස ලී පතුරු කිහිපයක්‌ තබා රෙදි පටි වලින් ගැටගසා තිබූ අතර, ඇඟිලි නැවීමට නොහැකිව වේදනාවෙන් සිටි බවක්‌ පෙනිණි.

මොකද ඔය වෙලා තියෙන්නෙ අතට

අපේ හාමුදුරුවනේ වැටුණා

ඉතිං අත කැඩුනද?

එහෙමයි. තැනකින් වෙදකම් කළා. ඒත් මොනව වෙලාද දන්නෙ නැහැ හරියට ඇදුම් දෙනවා.

කෝ බලමු අත.

ඉන් අනතුරුව වෙද හාමුදුරුවෝ තෙල් ස්‌වල්පයක්‌ අතට ගෙන මෙම කාන්තාවගේ දකුණු බාහුවේ තවරා එක වරම ඇඟිලි තුඩුවලින් ඇද්දේය. මේ ප්‍රතිකාරයට ද විනාඩි කිහිපයකට වඩා ගත වූයේ නැත. මාස කිහිපයක්‌ ප්‍රතිකාර ගත්ත අත විනාඩි කිහිපයකින් සුවපත් කළහ.

මේ සියල්ල මා ඉදිරිපිට සිදුවෙද්දී මාගේ මිත්‍රයා තවමත් පපුවේ සෙම පිට කරමින් සිටියේය. ඔහුට දැන් තරමක සුවයක්‌ තිබෙන නිසා උගුරේ තෙල් ගැල්වීම නතර කරන්න දැයි විමසුවත් ඊට ඉඩ නොදුන් උන්වහන්සේ තව තවත් සෙම පිට කරන ලෙස උපදෙස්‌ දුන්හ. මේ අතර තවත් රෝගියකු උන්වහන්සේ ඉදිරිපිටය. - විමලසිරි අගලකඩ


මූලාශ්‍රය - adadawasa.com

මේ ලිපියේ තියෙන අඩුව මේක කියවන හැමෝටම එකෙන්ම තේරෙනව ඇති. මොන කතන්දර දැම්මත් හැමෝටම ප්‍රයෝජනවත් වෙන්න නම් හමුවිය හැකි ක්‍රමයක්, දුරකතන අංකයක් හෝ ගමන් මාර්ගය සඳහන් කිරීම අනිවාර්ය වෙනව. මටත් මේ ප්‍රශ්ණෙ ඇති වුනේ ඉබේටමයි. මම මේකෙ Comments කියවගෙන යනකොට 21 දෙනෙක්ටම ඇත්වෙලා තිබුනෙ මේ ප්‍රශ්ණයමයි. 22 වන Comment එකේ තැනක් සඳහන් කරල තිබුන නිසා හැමෝටම දැනගන්න මේ විදිහට මේ ලිපියෙම දාන්නම්.
v
v
v
v
v
v
v
v
v
v
v
v
v
v
v
v
v
v
v
v
v
v

කොලොන්නාව, මීතොටමුල්ල, ශාන්ති විහාරයේ ස්වාමීන් වහන්සේ බෙහෙත් කරන්නේ
(දුරකතන අංකය 0784807606)


කාටහරි ප්‍රයොජනයක් උනානම් / මේ ගැන තව විස්තර දන්නව නම් කියන්න
 

laka007

Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    නම ගම , අඩුව පුරවපු එක ගොඩක් හොදයී
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,738
    28,093
    113
    බණ්ඩාරවෙල කොහෙද කියලා දන්නවද මචන්


    මගෙ යාලුවෙක් කිව්වා perahettiya මචන් එක්කෙනෙක් ඉන්නවා කියලා..මේ ඒක වෙන්ඩ ඇති.. https://www.facebook.com/people/Perahettiya-Weda-Gedara/100009147862086

    මම කියන තැනදනම් දන්නෙ නෑ හරියටම.මම පොඩ්ඩක් හොයලා බලලා කියන්නම් තව..මම කිය්න තැන කෙනා පිලිකා වලට එහෙමත් බෙහෙත් කරනවලු :)