ධෛර්යයවන්ත මතුගම හාමුදුරුවෝ

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ධෛර්යයවන්ත මතුගම හාමුදුරුවෝ

    මුස්ලිම් මිනිස්සු පන්නපියව් ,පල්ලි කඩාපියව් සිංහල මිනිස්සු පදිංචි කරව් කියලා සෝබන වැඩ කරන හාමුදුරුවරු වැඩිපුර ඉන්නා රටක සැබෑ ජාත්‍යාලයකින් සිංහල මිනිස්සුන්ට නායකත්වය දෙන වර්තමාන හිමි නමක් ගැන අහන්නට ලැබීමත් සතුටක්.නියම බෞද්ධ භික්ෂුවගේ හැසිරීම දුටිමි.ඔබ වහන්සේගේ අධිෂ්ඨානය මුදුන්පත් වේවා ! ඔබ වහන්සේගේ මග යන ගෝල පරපුරක් බිහි කිරීමට හැකි වේවා !

    මතුගම නගරයේ එළ හරක් මස් කඩය 2018 වර්ෂය සඳහා රුපියල් 32,25,622ක මුදලකට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් ටෙන්ඩරය ලබාගෙන ඇතැයි මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ මහතා කීවේය.

    මතුගම ප්‍රාදේශීය සභාවේ එළ හරක් මස් කඩය 2017 වර්ෂය සඳහා ටෙන්ඩර් මුදල රුපියල් 22,60,150ක් වූ අතර 2018 වර්ෂයේ අවම ටෙන්ඩර් මුදල රුපියල් 24,86,165ක් විය යුතු බව ප්‍රාදේශීය සභාව නිවේදනය කර තිබිණ. ඒ අනුව දැනට මස් කඩය පවත්වාගෙන යන මුස්ලිම් ව්‍යාපාරිකයා හා භික්ෂුන් වහන්සේ නමක් ටෙන්ඩර් ඉදිරිපත් කර තිබිණි. පසුගිය 27දා ටෙන්ඩර් විවෘත කිරීමේදී මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයා 27,16,000ක් ලංසු තබා තිබූ අතර මාවිට ඥානරතන නමැති භික්ෂුන් වහන්සේ නමක් රුපියල් 32,25,622ක මුදලකට ලංසු තබා ඇත. ටෙන්ඩර් පත් අනුව 2018 ජනවාරි සිට මතුගම එළහරක් මස් කඩය ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට හිමිව ඇත.

    මස් කඩ ටෙන්ඩරය ලබාගත් මාවිට ඥානරතන හිමියෝ ප්‍රකාශ කරන්නේ මතුගම ගවමස් කඩය වසා දමන්නැයි 2015 වසරේදිත් ඊට පසුවත් කිහිප අවස්ථාවකදී ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලීම් කළත් නීතිමය ගැටලු නිසා එය ඉටුකළ නොහැකි බව ප්‍රාදේශීය සභාව ප්‍රකාශ කළ බවයි. ඒ අනුව 2018 වර්ෂයේ මස් කඩ ටෙන්ඩරය ලබාගෙන සභාවට බදු මුදල් ගෙවා මස් කඩය වසා දැමීමට පියවර ගන්නා බව මාවිට ඥානරතන හිමියෝ කීහ. දකුණු ආසියාවේ උසම හිටි පිළිමය පිහිටි මතුගම ඓතිහාසික පූජනීය නගරයක් බවත් සතිපොළ පැවැත්වෙන ඉරිදා හා බදාදා දිනවලදී දිනකට ගවයන් දෙදෙනකුගේ මස් අලෙවි කරන තත්ත්වයක් ඇති නිසා මෙම පියවර ගත් බවත් මේ සඳහා මහා සංඝරත්නයේත් බෞද්ධ ජනතාවගේත් විශාල ඉල්ලීමක් හා සහයෝගයක් ඇති බවත් ඥානරතන හිමියෝ කීහ.

    මේ පිළිබඳව මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ මහතා කීවේ වැඩිම ටෙන්ඩර් මුදලට මස් කඩය හිමිවන නමුත් ටෙන්ඩර්කරු ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු බවයි. ඒ අනුව දින හතකට වඩා මස් කඩය වසා තැබිය නොහැකි බවත් ගිවිසුමේ නීති කඩකළහොත් අදාළ ටෙන්ඩරය අවලංගු වන බවත් අසෝක රණසිංහ මහතා කීවේය.

    මතුගම - වසන්ත කුමාර
    2017-10-31
    මවුබිම
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka

    :shocked::shocked::shocked::shocked:
    Mokak weida ??? :sorry:
     
    • Like
    Reactions: sanjaya22

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    :growl::growl: ලංකාවේ තියෙන්නේ මහ ගොබ්බ නීති නේ.... අනික නීතිය නැවෙයි තම්බියා වෙනුවෙන්..... !! :growl::growl:

    දැන් තියෙන්නේ දවස් 7කට පාරක් කඩේ ඇරලා මස් ඉවරයි කියලා මිනිස්සුන්ට කියන්න.:yes:
    නීතිය අනිත් පැත්තට නවන්න තමා හාමුදුරුවන්ට වෙන්නේ . කොන්ද පන තියෙන නායකයෝ මතුගමත් නෑ වගේනේ ...
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,583
    1,459
    113
    Sri Lanka
    දැන් තියෙන්නේ දවස් 7කට පාරක් කඩේ ඇරලා මස් ඉවරයි කියලා මිනිස්සුන්ට කියන්න.:yes:
    නීතිය අනිත් පැත්තට නවන්න තමා හාමුදුරුවන්ට වෙන්නේ . කොන්ද පන තියෙන නායකයෝ මතුගමත් නෑ වගේනේ ...
    :yes::yes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    :growl::growl: ලංකාවේ තියෙන්නේ මහ ගොබ්බ නීති නේ.... අනික නීතිය නැවෙයි තම්බියා වෙනුවෙන්..... !! :growl::growl:
    :(:(:(:(

    දැන් තියෙන්නේ දවස් 7කට පාරක් කඩේ ඇරලා මස් ඉවරයි කියලා මිනිස්සුන්ට කියන්න.:yes:
    නීතිය අනිත් පැත්තට නවන්න තමා හාමුදුරුවන්ට වෙන්නේ . කොන්ද පන තියෙන නායකයෝ මතුගමත් නෑ වගේනේ ...
    Puluwan weida oya wade? mas denna oni kiyala neh kiyanne :(
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    දැන් තියෙන්නේ දවස් 7කට පාරක් කඩේ ඇරලා මස් ඉවරයි කියලා මිනිස්සුන්ට කියන්න.:yes:
    නීතිය අනිත් පැත්තට නවන්න තමා හාමුදුරුවන්ට වෙන්නේ . කොන්ද පන තියෙන නායකයෝ මතුගමත් නෑ වගේනේ ...

    aniwaa, kade open karala thiyanna kiyala witharanam law eka thiyenne awulak nahane :yes::yes::yes: