බුද්ධ ශාසනයේ ආනාපානසතිය

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,121
    7,137
    113
    Back Bay-Beacon Hill, Boston


    බුද්ධ ශාසනයේ ආනාපානසතිය - II

    ශෘතවත් ආර් ය ශ්‍රාවකයා වැඩිය යුතු ආනාපානසති භාවනාව.
    මහාචාර්ය රවි කොග්ගලගේ විසින් මෙහෙයවීම සහ ධර්ම සාකච්ඡාව.

    http://ravi.harimaga.com/
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "අරිට්ඨ අරහතන් වහන්සේ අරහත් තත්ත්වයට පත්වන්නට පෙර ආනාපාන සතිය නම් වූ භාවනාවක් භාවිතා කළ බවත් එය භාවනා කළ නමුත් කිසිම යහපත් ඵලයක් නොලැබූ නිසාත් බුදුපියාණන් හමුවී මේ බව ප‍්‍රකාශ කර සිටියහ. අරිට්ඨ හිමියන්ගෙන් බුදුපියාණන් කරුණු අසා දැන ප‍්‍රකාශ කර සිටියේ සම්මතයේ පවතින අනරිය වූත් ලෞකික වූත් ආනාපානසති භාවනාවක්ද ඇති බවයි. ”අරිට්ඨ ඔය ආකාරයේ නිවන් මගට උපකාර නොවන, ලෞකික ධ්‍යාන ලබාගත හැකි ආනාපන සති භාවනාවක්ද ඇත. එවැන්නක් නැතැයි මම නොකියමි. මම මගේ ශ‍්‍රාවකයන්ට අනුදැන වදාළ නිර්දේශ කරන ආනාපාන සති භාවනාව වෙන එකකි” යනුවෙන් පවසා අරිය ආනාපානසති භාවනා ක‍්‍රමය විස්තර වශයෙන් දේශණා කර පෙන්වා වදාළහ. ”මෙය භාවිතා කර අරිය මඟඵල හා ධ්‍යාන පූරණය කරගන්න. අනරිය වූත්, ලෞකික වූත් ආනාපානසතිය බැහැර කරන්න.” යැයි ඉතාමත් පැහැදිළිවම දේශණාකර පෙන්වා වදාළහ.

    බුදුපියාණන්වහන්සේද බෝධිසත්ව යුගයේ වසර හයක් තිස්සේම විවිධ දුෂ්කර ක‍්‍රියා කරමින් අනුගමනය කළේ මෙවන් අනරිය වූත් ලෞකික වූත් නියත ප‍්‍රතිඵලයක් ලබාගත නොහැකිවූත් ආනාපාන සති භාවනා ක‍්‍රමයකි. එය තමන් වහන්සේම අත්දැක තිබූ නිසාත් එම භාවනා ක‍්‍රමයන් ප‍්‍රාණයාම, හතයෝග ආදී විවිධ නම් වලින්ද කසින භාවනා ක‍්‍රම ලෙසින්ද එවකට ජන්බුද්වීපයේ ප‍්‍රචලිතව පැවති නිසාත් පැහැදිළිවම මේ ලෞකික භාවනා ක‍්‍රම බැහැර කළහ. තමන් වහන්සේ වසර හයක්ම අත්විඳි මහා දුක් කන්දරාව තවත් කෙනෙකුට විඳවන්නට ඉඩ නොතබනු පිණිස මෙම පිරිසිදු බුද්ධ ආනාපාන සති භාවනාව විග‍්‍රහකර තම ශ‍්‍රාවකයින්ට පෙන්වා වදාළහ.

    මේ අනුව හැම කෙනෙකුම නිවැරදි ආකාරයට තේරුම් ගත යුත්තේ ආනාපාන සති භාවනාවද දෙයාකාරයකින්ම භාවිතා වන බවයි. එකක් ලෞකික අර්ථයෙන් අර්ථ ගැන්වූ පෙර පටන්ම පැවත එන හුස්ම ඉහළ පහළ යාම පිළිබඳ මෙනෙහි කරමින් පිම්බීම හැකිළීම දෙස බලා සිටින අනරිය ආනාපාන සති භාවනා ක‍්‍රමයයි.

    අනික ධර්මයෙන් අර්ථ ගැන්වූ කාමයෙන් වෙන්විය හැකි, අකුසල ධර්මයන්ගෙන් වෙන්විය හැකි, සේවනය කළයුතු හා සේවනයෙන් බැහැර කළයුතු ධර්මයන් තේරුම් ගෙන ඒවා ආනාපානය කිරීමේ අරිය භාවනා ක‍්‍රමයයි. ආන යනු ඇතුළට ගැනීමයි. (ආනයන) පාන යනු පිට කිරීමයි (අපනයන). අස්ස යනු ආශ‍්‍රය කිරීමයි. පස්ස යනු ප‍්‍රහාණය කර බැහැර කිරීමයි. අස්සාස පස්සාස යන පද දෙකද හුස්ම ඇතුළට ගැනීම හා පිට කිරීමට මෙන්ම, ඉන්ද්‍රියයන් හයෙන්ම ඇතුළට ගන්නා විවිධ ගති ලක්ෂණ ඇතුළට ගැනීමත් ඉන්ද්‍රියයන් හයෙන්ම පිට කර බැහැර කළයුතු දේ බැහැර කිරීමත් යන අර්ථයෙනුත් බුද්ධ භාෂිතයේ භාවිතා කළ බව ඉතාම පැහැදිළිය.

    හුස්ම ඉහළට පහළට ගැනීම කෙරෙහි පමණක් සිත යොමුකර, කය දෙස බලා සිට සිතට එන අරමුණු සියල්ලම බැහැර කර දැමීමෙන්ද සිත සමථයට පත්වීම සිදුවේ. මේ ආකාරයට සිත සමථයට පත්කර ගැනීම මගින්ද රාග, ද්වේෂ සිතුවිලි වලින් බැහැරව, එවන් අරමුණු යටපත් කර, ධ්‍යානයන් ලබාගත හැකි ක‍්‍රමයක් ද තිබේ. එය ලෞකික වූත්, අනරිය වූත් බුදුපියාණන් ප‍්‍රතික්ෂේප කළ ආනාපාන සති භාවනා ක‍්‍රමයයි. මෙහිදී වන්නේ රාග, ද්වේෂ, මෝහ අරමුණු, සිතිවිලි තාවකාලිකව යටපත් කිරීමේ ක‍්‍රියාදාමයක් සිදුවීම මිස රාග, ද්වේෂ, මෝහ අරමුණු සහමුළින්ම ඉවත්කර දමා ”භව” නිරෝධ කරන අරිය ක‍්‍රමයක් නොවේ. උපාදාන නිරෝධ කර, ”භව” නිරෝධ කිරීමේත්, භව නිරෝධ කර ජාති නිරෝධ කිරීමේත් අරිය ආනාපන සති භාවනාව වෙනත් කිසිම ආගමක හෝ දර්ශනයක හෝ භාවිතා කළ එකක්ද නොවේ. පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය ජීවමානවීමත් සමඟම මතුවී එන භාවිතයට ගත හැකි මෙම ආනාපානසති භාවනා ක‍්‍රමය භාවිතා කිරීමෙන්ම පමණක් උතුම් නිවන් අවබෝධයද පූර්ණ කර ගත හැකිය. ඒ සඳහා බුද්ධ දේශණාවෙන් ගෙනහැර වදාළ ආනාපාන සති සූත‍්‍ර දේශණාවේත්, ඊට සම්බන්ධ තවත් සූත‍්‍ර ධර්ම කිහිපයකත් ධර්ම අර්ථයම විග‍්‍රහකර යථා පරිදි පෙන්වාදී කළයුතු හා නොකළ යුතු යන දෙපැත්තම තේරුම් කර පෙන්වා දිය යුතුමය.

    රාග, ද්වේෂ ගති ලක්ෂණයන් තාවකාලිකව දවාහැර, යටපත් කරදමා ලබන ලෞකික වූත්, අනරියවූත් ධ්‍යානයන් ලැබීමෙන් නිවන් අවබෝධය සඳහා මාර්ගඵල පූර්ණ කර ගැනීම හෝ ප‍්‍රඥා විමුක්තියට පත්වීම හෝ සිදුවන්නේ නැත. පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය අසාදැන, තේරුම් ගෙන තම තමන්ගේම සිත් කිළිටි වන්නේත්, තමන්ගේ සිත තුළට රාග, ද්වේෂ, මෝහ අරමුණු ඇතුලු කරගන්නේත්, තම කැමැත්තෙන්ම බවත් ඒ කැමැත්ත අවිද්‍යාව නිසා නොදන්නාකම නිසා තමන්ම ඇති කරගත් තණ්හාව බවත් තේරුම් ගත යුතුය.

    මේ අනුව බුද්ධ ධර්ම විග‍්‍රහයේ ”භාවනා” යන පදයෙන් විග‍්‍රහකර පෙන්වා වදාළ ගාම්භීර පිළිවෙත් සමූහය හා වෙනත් පෙරදිග ආගම් වල පෙන්වා දුන් ධ්‍යානයන් ලබා ගැනීමේ පිළිවෙත එකක් නොව පිළිවෙත් දෙකක් බව පැහැදිළිවම හා පිරිසිදුවම වෙන් කොට අවබෝධ කර ගත යුතුය. ගල් පිළිමයක් සේ එක තැනකට වී, නොසෙල් වී, සමාජයෙන් වෙන් වී, කැලයකට ගොස් ශරීරය – කය භාවිතයට පුරුදු පුහුණු කිරීම අනරිය ක‍්‍රමයයි. මෙහිදී තම හුස්ම රැුල්ල දෙස බලා සිටීම, අස්වාස ප‍්‍රස්වාස කිරීම දෙස අවධානයෙන් බලා සිටීම, බඩ පිම්බීම, බඩ හැකිළීම දෙස අවධානයෙන් බලා සිටීම, වායෝ කසීන භාවනාවකි. වායෝ කසිනය ඇතුලු කසින භාවනා ක‍්‍රම දහයක්ම විසුද්ධි මාර්ගයෙහි පෙන්වා දී ඇත. ධ්‍යානයක් ලබා ගැනීමට මේ කසින භාවනා ක‍්‍රම භාවිතා කිරීම ප‍්‍රමාණවත් බව අපිදු පිළිගනිමු. නමුත් බෞද්ධයින් ලෙස ඒකායන පරමාර්ථය වන්නේ ධ්‍යානයන් ලබා ගැනීම නොව මඟඵල ලබා ගැනීමයි. බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ ”දස අනුස්සති” භාවනා ක‍්‍රමයන් භාවිතා කිරීමෙන් මිස වෙනත් කිසිම අනරිය කසින භාවනා ක‍්‍රමයකින් විපස්සනා, අනුපස්සනා භාවනාවක් සිදු නොවන අතර කෙළෙස් ප‍්‍රහාණය කිරීමක් සිදු වන්නේ ද නැත. සමථ භාවනාවකින් කෙළෙස් තාවකාලිකව යටපත් වන අතර විපස්සනා, අනුපස්සනා භාවනාවකින් කෙළෙස් සහමුළින්ම උදුරා දමා, නික්ලේශී සිතක් හා මනසක් ඇති කර ගත හැකි වෙයි."



    බුද්ධ දේශනාවේ පෙන්වා වදාළ ආනාපානසති භාවනාව යනු කුමක්ද ?
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,121
    7,137
    113
    Back Bay-Beacon Hill, Boston
    මීවණපලානේ කියන උම්මත්තක චීවරදාරියාට නම් බුදු බණ තේරෙන එකැක්යැ. බුදුන් උපන්නේ ලංකාවේ කියන, මස් කෑවහම පන්සිල් පද පහම කැඩෙනවා කියන පිස්සෙක් නේ.

    බුදු පියාණන් දේශනා කල ආණපානසතිය තමයි මේ විඩියෝ දෙකේ තියෙන්නේ. ඒක පැහැදිලිව මේ විඩියෝ දෙකේ දක්වනවා විතරක් නෙවෙයි මීවණපලානේ උම්මත්තක චීවරදාරියා නැහැයි කියන අනිත්‍ය සඥාවට ආනාපානසතිය හරවා විද ර්ශනා කරන හැටිත් පෙන්වා තියෙනවා.

    මෝඩයන්ගෙන් ප්‍රවේසම් වන්න.
    :yes::yes:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මීවණපලානේ කියන උම්මත්තක චීවරදාරියාට නම් බුදු බණ තේරෙන එකැක්යැ. බුදුන් උපන්නේ ලංකාවේ කියන, මස් කෑවහම පන්සිල් පද පහම කැඩෙනවා කියන පිස්සෙක් නේ.

    බුදු පියාණන් දේශනා කල ආණපානසතිය තමයි මේ විඩියෝ දෙකේ තියෙන්නේ. ඒක පැහැදිලිව මේ විඩියෝ දෙකේ දක්වනවා විතරක් නෙවෙයි මීවණපලානේ උම්මත්තක චීවරදාරියා නැහැයි කියන අනිත්‍ය සඥාවට ආනාපානසතිය හරවා විද ර්ශනා කරන හැටිත් පෙන්වා තියෙනවා.

    මෝඩයන්ගෙන් ප්‍රවේසම් වන්න.
    :yes::yes:

    හුලං ඇද ඇද පිට කරකර ඉන්න මිනිස්සුන්ගෙ ඇත්ත ස්වභාවය මේක තමයි. ඇලෙන හෝ ගැටෙන අරමුණක් ආපු සැනින් ඔවුන්ගෙ සමාධිය එතනින් ඉවරයි.මොකද හුලං ඇද ඇද හිටියට ඔවුන්ගෙ අභ්‍යන්තර කෙලෙස් මුල් ගැලවිල නැති නිසා.ඒව නිරුපද්‍රිතව සිත අභ්‍යන්තරයෙ පවතිනව.

    බුදුහාමුදුරුවො දේශනා කරපු භාවනාව තද නින්දෙදි හැර අනෙක් සියලු අවස්තාවන්හිදි භාවිත කළ යුතු දෙයක්.ඒ අනුව හැමවිටම කළයුත්තේ සිතට එන අරමුණු හඳුනගෙන ආශ්‍රය කළ යුතු කුසල පක්ශය ආශ්‍රය කිරීමත් බැහැර කල යුතු අකුසලයන් බැහැර කිරීමත්.එය සියලු ඉරියව් වලදී සියලු කටයුතු වල නිරත වන අතර සිදු කල යුතු දෙයක් මිස ගල් රූපයක් වගේ එකතැන ඉඳගෙන කරන දෙයක් නෙවෙයි.කෙලෙස් මුල් සිතෙන් ඉවත් කරල සිත පිරිසිදු කරගන්න හැකිවෙන්නෙ ඒ ආකාරයට ආනපාන සති සමාධිය වැඩීමෙන්ම පමණයි.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අවුරුදු සිය ගානක් හුස්ම ඇද ඇද බඩ පුම්බ පුම්බ හිටියත් මගඵලයක අහලකටවත් ලං වෙන්න නම් ලැබෙන්නෙ නෑ.ඒකයි ඇත්ත.

    http://www.elakiri.com/forum/showthread.php?t=1812861


    බුදුරජුන්ගෙ පරිණත බව
    බුදු වීමෙන් පසු වූ බව
    කියනා මේ අන්ධ බාල
    ප්‍රඥාවෙන් දුර නොවේද

    * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=20211499
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21649234

    Skylark
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,121
    7,137
    113
    Back Bay-Beacon Hill, Boston

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0


    ලෝක සත්ත්වයා මෝහ අඳුරේ දැමීමට.... බුද්ධ සාසනය අඩපණ කිරීමට.... බොහෝ කාලයක් තිස්සේ වෙහෙසී.... නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි වන සේ වසර දහස් ගණනකට ලෞකිකත්වයටම ගෞතම බුද්ධ සාසනය යොමු කරන.... සසර සැරිසරණ සත්ත්වයාට නිවන් දැකීමට නොහැකි වන සේ සාසනය අඩපණ කරන.... මහා අසත්පුරුෂයෙක් පහල වූවා සේ අසත්‍ය වදනින් සැබෑ අරුත් යටපත් කරමින් ලංකාවේ බුදු දහම අඩපණ කරන ඔබ අන්ධබාල පචෝරිස්ය.... සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විධ දුක් විඳිමින් ආ අප හට අසත්‍ය වදනින් මඟ නොමඟ අපැහැදිලි කරනා අප සක්වල සිටින අතිශයින්ම මෝඩ පචෝරිස් හිමියනි ඔබ වහන්සේට, පරම අසත්‍යය පෙන්වා දුන් මහා දුෂ්ප්‍රාඥ අති අඥාන මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ පචෝරිස් වහන්සේට අපගේ අති අගෞරවනීය හූව වේවා...!!! හුක්කි හුක්කි හූ...!!!

    --



    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    --

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark