බුද්ධාගම හා භෞතික විද්‍යාව

Superuser

Member
Aug 30, 2015
723
73
0
මධ්‍යස්ථ,

ඔබ කියපු දේ තවදුරටත් පැහැදිලි කරන්න පුලුවන්ද?
 

Madyastha

Member
Mar 11, 2017
121
11
0
මධ්‍යස්ථ,

ඔබ කියපු දේ තවදුරටත් පැහැදිලි කරන්න පුලුවන්ද?

ධම්මචක්කපවත්තන සූත්‍රයේ, අඩංගු වෙන්නෙ මූලිකම බුද්ධ දේශනය. ඒ කියන්නෙ චතුරාර්‍ය සත්‍ය.

කෙටියෙන් කිව්වොත්,

දුක
දුකට හේතුව
දුකින් මිදීම
දුකින් මිදීමේ මග

දුක කියන්නෙ ලෝකයේ පවතින අනිච්ච ස්වභාවය. කොච්චර ආශ්වාද පස්සෙ දිව්වත් හිත තෘප්තිමත් වෙන්නෙ නෑ. කවදාවත් තෘප්තිමත් කරන්න බැරි හිතක් තෘප්තිමත් කරගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා සිතිවිලි පස්සෙ දුවනව. අපි තේරුම් ගන්නෙ මෙච්චරයි, අවුරුදු මිලියනයක් මේක පස්සෙ දිව්වත් හිත පුරවගන්න බෑ. කොච්චර කල් හිටියත් දේවල් 6යි කරන්න තියෙන්නෙ. රූප බලනව, ශබ්ද අහන්ව, ගඳ සුවඳ බලනව, රස බලනව, ස්පර්ශ ලබනව, හිත හිත ඉන්නව. ඉතින් ඔය වගේ දෙකේ පන්තියේ වැඩ 6ක් කර කර ඉන්න එක තමයි කරන්නෙ අපි ජීවිත කාලෙම. ඒව වෙනුවෙන්ම ජීවිතේ වැය වෙනව.

පවතින දුක තමයි කවදාවත් හිත තෘප්තිමත් කරගන්න බැරි එක. නිරන්තරයෙන් පෙලෙමින්, තැවෙමින්, පතමින් ඉන්නෙ හිත.

මේ දුකට හේතු වෙන්නෙ ලෝකය පස්සෙ ගිහින් හිත තෘප්තිමත් කරගන්න පුලුවන් කියන මෝඩ දෘෂ්ඨිය. ඒක තමයි අවිද්‍යාව කියන්නෙ. කොච්චර මේකෙන් තෘප්තිමත් නොවුනත් තව තව දුවනව කවද හරි තෘප්තිමත් කරගන්නව කියල.

නමුත් ලෝකයේ අසාරත්වය හෙවත් කිසිදා තෘප්තිමත් කරගන්න බැරි ස්වභාවය දැක්ක කියන්නෙ දුකින් මිදීම දැක්ක කියන එක. ඊලඟට ඒක දැකල දුකින් මිදෙන්න ක්‍රියා කරනව. ඒක තමයි දුකින් මිදෙන මාර්ගය.

ඔය ටික තමයි පාලියෙන් ධම්ම චක්ක සූත්‍රයේ මුල සිට සඳහන් වෙන්නෙ.

මැද හරියෙ තමයි "යංකිංචි සමුදය ධම්මං -සබ්බංතං නිරොධ ධම්මං" කියන කොටස තියෙන්නෙ.

මේක ගොඩක් අය හිතන් ඉන්නව ඒ පාඨය ඇහුව ගමන් කොන්ඩඥ්ඥ සෝවහන් උනා කියල. නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. මුල සඳහන් චතුරාර්‍ය සත්‍ය අහල සෝවහන් උනා කියල කෙටියෙන් ඔය විදියට සඳහන් කරන්නෙ.

සමුදය කියන්නෙ දුකට හේතුව (දුක්ඛ සමුදය )

ඕකට කට්ටිය භෞතික ලෝකය ඇතිවෙනව කියලයි හිතන් ඉන්නෙ. හැබැයි නියම අදහස දුක උදා වීම.

ඊලඟට නිරෝධය කියන්නෙ දුකින් මිදීම (දුක්ඛ නිරෝධය )

මේකට භෞතික ලෝකය නැතිවීම කියල හදාගෙන කට්ටිය. නියම අරුත දුක උදා වෙන එක නැවතීම හෙවත් දුක නිර් උදා කිරීම (නිරෝධය )


කොන්ඩඥ්ඥ දුක සමුදය වෙන විදියත් ඒක නිරෝධ වෙන විදියත් දැකල සෝවහන් උනා කියන අර්ථය ගන්න ඕන.





අර උඩ එක්කෙනෙක් ඕක පටලගෙන දාල තිබුනෙ රටේ නැති කතාවක්.
 
Last edited:

Superuser

Member
Aug 30, 2015
723
73
0
කොන්ඩඥ්ඥ දුක සමුදය වෙන විදියත් ඒක නිරෝධ වෙන විදියත් දැකල සෝවහන් උනා කියන අර්ථය ගන්න ඕන.

අර උඩ එක්කෙනෙක් ඕක පටලගෙන දාල තිබුනෙ රටේ නැති කතාවක්.

Agreeable
 
Last edited:

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
අන්තිමට බැලුවම සමහර අයට භාග්‍යවතුන් වහන්සේටත් වඩා ලොකු වෙලා තියෙන්නේ "කොන්ටම්" බණ කියන අභය ස්වාමීන් තමයි.

භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මයේ හරය අල්ල ගන්න බැරි වුන අය "නිත්‍ය සඥාවෙන්" ලෝකය තුල "අහවල් එක තිබේ, අහවල් එක නැත" කියා ප්‍රවාද හදන්නේම අවිද්‍යාව නිසායි. භාග්‍යවත් බුදු රජුන් දේශනා කල ධර්මයට මෝඩ අර්ත විවරණ දීලා දුක්ඛ, අනිත්‍ය, අනාත්ම වරදවා බණ කියන අභය වැනි ස්වාමීන් වහන්සේලාටත් , ඒ මෝඩ, මාන්නක්කර ස්වාමීන් පසු පස යන "මරි-මෝඩ" ශ්‍රාවකයන්ටත් වෙන්නේ ඉතා දිගු කලක් දුක් වෙන්න තමයි.

මම නැවතත් අවධාරණය කරන්න කැමතියි , ඔය "කොන්ටම්" බණ කියන අය දන්න විද්‍යාව ඉතාම නොගැඹුරු එකක්, එහෙමත් නැත්තම් "හොර-විද්‍යාවක්" (pseudo science).
උදාහරණයකට ඔය කියන ඕරා එක සහ කිරිලියන් ඡායා රූප ගැන හොද විස්තරයක් තියෙනවා විකි එකේ. ඔය කියන කිරිලියන් ඡායාරූපවත් ඕරා එකවත් පිලිගත් අංක එකේ විද්‍යාත්මක ජර්නලයක පලවෙලා තිබේද යන්න සැක සහිතයි. ඒක නිසා සීරියස් සයන්ස් කරන අය ඔවාට කියන්නේ "pseudo science " කියලා තමයි. ඒ pseudo science වලින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය වැලිඩේට් කරන්න යන අය කරන විනාශය මොකක්ද කියලා තේරුම් ගැනීමට අබ ඇටයක් තරම්වත් මොලයක් ඔනේ නෑ.

ඇත නැත අන්ත ගැන සැක ඇති අය මේක අහන්න:

https://youtu.be/IGZOf8gwc6E?t=3991
 

pubchi

Member
Nov 5, 2009
120
7
0
මුලින්ම ස්තුතියි පිළිතුරට. :cool:

ඔයා highlight කරපු පේලියක්ම මම මේකේ දානවා. මේක දිහා බලල තමන්ගේ පාට කන්නාඩිය ගලවල පොඩ්ඩක් හිතන්න.


xzbwlp.png


මේකේ පකප්පිතා කියන එක හාමුදුරුවෝ හරවන්නේ ප්‍රකම්පන කියල. සංකතා කියන එක හරවන්නේ සබ්බං කියල.
එහෙම හිතල කියනවා, මේකේ තේරුම ලෝකේ තියෙන සියලු දේම කම්පනයන්ය කියල.


දැන් මන් දන්නවා සෙට් එක බැහැල කොහොමහරි මේක කරකවනවා.
(සංකතා කිව්වම නිවන හැර සියලු දේ නිසා, සංකතා මොකද සබ්බං මොකද නේද? ;))

ඔයා share කරපු pdf එකේම තියෙනවා පකප්පිතා කියන එකට දීපු සිංහල අර්ථය. ඒ තමයි සලකන ලද.
(ඒවා කොහෙද. මේක සිංහලට හරවපු අය මොනවද දන්නේ නේද?:frown: )


B2fy3k.png
 

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,066
    789
    113


    ඔයා highlight කරපු පේලියක්ම මම මේකේ දානවා.


    වචන ඉස්මතු කරලා PDF පිටපත ආවේ නිරපෙක්ෂ්යේ මග සංවිධානෙන්.

    මම තාම කියවලා වත් නැහැ.

     
    Last edited:

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ශක්ති සංස්තිතියට අනුව ගත්තොත් ෆොස් එකක්ට මැවිමක් හො නැසිමක් නෑ නේද ? එතකොට අපි තුල මැරෙනකොට තියන් යම් පොරොටෙන්ශල් එකක් විභවයක් කොමද නැති වෙන්නෙ :dull:
    එතනදි තමා ඕරා එක ගැන අපි බලන්නෙ මම හිතන විදියට අපි හැමොගෙම කර්ම ශක්තියට අනුව ඕරා එකක් පිහිටනව අඩු වැඩි විදිහට. :) :)
    ඔකට තමා පෝටෝන් v=hf වලින් අපිව හැක් කරන්නෙ ,
    එ අනුව අපේ ඉලග උපත මොකක් වෙයිද ? :no: :no:
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    "අහුත්වා සම්භුතං හුත්වා න භවිස්සති" යනුවෙන් අප මහ බුදුරජාණන් වහන්සේ වදාල සේක. "පෙර නොතිබීම හට ගෙන ඉතුරු නැතිවම නිරුද්ධ වන" යන්න එහි අරුත වෙයි.

    තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ නැති පොල් කෙඳි හොයන ex-muslim Ahmed කියල තියෙන්නේ පට්ටපල් බොරුවක් නේ.

    "යංකිංචි සමුදය ධම්මං -සබ්බංතං නිරොධ ධම්මං"

    පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිවම නැතිවන- යන්නයි ඇත්ත ස්වභාවය.


    එනම් අවස්තාවටයි හටගන්නේ. දකින්න පෙර තිබ්බ නොවෙයි, දැක්කට පස්සේ තියෙනවා නොවෙයි, ඒත් භවයෙන් වැහිලා නිසා නිත්‍ය සඥාවෙන් බලන නිසා අපිට නිරෝධය පේන්නේ නැහැ.