සුදු මුවෝ හම්ඹ වෙන්නේ රටට වාසනාවන්ත කාලයක් ලබනකොට
ඉතා දුර්ලභ ගණයේ සුදු මුව පැටවෙක් සුනඛයන් සපාකෑම නිසා නිවෙසක් වෙත පැමිණි පුවතක් වාර්තා වෙනවා. ඒ මැදිරිගිරිය, යුදගනාව ප්‍රදේශයෙන්.
මැදිරිගිරිය, යුදගනාව, අංක 16/1 ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.එම්. ආනන්ද සිසිර කුමාර මහතාගේ නිවෙසට මෙම දුර්ලභ සුදු මුව පැටවා පැමිණ ඇති අතර ඉන්පසුව නිවැසියන් විසින් දැනුම්දීමෙන් පසු මුව පැටවා වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන ආ බව පශු වෛද්‍ය සමීර කලඟුආරච්චි මහතා පවසනවා.
මෙම සුදු මුව පැටියා පිළිබදව මුවා ප්‍රථමයෙන්ම පැමිණි නිවැසියන් මෙලෙස ප්‍රකාශ කර තිබුනා.
"අපේ ගෙදර දොරකඩටම මෙයා ආවා. අනේ මාව බේර ගන්න කියනවා වගේ මට දැනුණේ. ඊට පස්සේ එයාව ළඟට අරගෙන කිරි එහෙම දීලා බලනකොට තුවාලයක් තිබුණා. අපේ ගෙදර පුතාල, දුවලා මෙයාට ගොඩක් ආදරෙයි. ඒත් අපිට අයිති නෑ. මම වනජීවී එකට පහුවදාම දැනුම් දුන්නා. එයාල ඇවිත් අරන් ගියා. මම 20 වන දා ගිහින් බැලුවා. එයා හරි සනීපෙට ඉන්නවා. පුතාලත් එක්ක ගිහින් පෙන්වන්න ඕන."
මෙවැනි සුදු මුව පැටවුන් ඉතාමත්ම දුර්ලභ වන අතර මෙවැනි උපත් සිදුවන්නේ ලක්ෂයකට එකක් වැනි සම්භාවිතාවකින් බවද සදහන්.
nethgossip