Justin Bieber worst moments!!!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නෙදකිං බං මූ.. හැබැයි දැන් ලංකාවෙ සිංදු කියන උන්ට වඩා හොදයි.. ෆෝන් බොක්ස් බදාගෙන, බිම පෙරලි පෙරලි, ගස්, ගල් බදාගෙන අඩනවනේ..:rofl: ඒ කාලෙ අජිත් මුතුකුමාරණට බැනපු උන් මුන්ට පට්ට කියල කියනවා..:lol:



     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඌ වැටෙන ඒවා නම් පව් බන්, ඕනම මිනිහෙක් වැරදිලා වැටෙන්න පුලුවන් නෙ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නෙදකිං බං මූ.. හැබැයි දැන් ලංකාවෙ සිංදු කියන උන්ට වඩා හොදයි.. ෆෝන් බොක්ස් බදාගෙන, බිම පෙරලි පෙරලි, ගස්, ගල් බදාගෙන අඩනවනේ..:rofl: ඒ කාලෙ අජිත් මුතුකුමාරණට බැනපු උන් මුන්ට පට්ට කියල කියනවා..:lol:




    Hama chart ekema wage top list ekata yanna be mokakwath talent ekak natnam. ehennam may be you won't interest him singing but there are people with different choice. he has many talents better than you
    FYI im not fan of Justin
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Hama chart ekema wage top list ekata yanna be mokakwath talent ekak natnam. ehennam may be you won't interest him singing but there are people with different choice. he has many talents better than you
    FYI im not fan of Justin

    එ්ක හරි.. මූ ඉතිං සෑහෙන්න දක්ෂයි..:yes:
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Most people are jealous about him thats why they hate so much. btw he was a little kid who became famous through youtube. He has pure talent unlike voice produced by computers.I think people made him what who he is now he cant manage his anger towards to the people who jealous at him.:sorry::sorry:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මීටරෙන් වැඩ කලොත් ගොඩක් කල් පොපිව්ලර් වෙලා ඉන්න පුළුවන්..නැත්නම් ඉතින් ආයුෂ කෙටි..

    මෙන්න උදාහරණ..:rolleyes::rolleyes::rolleyes:


    7mA9CWo.jpg

    වසර 06 කට පෙර අද වැනි දවසක විසි හත් හැවිරිදි ග්‍රැමි සම්මානලාභී ගායිකා ඒමී වයින්හවුස් ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ලන්ඩන් පොලීසියට හමු විය.
    "මම ගායිකාවක මිස නිරූපිකාවක් නොවේ" අකලට වියැකෙන තාරුණ්‍යය අබියස මාධ්‍යවේදීන්ට අවධාරණය කළ , බ්‍රිතාන්‍ය සංගීතය විශ්වයට රැගෙන ගිය තුරුණු ගායිකාව ඒමී වයින්හවුස් ලන්ඩන් නුවර නිවාස සංකීර්ණයක හොර රහසේම මෙලොව හැර ගොසිනි. මරණයට හේතුව ඇල්කොහොල් විෂ වීම යැයි දක්වා තිබිණ.
    "ඇය දුශ්චරිතයෙන් පිරී සිටියේ නැහැ. එහෙත්, ඇය තරමක් වෙනස්"මෙසේ පැවසුවේ ඒමීගේ පියා වන මිෂෙල් වයින්හවුස් ය. 1983 සැප්තැම්බර් 14 වැනිදා ඒමී ජේඩ් වයින්හවුස් මෙලොව එළිය දුටුවේ යුදෙව් පවුලක ය. කැබ්රථ රියදුරෙකු වූ පියාගේ සැහැල්ලු ජීවන රටාවද, ඖෂධවේදිනියක වූ මව, ජැනිස් ගේ සංගීත පසුබිම ද කුඩා ඒමී ගේ සිත් ගත්තාය. මවගේ දිරි ගැන්වීමෙන් වයස අවුරුදු දහය වනවිට ඇය කුඩා සංගීත කණ්ඩායමක් පිහිටුවා ගෙන 2003 වසරේ Frank ඇල්බමය සමග කරළියට පා තබන්නීය. ඒකාකාරී සංගීත රටාවෙන් විඩාබරව හුන් සංගීත ලෝලීන්ට මේ ගීත අහුර මහත් ආස්වාදයක්ම විය. Rap, Hip hop, R & B , Jazz සහ Solo ආදී සෑම ශිල්පීය ක්‍රමයකම නැවුම් මිශ්‍රණයක් ඒමී අත්හදා බලා තිබිණි. සැබැවින්ම ඇය මිශ්‍රණයන් අත්හදා බැලීමේ විශේෂඥවරියකි. පසු කාලයක ඒමී තාවකාලික නිද්‍රාගත තත්ත්වයක් තෙක්ම සිහි විසඥව සිටියේ ද එහි ප්‍රතිඵලයක් ලෙස ය. එහෙත්, එවර ඇය අත්හදා බලා තිබූ මිශ්‍රණය වූයේ ඇල්කොහොල්, කොකේන්, හෂීස් සහ හෙරොයින් ය.
    මිය යනවිට ඒමී ගේ වයස අවුරුදු 27 ක් පමණි. එහෙත්, ඒ කෙටි කාල පරාසය තුළ ඇය පෑ හපන්කම් අපමණ ය. ගායිකාවක මෙන්ම ගීත රචිකාවක ලෙස ඇය පෙන්නුම් කළ හැකියාවන් සංගීත ලෝලීන් ගේ සිත් තුළ රැව් පිළිරැව් දෙනු නියත ය. 2006 වර්ෂයේ Back to Black ඇල්බමය සඳහා ඇය නිර්දේශ වූ ග්‍රැමි සම්මාන හයෙන් පහකටම හිමිකම් කීවාය. එය බ්‍රිතාන්‍ය ගායිකාවක් විසින් ග්‍රැමි සම්මාන පහක් හිමි කර ගත් ප්‍රථම සහ එකම අවස්ථාව ලෙස සැලකේ.
    ග්‍රැමි සම්මාන ඉතිහාසය පිරික්සීමේදී ඒමී වයින්හවුස් හැරුණු කොට මේ දස්කම දක්වා ඇත්තේ ගායිකාවන් දෙදෙනෙක් පමණි. ඒ Alicia Keys සහ Lauryn Hill ය. මේ හැරුණුකොට ඒමී, Ivor Novello සම්මාන හතරක්, MTV Europe Music සම්මාන හතරක්, MTV Video Music සම්මාන තුනක් සහ ලෝක සංගීත සම්මාන තුනකට ද හිමිකම් කීවාය. ස්වකීය කෙටිකාලීන ජීවිතය තුළ ඇමී 58 වතාවක් සම්මාන සඳහා නිර්දේශ වී ඉන් 23 වතාවක්ම සම්මානයට පාත්‍ර වූවාය.
    ජීවත් වූ විසි හත් වසර තුළදී එමී ලැබූ දේ හා අහිමි කර ගත් දේ අපමණ ය. යස ඉසුරු, කීර්තිය සහ ආකර්ෂණය ඇය වෙත ඇදී ආවේ නිරායාසයෙනි. එහෙත්, අනාරාධිතවම පැමිණි අවාසනාව සමඟ බැඳි චෝදනා, හැල හැප්පීම් එමී ගේ අනාගතයට රතු එළි දැල් වීය. විනෝ නම් සුරතල් නාමයෙන් හැඳින් වූ එමී තවදුරටත් සුරතල් දැරියක නොවූවාය. මත් ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වුණු ඇයට කිහිප වරක්ම සිර දඬුවම් විඳීමට සිදු වුණි. ඇය කොකේන් සහ හෙරොයින් හඳුනා ගත්තේ Blake Fielder-Civil නම් තරුණයාගෙනි. 2007 වසරේදී ඔහු හා අතිනත ගත් එමී නිතරම ජීවත්වුණේ මතින් බිහි වුණු මායා ලොවක ය.

    xPXR2t1.jpg

    එම විවාහය ආරම්භයේ පටන්ම ඉරි තැලීම්වලින් ගහන විය. එළිමහනේ, සමාජ ශාලාවල සහ සංදර්ශනවල ඔවුන්ගේ අසෝබන හැසිරීම් නිතරම දක්නට ලැබිණි. ප්‍රසිද්ධියේ දබර කර ගන්නා එමී - ෆීල්ඩර් යුවළ සාමාන්‍ය දසුනක් පමණක් විය. මේ තරුණ යුවළ කෙතරම් මතට ඇබ්බැහි වූයේ ද යත් ස්ව හිංසාකාරී මට්ටම තෙක් ඇද වැටී තිබිණි. ලෝකයක් ඉදිරියේ නාටක සංදර්ශන පාමින් ගත කළ මේ යුග දිවියට නැවතීමේ තිත තැබුණේ 2009 වසර්දීය. එමීට එරෙහිව අනාචාර චෝදනා නැගූ ෆීල්ඩර් හට දික්කසාදය හිමි විය. ෆීල්ඩර් මාසයක් ගත වන්නට පළමුව තවත් තරුණියකට පෙම පිදුවේ පැකිළීමකින් තොරවය.
    මත්ද්‍රව්‍ය ඇබ්බැහිය පමණක් නොව මානසික අවපීඩනය ද එමී ගේ පසුපසින්ම විය. අක්‍රමවත් ආහාර රටාවෙන් ඇගේ තුරුණු වියට නොගැළපෙන කෙසඟ සහ අප්‍රසන්න බවක් ගෙන දුනි. ග්‍රැමි සම්මානලාභී ගායිකාව විටෙක වේදිකාවෙන් බැස ගියේ නරඹන්නන්ගේ හූ හඬ මධ්‍යයේය. වේදිකාව මත වැළපෙන, ගී පද අමතකව අපහසුතාවට ලක් වන, නරඹන්නන්ට පහර දෙන, ශාප කරමින් බැණ වදින එමී වයින් හවුස් පැපරාසින්ගේ හොඳම ගොදුර විය. අවසානයේදී ඇය පැපරාසින්ට එරෙහිව උසාවි තහනම් නියෝගයක් ද ලබා ගත්තේ මේ අනවශ්‍ය වාර්තා කිරීම් මග හැරීමටය. ඇයට මීටර් සියයක් දුර තුළ ඇගේ ඡායාරූප ගැනීම පවා තහනම් කෙරිණ. එහෙත්, තමන්ගේ පෞද්ගලිකත්වය රැක ගැනීමට තරම් සංයමයක් හෝ ආත්ම දමනයක් නොතිබූ එමී ගේ සැබෑ ජීවිතය ලෝකයට හෙළිදරව් වීම වළක්වා ගැනීමට නොහැකි විය.
    එමී, වරෙක බිල්බෝඩ් ගීත දර්ශකය අතික්‍රමණය කළාය. ග්‍රැමි සම්මාන ඉතිහාසය නව මඟකට යොමු කළාය. එම්. ටී. වී. ගීත දර්ශකය උඩු යටිකුරු කළාය. ඇය ජනකාන්ත චරිතයන් තේරීමේදී බ්‍රිතාන්‍යයේ පළමු තිදෙනා අතරට ඒමට ද සමත් වූවාය. නමුදු නොසැලෙන අවාසනාව ද ඒ හා සමානවම ප්‍රතික්‍රියා දැක් වීය. බ්‍රිතාන්‍ය වැසියන් දැකීමට අප්‍රිය කරන චරිත අතර දෙවැනි ස්ථානය ඇයට හිමිවිය. විසුළුසහගත ඇඳුම් මෝස්තරකාරියන් අතර ද ඇය දෙවැනියා විය. එපමණක් නොව ග්‍රැමි සම්මාන උළෙලට සහභාගීවීමට අමෙරිකාව වෙත යාමට ද ඒමී ට බාධා එල්ල විණි. බොහෝ බාධක මැද වීසා සකස් කර ගත් නමුත් ඇයට උළෙල පිනවන්නට වූයේ ලන්ඩනයේ සිටය. චන්ද්‍රිකා තාක්ෂණය හරහා ඇය සම්මාන උළෙල වර්ණවත් කළ අතර, ඒ කිසිදු අහිමිවීමක් පාඩමකට ගන්නා බවක් නොපෙණිනි.

    w6U1c0d.jpg

    Zdqhyek.jpg

    qnq9tH1.jpg

    මරණයෙන් පසු ද එමී පිළිගන්නට බොහෝ දෙනෙකු සිටිති. එහා ලොවේ සිට දෑස් දල්වා බලා සිටින ඔවුන් හඳුන් වන්නේ ‘විසි හතේ සමාජය’ හෙවත් 27 Club ලෙසයි. ලොව පුරා බොහෝ තුරුණු කලාකරුවන් තම ජීවිතයේ අගය නොදැන මරු තුරුළට ගොස් ඇත්තේ අවුරුදු විසි හතේදීය. ඒමී වයින්හවුස් එම සමාජයට එක් වූ අලුත්ම සාමාජිකාවය. ජීවිතයේ අගය නොදත්, තමාගේ වටිනාකම හඳුනා නොගත් මුරණ්ඩු පිරිසක් අතර මේ කෙළිලොල් හිතුවක්කාර තරුණියට ද ඉඩක් වෙන් වී ඇත.
    කරන්නට බොහෝ දෑ තිබියදී විඩාපත්ව අනාගත ගමන අතහැර දැමූ ඒමී ඔවුන් තුරුලේ හිඳ මේ ලෝකය දෙසත් තමා මගහැර ආ ගමන්මග දෙස බලා සිටින බව නිසැකය
    0dBGuQa.jpg

    h2fHvtu.jpg


    -Sahan Kaseera Wickramasinghe-
     

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    මීටරෙන් වැඩ කලොත් ගොඩක් කල් පොපිව්ලර් වෙලා ඉන්න පුළුවන්..නැත්නම් ඉතින් ආයුෂ කෙටි..

    මෙන්න උදාහරණ..:rolleyes::rolleyes::rolleyes:

    sira katawa bro