http://www.infosrilankanews.com/2017/08/lk.html
අනංමනං, එළකිරි හා මියුසික් ටොට් එල්කේ යන වෙබ් අඩවි සිය ගීත ඔවුන්ගේ වෙබ් අඩවිවල ගබඩා කරගනිමින් ඒවා නොමිලේ බාගත කිරීමට හා සවන්දීමට හැකියාව සලස්වමින් තම බුද්ධිමය දේපල අයිතිය කොල්ල කා ඇති බව පවසමින් ගීත හිමිකරුවන් පිරිසක් අදාළ සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට සූදානම්වන බව වාර්තා වේ.
නැසීගිය කලාකරුවන්ගේ ඥාතීන් හා කලාකරුවන් පිරිසක් එක්ව මෙසේ නඩු පැවරීමට සූදානම් බව නැසීගිය ජනප්‍රිය ගායකයකුගේ පුත්‍රයකු කියා සිටියේය.
සිය ගීත යොදාගමින් එම වෙබ් අඩවි අන්තර් ජාලය තුළ ජනප්‍රියව ඒ හරහා කෝටි ගණනින් මුදල් උපයන බවටද ඔවුන් චෝදනා කර සිටී.
එසේම, එම වෙබ් අඩවි ජනප්‍රිය බැවින් ඒවාට ලංකාවේ බහුජාතික සමාගම් ඇතුළු විශාල සමාගම් දැන්වීම් ලබාදී ඇති බවද ඒ හරහාද ඔවුන් කෝටි ගණනින් මුදල් උපයන බවද කියා සිටියේය.
තම ගීත රිගිං ටෝං වලට පවා අදාළ සමාගම් විසින් විකුණා ඇති බවද හෙළිකර ගැනීමට හැකිවී ඇති බවත්, එසේ උපයාගත් මුදල් අය කර ගැනීමට කටයුතු කරන බවද ඔවුහු පැවසීය.
වසර ගණනක සිට මේ කූට ඡාවාරම සිදුකරන බවත්, කලාකරුවන් බත් පැකට්ටුවක්, බෙහෙත් පෙත්තක් මිලදී ගැනීමට තරම් වත්කමක් නොමැතිව අනන්ත දුක් කම්කටොළු විදිද්දී අදාළ සමාගම්වල හිමිකරුවන් කඩේයාමට ද බෙන්ස්. බී.එම්.එබ්ලිව්. රථ පාවිච්චිකරන බවද ඔහු කියා සිටියේය.
බදු ගෙවන්නෙත් නෑ
අදාළ සමාගම් හිමිකරුවන් බදු ආදායම් පවා ගෙවීම් පැහැර හැර ඇති බවදට ද ඔවුහු චෝදනා කර සිටියේය.
මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉදිරියේදී ජනපතිවරයා, අගමැතිවරයා හා මාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන බවද ඔවුන් පැවසූහ.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විශාල විරෝධතා ව්‍යාපාරයක්ද දියත්කරන බව පැවසූ ඔවුන් අදාළ වෙබ් අඩවි විසින් කොල්ල කා ඇති ගීතවල හිමිකරුවන් සිටින්නේ නම් සිය එකතුවේ පොදු විද්‍යුත් ලිපිනය වන [email protected] පැමිණිලි කරන ලෙසත් තමන් හා එකතු වන ලෙසත් ඉල්ලීමක් කළේය.
(SLM)

thiyena tikath welawakata download karanna be