මිනිස්සු කෑගහනවටම නෙමෙයි. මුල් පොලිස් ඔෆිසර් මුල ඉඳන්ම ගේමේ හිටියා. ලෝයර් ගේ ලයිසන් එකත් ඉල්ලුවා. හැබැයි උඹ කියනවා වගේ ලෝයර්ස් ලට තියන බයට ලෝ සෙට් එක බැස්සම පස්ස ගැහුවා.( අලුත් ඔෆිසර් කෙනෙක් නිසා වෙන්න ඇති )
දෙවනියට ආපු පොලිස් ඔෆිසර්ත් කෙලින් ම කිව්ව ලෝයර් ව ඇතුලට දාමු කියලා. අනික් මිනිස්සුන්ට පාක් කරන්න බැරි නම් ලෝයර්ට එතන පාක් කරන්නත් බෑ කිව්වා. ලෝයර් ආඳා වගේ ලිස්සලා ගියා උසාවිය ඇතුලට
මට නම් හිතෙන්නේ බන් පොලීසියෙන් නිල ඇඳුමට ගැලපෙන්න බොහොම වගකීමෙන් කතා කලා කියලා. අර ලෝයර් සහ සෙට් එක නම් මුඩුක්කු තග් ලෙවල් එකෙන් රැඟුවා කියලා.
උඹ අර කියපු කතාවෙනුත් මට දේවල් 2ක් හිතට ආවා.
අපි ලොකු ලොක්කන්ට දේශපාලකයන්ට බැන්නට බලය අයුතු විදිහට පාවිච්චි කරනවා කියලා බලන් ගියාම සාමාන්‍ය මනුස්සයෙක්ට පොඩි බලයක් හම්බුනාම කරන්නෙත් ඒක අයුතු විදිහට පාවිච්චි කරන එකනේ.
අනික් එක තමා බීලා වාහන එලවන ගමන් අපි මෙහෙමයි කියල කාඩ් දික් කරලා පොලීසියට ලොකු සීනුත් දාපු උඹලට "ශේප් වෙලා පරිස්සමින් යන්න සර්" කියනවට වඩා හොඳයි පාරේ ඉස්සරහට එන උන්ට,
"බීපු උන් දෙන්නෙක් වාහනයක් පැදගෙන එනවා, පොඩ්ඩක් පරිස්සමින් පාරෙ යන්න" කිව්වා නම්.
ඔතනදි මන් උඹට එකඟයි. තමන්ගේ රස්සාව හරියට කරන්න දන්නේ නැති පොලිස් මහත්තයෙක්. නැත්නම් උඹේ යාලුවට කියල දෙන්න තිබ්බා කාඩ් පාවිච්චි කල යුතු තැන් සහ අවස්තාවන් ගැන.
මම බිලා ඩ්‍රයිව් කරන්නේ, අරින්න මට ෆුකේ කියන මිනිස්සු ලෝකේ නෑ.........වැරැද්ද කරපු එකා බලන්නේ පුළුවන් පහසුම විදියෙන් ගැලවිලා යන්න. හේතුව ලංකාවේ නීතිය නවන්න පුළුවන්, අනික වැරැද්දට දඩුවම පුද්ගලයට සාපේක්ෂයි. අපි රටවල ජීවත්වෙන නිසා දන්නවා මේ රටවල වැරැද්දක් කරලා අහුවුනොත් දඩුවමක් විදින්නම වෙනවා, දඩයක් ගෙවන්නම වෙනවා කියලා. සල්ලි දෙන්න ට්‍රයි කිරිලි, දුක කිවිලි, අඩා වැටිලි ලංකාවේ වැඩකරාට මේ රටවල එහෙම දේවල් හිතන්නවත් බෑ........ උදාහරනෙකට සුළු මාර්ග නීති කඩකිරීමේ එකම සහනය කල් ඉකුත් වීමට පෙර දඩය ගේවිමේදී අඩුවන මුදල පමණයි. 30ට යන තැන 40ට ගියොත් දඩ. 70 තියෙද්දී අසූවට ගියොත් දඩ. අද කිලෝමීටර 300ක් පැද්ද ස්පීඩ් කෑම් බල බල
අපිනම් නීතියට බයයි..... වෙන මොනවත් හින්ද නෙමෙයි මොකා මාට්ටුවුනත් කෙල නැතිව අරිනවා ෂුවර් නිසා අපේ පොලිසියත් නීතියට වැඩ කලානම් මෙච්චර පිරිහෙන් නෑ
Last edited:







