ඔබ ඔබේ ආයතනයේ වහලෙක් වෙලාද?

AccountsBuwa

Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    ඔබත් ඔබේ ආයතනයේ වහලෙක් වෙලාද?

    පහත කරුණු වලින් එකක් හෝ කිහිපයක් ඔබේ රැකියාවටත් අදාලද ?

    *ඔබට බොහෝවිට සතියේ දිනවල නිදාගන්න ලැබෙන්නේ පැය 6 කට වඩා අඩු කාලයකි.

    *ඔබගේ ආයතනයට ඔබ පැමිණෙන විට සහ පිටත්ව යන විට, ආයතනය ඇතුලේ විදුලි පහන් දැල්වීම හෝ නිවා දැමීම බොහෝවිට ඔබ අතින් සිදුවේ.

    *ඔබට මතක ඇති කාලයකට ඔබේ දරුවෙකුගේ හෝ ලගම අයකුගේ උත්සව අවස්ථාවකට සහබාගි වී නැත.

    *ආයතන කාලයේදී ඔබේ දෙමුපියන්ගෙන්, බිරිඳගෙන් හෝ වෙනත් ලගම අයෙකුගෙන් ඔබට ලැබෙන දුරකථන ඇමතුමක් පවා කරදරයක් සේ පෙනේ.

    *ඔබට අවසාන වරට ආයතනයෙන් නිවාඩුවක් ගත දිනය ගැන මතකයට නගා ගැනීම අසීරුය.

    *ඔබේ performance පිළිබඳව ඔබ නිරන්තරයෙන් කනස්සල්ලට පසුවේ නැතහොත් ඔබේ ප්‍රධානියා විසින් ඔබේ performance ගැන නරක අදහසක් ඇත්දැයි බියෙන් පසුවේ.

    *ඔබේ දුක් ගැනවිලි ගැන ඔබේ ප්‍රධානියාට, මානව සම්පත් අංශයට හෝ ඔබේ හිතවත් සගයන් සමඟ කතා කිරීමට ඔබට නොහැකි බව ඔබට හැඟී ඇත.

    *දැනට කරන රැකියාව නැති උනොත්, දැනට ලැබෙන වැටුප්/පහසුම් වලට සමානව ලැබෙන වෙනත් රැකියාවක් ලබා සොයා ගැනීම ඔබට අසීරු සේ පෙනේ.

    *ඔබේ රැකියා ජීවිතය සහ පුද්ගලික ජීවිතය දෙකක් ලෙස ඔබට නොපෙනේ හෝ මේ දෙක නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට ඔබට නොහැකි වී ඇත.

    එසේනම් එය ඔබ ඔබේ ආයතනයේ සේවකයෙකු නොව වහලෙකු වී ඇති බවට සංඥාවන් විය හැකිය!

    uH3hI4R.jpg

    ආයතනික වහල් භාවයෙන් මිදීමට උපදෙස්

    *ආයතනයේ වැඩ කිසිවිටකත් ගෙදර ගෙනයාමෙන් වලකින්න. හැකිනම් ආයතන ජංගම දුරකතනය සති අන්තයේ නිවා දමන්න

    *පර්යේෂණයකට අනුව, ඔබගේ දුරකථනයේ ඊ-තැපැල් දැනුම්දීම් ක්‍රියා විරහිත කිරීම ආතතිය අඩු කිරීමට උපකාරී වේ. (switching off email notifications on your phone)

    *කුමන හෝ විනෝදාංශයක් තුල ක්‍රියාකාරී වෙන්න. ඔබ ආදරය කරන දෙයකට සෑම දිනකම අවම වශයෙන් එක් පැයක් වත් වෙන් කරන්න

    *වැටුපට අමතරව යම්කිරි සුළු හෝ අමතර අදායම් මාර්ගයක් ඇතිකර ගැනීමට උත්සහ කරන්න. එය ඔබේ විනෝදාංශය හා සම්බන්ධ දෙයක් නම් අගනේය.

    *ඔබ ඔබේ කාර්යාලයේ ආහාර ගන්න වේලාවන් කලින් සැලසුම් කරන්න; මානසික ආතතිය අවම කිරීම සඳහා ඔබේ ගන්නා කැෆේන් ප්රමාණය අඩු කර ගන්න.

    *කලින් සැලසුම් කර නිවාඩු ලබා ගන්න; පව්ලේ අය හෝ මිතුරන් සමග කාලය ගත කරන්න

    *ඔබගේ පැරණි මිතුරන් සමඟ සම්බන්ධ වන්න

    *ගූගල් සිතියම් භාවිතය මගින් ඔබගේ ආයතනයට පැමිණෙන මාර්ගය නිතර වෙනස් කරන්න. නව මාර්ගයක් සොයා ගන්න, එවිට ඔබට ක්ෂණික සතුටක් ලැබෙනු ඇත.

    *ඔබගේ අදහස් අන් අය සමග බියකින් තොරව ඉදිරිපත් කරන්න
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    අයෙත් අහන්න දෙයක් නැ...IT නම් බඩුම තමයි...:yes:

    මන් එකමයි ඔය ෆීල්ඩ් එකෙන් අයින් උනෙත්.
    නිදහස නැහැ.
    අයි.ටී ,එකවුන්ටින්ග් සෙරම එහෙම තමා.
    කස්ටමර් සර්විස් වගෙ නම් එල. මොකද කස්ටමර්ස්ලා ඇහැරිලා ඉන්න වෙලාවල් වලනෙ වැඩ. එකත් ඉතිං යු ඇස්, යු කේ රටවල බී පී ඕ එකක් නම් ඔන්න හිකෙනවා.
    නිදහසක් ඔනෙ නම් හොඳම දෙ ෆ්‍රීලාන්ස් කරන එක. ඒ වචනෙම අර්ථය තියෙනවානෙ ?
    එත් එක ටිකක් රිස්කි සහ තනිකම වැඩී.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    මට කියන්න තියෙන්නෙත් එකමයි බන්....මමත් අයින් උනේ ඕක තමයි හේතුව...:nerd:

    මහා රැටත් ඇස පොඩි කර කර code කරපු හැටි මතක් වෙනවා....

    හෙට demo මේවා පෙන්නන ඕනේ කියල කිව්වම තවත් දුම් පනිනවා...

    උන් ඉල්ලපු ඔක්කොම හදල demo එක කරාම .....ඊට පස්සේ කියනවා..මේ feature එක ඕනේ නැ ..එක අයින් කරන්න කියල...(එතකොට උගේ ...)

    අපෝ...මතක් කරන්න එපා...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City

    මට කියන්න තියෙන්නෙත් එකමයි බන්....මමත් අයින් උනේ ඕක තමයි හේතුව...:nerd:

    මහා රැටත් ඇස පොඩි කර කර code කරපු හැටි මතක් වෙනවා....

    හෙට demo මේවා පෙන්නන ඕනේ කියල කිව්වම තවත් දුම් පනිනවා...

    උන් ඉල්ලපු ඔක්කොම හදල demo එක කරාම .....ඊට පස්සේ කියනවා..මේ feature එක ඕනේ නැ ..එක අයින් කරන්න කියල...(එතකොට උගේ ...)

    අපෝ...මතක් කරන්න එපා...

    ෆීල්ඩ් එකෙ සුන්දරත්වය ලංකාවෙ කම්පැණිස් වලින් නම් හම්බ වෙන්නෙ නැහැ. පිටරටත් බොහො කම්පැණිස් වල තත්වෙ ඔකම තමා. සන්තොස වෙන්න තියෙන්නෙ තමන් තනියෙන් මොකක් හරි නිර්මාණයක් කරලා එක දැකලා සතුටු වෙන එකෙන් විතරයි.
    මධුර ඩික්ෂනරි එක හදපු එකාට මොනවාගෙ සතුටක් ඇත්ද අන්න ඒ වගෙ.
    හොඳම දෙ එක්ක තමන්ගෙ බිස්නස් එකක් කරන එක. නැත්තම් ෆ්‍රිලාන්ස් කරන එක නැත්තම් ආණ්ඩුවෙ අයිස් ගහන ජොබකට පනින එක.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    ෆීල්ඩ් එකෙ සුන්දරත්වය ලංකාවෙ කම්පැණිස් වලින් නම් හම්බ වෙන්නෙ නැහැ. පිටරටත් බොහො කම්පැණිස් වල තත්වෙ ඔකම තමා. සන්තොස වෙන්න තියෙන්නෙ තමන් තනියෙන් මොකක් හරි නිර්මාණයක් කරලා එක දැකලා සතුටු වෙන එකෙන් විතරයි.
    මධුර ඩික්ෂනරි එක හදපු එකාට මොනවාගෙ සතුටක් ඇත්ද අන්න ඒ වගෙ.
    හොඳම දෙ එක්ක තමන්ගෙ බිස්නස් එකක් කරන එක. නැත්තම් ෆ්‍රිලාන්ස් කරන එක නැත්තම් ආණ්ඩුවෙ අයිස් ගහන ජොබකට පනින එක.

    Mehe nam IT karana unta bonda beer thiyanawa kanda kama thiyanawa. Paid vacation thiyanawa, bla bla bla.
    Man podi gathering ekakata office ekakata giya 6ta withara ballekwath na. :(
    5 weddi car tika polime yanawa.
    Man asikiland waladi wadakarapu office eke overseas branch eke unuth unge welawen hawasa 4n passe phone ekak wath answer karanne na director la arenna. :lol::lol:
    Ee unata asikiland branch eke un ra 2 - 3 wenakan wada. :eek:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ෆීල්ඩ් එකෙ සුන්දරත්වය ලංකාවෙ කම්පැණිස් වලින් නම් හම්බ වෙන්නෙ නැහැ. පිටරටත් බොහො කම්පැණිස් වල තත්වෙ ඔකම තමා. සන්තොස වෙන්න තියෙන්නෙ තමන් තනියෙන් මොකක් හරි නිර්මාණයක් කරලා එක දැකලා සතුටු වෙන එකෙන් විතරයි.
    මධුර ඩික්ෂනරි එක හදපු එකාට මොනවාගෙ සතුටක් ඇත්ද අන්න ඒ වගෙ.
    හොඳම දෙ එක්ක තමන්ගෙ බිස්නස් එකක් කරන එක. නැත්තම් ෆ්‍රිලාන්ස් කරන එක නැත්තම් ආණ්ඩුවෙ අයිස් ගහන ජොබකට පනින එක.

    :yes::yes::yes: