හිතුමතේට දඩ ගහන්න බෑ. පොලීසියටත් නීති කිය&#351

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    හිතුමතේට දඩ ගහන්න බෑ. පොලීසියටත් නීති කිය&#351

    හිතුමතේට දඩ ගහන්න බෑ. පොලීසියටත් නීති කියල දෙයක් තියෙනවා. මෙන්න ඔබ දැනගත යුතුම කරුනු දහයක්


    1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.

    2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.
    3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි.

    4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)

    5. පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.

    6. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.(ඒ බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)

    7. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.

    8. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.

    9.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්‍රදේශිකයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.

    10. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.

    11.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.

    12. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)

    13. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.

    ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 1295,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

    උපුටා ගැනීම SL LANKA
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,210
    13,097
    113
    33
    ෆින්ලන්ඩ්
    Oya seen boru kiyala police media unit 1n ma advertis karala TV 1y wenama program 1akuth giya.

    Oke widiyata karan natuwa ape aewun sadde danna gihilla kela wagena tibba ambanekata.
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    තනියම ඉන්න පොලිස් නිලධාරියෙක්ට දඩේ ලියන්න පුළුවන් කියල අපේ නීතිය නවන පොලිස්පති කිව්වා වගේ මතකයි ඉස්සෙල්ලාම මේ ලිස්ට් එක ලොකුවට ප්‍රසිද්ධ වෙච්ච කාලෙ
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    Oya seen boru kiyala police media unit 1n ma advertis karala TV 1y wenama program 1akuth giya.

    Oke widiyata karan natuwa ape aewun sadde danna gihilla kela wagena tibba ambanekata.

    දැනුවත් කලාට ස්තුත්යි සහෝ
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    තනියම ඉන්න පොලිස් නිලධාරියෙක්ට දඩේ ලියන්න පුළුවන් කියල අපේ නීතිය නවන පොලිස්පති කිව්වා වගේ මතකයි ඉස්සෙල්ලාම මේ ලිස්ට් එක ලොකුවට ප්‍රසිද්ධ වෙච්ච කාලෙ

    දැනුවත් කලාට ස්තුත්යි සහෝ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේවා elakiri talk සෙක්ෂන් එකේ දාන්න මචන් චැට් එකේ දැම්මට හෝම් පේජ් එකේ පෙන්නන්නේ නෑ :yes:
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla

    1. තනි පොලිසි නිලධාරියෙකුට රථයක් නැවැත්විය නොහැක. එවන් අවස්ථාවක
    රථය නොනවත්වා ධාවනය කල හැක.

    රථ වාහන පණතේ 162 වගන්තිය අනුව මෙය සාවධ්‍ය වේ. රියදුරෙකු පොලිස් නිලධාරියෙකු විසින් දෙන වාචික හෝ දෘෂ්‍ය උපදෙස් පිලිපදිමින් නැවැත්වීම, පසුපසට ගෙන ඒම, වේගය අඩු කිරීම, ආපසු හැරවීම, මංතීරුවක් තුල සිටීම කලයුතුයි.

    2. තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැක.

    මෝටර් රථ වාහන පනතේ 135(1) වගන්තිය අනුව තණි නිලධාරියෙකුට රියදුරු
    බලපත්‍රය ලබා ගත හැකි අතර රියදුරු එය ලබා දීමට බැඳී සිටී


    3. ඔබෙ ජාතික හැඳිනුම්පත හැර වෙනත් ලේඛණයක් ඉල්ලා සිටිය හැක්කේ රථවාහන පොලිස් නිලධාරියෙකුට පමනි.

    මෙවන් බෙදිමක් නැති අතර නිල ඇඳුමින් සිටින ඕනෑම පොලිසි නිලධාරියෙකුට ඔබේ
    හැඳුනුම් පත හෝ වෙනත් ලියවිල්ලක් පරික්ෂාකල හැක. අපරාධ, රථවාහන අංශ
    ලෙස වෙන් කර ඇත්තේ පරිපාලනයෙහි ඇති පහසුව සඳහා පමණි.


    4. තනි පොලිස් නිලධාරියෙකුට ඔබට නඩු දැමිය නොහැක. එබැවින් සාක්ෂි සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සෑම විටම දැකිය හැක.

    මෙයද දුර්මථයක් වන අතර රථවාහන ආඥා පණතේ 162 වගන්තිය අනුව මේ
    ප්‍රකාශන සාවද්‍යවේ


    5. පොලිසිය සාමය රකින ආයතනයක් වන අතර සන්නද්ධ හමුදාවක් නොවේ.
    එබැවින් ඔවුනට ගිණි අවියක් ඔබ වෙත එල්ල කල නොහැක.

    2010 මාර්තු 28 චක්‍ර ලේඛනය අනුව නීතිය හා සාමය සුරැකීම සඳහා කොන්දේසි
    සහිතව ගිණි අවි භාවිතා කිරීමට පොලිස් නිලධාරීන්ට පූර්ණ අවසරය දී ඇත


    6. ඔබ මත්පැන් බී ඇති බවට පොලිස් නිලධාරියෙකු පැවසුවහොත්, බැලූන්
    පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටීමට ඔබට අයිතිය ඇත. එම නිලධාරීන් සතුව
    උපකරණ නොමැතිනම් ඔබට පිටත් විය හැක.

    ආඥා පණතේ විදි විධාන අනුව මත්පැන් පානය කර ඇති බවට සැක කරන
    රියදුරෙකු තමා බාරයට ගෙන ස්වසන පරික්ෂාවක් (balloon test) හෝ ඒ විගසම
    රජයේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට පොලිසියට බලය ඇත


    7. ගමන් කරන රථයක් නැවැත්විය හැක්කේ රථ වාහන අංශ පොලිස්
    නිලධාරියෙකුට පමණි.

    මේ සාවද්‍ය වන අතර සියලුම පොලිස් නිලධාරීන්ට සමාන නීත්‍යානුකුල බලයක් ඇත.

    8. ඔබ කල වරද සහ ඊට අදාල නීති සංග්‍රහය පවසන තුරු පොලිසියට ඔබේ
    රියදුරු බල පත්‍රය ලබා ගන නොහැක.

    පොලිස් නිලධාරියෙකුට ඔබ වලංගු රියදුරු බලපත්‍රයක් තිබේ දැයි පරික්ෂාකිරීමට
    අයිතිය ඇත. ආඥා පණතේ 135 වගන්තිය අනුව, රියදුරෙකු රථය තුල හෝ තමා
    ලඟ රියදුරු බලපත්‍රය තබා ගැනීම අනිවාර්යවේ. පරික්ෂාවක් සඳහා විමසූ විට එය
    ලබා දිය යුතුවේ.


    9. ඔබේ රියදුරු බලපත්‍රය බලෙන් තබා ගැනීමකදී ප්‍රදේශ බාර පොලිස්
    පරික්ෂකතුමා හෝ නියොජ්‍ය පොලිස් අධිකාරිතුමාට පැමිණිලි කර එය ලබාගත්
    නිලධාරියාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත හැක.

    මාර්ග නීති කඩ කිරීමක් සඳහා පරික්ෂාවට ගත් රියදුරු බලපත්‍රයක් තම බාරයට
    ලබා ගැනීමට පොලිස් නිලධාරියාට හැකියාව ඇත. එවන් අවස්ථාවකදී කොන්දේසි
    සහිතව තාවකාලික බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.


    10. අධික වේගය සඳහා දඬුවම් කරන අවස්ථාවකදී, වේග පරික්ෂා උපකරණයේ
    දත්ත සටහන ඉල්ලා සිටීමට අයිතියක් ඇත. තවද මෙම උපකරණ බොහොමයක්
    ක්‍රියා විරහිතව ඇති අතර පොලිස් නිලධාරින් අනුමානයෙන් දඩ නිකුත් කරනු ලැබේ.

    මෙයද නිරවද්‍ය නොවන අතර අපරික්ෂාකාරි ධාවනය යටතේ
    කටයුතු කිරීමට පොලිස් නිලධාරියාට බලය ඇත.

    source : http://www.police.lk/index.php/special-events-/685-find-out-the-truth
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නවත්තන්නෙ නැතුව ගියොත්
    දණහිස නවලා බිම ඉඳගෙන
    කකුලට ඒම් කරලා වෙඩි තියනවා ඔළු කට්ට පුපුරන්න

    :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යු බටේ තියෙනවා "Sovereign Citizens Getting Owned" කියල :P ඔය වගේ පණ්ඩිත කතා කියන්න ගිහින් කෙලවගන්න උන් ගැන අම්මෝ මම සැරයක් දවසක් විතර එක දිගට බැලුව පට්ට ආතල් :D

    සමහර උන් නීති තර්ක ගේනවා වාහනේ ඇතුලේ ඉඳන් අන්තිමට පොලීසය වාහනේ වීදුරු කුඩු කරලා ඇදල අරන් මාංචු දානවා :D උන් කෑගහනවා බුදු අම්මෝ බේරගනියෝ කියල :P
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    යු බටේ තියෙනවා "Sovereign Citizens Getting Owned" කියල :P ඔය වගේ පණ්ඩිත කතා කියන්න ගිහින් කෙලවගන්න උන් ගැන අම්මෝ මම සැරයක් දවසක් විතර එක දිගට බැලුව පට්ට ආතල් :D

    සමහර උන් නීති තර්ක ගේනවා වාහනේ ඇතුලේ ඉඳන් අන්තිමට පොලීසය වාහනේ වීදුරු කුඩු කරලා ඇදල අරන් මාංචු දානවා :D උන් කෑගහනවා බුදු අම්මෝ බේරගනියෝ කියල :P



     
    Last edited:

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    උසාවි නියෝග නැතුව ගෙදරකට බලෙන් ඇතුලු වෙන්න බැ. ඒක නම් ඇත්ත.

    ඕවා ඔක්කම සල්ලි තියන හෝ ඉගෙනීමක් තියන (උපාදියක් වගේ) මිනිහටම තමා අනිත් එකෙක් නීති කතා කරන්න ගියොත් ඌට උකලයි යන්නෙ වැරැද්දක් නොතිබ්බත් :(:(:(:(:(:(
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕවා ඔක්කම සල්ලි තියන හෝ ඉගෙනීමක් තියන (උපාදියක් වගේ) මිනිහටම තමා අනිත් එකෙක් නීති කතා කරන්න ගියොත් ඌට උකලයි යන්නෙ වැරැද්දක් නොතිබ්බත් :(:(:(:(:(:(
    ලංකාවෙ නම් එහෙම නැහැ බන්, උඹ මොන රටේද ඉන්නෙ? :baffled::P
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    ඕවා ඔක්කම සල්ලි තියන හෝ ඉගෙනීමක් තියන (උපාදියක් වගේ) මිනිහටම තමා අනිත් එකෙක් නීති කතා කරන්න ගියොත් ඌට උකලයි යන්නෙ වැරැද්දක් නොතිබ්බත් :(:(:(:(:(:(

    ඒක ඇත්ත.