දඟ_දරුවන්

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දඟය වැඩි දරුවෙක් ලොකු ලෙඩක් වෙන්න පුළුවන්

    9665234ef51a48698cf7a1e0d30b6fa7.jpg


    අසාමාන්‍ය දඟකාරකම, සාමාන්‍ය දඟකාරකම නෙමෙයි. ඒ කියන්නේ පමණට වඩා පාලනයක් නැතිව සිදුවන දඟය. අසාමාන්‍ය දඟකාරකම කියන්නේ මොළයේ රසායනික ද්‍රව්‍යවල සිදුවන වෙනස් වීමක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. එය සාමාන්‍යයෙන් වෛද්‍යවරු හඳුන්වන්නේ ADHD කියලා. ඒත් ඔබට ඔබේ දරුවාගේ මේ වෙනස හඳුනාගන්න බැරි වුණොත් එය සාමාන්‍ය හැසිරීමක් ලෙස වැරදි ආකාරයට වටහා ගත්තොත්, දරුවාගේ අධ්‍යාපනයේ සිට මුළු ජීවිතයම අවුල් වෙන්න පුළුවන්. අසාමාන්‍ය දඟකාරකම හෙවත් අධික්‍රියාකාරී දරුවාට නිසි ඖෂධ සහ උපදේශන සේවාවක් අවශ්‍ය වෙනවා. මෙය මනෝ වෛද්‍යවරයෙකු විසින් කළ යුතු කාර්යයක්. බොහෝ මව්පියන් මෙවැනි දරුවන් වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්නේ නැහැ. ඊට ප්‍රධානතම හේතුව දරුවාගේ සැබෑ තත්ත්වය පිළිගැනීමට ඔවුන් අකමැති වීමයි.

    අධික්‍රියාකාරී දරුවකු හඳුනාගන්නේ කොහොමද?

    • කකුල් වේගයෙන් සෙලවීම.
    • කිසිම තේරුමක් නැතුව දිවීම.
    • පිළිවෙළකට සෙල්ලමක නොයෙදීම.
    • නිතර අනිත් අයට බාධා කිරීම.
    • එක තැනක විනාඩි 05ක් වත් ඉන්න බැරිකම.
    • තේරුමක් නැතිව කතා කිරීම.
    • ඔහුගේ අවස්ථාව එනතුරැ සිටීමට නොහැකි වීම.

    මෙම අධික්‍රියාකාරී සහ ඌණ අවධානය සහිත දරුවාට ප්‍රතිකාර නොගත්තොත් කුමක් වෙයිද?

    • අධාපනය බිඳවැටීම සහ ක්‍රමානුකූලව ලකුණු අඩුවීම.
    • දරුවාට දෙන Home work ප්‍රමාණය කරගත නොහැකි වීම.
    • ප්‍රචණ්ඩත්වයට නැඹුරු වීම.
    • සමහර දරුවන් අධාපනය බිඳවැටීමත් සමඟ ගැටවර වියේදී මත්පැන් හා මත්ද්‍රව්‍යවලට යොමුවීම.
    • අමෙරිකා මනෝවිද සංගමයට අනුව නිසි ලෙස ප්‍රතිකාර නොගත් මෙවැනි දරුවන්ගෙන් 50% ක්ම බොරු කීම, සොරකම් කිරීම හා නොයෙකුත් වංචා සහිත ක්‍රියාවන්ට ගොදුරු වීම සිදුවේ.

    ඔබට නිවසේ දී කළ හැකි ක්‍රියාකාරකම්

    දරුවා කාලසටහනකට අනුව වැඩ කිරීමට හුරු කරවීම. උදා:- උදෙන්ම නැඟිටීම, දත් මැදීම, පාසල් යාම, සෙල්ලම් කිරීම, නින්දට යාම, රූපවාහිනිය බැලීම, පාඩම් කිරීම, දරුවාට දෙන අවවාද ඉතා පැහැදිලිව කෙටි වාක්‍යවලින් ලබාදීම. දරුවා සමඟ කතා කරන විට ඔහුගේ ඇස් දෙක දිහා බලාගෙන ආදරය දැනෙන ලෙස කරුණු කියාදීම. දරුවා හොඳ ඇගයීමකට ලක් කරන්න. දරුවා පිළිබඳ දැඩි හෝදිසියකින් සිටින්න. මන්ද දරුවා සාමාන්‍ය දරුවෙක් නොවන නිසාවෙනි. ඔහු දැඩි ලෙස දඟකාර හා හැඟීම්බර නිසා නොයෙකුත් අනතුරු සිදුකර ගැනීමට ද හැකිය. ඔහුට පාසලේ දී පවරන වැඩ කලබලයෙන් තොර පරිසරයක සිට ඔබගේ ද සහයෝගයෙන් කරවීම අත්‍යවශ්‍යය. එම වැඩ කුඩා කොටස්වලට කඩා සරල ලෙස ඔහුට ලබාදිය යුතුය. දරුවාගේ ගුරුවරු සමඟ දරුවා ගැන සාකච්ඡා කරන්න. සෙල්ලම් කරන විට ද කෑම ගැනීමේදී ද දරුවාගේ හැසිරීම් රටාවන් අධ්‍යයනය කරන්න. මාස්පතා දරුවාගේ හැසිරීම් රටාවන්ගේ වාර්තාවක් ගුරුවරයාගෙන් ලබාගන්න.

    අධික්‍රියාකාරී තත්ත්වයට පත් වූ දරුවකුට ඖෂධ ලබාදීමෙන් මෙම තත්ත්වය පාලනය කළ හැකිය. මෙවැනි දරුවකු විශේෂයෙන් පුහුණුව ලැබූ ගුරුවරයකු යටතේ පුහුණුවකට යොමු කිරීම වඩා වැදගත් වේ.

    ඖෂධවලින් ලැබෙන වාසි

    1. අධික්‍රියාකාරී තත්ත්වය අඩුවෙයි. ඒ අනුව:- දරුවාට එකම ස්ථානයක වැඩි වේලාවක් කටයුතුවල නිරත වීමට හැකිවීම, අරමුණක් නැතිව දිවීම අඩුවීම, ඝෝෂාකාරී හැසිරීම් රටාවන් වෙනස් වීම.
    2. අවධානය වැඩිදියුණු වේ:- යම් වැඩකට එක අරමුණකට අවධානය යොමුකර රැඳීසිටීමට ඇති හැකියාව වැඩි වේ, ඇහුම්කන් දීම වැඩිදියුණු වේ, බාරගත් වැඩක් අවසන් කිරීමට ඇති හැකියාව වැඩිදියුණු වේ.
    3. ආවේගශීලී බව අඩු වේ:- ඉවසීම දියුණු වීම.

    මෙවැනි දරුවන් හඳුනාගැනීමේ දී ලංකාවේ සිටින ගුරුවරුන්ගේ ප්‍රායෝගික දැනුම කෙබඳු වේද?

    කොළඹ ප්‍රදේශයේ පාසල්වල වැඩසටහන් 50කට අධික ප්‍රමාණයක් කරලා තියෙනවා. සංඛ්‍යා ලේඛන අනුව පෙනී යන්නේ 5% ත් 10% ත් අතර මෙබඳු ළමුන් ප්‍රමාණයක් පන්ති කාමරවල සිටින බවයි. නමුත් බොහෝ ගුරුවරුන්ට මෙම දරුවන් හඳුනාගැනීමේ නිසි විද්‍යාත්මක දැනුමක් නෑ. ගුරුවරු කරන්නේ මෙම දරුවා පන්ති කාමරයේ දී දඟ නිසාත් නිසි ලෙස ඇහුම්කන් නොදෙන නිසාත් Home work පිළිවෙළට නොකරන නිසාත් වැඩ බැරි ළමයි ලෙස පන්තියේ කොන් කිරීමයි. සැබැවින්ම මෙම දරුවන්ගේ බුද්ධි මට්ටමේ කිසිදු අඩුවක් නැහැ.

    නමුත් මෙම කොන්වීමෙන් දරුවා හුදෙකලා වී නොයෙකුත් වැරදි හැසිරීම්වලට යොමුවීමේ ප්‍රවණතාවය වැඩිවන අතර ඔහුට මෙන්ම සමාජයට ද ලොකු හානියක් සිදුවෙනවා.

    දරුවෝ කියන්නේ රටකට ලොකු සම්පතක්. ඔවුන්ගේ ජීවිතය අවුල් වෙනවා කියන්නේ මුළු රටම අවුල් වෙනවා. අමෙරිකාවේ කරන ලද එක් සමීක්ෂණයකින් පෙනීගොස් ඇත්තේ හිරගෙවල්වල සිටින පුද්ගලයන්ගෙන් 30% ක් පමණ කුඩා කාලයේ දී අධික්‍රියාකාරීත්වය සහ ඌන අවධානයෙන්, නැතිනම් ADHD ලෙස හඳුන්වන රෝගී තත්ත්වයෙන් පෙළුනු අය බවයි.

    අධ්‍යාපන අමාත්‍යංශය මගින් ළමා මනෝ උපදේශනයට ගුරුවරු 3000 ක් පුහුණු කිරීමට අලුතින් කටයුතු කරන බව අසන්න ලැබීම හරිම සතුටක්. නමුත් මෙම පුහුණුව ඔවුන්ට ලබාදෙන්නේ කවුරුන්ද යන එක අපට ලොකු ගැටලුවක්. යල්පැනගිය මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත සහ න්‍යායන් ඔළුවලට ගිල්වීමෙන් කිසිම පලක් වෙතැයි සිතන්න බැහැ. මෙම ගුරුවරුන්ට අවශ්‍ය වන්නේ “ප්‍රශ්න තිබෙන දරුවන්” හඳුනා ගැනීමට ප්‍රායෝගික දැනුමක් සහ එම දරුවා නිවැරදි කිරීමට අවශ්‍ය මනෝ විද්‍යාත්මක කුසලතාවලට ගුරුවරුන් පුහුණු කිරීමයි.



    කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න


    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    • කකුල් වේගයෙන් සෙලවීම.
    • කිසිම තේරුමක් නැතුව දිවීම.
    • පිළිවෙළකට සෙල්ලමක නොයෙදීම.
    • නිතර අනිත් අයට බාධා කිරීම.
    • එක තැනක විනාඩි 05ක් වත් ඉන්න බැරිකම.
    • තේරුමක් නැතිව කතා කිරීම.
    • ඔහුගේ අවස්ථාව එනතුරැ සිටීමට නොහැකි වීම.


    ඔහ් බොයි මයි චිල්ඩ්‍රන් ආර් සික්.
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    You must spread some Reputation around before giving it to Iron Monger again. :(:(

    adamyi danne..

    You must spread some Reputation around before giving it to gayanmax00 again. :(:(


    You must spread some Reputation around before giving it to hiphoprock again. :(:(


    Rep +++ added

    රේප්++ 16

    Rep +++ added

    • කකුල් වේගයෙන් සෙලවීම.
    • කිසිම තේරුමක් නැතුව දිවීම.
    ......................


    Rep +++ added
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ADHD is not real කියලා ගොඩක් articles කියවලා තියනවා. ඔය ගැන පොතකුත් තියෙනව.

    Schools කියන්නේ කොහොමත් ගොබ්බ concept එකක්.
    ළමයින්ගේ creativity එක kill කරන්නේ ඕව වලින්.
    ඔය ගැන තමන්ගේ ළමයට බෙහෙත් කරණකොට පරිස්සමින්.
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ADHD is not real කියලා ගොඩක් articles කියවලා තියනවා. ඔය ගැන පොතකුත් තියෙනව.

    Schools කියන්නේ කොහොමත් ගොබ්බ concept එකක්.
    ළමයින්ගේ creativity එක kill කරන්නේ ඕව වලින්.
    ඔය ගැන තමන්ගේ ළමයට බෙහෙත් කරණකොට පරිස්සමින්.

    Rep +++ added
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉස්සෙල්ලම thyroxine profile එකක් අරගෙන බලන්න රුධිරයේ තයිරොක්සීන් වැඩිද කියල. තයිරොක්සීන් වැඩි උනාම hyper active වෙනවා. අඩු උනාම කම්මැලි වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    • කකුල් වේගයෙන් සෙලවීම.
    • කිසිම තේරුමක් නැතුව දිවීම.
    • පිළිවෙළකට සෙල්ලමක නොයෙදීම.
    • නිතර අනිත් අයට බාධා කිරීම.
    • එක තැනක විනාඩි 05ක් වත් ඉන්න බැරිකම.
    • තේරුමක් නැතිව කතා කිරීම.
    • ඔහුගේ අවස්ථාව එනතුරැ සිටීමට නොහැකි වීම.

    හරිද වැරදිද කියන්න දන්නෙ නෑ. හැබැයි මං දැකල තියෙන හැම පොඩි එකෙක්ම ඔහොම තමයි.
    කම්මැලි පොඩි උන් ඇරුනම. කම්මැලි කිවුවෙ ටිකක් ලැජ්ජාවෙන් වගේ ඉන්න පොඩි උන් ඉන්නව.
    කොල්ලෙක් උනත් අම්මගෙ සායෙ එල්ලිල අම්මගෙ පිටිපස්සට වෙලා ඉන්නව කවුරු හරි කතා කලත්.
    ඒ වගේ අය ඇරුනම මං දැකල තියෙන ගොඩක් පොඩි උන්ට ඔය කියල තියෙන ලක්ෂණ ඔක්කොම තියෙනව.
    :dull::dull::dull:
     
    • Like
    Reactions: Oli_Vili

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    යාලුවනේ මගේ ලොකු පුතා ඔහොම්මම තමයි..මට බය බේත් අරගෙන කොල්ල මලානික වෙයි කියලා...පන්තියෙත් වැඩ කරන්නේ හොරයිලු..හෙමින් ලියන්නේ කියව කියව ඉන්නවලු..හැබයි exam වලට ලකුණු 80-100 ගානේ thiyanawa..සමහර ඒවාට 100%..තියනවා..දගලන ඒක තමා අවුල..මට බයයි බන් ..දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න..සෙල්ලමක් කරන්න ගියත් කෑගහල නිකන්ක්කාව හරි වට්ටලා එයා එක වෙන්න හදන්නේ...හෙල්ප් :(:(:(:(:(:(:(:(:( කොල්ල 1 වසරේ
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    යාලුවනේ මගේ ලොකු පුතා ඔහොම්මම තමයි..මට බය බේත් අරගෙන කොල්ල මලානික වෙයි කියලා...පන්තියෙත් වැඩ කරන්නේ හොරයිලු..හෙමින් ලියන්නේ කියව කියව ඉන්නවලු..හැබයි exam වලට ලකුණු 80-100 ගානේ thiyanawa..සමහර ඒවාට 100%..තියනවා..දගලන ඒක තමා අවුල..මට බයයි බන් ..දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න..සෙල්ලමක් කරන්න ගියත් කෑගහල නිකන්ක්කාව හරි වට්ටලා එයා එක වෙන්න හදන්නේ...හෙල්ප් :(:(:(:(:(:(:(:(:( කොල්ල 1 වසරේ

    ape koluwath ohoma thamay ban. ape thaththanan kiyanne daga lamayi nirogiy kiyala .
     
    • Like
    Reactions: Oli_Vili

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    යාලුවනේ මගේ ලොකු පුතා ඔහොම්මම තමයි..මට බය බේත් අරගෙන කොල්ල මලානික වෙයි කියලා...පන්තියෙත් වැඩ කරන්නේ හොරයිලු..හෙමින් ලියන්නේ කියව කියව ඉන්නවලු..හැබයි exam වලට ලකුණු 80-100 ගානේ thiyanawa..සමහර ඒවාට 100%..තියනවා..දගලන ඒක තමා අවුල..මට බයයි බන් ..දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න..සෙල්ලමක් කරන්න ගියත් කෑගහල නිකන්ක්කාව හරි වට්ටලා එයා එක වෙන්න හදන්නේ...හෙල්ප් :(:(:(:(:(:(:(:(:( කොල්ල 1 වසරේ
    පොඩි කාලේ ඉස්කොලවල් එපා වෙලා ඉන්න උං ලොකු උනහම ela කොල්ලො වෙනවා.
    ඉස්කොලවල් වල කියන හැම රෙද්දක් ම follow කරන්න දඟලන්න එපා. අපේ රටේ හරිම පරණ අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. මෙක ගොඩක් expired system එකක්.
    YouTube එකේ ගහන්ඩ "professor Ken Robinson divergent thinking" කියල.
     

    Similar threads