නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
:oo::oo::oo::oo:

%255BUNSET%255D

නාමික මොලයක් තියෙනව තමයි.
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
පිටු 15ක් කියවන්න දෙයක් මේ තර්ඩ් එකේ තියනවද
?
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මේක නැවත ඉපදීම ගැන ගැඹුරු සාකච්ඡාවක්. :)

ගැබුරු කෙසේ වෙතත් උබ නාන්න පටාන් ගත්ත වගේ මට දැනෙනවා.
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නාමික මොලයක් තියෙනව තමයි.

    අපිත් එක ජීවී කොටසක් විතරයි. හැබැයි සත්තුන්ට වඩා දියුණුයි. සත්තුන්ට වඩා මොලේ තියෙනවා. දෙවියෝ කියන්නේ ඊටත් වඩා මොලේ තියෙන ජීවීන් කොටසක්. ඒක තමයි සත්තු සතර අපායට දාලා, මිනිස්සු හා දෙවියො ඉහළින් තිබ්බේ. අනික සත්‍ය අවබෝධ කරලා නිවන් දකින්න පුළුවන් වෙන්නත් අඩුම වශයෙන් මිනිහෙක්වත් වෙන්න ඕනේ.

    දෙවියෝන්ට මිනිස්සුන්ට වැඩිය මොලේ තියනවා ? වෙන්ඩ බැ ..
    ශක්‍රයා පාවිච්චි කරන්නේ රෝද 1000 තියන මැණික් වලින් හදපු කරත්තයක් ,මිනිස්සු එහෙම ඇයි ෆෙරාරි ලම්බෝගිනි පදින්නේ .
    අනික දිවියලෝකේ පාලනය කරන්න පාවිච්චි කරන්නේ යල්පැනපු රාජාණ්ඩු ක්‍රම .මිනිස්සු එහෙම ඇයි සමාජවාදී ලිබරල් වාදී ප්‍රජාතන්ත්‍රවාදී දියුණු පාලන ක්‍රම පාවිච්චි කරන්නේ
    අනික ඔය දිවියලෝකේ දවසක් පෘතුවියේ අවුරුදු 50/100 වෙනවනේ .පරම ආයුෂත් ඒ අවුරුදු වලින්ම 500/1000 තියනවලුනේ .. එතකොට ඒ ලෝක වලට සාපේක්ෂව දවස් දෙකක්වත් ජිවත් වෙච්ච නැති පෘතුවි වැසියෙක් ට වැඩිය විශ්වය ගැන කොච්චරනම් දේවල් ඒ සත්වකොට්ටෂ්‍ය දන්නවා ඇතිද ? එහෙම සත්ව කොට්ටශයකට විශ්වය ගැන සත්‍ය කියල දෙන්න පෘතුවියේ හිටපු ජිවියෙක්ට පුලුවන්ද ?එහෙම දවස් දෙකක්වත් ජිවත් උණු නැති ජිවියෙක්ගෙන් විශ්වයේ සත්‍යන් ගැන ඉගෙන ගන්න උනානම් අනිවා ඒ ජීවින් වර්ගය අමු ගොන් වෙන්න ඕනි

    දෙවියෝන්ට මිනිස්සුන්ට වැඩිය මොලේ තියනවද ? :oo::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දුප්පත් මිනිහෙක්ට කිසිම දේකට ආසාව නැතුව ඉන්න පුළුවන්. නමුත් සියළු දේ තියෙද්දි ඒවාට ආස නොකර ඉන්න පුළුවන්නං අන්න ඒකට තමයි නිවන කියන්නේ.
    බුදුහාමුදුරුවෝ ගිහි ගෙය ඇරලා ගිහින් අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කරලා ගත්තේ නියම එක නෙවේද එතකොට :oo: රජමාලිගාවේ සියලු සැප වඳින ගමන් බුදු වෙන්න තිබුනේ හරි එක ගන්න මේ කියන විදිහට.

    මේ කියන විදිහට අපේ සමන්තබද්‍ර හාමුදුරුවෝ තමා නියම නිවන හොයාගෙන යන්නේ :oo: ආරණ්‍ය වලට වෙලා බොරුවක්ද අනික් අය කරන්නේ. :baffled:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    දෙවියෝන්ට මිනිස්සුන්ට වැඩිය මොලේ තියනවද ? :oo::oo:

    ඔව්. බුදුහාමුදුරුවෝ තමන්ගේ ඉතා විශිෂ්ඨම දේශණය වන අභිධර්ම දේශනාව කරේ දිව්‍ය ලෝකයේදි. ඒ මිනිස්සුන්ට ඒ වගේ දේශ්නාවක් තේරුම් ගන්න අපහසු නිසා. එතනදි බුදුහාමුදුරුවෝ ඒ දේශනාව කරේ මිනිස් ලෝකෙදි කතා කරනවා වගේ 128 ගුණයක වේගයකින්. එහෙම කරලත් ඒ දේශනාව අවසන් කරන්න දින 90ක් ගියා. මේ වගේ ගැඹුරු දේශනාවක් තේරුම් ගන්න දෙවියන්ට ඉතා ඉහළ මට්ටමේ නුවණක් තියෙන්න ඕනේ.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    බුදුහාමුදුරුවෝ ගිහි ගෙය ඇරලා ගිහින් අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කරලා ගත්තේ නියම එක නෙවේද එතකොට :oo: රජමාලිගාවේ සියලු සැප වඳින ගමන් බුදු වෙන්න තිබුනේ හරි එක ගන්න මේ කියන විදිහට.

    මේ කියන විදිහට අපේ සමන්තබද්‍ර හාමුදුරුවෝ තමා නියම නිවන හොයාගෙන යන්නේ :oo: ආරණ්‍ය වලට වෙලා බොරුවක්ද අනික් අය කරන්නේ. :baffled:

    බුදුහාමුදුරුවෝ දුෂ්කර ක්‍රියා කරලා ඒකෙන් නිවන් දකින්න බෑ කියලා තේරුම් ගත්තට පස්සේ තමයි මැදුම් පිළිවෙතට ආවේ. ඔය නොකා නොබී හිටියා කියලා නිවන් දකින්න බෑ. ඒව ඔය බමුණු මත.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදුහාමුදුරුවෝ දුෂ්කර ක්‍රියා කරලා ඒකෙන් නිවන් දකින්න බෑ කියලා තේරුම් ගත්තට පස්සේ තමයි මැදුම් පිළිවෙතට ආවේ. ඔය නොකා නොබී හිටියා කියලා නිවන් දකින්න බෑ. ඒව ඔය බමුණු මත.
    සමන්ත බද්‍ර හාමුදුරුවෝ කරන දේ එතකොට හරි මේ කියන විදිහට :oo: එහෙමද :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනාත්ම (ආත්මයක් නැත) කියල දෙයක් නැහැ. නිවැරදි වචනය අනත්ත හෙවත් නාථ නැත, හරයක්, ගන්නට දෙයක් නැත කියන අදහස තමයි තියෙන්නේ. වචනේ ගැටෙන්නේ නැතුව හරය පමණක් ගන්න. අනාත්ම කවුරු කොහොම කවද රින්ගේව්වද දන්නේ නැහැ.
    අනත්තන් අසාර්කට්ටේනන්ති (අසාර යන අරුතින් අනත්ත කියනවා )කියලා පටිසම්බිදාමබ්ක්කරණයේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ විසින් විස්තර කරලා තියනවා :cool:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    සමන්ත බද්‍ර හාමුදුරුවෝ කරන දේ එතකොට හරි මේ කියන විදිහට :oo: එහෙමද :baffled:

    රහත් වෙලා කියන එක ගැන කියන්න මං දන්නේ නෑ. නමුත් ඒ කියන කතාවේ ඇත්තක් තියෙනවා. මොකද කැලේකට වෙලා කිසිම දේකට ආස නොකර ඉන්න පුළුවන් ඕනෙ කෙනෙකුට. නමුත් බාහිර ලෝකෙට ආවම එහෙම ඉන්න බැරිනං වැඩක් නෑ.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    සමන්ත බද්‍ර හාමුදුරුවෝ කරන දේ එතකොට හරි මේ කියන විදිහට :oo: එහෙමද :baffled:

    බාහිර ලෝකය සමඟ ගැටෙන තෙක් ඕනෑම කෙනෙක් රහතෙක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රහත් වෙලා කියන එක ගැන කියන්න මං දන්නේ නෑ. නමුත් ඒ කියන කතාවේ ඇත්තක් තියෙනවා. මොකද කැලේකට වෙලා කිසිම දේකට ආස නොකර ඉන්න පුළුවන් ඕනෙ කෙනෙකුට. නමුත් බාහිර ලෝකෙට ආවම එහෙම ඉන්න බැරිනං වැඩක් නෑ.
    ඒ අය බාහිර ලෝකෙට එන්නේ නැතුව හිටියම හරිනේ :oo: නැතුව කැලේ ඉද්දිත් ආසාවල් නැතුව ඉන්න පුලුවන්ද, බාහිර ලෝකේ ඉද්දිත් පුලුවන්ද කියල හැම අවස්තාවකදීම මෙයා එකවිදිහට ඉන්නවද කියල කවුරුත් ටෙස්ට් කරලා බලන්නේ නෑ නෙ :yes:

    සත්තුත් එහෙමයි මමනං කියන්නේ, කවුරුත් මූ මොලේ තිබුනොත් ඒත් මේ විදිහටම ඉඳීද කියල බලන්න කෙනෙක් නෑ නෙ.
     
    "නැතුව කැලේ ඉද්දිත් ආසාවල් නැතුව ඉන්න පුලුවන්ද, බාහිර ලෝකේ ඉද්දිත් පුලුවන්ද කියල හැම අවස්තාවකදීම මෙයා එකවිදිහට ඉන්නවද කියල කවුරුත් ටෙස්ට් කරලා බලන්නේ නෑ"
    ඕක බුදුදහම ගැන ගැඹුරු දැනුමක් තියෙන කෙනෙක් දන්නවා. කැලේ ඉද්දි ඒ පුද්ගලයට ආස කරන්න කිසිම දයක් නෑ. එතකොට එයාගේ සිත ඇතුලේ තියෙන ආසාවල් ඉස්මතු වෙන්නේ නෑ. එතකොට එයා වැරදි නිගමණයක් ගන්න පුළුවන් තමන්ට කිසිම ආසාවක් නැති නිසා රහත් වෙලා කියලා. නමුත් ඔහු ඒ කැලයෙන් එලියට ආවොත් ඔහුට තේරෙයි බාහිර ලෝකෙ විවිධ දේවල් එක්ක තමන් ඇලෙනවා කියලා. ඒ පරීක්ෂණය කරලා බලන්න ඔහුට කැලේ ඉද්දි අවස්ථාව හම්බුනේ නෑ. එතකොට ඔය පුද්ගලයා කැලේ කොච්චර කිසිවකට ආසාවක් නැතුව හිටියත් ඔහු නැවත ඉපදෙනවා. ඒ මොකද කිසිවකට නොඇලෙන පරිදි ඔහුගේ ප්‍රඥාව දියුණු වෙලා නැති හින්ද. නමුත් යමෙක් කැලේ ඉඳලා හරි, බොහෝ සැප තියෙන තැනක ඉඳලා හරි ඒ කිසිවකට නොඇලී, මතු ලැබියහැකි යම් සැපයක් තියෙනවනම් ඒ යමකද නොඇලෙන සේ තම ප්‍රඥාව දියුණු කලොත් ඔහු රහත්. ඒකට තමන් ඉන්නේ කැලේද නැද්ද කියන එක වැඩක් නෑ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    අනාත්ම (ආත්මයක් නැත) කියල දෙයක් නැහැ. නිවැරදි වචනය අනත්ත හෙවත් නාථ නැත, හරයක්, ගන්නට දෙයක් නැත කියන අදහස තමයි තියෙන්නේ. වචනේ ගැටෙන්නේ නැතුව හරය පමණක් ගන්න. අනාත්ම කවුරු කොහොම කවද රින්ගේව්වද දන්නේ නැහැ.

    නිකන් බොරුවට වංගු ගහලා සරල දේවල් සංකීර්ණව පෙන්නන්න හදන්නේ නැතුව කෙලින් උත්තරයක් දිපන් ......:rolleyes::rolleyes:

    *** දුක්ක , අනිත්‍ය , අනාත්ම කියන ත්‍රීලක්ෂණය මුල් බුදුසමයේ කොටසක් ( පදනමේ කොටසක්) නෙමේද ??? :oo::oo::oo: