i don't know anything රවී_කියයි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ‘මා කිසිවක් දන්නේ නැහැ’ - රවී


    කොල්ලූපිටියේ ‘මොනෑක් එපාර්ට්මන්ට්‘හි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් එම නිවස මිලට ගැනීමට කටයුතු කර ඇත්තේ තම බිරිඳ හා වැඩිමහල් දියණිය අධ්‍යක්‍ෂධුර දරන සමාගමෙන් යැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (02) පැවසීය.

    එම නිවස ගැන තමා මුලින්ම දැනගත්තේ බද්දට ගත් එම නිවසේ පදිංචියට ගිය දිනයේ දී යැයිද කී කරුණානායක මහතා තමා බිරිඳ හා දියණියන් තිදෙනා සමඟ හොඳ පවුල් ජීවීතයක් ගත කළත් සෑම තොරතුරක්ම තමන්ට දැනුම් දෙන්නේ නැතැයිද වැඩිදුරටත් කීය.

    කොමිසමෙන් දැනුම් දීම් කළ තුන්වැනි දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් පැය 4 1/2 ක පමණ කාලයක් පුරා ඔහුගෙන් සාක්කි විමසීය.

    කොමිසමේ සාක්කි කූඩුවට ගොඩ වු විගස කොමසාරිස්වරුන්ට ‘සුභ උදෑසනක්’ ප්‍රාර්ථනා කළ කරුණානායක මහතා මීට පෙර කොමිසමෙන් කළ දැනුම් දීමට අනුව කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි වීම සම්බන්ධයෙන් කොමිසමෙන් සමාව ඇයැද සිටියේය.

    ඒ අවස්ථාවේදී කරුණානායක මහතා ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා ඔබගේ නීතීඥවරයා කොමිසම හමුවේ පෙනී සිටිමින් ඔබට ඇති අපහසුතාවය දැනුම් දුන්නේ යැයි කීය.

    අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයට අදාළව ලබාගත් ඩිජිටල් වෝහාරික පරීක්‍ෂණ වාර්තාවේ රවී කරුණානායක මහතාට අදාළ කොටස කොමිසමට ඉදිරිපත් කරමින් ‘ගරු රවී’ සහ ‘ආර්.කේ.’ යනුවෙන් සඳහන් කරමින් යවනු ලැබු එස්.එම්.එස්. පණිවුඩ ගැන කරුණානායක මහතාගේ අවධානය යොමු කරනු ලැබුවත් ඒ පිළිබඳ කිසිවක් තමා නොදන්නේ යැයි පැවසීය.

    අර්ජුන් ඇලෝසියස් සහ අර්ජුන් ඇලෝසියස් එක හා සමාන කාල පරාසයක් තුළ අවස්ථා 13කදී සිංගප්පුරූ ගිය බවටද එක් අවස්ථාවකදී අමාත්‍ය රවී කරුණානායක මහතා සහ අර්ජුන් ඇලෝසියස් එකම දින එකම ගුවන් යානයකින් සිංගප්පුරූ ගිය බවටද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වාර්තා පෙන්නුවේය.

    තමාගේ මතකයට අනුව අර්ජුන් ඇලෝසියස් සිංගප්පුරූවේදී හමුවුයේ එක් අවස්ථාවකදී පමණක් යැයි කී කරුණානායක මහතා අර්ජුන් ඇලෝසියස්ගේ සීයාගේ කාලයේ සිට ඔහුගේ පරම්පරාවේ අය දන්නා නමුත් අර්ජුන් ඇලෝසියස් සමඟ පෞද්ගලික හෝ ව්‍යාපාරික සම්බන්ධතා පවත්වන්නේ නැතැයි වැඩිදුරටත් කොමිසම හමුවේ පැවසීය.

    මේ අතර කොමිසමේ සාමාජික විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා අමාත්‍ය රවී කරුණානායක මහතා අමතමින් මේ සියල්ලටම තමන්ගේ පිළිතුර වන්නේ ‘මා කිසිවක් දන්නේ නැහැ’ නේදැයි විමසු විට ඊට ‘ඔව්’ යනුවෙන් අමාත්‍ය රවී කරුණානායක මහතා පිළිතුරු දුන්නේය.


    ලංකාදීප
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එතුමා හොරකන් කරලා නැ එතුමා තමයි ආසියාවේ හොදම මුදල් ඇමති ඔව්ව මහින්දගේ වැඩ ඔව්

    එතුමා කල සේවෙට මෙහෙම කරන එක හරිද ?:angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූ කොමිසම හමුවේ පෙනීසිටීම කල් දාන්න ඇත්තේ ඔය වගේ මොකක් හරි ගැටයක් ගහල මේකෙන් ගොඩයන්න.... දවස් 4,5ක කාලෙකදී මුන්ට කරන්න බැරි දෙයක් තියනවද.... :rolleyes::sorry:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එකෙක්ට නයෙක් කෑවා. තව ආච්චි කෙනෙකුට මෑනික් මල්ලක් හම්බ වුනා. සමහරු ගස් බෑද ගත්තා. එකෙකුට ඔලුවට වෙඩි වෑදිල අමතක වුනා. පිස්සු නේ. මුන් සේරම ඉන්න ඔනේ එකම හිර ගෙදර
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එකෙක්ට නයෙක් කෑවා. තව ආච්චි කෙනෙකුට මෑනික් මල්ලක් හම්බ වුනා. සමහරු ගස් බෑද ගත්තා. එකෙකුට ඔලුවට වෙඩි වෑදිල අමතක වුනා. පිස්සු නේ. මුන් සේරම ඉන්න ඔනේ එකම හිර ගෙදර

    මුන් ඔක්කොටම මාර අහඹු සිද්දි වෙන්නේ,,,, :rolleyes: