2017 Aug-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොම හරි
    කතා නැතුව සිටියත් ගොළු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී
    ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
    සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා
    සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
    දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
    කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අහල නෑ නෙ බන් ඇහුවෙත් අදමයි :oo:

    රන් සමනලයෙක් ඇයගේ මුහුණේ පැනි බොන්නට ඇවිදින්
    කොහොමද සමනලයාට ඉතිං අපි ඇත්ත කියාදෙන්නේ
    ඇයගේ ගීයෙන්
    මත් වූ කොවුලන්
    ඈ ළඟටම ඇවිදින්
    කවුරුද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ

    මොණරෙක් නැති වුන සිකිපිල් සොයමින් ඇයගේ වරළ සිඹී
    ඒ මොණරා හට තතු පහදන්නේ මොන විදිහට අපී
    නා ගස නාදළු නරඹයි ඇයගේ තොල්පෙති වෙතට එබී
    අනේ අහිංසක නාගස ඇය හට රැවටී තිබෙන හැටී

    විලෙන් පලා ගිය හංස යුවල කෝ විල ඇයගෙන් විමසයි
    දෑතින් සිය ළැම මඬල වසාගෙන විලියෙන් ඇය ඇඹරෙයි
    කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ මහනෙල ඇගෙන් අසයි
    මානෙල් මල් පෙති ගත්තේ නැති බව කියමින් ඈ දිවුරයි

    රන් සමනලයෙක් ඇයගේ මුහුණේ පැනි බොන්නට ඇවිදින්
    කොහොමද සමනලයාට ඉතිං අපි ඇත්ත කියාදෙන්නේ
    ඇයගේ ගීයෙන්
    මත් වූ කොවුලන්
    ඈ ළඟටම ඇවිදින්
    කවුරුද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ

    ඔන්න ඔය රතු කරපු ටික මට තේරෙන්නේ නෑ.තොල් පෙති නා දලු නම් මහනෙල් මල් පෙති වලට උපමා කරලා තියෙන්නේ මොනවද