නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    යමෙක් යම් ආගමක ඉපදෙන්නේ පෙර කර්මයෙන්. ඔවුන් පෙර භව වලදී අදහන ලද, ගරු කරන ලද ආගම තියෙන තැනක යමෙක් ඉපදෙන්න තියෙන අවස්ථාව වැඩියි. එතකොට එහෙම කෙනෙක් තමන්ට උපතින් ලැබුණ ආගම වැඩියෙන් විශ්වාස කරන එක පුදුමයක් නෙවෙයි. ඒක ඔහු සසර පුරා ගෙනාපු පුරුද්දක්. පෙර භව දහස් ගනනක දෙවියන් අදහපු කෙනා මේ භවයේදීත් එවැනි භවයක්ම ලබා ඒ තිබූ දේව විශ්වාසයම පවත්වාගෙන යනවා.

    Agreed :yes:

    එහෙම සද්ධර්මය අහන්න ලැබෙන තැනක් උපත ලැබිමත් වෙලාව තමයි. ලොකයා මොන දෙවියන් ඇදැහෙව්වත් විශ්වයේ ධර්මතාවය අප කාටත් පොදුයි. විවිද ආගම් මිනිසා විසින්මයි ඇතිකරගත්තේ අපිට බරිබාහිරවු සංකල්පයකින් විශ්වාසයක් ගොඩනගාගන්න බුදුදහම කියන්නෙ එහෙම ආගම් ලෙස අදහන අය සිටියට එය එසෙ නෙමෙයි බුදුන් පැහැදිලි කරන්නේ අපි කෙසෙද මේ ධර්මතාවයන්ට අනුව යහපත් ලෙස ජිවත්වන්නේ සහ අවසාන පරමාර්ථය වශයෙන් කොසෙද මේ සසරෙන් ගැලවෙන්නේ කියන එකයි.

    ලොකයා 100% විශ්වාස කරත් නැවත ඉපදිපක් නැහැයි කියලා ලොකධර්මතාවය වෙනස් වෙන්නේ නැහැ.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඕකනේ උබල දල්ල දකින්නේ ප්ලාස්ටික් කෑල්ලක් වගේ නමුත් ජීවිතය දල්ල වගේම ඩයිනමික් දාම ප්‍රතික්‍රියාවක් එය යම් ශක්තියකින් හෝ ප්‍රතික්රියවකින් ආරම්භ වෙලා දිගින් දිගටම ශක්ති ප්‍රභව පරිභෝජනය කරම්න් පවතිනවා දැල්ලක් එකමද දෙකමද තුනමද අනන්තමද කියල කියන්න බෑ එය මොහොතින් මොහොත වෙනස් වෙනවා..

    :rofl: ha ha ha
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කෙටි පිළිතුර: නැවත ඉපදීමක් නැත !!!

    බුදුදහමට අනුවත්ඔබ මියගිය පසු ඔබම නැවත ඉපදීමක් නැත ....එමනිසයි බුදුදහම්මේ ත්‍රිලක්ෂණයේ "අනාත්ම" ලෙස හදුන්න්වන්නේ ...:nerd:

    අපි වෙනත් ආත්මයක් ලෙස හදුන්වන්නේ ඔබත් නොවන ඔබ නෙවන්නෙත් නොවන අවස්ථාවකි ! මෙය පැහැදිලිකිරීමට වෙනත් අයෙකුට බාරකරමි (office යන්න ඕනේ , වෙලාව නෑ) හැකිවුනොත් පසුව ලියමි :):):)

    බුදුන් වගේ මමත් නැහැ කියන්නේත් නැහැ, තියෙනවා කියන්නෙත් නැහැ

    ඔබ කිව්වා වගේ නැවත් සකස් වන්නේ ඔබත් නොවන ඔබ හැර වෙන කෙනෙකුද නොවන දෙයක් එය විස්සර කිරිමට අපහසුයි නමුත් මිලින්ද ප්‍රහ්නයෙදි ඉතා අගනා උපමා වලින් එය එසෙ විය හැකියි කියාලා මනාව අවබොද වෙනවා නුවනක් තියෙන කෙනෙකුට
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මරණින් පසු ගමන් කරන චිත්ත පරම්පාරාවක් ඇත. ඒක කැමති විදියකට නමක් දා ගන්න. මම නම් කැමතියි ආත්මය කියන්න. ඒක හරිම රසවත් නමක්. :P

    හරි කියපන් ආත්මයක් තියනවද නැද්ද? පිළිතුර ඔව්/නැත පමණි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මරණින් පසු ගමන් කරන චිත්ත පරම්පාරාවක් ඇත. ඒක කැමති විදියකට නමක් දා ගන්න. මම නම් කැමතියි ආත්මය කියන්න. ඒක හරිම රසවත් නමක්. :P

    උඹල මේ ආත්මේ හොඳ චෛතසිකයක් ගොඩ නගාගෙන ජීවිතය කෙළවර ආයෙත් උත්පත්තියක් ලැබුණාම මොකද ආයෙත් ළදරු මට්ටමින් චෛතසිකය පටන් ගන්නේ....? උපතේ සිට මරණය දක්වා මිනිසාගේ චෛතසිකයේ වෙනස් වීම (වයසට සාපේක්ෂව) අනුව බලපුවාම මරණෙන් පස්සේ සියල්ලම කෙළවර වේ කියන එක අසාධාරණ ද...?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අසාධාරණ නම් නැහැ. හැබැයි යතාර්ථය එහෙම නොවීම තමයි ගැටලුව.

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0

    එක දිගට යන කර්ම ප්‍රවාහයක් ඇති බැවින් අනාත්ම යැයි කියන්න බෑ. විඥ්ඥානය ඒ ඒ මොහොතේ නැවත හටගන්නා නිසා ආත්ම යැයිද කීමට නොහැක. ඇත්තේ ඒ ඒ මොහොතේ පටිච්චසමුප්පන්නව හටගන්නා විඥ්ඥානයක් පමණයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අසාධාරණ නම් නැහැ. හැබැයි යතාර්ථය එහෙම නොවීම තමයි ගැටලුව.

    යථාර්ථය ඒක නෙවෛයි කියල කියන්නේ කොහොමද...? පුංචි එකෙක් ඉපදුණාම එතන ඉඳන් උගේ චෛතසිකය ගොඩනැගෙන්නේ උගේ වයසත් එක්ක.... හරියට කියනවා නම් බිංදුවේ ඉඳන් වගේ... එහෙමෙ බලපුවාම ගිය ආත්මයේ ඌ මහන්සියෙන් ගොඩනගා ගත් ඔය කියන චෛතසිකය කොහේද.... ආත්ම ගණන් පෙරුම් පුරනවා කිියන එකට මොකද වෙන්නේ.... පුංචි උදාහරණයක් කියන්නම්... සිදුහත් කුමාරයා සතර පෙර නිමිතිවලින් මැරෙනකං වහන් කරගෙන හිටියා නම් බොහෝ විට ඔහුට අබිනික්මනක් ගැන සිතන්න බැරි වෙන්න තිබ්බා නේද...?

    අනෙක් අතට මිනිස්සු ක‍්‍රමයෙන් වයසට යනවා කියල අවබෝධ කර ගැනීමට තරම් පස්මහ බැලුම් බලල උපතක් ලබපු අයෙක්ට තේරෙන්න ඔච්චර කල් ගියේ ඇයි... තමන්, තමන්ගේ යාලුවන්, පියා, සුලු මව ක‍්‍රමයෙන් වයසට යන බවක් දැක්කේ නැද්ද.... එය තමන්ට ගලපා ගැනීමට නොහැකි තරම් ළාමකද...?

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    උඹල මේ ආත්මේ හොඳ චෛතසිකයක් ගොඩ නගාගෙන ජීවිතය කෙළවර ආයෙත් උත්පත්තියක් ලැබුණාම මොකද ආයෙත් ළදරු මට්ටමින් චෛතසිකය පටන් ගන්නේ....? උපතේ සිට මරණය දක්වා මිනිසාගේ චෛතසිකයේ වෙනස් වීම (වයසට සාපේක්ෂව) අනුව බලපුවාම මරණෙන් පස්සේ සියල්ලම කෙළවර වේ කියන එක අසාධාරණ ද...?

    "උපතේ සිට මරණය දක්වා මිනිසාගේ චෛතසිකයේ වෙනස් වීම"
    උපතේ සිට වයසට යන විට විඥ්ඥානය ටික ටික වැඩිවෙනවා. හැබැයි මැරෙන්න ලංවෙන කොට නං විඥ්ඥානය ටිකක් අඩු වෙනවා තමයි. මේ නිසා තමයි ගොඩක් මිනිස්සු මැරුණට පස්සේ දුගතිගාමී වෙන්නේ. හැබැයි මේ විඥ්ඥානය අඩු වුණාට කාටවත් කියන්න බෑ විඥ්ඥානය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියලා. ඇත්තටම මරණයේදි වෙන්නේ විඥ්ඥානය තුල එකවර ලොකු වෙනස් වීමක් වීම. ජීවත්ව සිටියදී විඥ්ඥානය මෙහෙම එකවර විශාල ලෙස වෙනස් වෙන්නේ නෑ. ටික ටික තමයි වෙනස් වෙන්නේ. නමුත් මරණින් මතු අවසන් චුති සිත අනුව අලුත් ප්‍රතිසන්ධි සිතක් හැදෙනවා. මේ ප්‍රතිසන්ධි සිතට අනුව විඥ්ඥානය පෙර භවයට වඩා ගොඩාක් වෙනස් භවාංග සිත් නිර්මාණය කරනවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    "උපතේ සිට මරණය දක්වා මිනිසාගේ චෛතසිකයේ වෙනස් වීම"
    උපතේ සිට වයසට යන විට විඥ්ඥානය ටික ටික වැඩිවෙනවා. හැබැයි මැරෙන්න ලංවෙන කොට නං විඥ්ඥානය ටිකක් අඩු වෙනවා තමයි. මේ නිසා තමයි ගොඩක් මිනිස්සු මැරුණට පස්සේ දුගතිගාමී වෙන්නේ. හැබැයි මේ විඥ්ඥානය අඩු වුණාට කාටවත් කියන්න බෑ විඥ්ඥානය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියලා. ඇත්තටම මරණයේදි වෙන්නේ විඥ්ඥානය තුල එකවර ලොකු වෙනස් වීමක් වීම. ජීවත්ව සිටියදී විඥ්ඥානය මෙහෙම එකවර විශාල ලෙස වෙනස් වෙන්නේ නෑ. ටික ටික තමයි වෙනස් වෙන්නේ. නමුත් මරණින් මතු අවසන් චුති සිත අනුව අලුත් ප්‍රතිසන්ධි සිතක් හැදෙනවා. මේ ප්‍රතිසන්ධි සිතට අනුව විඥ්ඥානය පෙර භවයට වඩා ගොඩාක් වෙනස් භවාංග සිත් නිර්මාණය කරනවා.

    උඹටම හිතෙන්නේ නැද්ද වචන දන්න හින්ද ඕනම දෙයක් කියන්න පුලූවන් හින්ද නැවත ඉපදීම ගැන උඹල කියවන්නේ මනස්ගාත කියල.... ප‍්‍රතිසන්ධියට හේතුවන චෛතසිකය නැවතත් බිංදුවෙන් පටන් ගන්නවා නම් මොන ලබ්බට ද ආත්ම ගණන් පෙරුම් පුරන්නේ....? :rofl:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    උඹටම හිතෙන්නේ නැද්ද වචන දන්න හින්ද ඕනම දෙයක් කියන්න පුලූවන් හින්ද නැවත ඉපදීම ගැන උඹල කියවන්නේ මනස්ගාත කියල.... ප‍්‍රතිසන්ධියට හේතුවන චෛතසිකය නැවතත් බිංදුවෙන් පටන් ගන්නවා නම් මොන ලබ්බට ද ආත්ම ගණන් පෙරුම් පුරන්නේ....? :rofl:

    "ප‍්‍රතිසන්ධියට හේතුවන චෛතසිකය නැවතත් බිංදුවෙන් පටන් ගන්නවා නම් මොන ලබ්බට ද ආත්ම ගණන් පෙරුම් පුරන්නේ."
    චුති සිතෙන් නැවත අලුතින්ම ප්‍රතිසන්ධි සිතක් නිර්මාණය වුණාට, ඒ පුද්ගලයාගේ එක්රැස් වූ කර්ම ශක්තිය අලුතින් පටන්ගන්නේ නෑ. ඒ පුද්ගලයා නැවත ප්‍රතිසන්ධිය ලැබූ තැනේ ඉඳලා ඒ කර්ම ශක්තිය බලපාන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයාගේ පෙර රැස් කරගත් කර්මය අසාර්ථක නම්, ඒ ප්‍රතිසන්ධිය කොතරම් හොඳ වුණත් අකුසල කර්ම ඵල එන්න පටන් ගන්නවා. අකුසලය ඉතා බලවත් නම් ඒ පුද්ගලයාව එතනින් මරණයට පත් කරන්න වුනත් පුළුවන්. ජීවිත ගානක් පෙරුම් පුරන්නේ ඔය කර්ම ශක්තිය හොඳ අතට හරවා ගැනීමට.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    "ප‍්‍රතිසන්ධියට හේතුවන චෛතසිකය නැවතත් බිංදුවෙන් පටන් ගන්නවා නම් මොන ලබ්බට ද ආත්ම ගණන් පෙරුම් පුරන්නේ."
    චුති සිතෙන් නැවත අලුතින්ම ප්‍රතිසන්ධි සිතක් නිර්මාණය වුණාට, ඒ පුද්ගලයාගේ එක්රැස් වූ කර්ම ශක්තිය අලුතින් පටන්ගන්නේ නෑ. ඒ පුද්ගලයා නැවත ප්‍රතිසන්ධිය ලැබූ තැනේ ඉඳලා ඒ කර්ම ශක්තිය බලපාන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයාගේ පෙර රැස් කරගත් කර්මය අසාර්ථක නම්, ඒ ප්‍රතිසන්ධිය කොතරම් හොඳ වුණත් අකුසල කර්ම ඵල එන්න පටන් ගන්නවා. අකුසලය ඉතා බලවත් නම් ඒ පුද්ගලයාව එතනින් මරණයට පත් කරන්න වුනත් පුළුවන්. ජීවිත ගානක් පෙරුම් පුරන්නේ ඔය කර්ම ශක්තිය හොඳ අතට හරවා ගැනීමට.

    ඔය කර්මන ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ කොහෙද... චෛතසිකයෙන් නැත්තං ප‍්‍රතිසන්ධියේ දීී ඕක පොම්ප කරන්න අනිවාර්යයෙන් ම තුන්වෙනි පාර්ශවයක් ඉන්න ඕන.. :oo: බුද්ධ ඉගැන්වීම අනුව සර්වබලධාරියෙක් නෑනේ.... තනිකරම සංකල්පීය තර්කයක් විතරයි බං.... :P
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මට නම් වෙලාව නැහැ මචන් උඹට ඕනේ උත්තරය ටයිප් කරන්න.

    හැබැයි සතර පෙර නිමිති ගැන දෙයක් කියන්නම්. ඔතනත් ට්‍රාන්ස්ලේෂන් එකේ වරදක් වෙලා කියලයි මටත් හැඟෙන්නේ. මොකද ඔය දේ නොතේරෙන්න බබෙක් වෙන්න බැහැ සිදුහත් කුමාරයා.

    ලෙඩෙක්, මහල්ලෙක්, මළකඳක් සහ පැවිද්ද ගැන ධර්මයෙන් අවබෝධ වුනු මොහොත ගැන තමයි ඔය කතා කරන්නේ.

    යථාර්ථය ඒක නෙවෛයි කියල කියන්නේ කොහොමද...? පුංචි එකෙක් ඉපදුණාම එතන ඉඳන් උගේ චෛතසිකය ගොඩනැගෙන්නේ උගේ වයසත් එක්ක.... හරියට කියනවා නම් බිංදුවේ ඉඳන් වගේ... එහෙමෙ බලපුවාම ගිය ආත්මයේ ඌ මහන්සියෙන් ගොඩනගා ගත් ඔය කියන චෛතසිකය කොහේද.... ආත්ම ගණන් පෙරුම් පුරනවා කිියන එකට මොකද වෙන්නේ.... පුංචි උදාහරණයක් කියන්නම්... සිදුහත් කුමාරයා සතර පෙර නිමිතිවලින් මැරෙනකං වහන් කරගෙන හිටියා නම් බොහෝ විට ඔහුට අබිනික්මනක් ගැන සිතන්න බැරි වෙන්න තිබ්බා නේද...?

    අනෙක් අතට මිනිස්සු ක‍්‍රමයෙන් වයසට යනවා කියල අවබෝධ කර ගැනීමට තරම් පස්මහ බැලුම් බලල උපතක් ලබපු අයෙක්ට තේරෙන්න ඔච්චර කල් ගියේ ඇයි... තමන්, තමන්ගේ යාලුවන්, පියා, සුලු මව ක‍්‍රමයෙන් වයසට යන බවක් දැක්කේ නැද්ද.... එය තමන්ට ගලපා ගැනීමට නොහැකි තරම් ළාමකද...?

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඔය කර්මන ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ කොහෙද... චෛතසිකයෙන් නැත්තං ප‍්‍රතිසන්ධියේ දීී ඕක පොම්ප කරන්න අනිවාර්යයෙන් ම තුන්වෙනි පාර්ශවයක් ඉන්න ඕන.. :oo: බුද්ධ ඉගැන්වීම අනුව සර්වබලධාරියෙක් නෑනේ.... තනිකරම සංකල්පීය තර්කයක් විතරයි බං.... :P

    කර්ම ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ විශ්වය පුරාම ඇති පදාර්ථය තුල ගැබ් වෙලා. බුදුදහමට අනුව නම් නාම හා රූප වල තමයි මේ කර්ම ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ. විභව ශක්තිය, රසායනික ශක්තිය වගේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය කර්මන ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ කොහෙද... චෛතසිකයෙන් නැත්තං ප‍්‍රතිසන්ධියේ දීී ඕක පොම්ප කරන්න අනිවාර්යයෙන් ම තුන්වෙනි පාර්ශවයක් ඉන්න ඕන.. :oo: බුද්ධ ඉගැන්වීම අනුව සර්වබලධාරියෙක් නෑනේ.... තනිකරම සංකල්පීය තර්කයක් විතරයි බං.... :P

    typical ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනේ logic :rolleyes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මට නම් වෙලාව නැහැ මචන් උඹට ඕනේ උත්තරය ටයිප් කරන්න.

    හැබැයි සතර පෙර නිමිති ගැන දෙයක් කියන්නම්. ඔතනත් ට්‍රාන්ස්ලේෂන් එකේ වරදක් වෙලා කියලයි මටත් හැඟෙන්නේ. මොකද ඔය දේ නොතේරෙන්න බබෙක් වෙන්න බැහැ සිදුහත් කුමාරයා.

    ලෙඩෙක්, මහල්ලෙක්, මළකඳක් සහ පැවිද්ද ගැන ධර්මයෙන් අවබෝධ වුනු මොහොත ගැන තමයි ඔය කතා කරන්නේ.

    මෙතනදී උඹලා පොඞ්ඩක් කුහක වෙනවා නේද...?
    උඹලා දැන් උඹලගේ ආගම පරම සත්‍ය කියල ඔප්පු කරන්න ගන්නේ බෞද්ධ මූලාශ‍්‍ර....
    හැබැයි ඒ මූලාශ‍්‍රවලම ගැටලූකාරි තැනක් ආපු හැටියේ ඒ මූලාශ‍්‍ර වල මග හැරී යාමක්, පරිවර්තන දෝෂ කියල මග හරිනවා....
    එතකොට ඔය සිදුහත් චරිතය කියන්නේ මහ ලොකු ගැඹුරු විෂයයක් නෙවෙයිනේ...
    ඒ හින්ද ඕනම කෙනෙකුට සාධාරණ තර්කයක් ගේන්න පුලූවන් නේද උඹල ඔය කියන ගැඹුරු ධර්ම කරුණුවලත් දෝෂ සහගත තැන්, විකෘතිවීම් තියෙනවා කියලා...

    මෙහෙමයි මචං ආගමක් බොරු කියල හෝ සත්‍ය කියල අපි තර්ක කලාට වැඩක් නෑ....
    අවකංවම මම උඹයි එකම බෝට්ටුවේ... උඹගෙයි මගෙයි දින චර්යාව එකම වෙනස උඹ පහන තියන එකයි මම පහන නොතියන එකයි විතරක්ම වෙන්න පුලූවන්.....

    නැවත ඉපදීම, ඊට අදාල චෛතසික, අරකට වඩා මේ කුසලය බලවත්, අර අකුසලයට වඩා මේ අකුසලය බලවත් කිය කියා ඒවා තක්සේරු කරන්නේ කවුද... බාහිර බලවේගයකුත් නැත්තම් ඒවලට බර තියන්න ඕන අපගේම චෛතසිකය නේද...? හැබැයි අපගේ චෛතසිකය අනුව භවයක් ලබන්නේ අප නොදන්නා තැනක, නොදන්නා පුද්ගලයෙකු විදියට... ඒ වගේම ආයෙත් නොදරුවෙක් විදියට... මේ දේවල් අපරාපර ගලපන්න ගියාම හුදෙක් මායා බෝංචි වැල වගේ කතාවක් පමණක් ගෙතීම නිකන්ම වෙනවා නේද...?

    ඒක හැම ආගමකටම අදාල දෙයක්... අනෙක් ආගම්වල මේ තරම්වත් තර්ක කරන්නවත් කරුණු නැති නිසා හැම වෙලාවකම ආගම් ගැන කතා කරන කොට බුද්ධාගම ඉස්සරහට එනවා... මොකද සාපේක්ෂව ප‍්‍රායෝගිකත්වය වැඩි බුද්ධාගම නිසයි.. එක එක හාල්පාරුවෝ අඩෝ හුත්තෝ ආගම බාල්දු කරන්න එපා කියල කියන තරමට ඌ දන්න ආගම කියල ඕනම එකෙකකුට දැනෙනවා.....
     
    "නැවත ඉපදීම, ඊට අදාල චෛතසික, අරකට වඩා මේ කුසලය බලවත්, අර අකුසලයට වඩා මේ අකුසලය බලවත් කිය කියා ඒවා තක්සේරු කරන්නේ කවුද... බාහිර බලවේගයකුත් "
    නිව්ටන් දෙවන නියමය ක්‍රියාත්මය කරවන්නේ දෙවියන් වහන්සේද එතකොට?

    "හැබැයි අපගේ චෛතසිකය අනුව භවයක් ලබන්නේ අප නොදන්නා තැනක, නොදන්නා පුද්ගලයෙකු විදියට."
    අපේ සිත අනුව නැවත ඉපදීම හටගත්තට අපේ සිත අපේ පාලනයේ තියෙනවද කියල හිතලා බලන්න. ටික වෙලාවක් ඇස් දෙක වහලා බලන් හිත දිහා බලන් ඉන්න කොච්චර සිතිවිලි එනවද, ඒ සිතිවිලි තමන්ට ඕනෙ විදියට පාලනය කරන්න පුළුවන්ද කියලා. ඔය සිත තමන්ගේ පාලනයට ගන්න විදිය තමයි බුදුදහමේ පැහැදිළි කරන්නේ.