Kunu Mama ඇන්ඩ්රෝයිඩ් ඇප් එක රිලීස් කරා . මේ දැන් ඉඳන් ගූගල් ප්ලේ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් . සරලවම කිව්වොත් මේ ඇප් එකෙන් වෙන්නේ කුණු දාන්න තමන්ට ළගින්ම තියෙන Dustbins හොයාගන්න පුළුවන් වෙන එක . තමන් දන්න ඒ වගේ තැන් තියෙනවනම් ඒවත් මේකට Add කරන්න පුළුවන් , Share කරන්නත් පුළුවන් . "ඇප් එකකින් බලලා කුණු දාන්නේ මොකටද අපිට ඕන තැනක කුණු දාන්න පුළුවන්නේ, ඒක මහ විකාර අයිඩියා එකක්නේ ". ඕක තමයි මේ ඇප් එක මම හදනවා කියලා කිව්වම හුගක් අය කිව්වේ . හැබැයි විකාරම අයිඩියා එක තමයි "ඕන තැනක කුණු දාන්න පුළුවන්" කියලා හිතෙන එක .
මේ විදියේ ඇප් එකක් හදන්න ඕන කියලා හිතෙන්න හේතු උන දේවල් තුනක් තිබුනා. පලවෙනි එක, අපි සිරිපාදේ කුණු අස් කරන Project එකකදී දැක්ක දෙයක් තමයි සිරිපාදේ මුල ඉඳන් උඩට යනකන් අඩියෙන් අඩියට වගේ බුදු පිළිම , හැබැයි සිරිපාදේ වදින්න එන මිනිස්සුන්ට කුණු දාන්න Dustbin එකක් හොයාගන්න නෑ . ඒක නිසා ඒ සිරිපාදේ නැගපු බැතිමතුන් හිතුන හිතුන තැන් වල මල් දාලා ගිහිල්ලා . මට ඒ වෙලාවේ හිතුනේ පරිසරේට ආදරේ කරන හැටි කියලා දුන්න බුදු හාමුදුරුවෝ ඒ වෙලාවේ සිරිපාදෙට වැඩියා නම් මේ මිනිස්සු ගැන මොනවා හිතේවිද කියලා .
දෙවෙනි එක, මගේ යාලුවෙක් ආවා ලෝකෙ ලස්සනම රටක ඉඳන් ( ඔව් ඔව් එහෙ ඉඳන් තමයි ) . එයාව එක්කගෙන එත්දී ගමන් මහන්සියට එයාට වමනේ ගියා . ඉතින් මු වමනේ බෑග් එකත් අතේ තියාගෙන වාහනේ වීදුරුවෙන් හුගාක් දුර එලිය බලාගෙන ඇවිත් මගෙන් අහනවා ඇයි බං ලංකාවේ මේ වමනේ බෑග් එක දාන්න හරියන Dustbin එකක් හොයාගන්නවත් නැත්තේ කියලා . තුන්වෙනි එක , අපි කොහේ හරි Camping එකක් කරලා එත්දී එන ලොකුම ප්රශ්නේ එකතු උන කුණු ටික දාන්න ගැලපෙන තැනක් හොයාගන්න පට්ට කට්ටක් කන එක .
ඔය දේවල් වලින් තේරුණ දෙයක් තමයි ඇත්තටම මිනිස්සුන්ට ඕන කුණු හරි තැනකට දාන්න එත් වැඩි දුරක් ඒවා ලග තියාගෙන යන්න කැමති නෑ ඉතින් ඔහේ අහුවෙන තැනකට විසි කරලා එනවා. ඔය ප්රශ්නේ ටිකක් හරි විසදන්න පුළුවන් වෙයි කියලයි මේ ඇප් එක හදන්න පටන් ගත්තේ. මාස ගානක මහන්සියක් . සම්පුර්ණයෙන්ම Free . අලුතෙන් මොනවා හරි එකතු වෙන්න හරි අව්ලක් හරි තිබුනොත් කියන්න . හොද , නරක කියන්න .
පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් .
https://play.google.com
ඇප් එක ඩවුන්ලෝඩ් නොකර dustbin තියෙන තැන් හොයාගන්නත් පුළුවන් http://kunumama.w3app.io වෙබ් සයිට් එකෙන් .






එල කොල්ලෙක්ගේ කූණු වැඩක් - බම්පියක් දාලා සහයෝගයක් දෙමු.





