රක්ෂණය සම්බන්ධ ඕන දෙයක්.....

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    සාමාන්යෙන් තුන්වන පාර්ශ්වයේ දෙපලකට අලභානියක් උනොත් බොහෝ වෙලාවට උසාවියේ නඩුවක් මාර්ගයෙන් තමයි ඒ අයට වන්දියක් දෙන්නේ.
    උදා: ඔයාගේ වාහනේ ගිහින් තව වාහනේක හැප්පෙනවා. ඔයාගේ වැරැද්ද බව ඇස් පියාගෙන උනත් කියන්න පුළුවන් කියමුකෝ. අනිත් වාහනේ තියෙන්නේ ෆුල් හෝ තඩ් පාර්ටි වෙන්න පුළුවන්. කොහොම උනත් එයාට ඔයාගෙන් වන්දියක් ඕනේ කියල කිවොත් ඔයා බැඳිලා නෑ එක පාර අතින් ඒ වන්දිය ගෙවන්න. එකයි නීතියක් තියෙන්නේ අවම වශයෙන් තුන්වන පාර්ශ්වයේ රක්ෂනවරනයක් වත් නැතිව පාරේ වාහන ධාවනය කරන්න තහනම් කියල. ඒ නිතිය අනුව හැම වහනයකම වගකීම රක්ෂණ ආයතනයක් මගින් භාර අරන් තියෙනව. හැබැයි අනිත් කෙනාට වන්දියක් ගෙවන්න ඉන්ෂුරන්ස් කොම්පැනි එක වගකීමකට බැඳෙන්නේ වරද ඔයාගේ නම් විතරයි. එහෙම නම් කොමපනි එකට ඕන වෙනවා වරද කාගේද කියන එක දැනගන්න. ඒ නිසා කියනවා උසාවියේ නඩුවක් හරහා වැරදිකරු තීරණය වෙන්න ඕනේ කියල. අන්න එතැනදී ඔයා වැරදිකරු කියල ඔප්පු උනොත් ඔයාගේ ඉන්ෂුරන්ස් එක අනික් කෙනාට වන්දියක් ගෙවනවා.
    හැබැයි රජයේ දේපල කියන ඒවා භයානකයි. ඒ කියන්නේ රජයේ දෙපලකට ඔයාගේ වාහනේ නිසා අලාභයක් උනොත් ඔයා ඒ අලාභය ගෙවන්න ඕනේ, එකට උසාවි තීන්දු ඕනේ නෑ ඉන්ෂුරන්ස් එකට.

    ඔයාගේ කෙස් එක අනුව ඔයාට හයිවේ සෙකියුරිටි එකෙන් දෙනවා බිල් එක ඒ අලාභයට අදාළ. පොලිසිය මැදිහත් වෙලා තමයි දෙන්නේ. පොලිස් පොතේ කට උත්තර ලියල එහෙම. ඔයා එක ගෙවල ඒ බිල ඉන්ෂුරන්ස් එක හරහා ක්ලෙම් කරගන්න ඕනේ, එකයි ක්‍රමය. ලයිට් කණුවක් නම් LeCO හෝ CEB එකෙන් දෙනවා බිල් එක. ඒ වගේ අදාල ආයතනය තමයි එක දෙන්නේ පොලිසිය හරහා.
    ඒ කියන්නෙ දැන් මගේ කාර් එක නිසා හයිවේ එකේ වැටට වෙච්ච අලාභය හයිවේ සිකුරිටි RDA ඇස්තමේන්තුව අනුව මගේ සල්ලි වලින් ගෙවල ඒ ඇස්තමේන්තුව රක්ෂණ සමාගමට දීල මම අතින් දීපු ගාන ඉන්සුවරන්ස් එකෙන් ක්ලේම් කරගන්න පුලුවන් කියන එකද?
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura

    Koheda insurance eka?
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    Fairfirst (union)

    ඕක තමයි ක්‍රමය. ඒත් කොම්පනි එකෙන් කොම්පැනි එකට පොඩි පොඩි වෙනස්කම් තියෙනව. එ නිසා ඉන්ශුරන්ස් එකෙන් අහල බලන්න. ඕන වෙන ලියකියවිලි එහෙම මොනද කියල.
     
    • Like
    Reactions: HSW

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    machan. full insurance ekei thrid party ekei wenasa kiyapan ko. hari ma meaning eka. thanks machan

    1st Party - රක්ෂිතයා (ඔයා/ඔයාගේ වාහනය)
    2nd Party - රක්ෂකයා (ඉන්ෂුරන්ස් කොම්පැනි එක)
    3rd Party - ඉහත පාර්ශ්වයන් දෙක හැර අන් සියලු දෙනා.

    Third Party Insurance (Act Only Insurance) - ඕන වාහනයක් ප්‍රසිද්දියේ මාර්ගයක ධාවනය කරනවා නම් ඕනෑම අවස්තාවක අනතුරකට පත්වීමේ සම්භාවිතාවක් තියෙනවා. එතකොට ඒ අනතුර වෙන්නේ කව්රුහරි එක පාර්ශ්වයක වැරැද්දෙන්. එතකොට ඒ වැරැද්දට වග කිව යුතු පුද්ගලයා සතුව අනිත් පාර්ශ්වයට අලාභයක් ගෙවීමේ හැකියාවක් තියෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. අනතුරු සිදු වීමේ සුලභාතවයත් එක්ක මේ අනතුරු නිසා අලාභ සිදු වීම සමාජ ප්‍රශ්නයක් බවට කාලයත් එක්ක පත් වෙනවා. අන්න එතනදී මේ සඳහා රජයේ අවධානය යොමු වෙනවා. එතකොට රජය මෝටර් වාහන පනත සංශෝධනය කරනවා තුන් වන පාර්ශ්වයේ වගකීම් වත් ආවරණය කෙරෙන රක්ෂණයක් නැතුව පාරේ කිසි වාහනයක් ධාවනය කරන්න බෑ කියල. ඔන්න ඕකයි පසුබිම.

    එතකොට මොකක්ද මේ රක්ෂණයෙන් වෙන්නේ. වෙන දේ තමයි ඔයත් ඔයාගේ වාහනයත් වාහනයේ ගමන් කරනන්නනුත් හැර අනිත් සියලු ජීවිත හා දේපළ සඳහා ආවරණයක් ලැබෙන එක. ඔයාගේ වරදින් පුද්ගලයෙකුට තුවාල සිදු උනොත් හෝ මරණයට පත් උනොත් ඒවාට ගෙවනවා ඉන්ෂුරන්ස් එකෙන්. ඔයා ගිහින් කාගෙහරි තප්පෙක හප්පුවොත් තාප්පෙට ගෙවනවා. හැබැයි ඔයාගේ තාප්පේ හප්පුවොත් ගෙවන්නේ නැත. ඔය ගිහින් ලයිට් කණුවක හප්පුවොත් ලයිට් කණුවට ගෙවනව. අන්න ඒ වගේ.

    Comprehensive Insurance (Full Insurance) - උඩ කිව්වා වගේ වාහනයක් පාරේ ධාවනය කරන්න 3rd Party ඉන්ෂුරන්ස් එකක් වත් තියෙන්න ඕනේ. එත් ඔයාට තුන් වන පාර්ශ්වයත් එක්ක 1වෙනි පාර්ශ්වයත් (ඔබ/ ඔබේ වාහනය ) ආවරණය කරන්න ඕනේ නම් ඔයාට යන්න වෙනවා ෆුල් ඉන්ෂුරන්ස් එකකට. එකෙන් 1වෙනි පාර්ශ්වය සහ තුන් වෙනි පශ්වය කියන දෙකම කවර් වෙනවා.

    අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    Thanks Machan. dan thamai meter wune. REP++

    machan dan full insurance dammath, thrid party dammath, accident ekak wena eka kohomath wenawa ne. ae kiyanne dan mata thiyana insurance eke connection ekak naa ne accident ekak wenna thiyana probability eka ekka. ehema weddi ai machan 3rd party hugak ganan adu, full ekata wada. oya deki di 3rd party ekata gewana ganan wenas wenawada? full eken nam hugak, 3rd party nam poddak wage?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    හයිවේ එකේ ඇක්සිඩන්ට් වෙලා ඔකේ තියන ඇලුමිනියම් පටියක් එහෙම කඩාගෙන ගිහින් උන් බර දඩයක් ගැහුවොත් , ඒ දඩ insurance ගෙවනවද:D උන් ගහන්නේ පොඩි දඩ නෙමෙයි පොඩ්ඩක් හිරුනත් :dull:
     
    ඔතන මුලිකම සාධකය Claim Ratio එක. ඒ කියන්නේ,

    Total Premium Received (Rs.)/Claims Paid (Rs.)*100

    ඔයාට උදාහරණයක් විදිහට මෙහෙම කියන්නම්.

    Third Party Insurance අපි ක්ලෙම් ගෙවන්නේ රුපියලයි ප්‍රිමියම් රුපියල් 1000 ක් ලැබෙනකොට. ඒ කියන්නේ 1000:1 ක්ලෙම් රේෂ්යෝ එක.

    ෆුල් ඉන්ෂුරන්ස් වල අපි ක්ලෙම් විදිහට ගෙවනවා රුපියල් 1000ක් ප්‍රිමියම් රුපියල් 1100ක් ලැබෙනකොට. ඒ කියන්නේ 1000:1100 ක්ලෙම් රේෂියෝ එක. සමහර ඉන්ෂුරන්ස් කොම්පැනි 1000ක් ලැබෙනකොට ක්ලෙම් ගෙවනවා රුපියල් 1100ක. ඔන්න ඕකයි තත්වේ. (illustration only)

    ගොඩක් මිනිස්සු 3rd Party Insurance දාන්නේ පොලිසියෙන් බේරෙන්න මිසක් ඇත්තටම ක්ලෙම් කරන්න නෙමෙයි. සමහරු හිතන් ඉන්නවා 3rd Party Insurance වලින් කිසි ක්ලෙම් එකක් ගන්න බෑ කියල. එහෙම නෑ. එත් ක්ලෙම් කරන ක්‍රමය හරි සංකීර්ණයි.
     
    ඔව්. එක ගෙවනවා.
     
    maath hithuwe 3rd party walin ba kiyala. thanks machan explain karata:yes:
     
    ugdjanaka

    Member
    Sep 22, 2013
    5
    0
    0
    Maichan mama me para yaluwek keewanisa damma fairfirst insurance ekata mage vezel eka. Mage insurance eka 118000.

    Accident ekak una me langadi wejeramadi... Balanna awe company eke moda harakeke. U ta O/L wath thiyanawada danne nehe.

    Mama vehicle eka hadanna estimate ekak gattha Stafford eken.

    Company estimate 38000 I.
    Fairfirst pass karala thiyenne 17000 i.

    Claim ganna behe ban... Wena ekaka dapan Sri Lanka insurance wage quality ekak thiyana ekaka.

    -----------------------------------------------------------------
    This is only for share my experience for users to join with well Insurance company for their vehicles. Any further details please PM to me.
    ------------------------------------------------------------------
     
    Last edited: