''' ඕට්ස්(oats) කියන්නෙ මොනවද ???

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ''' ඕට්ස්(oats) කියන්නෙ මොනවද ???

    oats-logo_med.jpeg


    “බර වැඩි වෙලා අනේ, ඩයට් කරනව මේ දවස් වල… කන්නෙම ඕට්ස්… ගුණයිලුනෙ” මේ දවස් වල කාන්තාවන් බොහෝමයකගෙන් මේ වචන ටික විවිධාකාරයෙන් ඇහෙනව. මොනවද මේ ඕට්ස්? බර වැඩි අයට විතරද මේක කන්න හොඳ? ඕට්ස් වල තියෙන ගුණ මොනාද? අපි අද මේ කියන්න හදන්නෙ ඕට්ස් කන ඔයාල ඕට්ස් ගැන නොදන්න අපූරු කාරණා ටිකක්. එක එක කාලෙට එක එක දේවල් ගුණයි කියල ට්‍රෙන්ඩ් වෙනවනෙ, කාලයක් ගියාම ඒවයෙ ඒ කියන තරම් දෙයක් නෑ කියල ඒ ට්‍රෙන්ඩ් එක නැති වෙලා යනව. හැබැයි මේ ඕට්ස් එහෙම ට්‍රෙන්ඩ් උනාට කවදාවත් ගුණ අඩු වෙන දෙයක් නෙවෙයි. ලංකාවට අළුත් උනාට ඕට්ස් කියන්නෙ කාලාන්තරයක් තිස්සෙ බටහිර රටවල ආහාරයට එකතු උන ගුණදායක ධාන්‍ය වර්ගයක්.

    1. ඕට්ස් කියන්නෙ මොනවද?

    Oats-Health-benefits-aniwa-01.jpg


    ඇවෙනා සැටිවා (Avena Sativa) කියන ධාන්‍ය ගසෙන් ලබාගන්නා ධාන්‍ය වර්ගයක් ඕට්ස් කියන්නෙ. කැනඩාව, රුසියාව, ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව වැනි රට වල ඕට්ස් නිෂ්පාදනය බහුල වශයෙන් සිද්ධ වෙනව. ඕට්ස් මුලින්ම ආහාරයට එකතු කරගෙන තියෙන්නෙ බ්‍රිතාන්‍ය ජාතිකයන්. පැරණි රෝමානුවන් ඕට්ස් සලකල තියෙන්නෙ අශ්වයන්ට කෑමට දාන බොහොම පහත් කෑමක් හැටියට. අදටත් වාණිජමය වශයෙන් මිනිස් පරිභෝජනයට පමණක් ඕට්ස් නිපදවන්නෙ 5%ක් පමණ ප්‍රමාණයක්.

    ඕට්ස් කියන්නෙ බොහොම ඉක්මණින් පිළුණු වෙන්න බලන ධාන්‍ය වර්ගයක් නිසා වෙළඳපලට නිකුත් කරන්න කලින් නිෂ්පාදන ක්‍රියාවලියක් හරහා තමයි සාමාන්‍ය පරිභෝජනයට සුදුසු මට්ටමට සකසන්නෙ. මේ ක්‍රියාවලිය තුළදි ඕට්ස් වර්ග කීපයකට වෙන් කෙරෙනව.

    2. ඕට්ස් වර්ග මොනවද?

    Oats-Health-benefits-aniwa-02.jpg


    ස්ටීල් කට් ඕට්ස් – අයිරිශ් හෝ ස්කොටිශ් ඕට්ස් කියන්නෙත් මේකටමයි. සම්පූර්ණ ඕට්ස් ධාන්‍ය ඇටය කුඩා කොටස් වලට කපනව. මේක පෙනුමෙන් කෑලි කැඩුන හාල් ඇට වගේ. පිසින්න වැඩි වෙලාවක් ගත වෙන මේ ඕට්ස් වර්ගය කැඳ විදියට හෝ බත් වෙනුවට පාවිච්චි කරන්නත් පුළුවන්.

    රෝල්ඩ් ඕට්ස් – සම්පූර්ණ ඕට්ස් හෝ ඕල්ඩ් ෆැශන්ඩ් ඕට්ස් කියලත් හඳුන්වනව. හබල පෙති වගේ පෙනුමකින් යුත් මේ ඕට්ස් වර්ගය තම්බා පෙති ස්වභාවයට තලලා තමා නිපදවන්නෙ. මේකෙත් වර්ග දෙකක් තියෙනව. තින් සහ තික් රෝල්ඩ් ඕට්ස් කියල. ස්ටීල් කට් ඕට්ස් වලට වඩා ඉක්මණින් සහ පහසුවෙන් පිසෙන නිසා බොහෝ දෙනෙක් මේ ඕට්ස් වර්ගය භාවිතා කරනව.

    ඉන්ස්ටන්ට් ඕට්ස් – ක්වික් ඕට්ස් කියන්නෙත් මේකටමයි. කලින් පිස තුනී කර වියලා ගත් ඕට්ස් වර්ගයක්. අනිත් ඕට්ස් වලට වඩා ඉක්මණින්ම පිසගන්න පුළුවන්. කාර්යබහුල නමුත් සෞඛ්‍ය සම්පන්නව ආහාර ගන්න කැමති බොහෝ දෙනෙක් ඉන්ස්ටන්ට් ඕට්ස් එහෙමත් නැත්නම් ක්වික් ඕට්ස් භාවිතා කරනව.

    3. ඕට්ස් වල තියෙන ගුණ

    Oats-Health-benefits-aniwa-03.jpg


    ප්‍රධාන වශයෙන්ම තන්තුමය ගුණයෙන් යුත් ඕට්ස් වලින් දෛනික ෆයිබර් අවශ්‍යතාවයෙන් 44%ක් සපිරෙනව. මීට අමතරව බී විටමින් වර්ග කීපයක්, පොස්පරස්, මැග්නීසියම්, කැල්සියම් සහ පොටෑසියම් යන ඛණිජ වර්ගද ඕට්ස් වල යහමින් අඩංගුයි. හැබැයි මේ හැම දේකටම වඩා ඕට්ස් සෞඛ්‍යදායක ආහාරයක් කියල හඳුන්වන්න විශේෂ උන වෙනත් හේතුවක් තියෙනව. ඒ තමයි ඕට්ස් දිනපතා ආහාරයට එක් කරගැනීමෙන් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් (LDL) මට්ටම සැලකිය යුතු මට්ටමකින් පහත හෙලෙන එක. මීට අමතරව රුධිරගත සීනි මට්ටම අඩු කිරීමටත් ඕට්ස් දායකත්වය ලබාදෙනව.

    4. ඕට්ස් LDL අඩු කරන්නෙ කොහොමද?

    Oats-Health-benefits-aniwa-04.jpg


    LDL කියන්නෙ අහිතකර කොලෙස්ට්‍රෝල් කියල දන්නවනෙ. ඕට්ස් වලින් මේ LDL අඩු කරන්නෙ කොහොමද කියන එක පරීක්ෂකයන් හරියටම හොයාගෙන නැතත් ඔවුන්ට ඒ ගැන දල අදහසක් තියෙන බවයි කියන්නෙ. ඕට්ස් වල අඩංගු පහසුවෙන් දියවෙන තන්තු දිරවීමේදී ඇලෙන සුළු ස්වභාවයක් ගෙන බඩවැල් වලදී කොලෙස්ට්‍රෝල් වලට ඇලවී ඒවා රුධිරයට එක්වීම වලක්වා ශරීරයෙන් බැහැර කරවන බව තමා මේ වන විට පවතින අදහස. මේ ක්‍රියාවලිය කොයි විදියට සිදු උනත් ඕට්ස් වලින් ශරීරයේ LDL මට්ටම පහත හෙලන එක සිදු වෙනව.

    5. ඕට්ස් සහ ඔබේ හදවත

    Oats-Health-benefits-aniwa-05.jpg


    දත්ත වලට අනුව ලංකාවෙ සිදු වෙන මරණ වලින් වැඩි හරියක්ම හදවත් සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග නිසා සිදුවෙනව කියලයි කියන්නෙ. මේ හදවත් රෝග බොහෝමයක හේතුව රුධිරගත අහිතකර කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහල යෑම. මේ තත්ත්වය ඇතිවීම වලක්වා ගැනීමට ඔබ උනන්දු අයෙක් නම් එහෙමත් නැත්නම් ඔබ දැනටමත් කොලෙස්ට්‍රෝල් නිසා පීඩාවට පත්ව ඇති අයෙක් නම් දිනපතා ආහාරයට ඕට්ස් එක් කරගැනීමෙන් ඔබට බොහෝ වාසි අත් කරගත හැකි බවයි කියන්නෙ.

    6. ඕට්ස් වලින් වැඩි වාසි ගන්නෙ මෙහෙමයි

    Oats-Health-benefits-aniwa-06.jpg


    ඉහතින් අපි කතා කලානෙ ඕට්ස් වල තියෙන ගුණ ගැන. හැබැයි මේ ඕට්ස් වල ගුණයන්ගෙන් ඔබට ප්‍රයෝජනයක් වෙන්න නම් එහි නිසි පෝෂණය ඔබට ලැබෙන විදියට ආහාරයට එකතු කරගන්න ඔබ දැනුවත් වෙන්න ඕන. ඔබ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ හදවත් රෝගී අයෙක් නම් සම්පූර්ණ යොදය සහිත කිරි එක්ක ඕට්ස් කන එකෙන් වාසියක් ලබාගන්න බැහැ. ඒකට මේද රහිත කිරි පාවිච්චි කරන්න. ඒ වගේම හදවතට ගුණදායක නිවිති, අලිගැට පේර වැනි ආහාර සමඟ ඕට්ස් ආහාරයට එක් කරගැනීමෙන් වැඩි වාසි ලබාගන්න පුළුවන්


    Source – aniwa.lk​
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,550
    113
    ත්‍රෙඩ් එකනං හොඳයි. වටිනව

    ඒත්
    ඕට්ස් වල අඩංගු පහසුවෙන් දියවෙන තන්තු දිරවීමේදී :confused:

    තන්තු අපේ් බඩේ දිරවන්නෙ නෑ නේද. දිරවන්නෙ නැති නිසා තමයි තන්තුමය ආහාර ගන්ඩ කියන්නෙත්
    තන්තු කටින් කෑව පුකෙන් ගියා. මලබද්දයටත් හොදයි කියන්නෙ ඒකනෙ
     
    • Like
    Reactions: Mr Krrish

    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    ත්‍රෙඩ් එකනං හොඳයි. වටිනව

    ඒත්
    ඕට්ස් වල අඩංගු පහසුවෙන් දියවෙන තන්තු දිරවීමේදී :confused:

    තන්තු අපේ් බඩේ දිරවන්නෙ නෑ නේද. දිරවන්නෙ නැති නිසා තමයි තන්තුමය ආහාර ගන්ඩ කියන්නෙත්
    තන්තු කටින් කෑව පුකෙන් ගියා. මලබද්දයටත් හොදයි කියන්නෙ ඒකනෙ

    උඔට වැරදිලා..:growl:
    ඕට්ස් දිරවන එක උඔට අවුලත් වෙන එකක් නැහැ.. මොකද මෙව්වා සාමාන්‍යෙයන් දෙන්නේ අශ්වයින්ට හරක්ට වගේ සත්තුන්ටනේ..:lol:
    මිනිස්සුන්ට තමා ටිකක් අවුල් දිරවන්න :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,550
    113

    උඔට වැරදිලා..:growl:
    ඕට්ස් දිරවන එක උඔට අවුලත් වෙන එකක් නැහැ.. මොකද මෙව්වා සාමාන්‍යෙයන් දෙන්නේ අශ්වයින්ට හරක්ට වගේ සත්තුන්ටනේ..:lol:
    මිනිස්සුන්ට තමා ටිකක් අවුල් දිරවන්න :yes:

    සත්තු උඹල වගේ මිනිස්සුන්ට වඩා කොහොමත් හොඳයි තමයි
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    good thread bro ...Rep +++

    ත්‍රෙඩ් එකනං හොඳයි. වටිනව

    හොද දැනුමක් ලැබුණා

    Good post Bro
    +

    good info
    tfs



    Good share. Thanks
    +rep added

    7 +
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,550
    113
    කොලෙස්ටරෝල් ගැන මම දාපු ත්‍රෙඩ් එකක් තිබුණ :nerd:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,550
    113
    බොහොම ස්තුතියි. හැමදාම වගේ කනවා. විස්තරයක් දැනන් හිටියෙ නැහැ.

    ඔයාල වගේ හැමදාම ඕට්ස් කන්ඩ අපිට සල්ලි නෑනෙ :(
    ඒ හින්ද ඔයාල අයිති වංශවත් බකිම්හැම් පෙළපතට. අපි ඉතියෝපියන් නාටාමි ගොත්‍රයට තමා අයිති වෙන්නෙ
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷

    ඔයාල වගේ හැමදාම ඕට්ස් කන්ඩ අපිට සල්ලි නෑනෙ :(
    ඒ හින්ද ඔයාල අයිති වංශවත් බකිම්හැම් පෙළපතට. අපි ඉතියෝපියන් නාටාමි ගොත්‍රයට තමා අයිති වෙන්නෙ

    මට ඇති සල්ලියක් නැහැ. kelloggs 1kg පැකට් එකක් අටසිය ගානක් වෙන්නෙ. 500g, 200g ඒවත් තියේ. ඔයා විතරක් කනවා නම් හුග කාලයක් කන්න පුලුවනි 1kg එකක් අරන්. නැත්තං අඩුවටත් තියෙනවා. සමහර food city වල කිරලා දෙන ඒවත් තියෙනවා. 200g වගෙ එකක් අරන් කාලා බලන්න. කාලා නැතිනම්. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,550
    113
    මට ඇති සල්ලියක් නැහැ. kelloggs 1kg පැකට් එකක් අටසිය ගානක් වෙන්නෙ. 500g, 200g ඒවත් තියේ. ඔයා විතරක් කනවා නම් හුග කාලයක් කන්න පුලුවනි 1kg එකක් අරන්. නැත්තං අඩුවටත් තියෙනවා. සමහර food city වල කිරලා දෙන ඒවත් තියෙනවා. 200g වගෙ එකක් අරන් කාලා බලන්න. කාලා නැතිනම්. :yes:

    අපේ අම්ම කනව මම හිතන්නෙ..
    මගේ ඉතිං පුල් පිට් බොඩියට ඔය ඕට්ස් ඕනෙ නෑ
    අවොත් බලාගන්ඩ පුලුවන් මගේ පුල් පිට් බොඩිය :lol: