:frown: බටර්ෆ්ලයි එෆෙක්ට්

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :frown: බටර්ෆ්ලයි එෆෙක්ට්



    බටර්ෆ්ලයි එෆෙක්ට් කියන්නේ මොකක්ද?

    MIT (මැසචුසෙට් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ) හි කාළගුණ විශේෂඥයෙක් වන Edward Lorenz විසින් ඉදිරිපත් කරන ලද න්‍යායකි.
    https://en.wikipedia.org/wiki/Butterfly_effect
    මෙයින් අදහස් කරන්නේ ඉතා කුඩා සිදුවීම් වුවත්, එයින් ඇතිවිය හැකි බලපෑම ඉතා විශාල එකක් කියලයි. මෙම තියරිය මගින් කියන්නේ චීනයේ බේජිං හි වීදියක පියාසරණ සමනලයෙකුගේ තටු පහර ලෝකයේ අනෙත් පස ඇමෙරිකා එක්සත් ජනපදයේ කැන්සාස් හි ටොනේඩෝ කුනාටුවකට හේතු විය හැකි බවයි.

    https://qph.ec.quoracdn.net/main-qimg-b850ed2d468fb987a56dee171b55e438.webp

    ඔබටමේ සම්බන්ධයෙන් විශාල වශයෙන් තොරතුරු ඉන්ටනෙට් සෙවීමකින් සොයාගත හැකියි.

    ටියුනීසියාවේ ජීවත් වුනු සාමාන්‍ය මිනිහෙකුට ගැසූ කම්මුල් පහරක් රටවල් ගණනාවක බලසම්පන්න පාලකයන් ධුරයෙන් පහ කිරීමටත් පාලන තන්ත්‍ර ගණනාවක් වෙනස් කිරීමට හේතු වූ වා.

    ටියුනීසියාවේ ජීවත් වුනු ඉතාම සාමාන්‍ය මිනිසෙකු වූ Mohammed Bouazizi ජීවිකාව වෙනුවෙන් කලේ පළතුරු වෙළඳාමයි. ඔහු දිනපතා තමන්ගේ කරත්තයේ පළතුරු පටවාගෙන මග දිගේ යමින් වෙළදාම් කළා, එක් දිනක්පොලිස් නිලධාරිනියක විසින් පළතුරු වෙළෙන්දා ගෙන් වෙළඳාම් කිරීමට ඇති අවසර පත්‍රය පරීක්ෂා කිරීමට ඉල්ලා සිටියා, නමුත් වෙළෙන්දා සතුව එවැන්නක් තිබුණේ නැහැ, මෙයින් ඇතිවුණු වාදය කෙළවර වූයේ නිලධාරිනිය විසින් වෙළෙන්දාට කම්මුල් පහරක් ගැසීමත් පළතුරු කරත්තය තහනම් කිරීමකින්ය, මෙයින් අත්‍යන්ත සිත්වේදනාවකට පත්වූ වෙළෙන්දා අවසානයේ ටියුනීසියාවේ මහමගකදී ගිණිතබාගෙන සියදිවි හානි කරගැනීමෙන් කුපිත වන මිනිසුන් විසින් ආරම්භ කරන ලද විරෝධතාවය, ඔබ කවුරුත් දන්නා අරාබි වසන්තය නමින් හැඳින්වූ විප්ලවයයි.

    මෙවැනි තවත් උදාහරණ තිබෙනවා,
    ඔස්ට්‍රියාවේ වියනා හි කලා ආයතනයකට බැඳීමට කරන ලද ඉල්ලුම්පත්‍රය ප්‍රතික්‍ෂේප වීම දෙවැනි ලෝක යුද්ධය ඇතිවීම දක්වාම පැතිරුණු සිද්ධි දාමයක්.
    එසේම ටෙක්සාස් හි ගෙවත්තකට සුනඛයෙකු පැමිණීම අයිසිස් තාලිබාන් ඇතිවීම ට මෙන්ම 9/11 ප්‍රහාරයට හේතු වුනා, කරුණු නිවැරදිව කියවා වටහා නොගෙන කරන ලද ප්‍රවෘත්ති නිවේදනයක්
    නැගෙනහිර ජර්මනියේ බිඳ වැටීමට හේතු වුනා,

    ඔබටත් පුළුවන් මේ සම්බන්ධයෙන් සොයා බලන්න, අතීතයේ දවසක සිදුවූ ඔබගේ මවුපියන් මුණ ගැසීම , එය ඔබේ උපත මෙන්ම, අනාගතයේ ලෝකය වෙනස් කිරීමට හේතුවිය හැකි එකක් විය හැකියි. :)

    බටෆ්ලයි එෆෙක්ට් සම්බන්ධයෙන් සිනෙමා ලෝලීන්ටත් නරඹා රසවිඳිය හැකි හොඳ චිත්‍රපටියක් එනමින්ම තිබෙනවා,
    http://www.imdb.com/title/tt0289879/
     
    Last edited:

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43

    bump, very informative and logical



    Lokkata uneth oka neda :P

    ඔව් ලොක්කත් ඒ වගෙයි, :D


    ම්ප්

    බම්ප්

    ඔබ හැමට ස්තුතියි මිතුරනි! :)
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තාත්තගේ factory එකේ හිටපු පුංචි වල් බලුපැටියෙක් තාත්තට පව් කියල හිතිලා ගෙදර ගේනවා.....

    ඒ බලු පැටිය අපේ මුළු ජීවිතේම වෙනස් කල...

    අපිට ලැබුන ජොබ්ස් ....එතකොට දැන් ඉන්න තට්ටු 3නෙ ගෙදර....අපේ company....මේ ඔක්කොම අපිට ලැබුනේ බලු පැටියෙක් නිසා....:D:D:D:D:D
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    තාත්තගේ factory එකේ හිටපු පුංචි වල් බලුපැටියෙක් තාත්තට පව් කියල හිතිලා ගෙදර ගේනවා.....

    ඒ බලු පැටිය අපේ මුළු ජීවිතේම වෙනස් කල...

    අපිට ලැබුන ජොබ්ස් ....එතකොට දැන් ඉන්න තට්ටු 3නෙ ගෙදර....අපේ company....මේ ඔක්කොම අපිට ලැබුනේ බලු පැටියෙක් නිසා....:D:D:D:D:D

    සමහරවිට වෙන්න පුළුවන් නේද? ඌ අපේ හොඳම මිත්‍රයා, ස්ට්‍රෙස් වුනු වෙලාවට හිත හදාගන්නේ මූ කරන සෙල්ලං නිසා, ප්‍රීතියෙන් ගත වුනු ළමා කාලය නිසා ජීවිතේම වෙනස් වුනා. :yes:
     
    • Like
    Reactions: KingCM