මචන් මගේ තාත්තට ගිය මාසේ වකුගඩුවක් බද්ද කලා, මමත් කිරියේ ත්‍රෙඩ් 1 කුත් දැම්ම හොයල දෙන්න කියල, මන් පොඩි දේවල් ටිකක් කියන්නම් මට උන හා වෙච්ච! ඊට කලින් ඔයාගේ තාත්තට ඉකමනින් වකුගඩුවක් හම්බ වෙන්න සහ සුව වෙන්න කියල ප්‍රර්ථනා කරනවා!
මුලින් අපේ තාත්තගේ කකුල් දෙක ඉදිමිලා හුස්ම ගන්න අමාරු උනා. අපි ජයවර්දනපුර ඉස්පිරිතාලෙට අරගෙන ගියා, එතැනින් තමයි බැලුවේ දොස්තර චුලා හේරත් මහත්මය, අපිට කිව්වා වකු ගඩු නරක වෙලා කියලා. අපිට වකුගඩුවක් හොයන්න අවසර දෙන ලියුමක් දීල කිව. දවස් 2කටට සැරයක් ඩයලයිසිස් කරන්න කියල, එක ප්‍රයිවෙට් කරගන්න ඕනි දෙයක් (ඔයාගේ තාත්තට කරනවත් ඇති ) ඇගේ තිය ලේ පිරිසිදු කරලා අපහු ඇගට දෙනවා පැය 4 යනවා (වකු ගඩු වලින් නොමිලේ කරන එක ) එක පාරකට 8000 විතර යනවා ඊට අමතරව ඉන්ජෙක් කොස් 1 තියනවා 3500 ගානේ කරන්න,
ඉතින් අපි අර දොස්තර මහතාගේ ලියුම අරන් දැන්වීම් දැම්ම (ෆේස් බූක් , එළකිරි , ප්‍රදාන පත්තර ) කෝල්ස් 22 ආවා, අපිට හරි සන්තෝසයි."ඔ" ලේ වර්ගය තියන 22කම දෙන්න කැමතියි කියලා කතාකරහම. මම අලුතෙන් පොඩි පොතක් අරන් කතාකරපු පිළිවෙලට නම්බර් 1 ලියල , නම ගම ලිපිනය එහම ලියාගත්තා. මේ අතර මගේ යාලු දොස්තර කෙනෙක් කිව්වා මාලිගාවත්තේ වකුගඩු රෝහලක් තියනව, එතනටත් ඔය වගේ දායකයෝ එනවා ගිහින් බලන්න කියලා, එතනට ගියහම තේරුණා මේක ආණ්ඩුවෙන් වකුගඩු රෝගින්ටම දාපු එකක් අනික් ඒවාට වැඩිය ගොඩක් පහසු කම් එහෙම තියනවා කියල, අපි තාත්තව එතන ලියාපදිංච් කරා
අපිට කිව්වා දවසක් දීල අපේ ඩොනස්( දායකයෝ ) ගෙන්න කියල අපි අර 22 අපහු කතාකරල එනා වෙලාව සහ දිනය දුන්න. ඔන්න වැඩ පටන්ගත්ත 4 දෙනෙක්ම කිව්වා එන්න ඕනිනම් 3000-5000 ඊසි කෑෂ් කරන්න කියල (බස් සහ මග වියදම් ) කියපු ගමන් තේරෙනවා මොක්කක් හරි ජිල්මාට් එකක් කියල එත් මොනවා කරන්නද ? හිතන්න මෙහෙම දෙයක්නම් මේ 4 දෙනාගෙන් 1 කෙනක් ගේ 1 තාත්තට ගැලපෙනවා දුප්පත් කම නිසා කොලබට ඒ ගන්න විදිහක් නැති කෙනෙක් නම් එහෙම . 5000 ක් හින්ද මන් තාත්තගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරනවා නේද කියල හිතුන, මන් දැක්ක එක්කෙනෙක් උඩ කමින්ට් 1 දාල තියනවා ඔයාගේ තාත්තට 65 නිසා වකුගඩුවක් දාන එක ප්රෝයෝජනයක් නෑ ඊට වඩා තරුණ ජිවිතයක් බේරගන්න එක වටිනවා කියල, තාර්කිකව ඇත්ත. එත් මේ තාත්තා ගැන කියන්න ලෝකේ අපිට ඉන්නේ 1 තාත්තයි, අනික් අයට ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් උත්තර හරිම දාර්ශනිකයි. ඉ. ප. ලි .