2020 ජනපතිවරණය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,139
    1
    13,011
    113
    Gotham City
    මන් කලින් දාපු ත්‍රෙඩ් එකෙ මිශ්‍ර අදහස් තිබ්බා ඒ ඒ කෙනාගෙ දෙශපාලන අත්දැකීම් මත.
    http://www.elakiri.com/forum/showthread.php?t=1825893

    බැඳුම්කර කෙස් එකෙන් යු ඇන් පී එක සවුත්තු වෙලා තියෙනවා කියන එක අමුතු දෙයක් නෙමෙ නෙ ?

    මට හිතෙන්නෙ මෙකයි මෙ බැඳුම්කර ජංජාලය අස්සෙ යු ඇන් පි එක දෙකට නැත්තම් තුනකට වගෙ කැඩෙනවා

    එක පාර්ශවයක් තමා රනිල් වික්‍රමසිංහ සහ ඔහුගෙ රාජකීය විද්යාල ආදිශි‍ය සංගමෙ අය .

    අනෙක් පස තමා සජිත් ප්‍රෙමදාස ඇතුලු ඔහුගෙ පිරිස
    (බැඳුම්කර සිද්ධිය පස්සෙ සිරස නාලිකාවෙ ක්‍රියාකලාපයෙන් නිගමනයක් ගන්න පුළුවන්)




    කැඩෙනවානම් තුන්වෙනි කෑල්ල තමා යු ඇන් පී එකට පසුකාලීනව එක්කහු වෙච්ච ඈයො
    (අතුරලියෙ රතන, පාඨලි චම්පික,සරත් ෆොන්සෙකා )

    මේ අතරෙ මහින්ද ට්‍රයි කරනවා පොහොට්ටුවෙන් ඇවිත් ඡන්ද දිනන්න. ඒක වෙන්නෙ නැහැ.
    මහින්දට ඡන්ද පදනමක් තියෙනවා තමා. එත් ඒ පක්ෂෙ පණ මදි තාම .ඉදිරියෙදි බලමු .
    ගම්මන්පිළ, වීරවංශ වගෙ උන්ට ඇපත් නැති වෙන ලකුණු තියෙන්නෙ. මොකද උන්ගෙ පක්ෂ (පිළිවෙලින් හෙළරුමය, ජා.නී.පේ )වලින් උන්ට කේස් වැටිලා තියෙන්නෙ දැන් දැන් .
    විමල් ගෙ සද්දයක් වත් නැහැ මෙ කාරණාව ගැන .
    පෞරාණික ශ්‍රිලංකා කාරයා මෛත්‍රී එක්ක එක්කහු වෙනවා.
    මැතිණිගෙ කාලෙ වගෙ නිදහස් පක්ෂයට හිතැති අනෙකුත් වාමාංශික පෙරමුණු ටික
    මෛත්‍රී එක්ක එක්කහු වෙනවා.



    2020 ඡන්දෙ යන්නෙ මේ විදියට.
    මහින්ද ප්‍රමුඛ පොහොට්ටුව,

    නිදහස්පක්ෂය සහ හිතැති වාමංශික පක්ෂ

    නිදහස් පක්ෂෙට බලයට එන්න තියෙන ලොකුම බාදකෙ එදා ඉඳන් වගෙ යු ඇන් පී එක.

    ඒ යු ඇන් පී එකට තමා සිරා දැන් ගේම දෙන්නෙ.


    අපි පොඩ්ඩක් ජනාධිපතිවරණ ඉතිහාසය බලමු

    විධායක බලය සහිත පත්වෙච්ච ජනාධිපති ලා ජනාධිපතිවරණ වලින් තනි පක්ෂෙකින් පත් උනා නම් ඒ යු ඇන් පී එකෙන් විතරයි (ජේ ආර් ජයවර්ධන , ප්‍රේමදාස )

    ප්‍රේමදාසගෙන් පස්සෙ රටෙ පැවතිච්ච ජනාධිපතිවරණ වලින් ජනාධිපති තීරණය වුණ තීරණාත්මක දේ උනේ ප්‍රභාකරන් ඇතුලු එල් ටී ටී ක්‍රියාකාරකම් නිසා.
    ප්‍රේමදාස ඇතුළු යු ඇන් පී එකෙ ගොඩාක් නායකයො බෝම්බෙට ගියා ඒක නිසා 1994 දී ජනාධිපතිවරණට යු ඇන් පී එකෙන් එවන්න එකෙක් හිටියෙ නැති නිසා ගාමිණි දිසානයකගෙ වයිෆ් ව තරඟ කෙරෙව්වා.
    චන්ද්‍රිකා දින්නෙ අන්න ඒ වාතාවරණය උඩ.
    ආයෙ 2000 දිත් කොටි බෝම්බෙට මැඩම් ඇහැ පොට්ට කරගෙන සානුකම්පිහ ඡන්ද වලින් දින්නා.
    2005 දි උතුරෙ ඡන්දෙ ප්‍රභාකරන් තහනම් කරා ඒ හේතුවෙන් මහින්ද යන්තම් දින්නා.
    2010 දි කොටි නැති කරපු ගෞරවෙ උඩ මහින්ද ආයෙත් දින්නා


    2015 2015 දී ඔන්න තත්වෙ ටිකක් වෙනස් .කොටි නැහැ.


    ඒත් යු ඇන් පි ඒකට තනිව රනිල් එක්ක දිනනන බැහැ.


    ඒක නිසා පොදු අපේක්ෂකයෙක් හැදුවා.

    මහින්ද සුපුරුදු පරිදි සන්ධානෙ(පක්ෂ කිහිපයක එකතුවක් ) එක්ක සටන් කලා පරාද උනා.

    2020 තවත් වෙනස් .
    2020 දී බලයට පත්වෙන්න ඔනි එකාට මොන පැත්තෙන් ඉල්ලුවත් යු ඇන් පී සහාය නැතුව කොහොමත් බලයට එන්න බැහැ.


    මොන පැත්තෙන් උනත් ඉදිරිපත් වෙන එකා ඉදිරිපත් වෙන්නෙ පොදු අපේක්ෂකයෙක් විදියට.

    මෛත්‍රී මහින්දගෙ සෙට් එකත් එක්ක සන්ධාන ගත වෙන්නෙ නැහැ .
    මොකද මැඩම් කැමති නැහැ මහින්ද එක්ක දීග යන්න ආයෙත්.

    ඉතිං යු ඇන් පි එකෙන් කැඩෙන එක කොටසක් මෛත්‍රී ඇතුළු නිදහස් පක්ෂෙටත් අනෙක් කොටස/කොටස් මහින්ද ඇතුළු සෙට් එකට සහාය පල කරාවි .


    මෙතන තමා ගේම තියෙන්නෙ. දිනන එකා අවිනිශ්චිතයි

    දැනගන්න දෙයක් තියෙනවානම් අහපල්ලා



    උඹලාගෙ අදහස් කියපල්ලා
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මට හිතෙන්නෙ සජිත්ගෙ බලය දැන් අඩුවෙලා තියෙන්නෙ. සජිත් වටේ කැරකුන ග්‍රහයො ටික දැන් රනිල්ගෙ වටේ කැරකෙනවා. සුජීව වගේ අය. සජිත් එක්ක එනව නම් එන්නෙ ඇමති පට්ටම් නැතුව හිත් රිදුන අය විතරයි. ඒ ගොඩේ ප්‍රභලයො නැති තරම්.

    රතන හාමුදුරුවො චම්පික ෆොන්සේකාලා එජාපයෙන් එලියට එන එකක් නෑ. උන් ඒක ඇතුලෙම ඉඳන් එජාපයට ගහන එකයි කරන්නෙ. උන් එදා ඉඳන් හැංගි හැංගි කරේ ඒක. ඉස්සරහට කරන්නෙත් ඒක.

    ගම්මන්පිල නම් කොහොමද දන්නෙ නෑ ඒත් විමල් කියන දේවල් වලට තාමත් මහින්ද ඇහුම්කන් දෙනවා ඇති කියලා මට හිතෙනවා.

    2020 මෛත්‍රී ඉල්ලන එකක් නෑ කියලත් හිතෙනවා. මොකද මිනිහා දන්නවා පරදින්න වෙන බව
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මැතිණිගෙ කාලෙ වගෙ මහජන එක්සත් පෙරමුණ සහ නිදහස් පක්ෂයට හිතැති අනෙකුත් වාමාංශික පෙරමුණු ටික
    මෛත්‍රී එක්ක එක්කහු වෙනවා.

    මචන් උබගේ දේශපාලන දැනුම මේකෙන් හිතාගන්න පුලුවන්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් උබගේ දේශපාලන දැනුම මේකෙන් හිතාගන්න පුලුවන්.

    :yes::yes: ඔය ලියන්ඩ ඔනවට මොනා හරි ලියනව මිසක් දැනගෙන ලියන ඒව නෙමේ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වාමාංශික පක්ෂ වල වාසුදේව, දිනේෂ් එහෙම මහින්දගේ දකුණු අත වගේ නෙ ඉන්නේ. උන් මයිත්‍රී එක්ක යන්න විදිහක් නෑ කොහෙත්ම.

    ආණ්ඩු බලේ අතේ තියෙද්දී UNP එක දෙකට කැඩෙන්න හේතුවක් නෑ :no:

    ෆොන්සේකා රනිල්ගෙන් ගලවන්න බෑ ආය, හෙළ උරුමේ නං අයින් වෙලා මයිත්‍රීට සපෝට් කරාවි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,139
    1
    13,011
    113
    Gotham City
    ගෝඨා එන්නෙ නැහැ බන්. ගොඨාට ඡන්ද පදනමක් නැහැ ජනාධිපතිවරණයක් දිනන්න තරම් .
    ඇවන්ගාර්ඩ් සිද්ධියට ගෝඨා හිර වෙනවා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,139
    1
    13,011
    113
    Gotham City
    මචන් උබගේ දේශපාලන දැනුම මේකෙන් හිතාගන්න පුලුවන්.

    හිතාගත්තාද ? අඩේ මාරයි නේ ? උඹ වගෙ එවුන් ඔනි කරනවා බන් මෙ රටට. බොක්කෙන්මයි කිව්වෙ :yes: :yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,139
    1
    13,011
    113
    Gotham City
    :yes::yes: ඔය ලියන්ඩ ඔනවට මොනා හරි ලියනව මිසක් දැනගෙන ලියන ඒව නෙමේ...
    ඔබතුමා කතිපයාධිකාරයක් ගැන ඒ කාලෙ ලිව්වෙ දැනගෙන වෙන්ටැ නේද ? :lol::lol::lol:
    විමල් වීරවංශට ඇපත් නැහැ
    (ඔබතුමාගෙ විධග්ද මනසින් අදහසක් ස්වාධීනව බලාපොරොත්තු වෙමි )
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,139
    1
    13,011
    113
    Gotham City
    වාමාංශික පක්ෂ වල වාසුදේව, දිනේෂ් එහෙම මහින්දගේ දකුණු අත වගේ නෙ ඉන්නේ. උන් මයිත්‍රී එක්ක යන්න විදිහක් නෑ කොහෙත්ම.

    ආණ්ඩු බලේ අතේ තියෙද්දී UNP එක දෙකට කැඩෙන්න හේතුවක් නෑ :no:

    ෆොන්සේකා රනිල්ගෙන් ගලවන්න බෑ ආය, හෙළ උරුමේ නං අයින් වෙලා මයිත්‍රීට සපෝට් කරාවි.

    මන් අදහස් කරෙ 2020 ජනාධිපතිවරණෙ වෙද්දි .කලින් වතාවල් වල වගෙ ඊලඟ එක දිනන්න බැහැ.මොකද තත්වෙ වෙනස් සැහෙන්න. මෙ බැඳුම්කර සිද්ධියෙන් ඒක වෙනස් වෙනවා. ෆොනිට ඔනෙ මහින්දගෙන් පලිගන්න.
    බොහොදුරට ෆොනි මෛත්‍රීගෙ පාර්ශවයෙ එක්සත්ජාතික පාක්ෂිකයෙක් වෙවි.
    එත් ඒ පාර්ශවයෙ පොදු අපෙක්ෂකයා කවුද ?
    ඒක තමා ප්‍රශ්නෙ. මහින්ද මෛත්‍රී එක්කහුනම් වෙන්නෙ නැහැ.

    කොහොමනමුත් ඊලඟ ජනාධිපතිට යු ඇණ් පි සහයොගය නැතුව දිනන්න කොහෙත්ම බැහැ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,139
    1
    13,011
    113
    Gotham City
    gota dinanne. 64% wage porata votes enawa.

    ගොඨාට ඡන්දෙ දෙන්න හෙතු මොනවාද ?
    64% ගන්නෙ කොහොමද ?
    මහින්දටවත් බැරි වෙච්ච එකෙ ගොඨාට දෙවීද මිනිස්සු ?
    උතුරු නැගෙන හිර දෙමළ මුස්ලිම් උන් ගොඨාට ඡන්දෙ දෙවිද ?
    දකුණෙ උනත් යු ඇන් පී කාරයො ඉන්නවා, නිදහස් පාක්ෂිකයො ඉන්නවා
    ඉතිං ගොඨා දිනන්නෙ යුද්දෙ විකුණලාද ? යුද්දෙ මාකට් කරලා ගොඩ යන්න බැහැ දැණ්
    ඔනි නම් සිංහල ජාතියෙ ගැළවුම් කාරයා කියලා යමක් කරගන්න පුළුවන් වේ. එත් ලොකු ඡන්ද පදනමක් නැහැ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,139
    1
    13,011
    113
    Gotham City
    මට හිතෙන්නෙ සජිත්ගෙ බලය දැන් අඩුවෙලා තියෙන්නෙ. සජිත් වටේ කැරකුන ග්‍රහයො ටික දැන් රනිල්ගෙ වටේ කැරකෙනවා. සුජීව වගේ අය. සජිත් එක්ක එනව නම් එන්නෙ ඇමති පට්ටම් නැතුව හිත් රිදුන අය විතරයි. ඒ ගොඩේ ප්‍රභලයො නැති තරම්.

    රතන හාමුදුරුවො චම්පික ෆොන්සේකාලා එජාපයෙන් එලියට එන එකක් නෑ. උන් ඒක ඇතුලෙම ඉඳන් එජාපයට ගහන එකයි කරන්නෙ. උන් එදා ඉඳන් හැංගි හැංගි කරේ ඒක. ඉස්සරහට කරන්නෙත් ඒක.

    ගම්මන්පිල නම් කොහොමද දන්නෙ නෑ ඒත් විමල් කියන දේවල් වලට තාමත් මහින්ද ඇහුම්කන් දෙනවා ඇති කියලා මට හිතෙනවා.

    2020 මෛත්‍රී ඉල්ලන එකක් නෑ කියලත් හිතෙනවා. මොකද මිනිහා දන්නවා පරදින්න වෙන බව
    මෛත්‍රීනම් ඉල්ලන එකක නැහැ එත් ප්‍රධාන අපේක්ෂකයො දෙන්නාම පොදු අපේක්ෂකයො දෙන්නෙක් .
    මහින්ද පාර්ශවයෙන් ගොඨා එනවානම්
    අනෙක් පැත්තෙ කවුද ඉන්නෙ ? මැඩම් වෙන්න බැරිද ?
    මැඩම්ට ආයෙ ඉල්ලන්න පුළුවන් නේද අළුත් නීතියෙන් ?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මාගේ අදහස වෙනස් පොඩ්ඩක් .. 2020 වෙනකන් මහින්ද කොහොමත් එකතු වෙන එකක් නැ කා එක්ක වත්.. හැබැයි බොලේ දානවා එකතු වෙන්න කැමති කියලා.. පක්ෂෙට, රටට පෙන්නවා my3 එක්ක ආණ්ඩු කරන්න කැමති උන් තමා අපිව ගන්නේ නැත්තේ කියලා.

    මහින්ද උඩු හිතින් කැමති... මොකද මිනිහා දනනව 2020 වෙනකන් මොකක් හරි කර කර ෂේප් කර ගන්න ඔනෙ නැති නම් පුත්තුන්ට යි ශිරන්ති ටයි දවස ගානේ රස්තියාදු කියලාත්.. ඒ වගේම මහින්ද යටි හිතින් කොහොමත්
    my3 යටතේ ඉන්න පොඩ්ඩක් වත් ඔකේ නැ.. එක නිසා වටේ ඉන්න ගෝලයන් කුලප්පු කරනවා වැඩේ නොවෙන්න..

    රටේ තියෙන නිතිය අනුව මොලේ තියෙන ඕන එකක් දන්නවා මහින්දට අයි ජනධිපති වෙන්න බැරි බව.. මහින්ද, බැසිල්, චමල් තුන් දෙනාම දන්නවා 2020 දාන්න ඕනේ කාවද කියලාත්.. ඒ දාන කෙනාට මහින්ද චන්ද කොහොමත් වැඩ කරනවා.. බොහොම සුළු පිරිසක් ඇරෙන්න රටේ ගොඩක් අය අවුලක් නැති වෙයි..
    යුන්පි උන්ට කොහොමත් රෙද්දක් ඇදන් අයි ගේමක් ගන්න බැ කාලෙකට.. 2020 මොකෝ රනිල් ඉල්ලනවා කියලද?:lol:
    my3, රාජිත ද :no::no: ෆොන්සේකා, පාටලි:lol:, සජිත් :baffled:ඉල්ලනවා කියලද?

    සමරි: 2020 වෙන කන් රට කොහොමත් මෙහම තමා..අරාජිකයි.. අලුත් මොකුත් කරන්න වෙන්නේ නැ. එකාබද්නෙන් බාල්ධිය තමා.. :dull: 2020 පොහොට්ටුවෙන් දාන කෙනා තමා මහින්දව අගමැති කරන්නේ.. ඒ දාන කෙනාට යුන්පි ටිපිකල් නොවන චන්දත් එකතු වෙනවා..

    2020 දාන්න ඕනා කෙනා කවුද කියලා පාරට බැහැලා බලපන්.. උබට දැනෙයි..



     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් අදහස් කරෙ 2020 ජනාධිපතිවරණෙ වෙද්දි .කලින් වතාවල් වල වගෙ ඊලඟ එක දිනන්න බැහැ.මොකද තත්වෙ වෙනස් සැහෙන්න. මෙ බැඳුම්කර සිද්ධියෙන් ඒක වෙනස් වෙනවා. ෆොනිට ඔනෙ මහින්දගෙන් පලිගන්න.
    බොහොදුරට ෆොනි මෛත්‍රීගෙ පාර්ශවයෙ එක්සත්ජාතික පාක්ෂිකයෙක් වෙවි.
    එත් ඒ පාර්ශවයෙ පොදු අපෙක්ෂකයා කවුද ?
    ඒක තමා ප්‍රශ්නෙ. මහින්ද මෛත්‍රී එක්කහුනම් වෙන්නෙ නැහැ.

    කොහොමනමුත් ඊලඟ ජනාධිපතිට යු ඇණ් පි සහයොගය නැතුව දිනන්න කොහෙත්ම බැහැ
    2020 UNP අපේක්ෂකයා රනිල් :yes: ආය ඒක වෙනස් වෙන්නේ නෑ, බැඳුම්කර කේස් එක ඇදල රනිල්ව අයින්කරා කියමුකෝ, එතකොට එන්නේ සජිත්. අලුත් නායකයෙක් එක්ක එනවා කියන්නේ UNP එකට උඩින්ම වාසියි. එතකොට බැඳුම්කරේ මඩ ටිකත් අයින්වෙනවා. ඔය මොන විදිහ උනත් දැනටම එක්සත් ජාතික පක්ෂේ සාමාජිකයෙක් වෙන ෆොන්සේකාට ආය මයිත්‍රී ගාවට යන්න උවමනාවක් නෑ. :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]වෙන්න යන දේ එකක්.....[/FONT]
    [FONT=&quot]නමුත් වෙන්න ඕන දේ වෙන එකක්......[/FONT]

    [FONT=&quot]අපි කොහොම හරි රැල්ල හරවන්න ඕන වෙන්න යන දේ වෙන්න දෙන්න නෙවෙයි.[/FONT]
    [FONT=&quot]වෙන්න ඕන දේ කරගන්න......[/FONT]
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113

    හිතාගත්තාද ? අඩේ මාරයි නේ ? උඹ වගෙ එවුන් ඔනි කරනවා බන් මෙ රටට. බොක්කෙන්මයි කිව්වෙ :yes: :yes:

    මහජන එක්සත් පෙරමුණ මෙයිත්‍රී ට සෙට් වෙයි කියල උබ අනාවැකි කියපු එක පැහැදිලි කරපන් පොඩ්ඩක්?