මධ්‍යස්ථ,
ඔබ කියපු දේ තවදුරටත් පැහැදිලි කරන්න පුලුවන්ද?
ධම්මචක්කපවත්තන සූත්‍රයේ, අඩංගු වෙන්නෙ මූලිකම බුද්ධ දේශනය. ඒ කියන්නෙ චතුරාර්ය සත්‍ය.
කෙටියෙන් කිව්වොත්,
දුක
දුකට හේතුව
දුකින් මිදීම
දුකින් මිදීමේ මග
දුක කියන්නෙ ලෝකයේ පවතින අනිච්ච ස්වභාවය. කොච්චර ආශ්වාද පස්සෙ දිව්වත් හිත තෘප්තිමත් වෙන්නෙ නෑ. කවදාවත් තෘප්තිමත් කරන්න බැරි හිතක් තෘප්තිමත් කරගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා සිතිවිලි පස්සෙ දුවනව. අපි තේරුම් ගන්නෙ මෙච්චරයි, අවුරුදු මිලියනයක් මේක පස්සෙ දිව්වත් හිත පුරවගන්න බෑ. කොච්චර කල් හිටියත් දේවල් 6යි කරන්න තියෙන්නෙ. රූප බලනව, ශබ්ද අහන්ව, ගඳ සුවඳ බලනව, රස බලනව, ස්පර්ශ ලබනව, හිත හිත ඉන්නව. ඉතින් ඔය වගේ දෙකේ පන්තියේ වැඩ 6ක් කර කර ඉන්න එක තමයි කරන්නෙ අපි ජීවිත කාලෙම. ඒව වෙනුවෙන්ම ජීවිතේ වැය වෙනව.
පවතින දුක තමයි කවදාවත් හිත තෘප්තිමත් කරගන්න බැරි එක. නිරන්තරයෙන් පෙලෙමින්, තැවෙමින්, පතමින් ඉන්නෙ හිත.
මේ දුකට හේතු වෙන්නෙ ලෝකය පස්සෙ ගිහින් හිත තෘප්තිමත් කරගන්න පුලුවන් කියන මෝඩ දෘෂ්ඨිය. ඒක තමයි අවිද්‍යාව කියන්නෙ. කොච්චර මේකෙන් තෘප්තිමත් නොවුනත් තව තව දුවනව කවද හරි තෘප්තිමත් කරගන්නව කියල.
නමුත් ලෝකයේ අසාරත්වය හෙවත් කිසිදා තෘප්තිමත් කරගන්න බැරි ස්වභාවය දැක්ක කියන්නෙ දුකින් මිදීම දැක්ක කියන එක. ඊලඟට ඒක දැකල දුකින් මිදෙන්න ක්‍රියා කරනව. ඒක තමයි දුකින් මිදෙන මාර්ගය.
ඔය ටික තමයි පාලියෙන් ධම්ම චක්ක සූත්‍රයේ මුල සිට සඳහන් වෙන්නෙ.
මැද හරියෙ තමයි "යංකිංචි සමුදය ධම්මං -සබ්බංතං නිරොධ ධම්මං" කියන කොටස තියෙන්නෙ.
මේක ගොඩක් අය හිතන් ඉන්නව ඒ පාඨය ඇහුව ගමන් කොන්ඩඥ්ඥ සෝවහන් උනා කියල. නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. මුල සඳහන් චතුරාර්ය සත්‍ය අහල සෝවහන් උනා කියල කෙටියෙන් ඔය විදියට සඳහන් කරන්නෙ.
සමුදය කියන්නෙ දුකට හේතුව (දුක්ඛ සමුදය )
ඕකට කට්ටිය භෞතික ලෝකය ඇතිවෙනව කියලයි හිතන් ඉන්නෙ. හැබැයි නියම අදහස දුක උදා වීම.
ඊලඟට නිරෝධය කියන්නෙ දුකින් මිදීම (දුක්ඛ නිරෝධය )
මේකට භෞතික ලෝකය නැතිවීම කියල හදාගෙන කට්ටිය. නියම අරුත දුක උදා වෙන එක නැවතීම හෙවත් දුක නිර් උදා කිරීම (නිරෝධය )
කොන්ඩඥ්ඥ දුක සමුදය වෙන විදියත් ඒක නිරෝධ වෙන විදියත් දැකල සෝවහන් උනා කියන අර්ථය ගන්න ඕන.
අර උඩ එක්කෙනෙක් ඕක පටලගෙන දාල තිබුනෙ රටේ නැති කතාවක්.