පහුගිය කාලෙ කෝටි හතර කියලා කතාවක් බල බලා හිටියා.. පට්ට කතාව කියලා එක දිගට බලන්න ගත්තා.. මාසයක් දෙකක් මිස් උනා කතාව.. ආයි බලන්න ගද්දි කොටස් එකසිය හැට ගානක්ද කොහෙද ගිහිල්ලා.. එතනින්ම නවත්තලා දැම්මා.. හැබැයි ඒකෙ හිටපු කොල්ලො සෙට් එකේ ඇක්ටිං පට්ටයි.. නාරද දිසාසේකර මහත්තයගෙ පුතාගෙයි.. අනිත් උන් දෙන්නගෙයි.. ඒත් වැඩක් නෑ කොටස් පන්සීයක් හයසීයක් අදියි කතාව.. මුල මතක නෑ අන්තිම වෙද්දි..
දැන් ඉන්න උන් නිළියොද බං.. හැම එකාම මොඩ්ලිං කරලා ෆීල්ඩ් එකට එන උන්.. රෙද්ද උස්සගෙන ස්ටේජ් එකේ හතර පස් පාරක් කැරකෙනවා.. ඒපාර විශුවල් එකකට රිංගනවා.. ඊළගට ඉතිං කෙලින්ම ඩ්‍රාමා වලයි ෆිල්ම් වලයි තමා..
මේකෙ එකෙක් කූඹියෝ කියල කතාවක් දුන්නා බලපං කියලා.. පට්ට කතාව.. සතියකට එක දවසයිද කොහෙද තියෙන්නෙ.. කොටස් අටක් තිබ්බා අටම බැලුවා.. අන්න කතා නම් කතා.. ඒත් ඉතිං ඕවට සම්මාන ලගටවත් යන්න හම්බෙන්නෑ.. ඒ කතාවෙ ඉන්නෙත් අලුත් කොල්ලො දෙන්නෙක්.. ඒත් උන්ගෙ හැකියාව නම් පට්ටයි..
බුකියෙ එහෙම බලපං ඉන්දියන් ගෑනුන්ගෙ පිංතූර ටිකක් දාගෙන මෙයාගෙන් කැමතිම කාටද.. ඔයාට බදින්න හම්බවුනොත් කාවද බදින්නෙ.. හෙන ප්‍රශ්න ගොඩයි.. යටින්ම දානවා වැදගත් උනා නම් යාලුවන්ට බලන්න ශෙයාර්ත් කරලා පේජ් එකට ලයික් එකක් දාන්න යාලුවනේ කියලා..