පද_නිරුක්ති_-_සිතන්නට_ යමක්

Superuser

Member
Aug 30, 2015
723
73
0
පද_නිරුක්ති_-_සිතන්නට_ යමක්

වචනයක තේරුම, එහි මුල/ප්‍රභවය ගැන අපට දැනගැනීමට අවශ්‍ය වූ විට වර්තමානයේ අප මුදුනින් පිළිගන්නේ පිළිගත් ශබ්දකෝෂයක ඇති තේරුමයි.
අග්ගඥ්ඥ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ වචනවල තේරුම්/මුල් සහ පිළිගත් ශබ්දකෝෂයක ඇති තේරුම්/මුල් අතර වෙනස සිතා බලන්න. මේ සඳහා පිළිගත් සංස්කෘත ශබ්දකෝෂයක් යොදා ගන්න.


වහරක අභයරතනාලංකාර හිමියන්ගේ පද නිරුක්ති අවඥාවෙන් බැහැර කිරීම මාත් බොහෝ කාලයක් සිදු කළ දෙයක්, පහල ලිපිය කියෙව්වහම ඒ නිරුක්ති ගැන වඩාත් ගැඹුරින් සිතා බැලිය යුතුයි කියල හිතුණා.

නිරුක්ති

http://www.waharaka.com/සදහම්-ගොනුව-අංග/නිරුක්ති/


උක්තය නීර්නයෙන් අවබෝදයට

තථාගතයන් වහන්සේ කෙනෙකු අතිදුර්ලභව ලොව පහලවේ. උන්වහන්සේ විසින් මුල යහපත්වූ මැද යහපත්වූ අග යහපත්වූ අර්ථ සහිත ව්‍යන්ජන සහිත සියලු ආකාරයෙන් සර්ව සම්පූර්න වූ ශාසන බ්‍රහ්ම චර්යාව ලෝක සත්වයා උදෙසා මහත් වූ දයානු කම්පාවෙන් දේශනාකරයි. එසේ දේශනා කරන ලද්දාවු සියලූම දේශනා තුන්කාලයටම ගැලපෙන්නාවූද ශ්‍රාවකයා හට ගෝචර වන්නාවූද විද්‍යාත්මක සිද්දාන්තයන්ගෙන් පරිපූර්ණ වූ ‍‍දේශණාවන්ය.
සමිමා සම්බුදුරජානන් වහන්සේ කෙනෙකු අර්ථ, ධර්ම, නිරුක්ති. පටිබාන යන සිවු පිළිසිබියාපත් ඥානයන්ගෙන් පරිපූර්නවේ. තතාගතයන් වහන්සේගේ සියලූම දේශනාවන් මෙම සිවු පිළිසිබියාපත් ඥානය ඇසුරෙන් කරන ලද දේශනාවන්ය. මෙම සිවු ඥානයන් ගෙන් නිරුක්ති පටිසම්භිදා ඥානය යනු අනෙකුත් ඥානයන් මෙන්ම ඉතාම වැදගත්වුවකි. අපගේ උක්තවූ කරුන වන්නේද තතාගතයන් වහන්සේ විසින් මෙම ඥානය ඇසුරෙන් කර ඇති දේශනාවන් පිලිබදව තතාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් අපට ගෝචර වන්නා වූ ප්‍රමානයට යම් විග්‍රහයක් කිරීමටයි.
චුල්ල වග්ග පාලියෙහි බුදුරජානන් වහන්සේ විසින් දේශනා කර ඇති ආකාරයට සකාය නිරුක්තියෙන් බුද්ධ වචනය පිරිවහන්නට අනුදනිමියී යනුවෙන් ‍දේශනාකර ඇත. එසේ නොමැතිව බුදුවදන (වෛදික භාශාවට) ජන්දසට නොනැගිය යුතුබවත් එසේ යමකු වෛදික භාශාවට නගන්නේනම් ඔහුට දුකුලා ඇවැත් වන්නේය වශයෙන් දේශනා කර ඇත. ඒවාගේම නිරුක්තිනොදැන මුලු ත්‍රිපිටකයම කටපාඩම් කලද අන්ද අලියකු වනයෙහි ගමන්කරන්නාක් මෙන් පදෙන් පදයට ඒ ඒ අර්ථ හෙවත් පද නිරුක්ති නොදැනීමනිසා අතරමන්වීමට සිදුවනබවද දේශනා කර ඇත. මේ අනුව අපට වැටහෙන්නාවූ ආකාරයට බුදුදහමේ නිරුක්ති යනු ඉතාම වැදගත්වූ ඥානයකි.
ලෝකයෙහි යම් භාශාවක් පවතීනම් එය නිර්මානය වී ඇත්තේ මිනිසා විසින් තම තමන්ගේ හදවතට එන හැගීමි ප්‍රකාශකිරීමට යාමේදී පිටවන්නාවූ ශබ්දයන් අනුසාරයෙන් අනෙකාටද එම හැගීම සන්නිවේදනය වීමට සැලැස්වීම සදහා උපයෝගී කරගත් ශබ්දයන්ගේ එකතුවෙනි. ලෝකයෙහි භාශාවන් විවිද වුවද භාශාවන් ගෙන් සන්නිවේදනය වන්නාවූ පුද්ගල හැගීම් සමානවේ. මිනිසාගේ සිතතුල හටගන්නාවූ හැගීමේ ආකාරය එම හැගීමේ ගතිය ප්‍රකාශවන ආකාරයට අනුකූලවූ ගති හඩකින් පිටකරයි මෙලෙස අනෙකා විසින් මෙම ගති හඩට සවන් දීම තුලින් තමාගේ සිතතුල ඊට අනුකූලවූ ගති රුවක් මවා ගනිමින් අනෙකාගේ හැගීම තේරුම් ගනී. මේ ආකාරයට ආරම්භවූ භාශාමය සන්නිවේදනය ගති ගුණ, ගති හඩ, ගති රුව යන තුන් ආකාරයකින් සමන්විත වේ. ලෝකයේ කොපමන තරම් භාශාවන් තිබුනද සියලූම භාශාවන් නිර්මානය වී ඇත්තේ මෙම සිද්ධාන්තයන්ට නුකූලවය.
එමනිසා ලෝකයේ ඇති සියලුම භාශාවන්ගේ ඇති වචන සදහා උපයෝගී වූ ශබ්දයන් ගත්විට එම වචනයන් තුලින්ම එහි උක්තවූ කරුන නීර්නයවේ. එනම් වචනයේ සිය කය තුල එහි අර්ථය ගැබ්වීපවතී. නිරුක්ති පටිසම්භිදා ඥානයෙන් යුත් සිවුපිලිසිබියාපත් මහරහතන් වහන්සේලා. මෙම වචන පද සෑදී ඇති ශබ්ද බෙදා බලා ඒ තුලින් එහි උක්තවු කරුණ නීර්නය කරදීම සිදුකරයි. මෙලෙස පදවල අර්ථ වබෝද කරගෙන දේශනා කිරීමේ ඥානය පදාර්ථ ඥානය අර්ථ පටිසම්භිදා, නිරුක්ති පටිසම්භිදා ඥාන ලෙස හදුන්වයී. මෙසේ අර්තදැන ධර්ම දැන තැනට සුදුසු ඒ ඒ පද සැකසුනු අයුරු දක්නා ඥානය නිරුක්ති පටිසංභිදා නුවනයි.
ශබ්දනිරුක්ති භාශානිරුක්ති, පදනිරුක්ති, ව්‍යාකරනනිරුක්ති යනාදීවශයෙන් නිරුක්ති විවිදාකාරවේ. බුදුරජාණන් වහන්සේගේ දේශනා අතුරින් දීගනිකායෙහි අග්ගඤ්ඤ සූත්‍රයෙහි සදහන්වන ආකාරයට එදා මධ්‍යදේශයෙහි භාවිතාකරනලද ඇතැම් වචනවලට එම නම් වහර උපන්නා වූ ආකාරය පැහැදිලි කර ඇත. ඒවායින් කිහිපයක් පහත පෙන්වා දී ඇත. (දීගනිකාය 3 අග්ගඤ්ඤ සූත්‍රය).
මහාසම්මත
මහජනයා විසින් සම්මත කරගනිමින් පත්කරගත් පුද්ගලයා මහාසම්මත වශයෙන් සදහන් කිරීමේ නම්වහර උපනලදී වශයෙන් වාශිෂ්ඨ හිමියන්හට දේශනාකරනලදී.
ක්ෂත්‍රීය
කෙත්නට අධිපතිවූ හෙයින් ක්ෂත්‍රීය යැයි නම් වහර උපදිනලදී වශයෙන් වාශිෂ්ඨ හිමියන්හට දේශනාකරනලදී.
රජ
දැහැමින් මෙරමා රදවානුයි (සුවපත් කෙරෙනුයි පිණවානුයි) බැවින් රජයැයි කියා නම් වහර උපනලදී වශයෙන් වාශිෂ්ඨ තෙරනුණ්ට දේශනාකරනලදී.
බ්‍රහ්මණයෝ
ලාමකවූ අකුසල ධර්මන් බාහනය (බැහැරලීම) කල හෙයින් බ්‍රහ්මණයෝය කියා නම් වහර උපනලදී වශයෙන් වාශිෂ්ඨ තෙරනුණ්ට දේශනාකරනලදී.
වෛශිය
සත්වයා මෛථුන ධර්ම සේවනය කොට ඒ ඒ අවස්ථාවන්හි නැගුනු (ප්‍රකටවූ) කර්මාන්ත කලහෙයින් වෛශ්‍යයෝය යන නම් වහර උපනලදී වශයෙන් වාශිෂ්ඨ තෙරනුණ්ට දේශනාකරනලදී.
ක්ෂුද්‍ර
යම් කෙනෙක් රෞද්‍රාචාර ක්ෂුද්‍රාචාර ඇත්තෝවූද මොවුහු ශුද්‍රයෝය වශයෙන් නම් වහර උපනලදී වශයෙන් වාශිෂ්ඨ තෙරනුණ්ට දේශනාකරනලදී.
ශ්‍රමණ
මෙලෙස ක්ෂත්‍රීය, බ්‍රහ්මණ, වෛශිය, ක්ෂුද්‍ර යනාදී වශයෙන් නම්වහර ලැබූ අය සිය දහමට (කල්ක්‍රියාවට) ගරහමින් මහණ වන්නෙමියි ගිහිගෙයින් නික්ම පැවදි වීමට යන්නෙහිද එකල්හි මේ සතර මන්ඩලයන්ගෙන් ශ්‍රමන මණ්ඩලය වශයෙන් නම් වහර උපනලදී වශයෙන් වාශිෂ්ඨ තෙරනුණ්ට දේශනාකරනලදී.
බුදුරජාණාන් වහන්සේ විසින් දේශනා කරනලද පද නිරුක්ති රටාව අද පවතින භාෂාව්‍යාකරන රීතීන්ට වඩා පුලුල්වූ භාෂාඥානයක් තුලින් කරනලද අර්ථ විග්‍රහයක් බව අපට ඉහත උදාහරන තුලින් පැහැදිලි වේ.
මෙම ක්‍රම රටාව වර්ථමානයේ පවතින ලිඛිතභාශා ව්‍යාකරන සංදික්‍රමයට සමාන ලෙස පෙනුනද එය එසේ නොවනබව අග්ගඥ්ඤ සූත්‍රයෙහි බුදුරජානන් වහන්සේ විසින් දීඇති නිරුක්තීන් තුලින් පැහැදිලිවේ. මෙලෙස එම පදයන්හි උක්තවු කරුන නීර්නය කිරීමේ නිරුක්ති පටිපම්භිදාඥානය සර්වඤ්ඥ ගෝචර ඥානයක් වන අතර ශ්‍රාවකයා හටද ඒ ඒ මට්ටමට ගෝචර වේ. පටිසම්භිදා ඥානයන්ගෙන් සර්වාකාරයෙන් පරිපූර්න වන්නේ තතාගතයන් වහන්සේය ඊලගට සිවුපිලි සිබියාපත් මහරහතන් වහන්සේලා යනාදී වශයෙන් ශාවකයන් වහන්සේලා විසින් ඒඒ මට්ටමින් අවබෝදය ලබයි. වර්ථමානයේ මිනිසා විසින් සකස් කරගන ඇති භාෂාරීතීන් නිරුක්ති පටිසම්භිදා ඥානයට සම කල නොහැක භාශා රීතීන් තුලින් යම් ආකාරයකට පද බෙදා අර්ථගැනීමේ ලෟකිකවූ ක්‍රමයක් නැතුවා නොවේ නමුත් එම ක්‍රමය ලෝකෝත්තරවූ නිවන් මග පහදාදිය හැකි න්‍යායක් නොවේ.
තතාගතයන් වහන්සේ විසින් දේශනාකරනලද ශ්‍රී සද්ධර්මය වැසීයමින් අර්ථ විපරීත වෙමින් පවතින කාලයක සැගවුනු දහම් කරුනු මතුකර දෙමින් වහරක ශ්‍රී අරිය චින්තාශ්‍රමයේ අති පූජ්‍යය වහරක ශ්‍රී අභයරතන ස්වාමීන්ද්‍රයානන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්යේ කෙනෙකු වශයෙන් ධර්මයෙහි ඇති වචන පදයනට අර්ථයට ධර්මයට ගැලපෙන්නාවූ පදඅර්ථ ලබාදෙමින් වචන පද වල උක්ත වූ කරුන නීර්නය කරමින් කරන ලද අතිදුර්ලභ වූ දේශනා ඇසුරෙන් සකස් කරන ලද ලිපි පෙලක් සමග එම දේශනාවන් ශ්‍රවනය කිරීමේ අවස්ථාවද මෙම වෙබි අඩවියෙහි මෙම පරිචය තුලින් ලබාදිමට අප සූදානම් වන්නෙමු. වසර දෙදහස් පන්සීයක පමන කාලයක පටන් තේරවාදී සංඝ රත්නය අතර කිසිදු විවාදයකින් බැහැර නොකර සහ එසේ වැරදියයි බැහැරකලබවට හේතුවූ කිසි කරුනක් ඉදිරිපත් නොවී පිරිසිදුව පවත්වාගෙන එන ත්‍රිපිටක ධර්ම සූත්‍රාදිය උල්ලංගනය නොකර ඒ ඒ සූත්‍රධම්මානු සාරයෙන් නිවන් අවබෝදයට අදහස ඔප්නංවා ගන්නා බලාපොරොත්තුවෙන් මෙම අර්ථ පෙන්වීම කරන බව පවසමු.
 
Last edited:

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හැමෝම එකම විදියට නිරුක්ති දෙන් නැ..රහත් නිරුත්ති පටිසම්බිදා කියන ක්චානය ( ලියන්න දැන් නැ :lol:)ලැබුන හිමි නමකට විතරයි නිවැරදිම පද නිරුක්ති දෙන්න පුළුවන් ..සෝතාපන්න අයෙක්ට දෙන්න පුළුවන් නිරුක්ති වලට වඩා පරම ගම්බිර නිර්ක්තියක් අරහත් උත්තමයෙක් දෙවී..හොදම දේ තමන්ට ගලපෙනවානම් ගන්න.ගැලපෙන් නැත්තන් ධර්මයට විනයට සුත්‍රයට දාලා බලන්න ගැලපෙනවද කියලා නැත්තන් ඇත හරින්න ..ඒ ගැන මත පල කරන්න එපා
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    හැමෝම එකම විදියට නිරුක්ති දෙන් නැ..රහත් නිරුත්ති පටිසම්බිදා කියන ක්චානය ( ලියන්න දැන් නැ :lol:)ලැබුන හිමි නමකට විතරයි නිවැරදිම පද නිරුක්ති දෙන්න පුළුවන් ..සෝතාපන්න අයෙක්ට දෙන්න පුළුවන් නිරුක්ති වලට වඩා පරම ගම්බිර නිර්ක්තියක් අරහත් උත්තමයෙක් දෙවී..හොදම දේ තමන්ට ගලපෙනවානම් ගන්න.ගැලපෙන් නැත්තන් ධර්මයට විනයට සුත්‍රයට දාලා බලන්න ගැලපෙනවද කියලා නැත්තන් ඇත හරින්න ..ඒ ගැන මත පල කරන්න එපා

    ලිපිය කියවලා නෑ වගේ :rolleyes: නැත්නම් බාගෙට කියවලා තියෙන්නේ :sorry::sorry:මේකම තමයි මාත් කිවුවේ :yes:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලිපිය කියවලා නෑ වගේ :rolleyes: නැත්නම් බාගෙට කියවලා තියෙන්නේ :sorry::sorry:මේකම තමයි මාත් කිවුවේ :yes:

    :(:(සොරි මන් උතුමෙක්ට බනපුව කියවන නැ මන් හිතුවේ බැනලා කියලා..බැනපු දෙයක් මත මන් සංකාර හදන නැ
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    මිනිසාගේ සිතතුල හටගන්නාවූ හැගීමේ ආකාරය එම හැගීමේ ගතිය ප්‍රකාශවන ආකාරයට අනුකූලවූ ගති හඩකින් පිටකරයි මෙලෙස අනෙකා විසින් මෙම ගති හඩට සවන් දීම තුලින් තමාගේ සිතතුල ඊට අනුකූලවූ ගති රුවක් මවා ගනිමින් අනෙකාගේ හැගීම තේරුම් ගනී..

    මෙතැන සදහන් වෙන්නේ කුල බේදය මිනිසුන් අතරේ සකස් වූ ආකාරයයි.

    කුසලට බරවූ තැනැත්තා -> බ්‍රහ්මණයෝ -> බ්‍රහ්ම කුලය
    කෙනෙක්ට අධිපතිවූ තැනැත්තා -> ක්ෂත්‍රීය -> ක්ෂ කුලය
    කාර්මාන්ත වලට වෛශිය වූ තැනැත්තා -> වෛශිය -> වෛශිය කුලය
    රෞද්‍රාචාර ක්ෂුද්‍රාචාර වූ තැනැත්තා -> ක්ෂුද්‍ර -> ක්ෂුද්‍ර කුලය

    මිනිස් ගති ගුණ අනුකුලව නිර්මාණ වු වචන අන්තිමට කුල බේදයක් සකස් කරයි.

    ඒ කියන්නේ ඒ කලේ මිනිසා කුලයකට ඉපදුනේ නැහැ. ඔවුන්ගේ ක්‍රියා කලාපයෙන් කුලය සකස් වුණා.
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මෙතැන සදහන් වෙන්නේ කුල බේදය මිනිසුන් අතරේ සකස් වූ ආකාරයයි.

    කුසලට බරවූ තැනැත්තා -> බ්‍රහ්මණයෝ -> බ්‍රහ්ම කුලය
    කෙනෙක්ට අධිපතිවූ තැනැත්තා -> ක්ෂත්‍රීය -> ක්ෂ කුලය
    කාර්මාන්ත වලට වෛශිය වූ තැනැත්තා -> වෛශිය -> වෛශිය කුලය
    රෞද්‍රාචාර ක්ෂුද්‍රාචාර වූ තැනැත්තා -> ක්ෂුද්‍ර -> ක්ෂුද්‍ර කුලය

    මිනිස් ගති ගුණ අනුකුලව නිර්මාණ වු වචන අන්තිමට කුල බේදයක් සකස් කරයි.

    ඔබතුමා කුල නම් ගැන දාල තියෙන නිර්වචනය අග්ගඤ්ඤ සූත්‍රයේ ඉදිරිපත් කරලා තියෙන නිර්වචනයට වඩා වෙනස්. පැහැදිලිම වැරැද්ද තමයි ක්ෂත්‍රීය කියන්නේ කෙනෙක්ට අධිපති කියල කියල තියෙන එක. ක්ෂත්‍රීය නැත්නම් ඛත්තිය කියල පාලියෙන් කියන්නේ කෙත් වතු වලට අධිපති බව මිසක් පුද්ගලයන්ට අධිපති බවක් නෙවෙයි. උඩ දාපු ලිපියේ තියෙන්නෙත් කෙත්නට අධිපති කියලා.
    අග්ගඤ්ඤ සූත්‍රය - http://thripitakaya.org/tipitakaya/Index/76?s=32
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    මට සමාවෙන්න. ඔබ හරි.

    මම තව දෙයක් කිය යුතයි. ත්‍රිපිටකයේ යම් තැන්වල අරිහතුන් වහන්සේලා හදුන් වන්නේ බ්‍රහ්මනයන් ලෙස.

    එතන අදහස් කරන්නේ "කුසලට බරවූ තැනැත්තා" මිස අදට සම්මුතියක් වි ඇති බ්‍රහ්මන කුලය නොවේ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට සමාවෙන්න. ඔබ හරි.

    මම තව දෙයක් කිය යුතයි. ත්‍රිපිටකයේ යම් තැන්වල අරිහතුන් වහන්සේලා හදුන් වන්නේ බ්‍රහ්මනයන් ලෙස.

    එතන අදහස් කරන්නේ "කුසලට බරවූ තැනැත්තා" මිස අදට සම්මුතියක් වි ඇති බ්‍රහ්මන කුලය නොවේ.
    :yes::yes::yes::yes:
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මට සමාවෙන්න. ඔබ හරි.

    මම තව දෙයක් කිය යුතයි. ත්‍රිපිටකයේ යම් තැන්වල අරිහතුන් වහන්සේලා හදුන් වන්නේ බ්‍රහ්මනයන් ලෙස.

    එතන අදහස් කරන්නේ "කුසලට බරවූ තැනැත්තා" මිස අදට සම්මුතියක් වි ඇති බ්‍රහ්මන කුලය නොවේ.

    ඔවු, හැබැයි මෙතන කතා වුනේ අග්ගඤ්ඤ සූත්‍රය ගැනනේ.

    බ්‍රාහ්මණයා කියන සම්මුතිය ත්‍රිපිටකයේම මේ ආකාර දෙකටම හඳුන්වලා දීල තියෙනවානේ, අරහතුන් වහන්සේලා හැඳින්වීමටත්, නියම බ්‍රාහ්මණ කුලය හැඳින්වීමටත් විදිහට. ඒ සම්මුති දෙකම බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් මිසක් වර්තමානයේ ඇතිකරගත් සම්මුතීන් පැහැදිලි කරන්න යොදාගත් ඒවා නෙවෙයි නේද?