ස්මාර්ට්_හැඳුනුම්පත
නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පත් ලබන ඔක්තෝබර් මාසයේ සිට නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
පළමු අදියර යටතේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ අලුතෙන් ජාතික හැඳුනුම්පත් අයෑදුම් කරන්නන්ට හා නැතිවූ අයදුම්පත් හා සංශෝධන අයදුම්පත් සඳහා නව ජාතික ස්මාර්ට් හැඳුනුම්පත ලබාදෙන බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවැසීය.
මෙහි දෙවැනි අදියර යටතේ 2018 වසරේ සිට මෙම ස්මාර්ට් ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ හා ඡායාරූපය ඇතුළත් ජීව මිතික දත්ත ඇතුළත් කෙරෙන බවද ඒ සඳහා ග්‍රාම නිලධාරීන් මගින් ජාතික පුද්ගල නාමලේඛන රට පුරා සැකසෙන බව ද ඒ මහතා කීය.
ජීව මතික දත්ත සහිත ස්මාර්ට් ජාතික හැඳුනුම්පත දැනට ජාතික හැඳුනුම්පත් හිමි මිලියන 16 ට නැවතත් අලුතෙන් ලබාගැනීමට සිදුවන බවද හෙතෙම කියා සිටියේය.
මේ සමඟම ව්‍යාජ හැඳුනුම්පත් සැකසීම හා ඒ සම්බන්ධ වංචනික ක්‍රියාවන් මුළුමනින්ම නතර වනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.

ape unta barida 