ASP දලුවත්ත යනු අතිශයින්ම අත්දැකීම් බහුල උතුරේ යුද මෙහෙයුම්වලදී තම ජීවිතය පවා කැපකොට රාජකාරී කල දක්ශ අවංක නිලදාරියෙකි...යුද මෙහෙයුම් සමයේ සිය පුද්ගලික නිවාඩු පවා නොගෙන සේවය කල තුන් වතාවක් මරනය පෙනිපෙනී කොටි කටෙන් ගැලවුන නිලදාරියෙකි.ෆේස්බුක් සරන්නන්ට නිදහසේ වීදි සංචාරය කරන්ටත් උද්ගෝශන පෙලපාලි යෑමටත් නිදහස අත්කර දීමට දිවි පරදුවට තබා තම යුතුකම ඉටුකල මිනිසෙකි.බහුතර මහජන ආරක්ශාව වෙනුවෙන් ඔහු විසින් ගත් යම් ක්‍රියාවකදී මෙලෙස ඔහුට ඔහුගේ දරුවන්ට පවා නින්දා කිරීම අතිශය නින්දිත වැඩකි.වීඩියෝ කෑල්ලක යමක් තිබූ පමනින්ම මෙලෙස නින්දා කිරීම නිවැරදිදැයි සිතා බලන ලෙස අපි ආරදනා කරමු.
ඔක්කොම කුනු බේරෙවැවට කියන්නා සේ ද නොඑසේ නම් ගමේ කතාවක් තිබෙන්නේ අදෝවාතය වෙඩිල්ලක් කිරීමේ මාද්‍ය සංදර්ශනයක්ද කියා අපි අසමු.ඒ මතු නොව පාසලේ ගුරුවරයෙකුගෙන් වත් කිසිදින වේවැල් පහරක් නොකෑ පුද්ගලයෙකුදැයි අපි අදාල සිද්දියට මුහුන පෑ පුද්ගලයාගෙන් ප්‍රශ්න කරමු.පොලීසිය විසින් කරනු ලබන රාජකාරියට බාදා කරමින්,ප්‍රචන්ඩ කාරී ලෙස හැසිරෙමින් මේ පුද්ගලයා විසින් ගඩොල් ප්‍රහාරයක් පොලීසිය දෙසට එල්ලකොට ඇති අතර අදාල නිලදාරියාගේ හිස බේරී ඇත්තේ අනූනමයෙනි.
එනිසා පෙරලා මොහුට ප්‍රතිචාර දැක්වීම නීතිය ගැන දෙවනුව සිතා ඕනෑම කෙනෙකු ඔබ මම උනත් කරනු ලබන ක්‍රියාවකි.එහෙත් වෙනත් කෙනෙකු අතින් සිදු වූ කල නොපිලිගැනීම මෙන්ම අනුමත නොකිරීමද ඔබගේද මගේද සාමාන්‍යය මිනිස් සිරිතකි.පහර දීම මෙන්ම පහර කෑමද චූදිතයන්ට මෙන්ම පැමිනිලි පාර්ශවයන්ටද එකසේ නොගැලපෙන බව අප අතර නොදන්නා කෙනෙකු නැත.එමෙන්ම අදාල සිද්දිය අද්‍යනය කරන ලෙසද,කොහොම හරි පහරක් කා ජාතික වීරවරයෙක් වීමේ හැඟීමෙන් කුලුගැන්වුනු පුද්ගලයාගේ හෝ දෙතුන් දෙනෙකුගේ හැසිරීමේ පින්තූරද මෙයට යා කරන ලෙසද,බුද්දිමත් පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.
Last edited:




