Jungle(2017)

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Jungle (2017) (පුන්චි සාරාංශයකුත් එක්ක) කියවලාම බලන්න විස්තර දැන ගන්න

    මේක කට්ටිය බැලුවද? මාස කීපයක් ඇතුලත මම බලපු හොදම ෆිල්ම් වලින් එකක් මේ. 1981 සිදු වෙච්ච සත්‍ය සිදුවීමක් පාදක කරගෙන හදපු Movie එකක්.:shocked: Adventure පැත්තට බර ෆිල්ම් එක ඉවර වෙනකල් බලාගෙන ඉන්න පුළුවන් ස්ටොරී එකක්. සැප්තැම්බර් මාසේ Release කරපු මේ ෆිල්ම් එක මේ වෙනකොට IMDb Ratings වල 6.8 ක අගයක් තියෙනවා

    Jungle-2017-490x640.jpg




    මේ ෆිල්ම් එකේ කතා නායකයා ඊශ්‍රායල් ජාතික ‍Yossi Ghinsberg චාරිකාවකට බොල්වියාවට යනවා. ඒ ගමනෙ බොල්වියාවේදී Kevin Gale සහ Marcus Stamm කියලා තව සංචාරකයෝ දෙන්නෙක් Yossiට හම්බෙනවා. කොහොම හරි පස්සේ තව Karl Ruchprecter කියන පුද්ගලයෙක් අහම්බෙන් මේ තුන් දෙනාට හම්බෙනවා. මේ Karlගේ උවමනාවට යාලුවෝ තුන් දෙනත් එක්ක ඇමසන් කැලෑව ඇතුලට යන මේ අයට නොයෙකුත් අත්දැකීම් වලට මූන දෙන්න සිද්ධ වෙනවා.

    jungle-cinema-australia.jpg


    කැලෑව මැද්දී Marcus ශාරීරික අතින් දුර්වල වීමත් Karlගේ බොරු කතා ගැන අවිශ්වාසයක් ඇතිවීමත් නිසා මේ හතර දෙනා කැලෑව ඇතුලේදී වෙන් වෙන්ව යන්න තීරනය කරනවා. Marcus එක්ක Karl වෙනම කැලෑව ඇතුලෙන් යන්න තීරණය කරනකොට අනික් දෙන්නා Yossi, Kevin මේ හතර දෙනා එකතු වෙලා හදා ගත්ත පාරුවේ ගග දිගේ යනවා. මගදී මේ දෙන්නා ගමන් කරන පාරුව ගගේ සැඩ පහරකර අහුවෙලා මේ දෙන්නත් වෙන් වෙනවා. අන්තිමේදී Yossi විතරක් තනියම කැලයෙන් එලියට යන්න හදන ත්‍රාසජනක ගමනක් තියෙන්නේ. Yossiට ඉස්සරවෙලා Kevinට කැලයෙන් එලියට යන්න පුළුවන් වෙන Kevin ගමේ තව කෙනෙක් එක්ක ආයෙම කැලේට ඇවිත් Yossiව බේර ගන්න සිද්ධියක් ඊට පස්සේ තියෙන්නේ තියෙන්නේ.



    මම මේ විස්තරේ පුන්චි සාරාංශයකින් දැම්මේ. මේ ෆිල්ම් එක බලන්නම ඕන කතාවේ ස්වරූපය දැන ගන්න. මොකද මේක ඇත්ත කතාවක් නිසා. ඇත්ත සිදුවීමේ අත්දැකීම් මීට වඩා දරුණුයි කියලා Yossi Ghinsberg කියලා තියෙනවා. කොහොම හරි මේ ගමනෙන් Yossi, Kevin දෙන්නගේම ජීවිත බේරුනාට Marcus, Karl දෙන්නා අද වෙනකල් කැලෙන් එලියට ඇවිල්ලා නෑ. Kevin මේ අයව සතියක් විතර හොයලා හොයා ගන්න බැරි තැන වැඩේ අත ඇරලා දාලා. තවමත් මේ Marcus, Karl දෙන්නට වෙච්ච දෙයක් කව්රුත් දන්නේ නැල්ලු. ඒ වගේම තමයි Karl Ruchprecter කියන පුද්ගලයා මේ ගමනට මේ අයව තොරගෙන කැලේ ඇතුලට ඇරන් ගියේ මොකටද කියලත් තවම අබිරහසක්ලු.


    මේ ඉන්නේ මේ කතාවේ ඇත්ත චරිත ටික

    Yossi Ghinsberg

    MV5BMGJmMGI1YTctMTE0YS00NGM1LTk3MDktMTVmNzUxNTRlMzEzXkEyXkFqcGdeQXVyMjQwMDg0Ng@@._V1_.jpg


    Yossi Ghinsberg Now

    yossi-ghinsberg-1.png



    Kevin Gale & Marcus Stamm

    f4THdjY.jpg



    Karl Ruchprecter

    GWBgWgW.jpg


    Yossiව බේර ගන්න ගිය Kevin සහ බෝට්ටුව පැදපු කෙනා එක්ක දවස් දෙකකට පස්සේ ගත්ත Photo එකක්

    YossiGhinsberg.jpg



    Torrent Download

    http://www.1337x.to/torrent/2530195/Jungle-2017-720p-WEB-DL-950MB-MkvCage/
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Jungle (2017) (පුන්චි සාරාංශයකුත් එක්ක) කියවලාම බලන්න විස්තර දැන ගන්න

    තෑන්ක්ස්. රෙප් දෙන්න වටේ ගිහින් එන්නලු

    මෙන්න ඩිරෙක්ට් ලින්ක් එක
    https://www.seedr.cc/zip/21679507?s...aa4acc47618e19eab32b1e4f57b59059&e=1508706609

    තෑන්ක්ස්. රෙප් දුන්නා
     
    • Like
    Reactions: Kasippu Sira