අයවැයෙන් පුංචි කාර්වල මිල අඩු වුණාද

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    අයවැයෙන් පුංචි කාර්වල මිල අඩු වුණාද


    අයවැයෙන් ඇත්තටම පුංචි කාර්වල මිල අඩු වුණාද
    2018 අයවැය මගින් පුංචි කාර්වල මිල අඩුවනු ඇති බවට දැනට මාස කිහිපයක සිට කසුකුසුවක් තිබුණද, මෙවර අයවැයෙන් එන්ජින් ධාරිතාව 1000cc වලට වඩා අඩු මෝටර් රථවල මිල ගණන්වල වෙනසක් සිදු නොවනු ඇති බව කියැවේ.
    මෙවර අයවැය යෝජනාවලියේදී මෝටර් වාහන මත අයකළ වටිනාකම පදනම් වූ නිෂ්පාදන බද්ද ඉවත් කර පෙට්‍රල් සහ ඩීසල් වාහන සඳහා එන්ජින් ධාරිතාව මත පමණක් (cc ධාරිතාව) පදනම්ව නිෂ්පාදන බදු අය කෙරෙන බව පෙන්වා දී තිබේ. එය එසේ වුවත්, මේ දක්වා රටට ගෙන්වනු ලැබූ මෝටර් රථවල නිෂ්පාදන බදු අයකිරීම බොහෝ අවස්ථාවල සිදුවූයේ එන්ජින් ධාරිතාව මත පමණක් බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.
    ඒ අනුව, සලකා බැලීමේදී 1,000cc වලට වඩා අඩු එන්ජින් ධාරිතාවයේ පෙට්‍රල් වාහන සඳහා මීට පෙර සලකා බැලුණේ වටිනාකමින් 150% ක් හෝ ඝන සෙන්ටි මීටරයට රු.1,750/- ක බදු මුදලකි. එමෙන්ම, හයිබ්‍රිඩ් වාහන සඳහා මීට පෙර සලකා බැලුණේ වටිනාකමින් 70% ක් හෝ ඝන සෙන්ටි මීටරයකට රු.1,250 ක බදු මුදලකි.
    නමුත්, 2018 අයවැය යෝජනාවලියේදී පිළිවෙළින් පෙට්‍රල් හා හයිබ්‍රිඩ් වාහන සඳහා වූ වටිනාකම පදනම් වූ නිෂ්පාදන බද්ද අයවන ක්‍රමවේදය පමණක් ඉවත් කළත්, එම බදු අය කිරීමේ කියුබික් සෙන්ටිමීටරයකට අය කෙරෙන බදු මුදල් පිළිවෙළින් රු.1,750/- ක් සහ රු.1,250/- ක් ලෙස ඒ ආකාරයෙන්ම පවතින බැවින් පුංචි කාර්වල මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බව වාහන ආනයනකරුවෝ වැඩිදුරටත් පවසති.
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අඩු වෙන්නේ නැ තමයි...අඩු වෙයි කියලා බලන් ඉන්න එවුන්නේ මෝඩයෝ..මොකාට චන්දේ දුන්නත් සෙතක් නැ කියලා තෙරෙන්නේ නැතිතාක් ඒ පත්වෙන ආන්ඩුව ඒ මෝඩයින්ට පුකේ අරිනවා තමයි...
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,423
    113
    zsdvoXA.jpg
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Electricity crisis in the country..

    We burn more fossil fuels to generate electricity...

    But they are making policies to shift all transport medias to Electrical Vehicles
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වාහන කාන්ඩ කීපයක වාහන මිල අඩුවී ඇත. දින කීපයක් යයි ගනන් සමාජගත වෙන්න.වැගන් R (ඉස් ටිරිං රේ නොවන බේසික් මාදිලි :baffled::rofl:)මේ සතිය තුල ලක්ශ 25-26 වී ලබන් සතිවල සිට (පෞද්ගලික ආනයනය කරන ) ලක්ශ 23-24 වගේ මිල වලට දැක බලාගත හැක :)
     
    Last edited:

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    වටිනාකමින් 150% ක් හෝ ඝන සෙන්ටි මීටරයට රු.1,750/- ක බදු මුදලකි. එමෙන්ම, හයිබ්‍රිඩ් වාහන සඳහා මීට පෙර සලකා බැලුණේ වටිනාකමින් 70% ක් හෝ ඝන සෙන්ටි මීටරයකට රු.1,250 ක බදු මුදලකි


    මොකක්ද බන් මේ ඝන සෙන්ටි මීටරයට කියන්නේ
    මේක පැහැදිලි කරහන් කෝ....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,423
    113
    වටිනාකමින් 150% ක් හෝ ඝන සෙන්ටි මීටරයට රු.1,750/- ක බදු මුදලකි. එමෙන්ම, හයිබ්‍රිඩ් වාහන සඳහා මීට පෙර සලකා බැලුණේ වටිනාකමින් 70% ක් හෝ ඝන සෙන්ටි මීටරයකට රු.1,250 ක බදු මුදලකි


    මොකක්ද බන් මේ ඝන සෙන්ටි මීටරයට කියන්නේ
    මේක පැහැදිලි කරහන් කෝ....

    Cubic Centimeters - Engine Capacity. oya 660CC, 1000CC kiyannes
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    වටිනාකමින් 150% ක් හෝ ඝන සෙන්ටි මීටරයට රු.1,750/- ක බදු මුදලකි. එමෙන්ම, හයිබ්‍රිඩ් වාහන සඳහා මීට පෙර සලකා බැලුණේ වටිනාකමින් 70% ක් හෝ ඝන සෙන්ටි මීටරයකට රු.1,250 ක බදු මුදලකි


    මොකක්ද බන් මේ ඝන සෙන්ටි මීටරයට කියන්නේ
    මේක පැහැදිලි කරහන් කෝ....

    Engine capacity ganne CC walin neh CC kiyanne Cubic Centimeter kiyanne gana centimeter

    So tax eka gahanne 1CC ekaka ta mechcharai kiyala. Eg:

    1CC ekakata tax eka rs 1500 nam 2000CC vehicle ekakata tax eka 1500x2000
     
    Can't you understand Government wanna everyone to move Electric Vehicles ?
    Baiyanta ithin molayak thiboth ne

    ඒකද බං ආව ගමන් ඉලෙක්ට්‍රික් කාර් වල ගාණ වැඩි කළේ? මහින්ද ගිය කාලේ මට මතකයි ලීෆ් එකක් 25ට වගේ ගියේ......මුන් ආව ගමන් පට්ට ලෙස වැඩි කරලා....ඒකෙන් ටිකක් අඩු කළා......:lol::lol:
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    ඒකද බං ආව ගමන් ඉලෙක්ට්‍රික් කාර් වල ගාණ වැඩි කළේ? මහින්ද ගිය කාලේ මට මතකයි ලීෆ් එකක් 25ට වගේ ගියේ......මුන් ආව ගමන් පට්ට ලෙස වැඩි කරලා....ඒකෙන් ටිකක් අඩු කළා......:lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol: mun hodai machan lokuwata patti daanna :rofl:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,931
    5,520
    113
    Can't you understand Government wanna everyone to move Electric Vehicles ?
    Baiyanta ithin molayak thiboth ne

    ඉලෙක්ට්‍රික් වාහනවලට බදු සහන දෙන එකනම් හොඳයි. නමුත් මට ප්‍රශ්නයක් තියනවා. ඒ තමයි ලංකාවෙ මම දන්නතරමින් තවමත් විදුලිය වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ තාප විදුලියෙන්. ඛණිජ තෙල් දහනය කරලා. ජල විදුලිය සහ අනික් පුනර්ජනනී බලශක්ති ක්‍රමයන් අඩුයි. ඉතින් පුනර්ජනනී බලශක්ති ප්‍රභව වැඩි නොකර ඉලෙක්ට්‍රික් වාහන ප්‍රචලිත කලොත් විදුලිය නිපදවන්න වැඩි වැඩියෙන් බොර තෙල් ආනයනය කරන්න වෙනවා.

    පුනර්ජනනී කියලා මිනි හයිඩ්‍රෝ පිස්සුවෙන් වගේ ව්‍යාප්තකරන එකට මම කොහොමටත් කැමති නැහැ. ඒකෙන් වනාන්තර, මාලු වගේම ලංකාවෙ දියඇලිත් විනාශ වෙලා යනවා. සූර්ය බලය තමා... අපිට හරියන්නේ මට හිතනෙ හැටියට.

    නමුත් අාණ්ඩුවට පුනර්ජනනී බලශක්තිය වැඩි කරන්න ප්ලෑන් ඒකක් තියනවද ??

    මම වර්ණවත් ෙද්ශපාලන පාක්ෂිකෙයකු ෙනාවනබව කරුණාෙවන් සලකන්න. මම පා ෙවන චන්දයක්මි.