නිල්_මැණික්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රජ කිරුළන්හි වැජඹෙන, අභිරහස් ලෙස සැඟවුණ ලංකාවේ වටිනාම නිල් මැණික් 8ක්


    Picture1-3.jpg


    අතීතයේ පටන් ශ්‍රී ලංකාවට මැණික් සඳහා ලැබිල තියෙන්නෙ ඉමහත් කීර්තිනාමයක්. සෙරන්ඩිබ්, රත්නදීප, තැප්‍රොබේන් ආදී නම් වලින් ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේත් මේ නිසාවෙන්. අතීතයේ දේශසංචාරකයන්ගේ වාර්තාවලද, පැරණි පුරාවෘත්ත වලද ලංකාවේ මැණික් ගැන ඉතා වැදගත් රසවත් තොරතුරු සටහන් වී තිබෙනවා.

    මේ දවස්වල නිල් මැණිකක් ආයෙමත් කරළියට ඇවිත් තියනව. එසේ මෙසේ නිල් මැණිකක් නෙමෙයි ලෝකයේ විශාලම නිල් මැණික.

    ඇලහැරදී හමුවී ඇති මේ මැණිකට කලින් ලෝකයේ විශාලම නිල් මැණික හැටියට වාර්තාව තබා තිබෙන්නෙත් අපේ රටේම මැණිකක්. ඒ විතරක් නෙමෙයි තවත් සුප්‍රසිද්ධ නිල් මැණික් කිහිපයක්ම ලංකාවෙන් මීට පෙර හමුවෙලා තියනවා. අපි මේ ඔබ හමුවට ගේන්නෙ ඒ වගේ ලංකාවෙන් හමුවූ සුවිශේෂී වටිනාකමකින් යුතු මැණික් කිහිපයක තොරතුරු යි.



    1. ඇළහැර නිල් මැණික​

    ඇලහැර නිල් මැණික වශයෙන් හඳුන්වන මේ නිල් මැණික ගැන ඔබ මේ වෙනකොට විස්තර දැනගෙනත් ඇති. දඹුල්ලේ ඇළහැර මැණික් පතලකින් හමුවී ඇති මෙහි හිමිකරු වන්නේ බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුයි. මේ නිල් මැණික කැරට් 2476.66කින් යුක්තයි. එහි බර ග්‍රෑම් 482ක්. තවමත් මේ මැණිකට නිශ්චිත වටිනාකමක් නියම කරල නැති බවයි සඳහන් වෙන්නෙ. මේ තොරතුරු වලට අනුව දැනට ලෝකයේ තිබෙන විශාලම නිල් මැණික අභිබවා යන්න ඇළහැර මැණික සමත් වෙලා තියනව.



    2. Star of Adam හෙවත් ආදම්ගේ තාරකාව

    2-1-1024x576.jpg


    Star of Adam හෙවත් ආදම්ගේ තාරකාව
    කැරට් 1404.49කි
    මෙන්න මේ මැණික තමයි ඇළහැර නිල් මැණිකට කලින් ලෝකයේ විශාලම නිල් මාණික්‍යය හැටියට කිරුළු දරා හිටියෙ. මේකෙ නම තමයි Star of Adam. කැරට් 1404.49ක් හා බරින් ග්‍රෑම් 281කින් යුක්ත මේ මැණික හමුවී ඇත්තේ රත්නපුර ප්‍රදේශයෙන්. මිස්ටර් R නම් අනවර්ථ නාමයකින් තමන්ව හඳුන්වල දෙන පුද්ගලයෙකුට තමයි මේ මැණිකේ හිමිකාරීත්වය තිබෙන්නේ. පහුගියදා B.B.C පුවත් සේවය විසින් මේ මැණික පිළිබඳ තොරතුරු ලොවට හෙළකිරීමත් සමග මේ මැණික රටින් පිටකිරීමේ දැඩි අවදානමක් තිබෙන බවත් දැනගන්නට ලැබෙනව.



    3. Star of India හෙවත් ඉන්දියාවේ තාරකාව

    Star of India හෙවත් ඉන්දියාවේ තාරකාව
    කැරට් 563.35කි

    3-2.jpg

    ඉන්දියාවේ තාරකාව කියල හැඳින්වුවාට මේ නිල් මැණිකත් ලක් පොලවෙන් මතුවූ මැණිකක් තමයි.අදක ඊයෙක නෙමෙයි අවුරුදු 300කට විතර ඉස්සරදි. පසුකාලෙකදී මෙය ඉන්දීය ව්‍යාපාරිකයෙක් විසින් මිලදීගෙන තිබෙනව. කැරට් 563.35කින් හා ග්‍රෑම්112.67 බරකින් යුක්ත වන මෙය මේ වන විට ඇමරිකාවේ නිව්යෝක්හි ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ (American Museum of Natural History) තැන්පත් කොට තිබෙනවා. 1964 වර්ශයේදී සොරකම්වීමකටත් ලක්වෙලා තිබෙන මේ මැණික පසුව නැවත සොයාගනු ලැබ තිබෙනවා.



    4. Star of Lanka හෙවත් ලංකාවේ තාරකාව


    4-2.jpg



    Star of Lanka හෙවත් ලංකාවේ තාරකාව
    කැරට් 392.92කි​



    මේ මැණිකේ ඇති සුන්දරත්වය නිසාම ජාත්‍යන්තර ප්‍රදර්ශන වලදී විදේශිකයන්ගේ දැඩි අවධානයට ලක් වූ මැණිකක්. කැරට් 392.92කින් යුතු මේ වටිනා මැණික හමුවී තිබෙන්නේ 1973 වර්ෂයේදීයි. ඒ මාතලේ දිස්ත‍්‍රික්කයේ, හත්තොට අමුණ ප‍්‍රදේශයෙන්. මෙහි වර්තමාන හිමිකරු වන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යි.



    5. ගුරුගේ නිල් මැණික

    5-1-1024x583.jpg


    ගුරුගේ නිල් මැණික
    කැරට් 1395කි​

    ගුරුගේ ව්‍යාපාරිකයන් සතුව ලංකාවේ විශාලම නිල් මැණික තිබෙන බව ලංකාවේ ප්‍රසිද්ධ කථාවක්. ඔවුන් විසින්ම වරක් ජාතික පුවත්පතකටත් මේ ගැන පවසා තිබුණා. පොප් ගායක මයිකල් ජැක්සන් පවා මේ මැණික පිළිබඳ උනන්දුවෙන් සිටි බවකට ඒ දිනවල කටකතා පැතිරුණා. මේ ගැන වැඩි විස්තරයක් හෙලිවී නැතත් එය කැරට් 1395කින් යුක්ත බව තමයි කියවෙන්නේ.



    6. හිඳගල නිල් මැණික​

    පරකඩුව පොහොරබාව හිඳගල ප්‍රදේශයේ අනවසර පතලකින් මේ නිල් මැණික් හමුව තිබෙන්නේ ගිය වසරේ අප්‍රේල් අවුරුදු සමයේදීයි. කෝටි 200කට වඩා වටිනාකමකින් යුතු විය හැකියි කියන මේ මැණික ප්‍රමාණයෙන් හා හැඩයෙන් එළවලු රොටියක ස්වභාවයක් ගත් බවයි දුටු අය පවසා තිබුණේ. කොහොම වෙතත් මෙය අලෙවි වී ඇත්තේ රුපියල් කෝටි 18ක් වැනි අඩු මුදලකට බව පැවසෙනවා. මෙය විකුණූ පිරිසත් මිලදී ගත් ව්‍යාපාරිකයාත් කවුරුන්ද යන්න අදටත් අභිරහසක්.



    7. සහ 8. බ්‍රිතාන්‍ය රාජකීය ආභරණ

    6-2.jpg


    බ්‍රිතාන්‍ය රාජකීය ආභරණ
    ස්ටුවට් නිල මැණික සහ මොල්ටීස කුරුසයෙහි අඩංගු ශාන්ත එඩ්වඩ්ගේ මැණික​


    එළිසබත් රැජින විසින් පළඳින රාජකීය ඔටුන්නේ ඇති ශාන්ත එඩ්වඩ්ගේ මැණික නම් නිල් මැණිකද ශ්‍රී ලංකාවේ මැණිකක් බවයි පැවසෙන්නේ. එම කිරුළෙහිම අඩංගු වසර දහසකට ආසන්න කාලයකට ඉතිහාසගත වූ කැරට් 104 ක් බර ස්ටුවට් නිල මැණික ද ලංකාවෙන් සොයා ගනු ලැබුවක් බවයි සමහරුන්ගේ මතය.

    මීට අමතරව වාල්ස් කුමරු විසින් ඩයනා කුමරියට පළන්දවන ලද විවාහ ගිවිසගැනීමේ මුදුව නිමකර ඇත්තේත් ලංකාවේ නිල් මැණිකක් යොදාගෙන බව ඔබ දන්නවාද? මෑතකදී ඔටුන්න හිමි විලියම් කුමරු තම සහකාරිය වන කේට් මිඩ්ල්ටන්ට පළන්දවන ලද්දේද ඩයනා මියයන තෙක්ම පැළඳ සිටි ඒ මුදුවයි. මේ වටිනා නිල් මාණික්‍ය ශ්‍රී ලංකාවේ මිණි පුරය වන රත්නපුරයෙන් හමුවී ඇති ඒවාය.




    Code:
    source:www.aniva.lk
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔයිට වඩා ලොකු නිල් ගල් ලන්කාවේ හම්බුනා ඇන්ඩ් හොර රහසේම බැන්කොක් පටවපුවා අනන්තවත් තිබේ..මේ ලගදිත් එහෙම ඩීල් එකක් උනා:yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔයිට වඩා ලොකු නිල් ගල් ලන්කාවේ හම්බුනා ඇන්ඩ් හොර රහසේම බැන්කොක් පටවපුවා අනන්තවත් තිබේ..මේ ලගදිත් එහෙම ඩීල් එකක් උනා:yes:


    තිස්ස අප්පොට එන ගල් ගැන කිසිම විස්තරයක් කොහොමත් එලියට එන්නෙ නැ බන්.. :lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    ගුරුගේ මණික දැන් තියෙන්නේ සින්ගපුරුවේ
    එක තම මිනිහ වික්කේ නෑ
     

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    Koti 2k watina manikak mage laga thiyanawa. Next year buyer kenek hamba unoth denawa hoda