ආමි_කාරයා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    බොහෝ වෙලාවට බස්රථ කොන්දොස්තරවරුන්ගෙන් ඉතුරු මුදල් ලබාගන්න අමාරුයි කියලා ගොඩක්දෙනා චෝදනා කරනවා. විශේෂයෙන්ම ඉතුරු රුපියල දෙක ගන්නනම් දෙපාරක් තුන්පාරක් ඉල්ලන්න වෙන අවස්තා තියෙනවා. තරුණ පිරිස්නම් මේ ගැන වැඩි අවධානයක් නොදැක්වුත් අපේ වැඩිහිටි පරම්පරාවනම් කෙසේ හෝ එම මුදල් ඉල්ල ගන්නවා.කෙසේ වෙතත් මෙලෙස ඉතිරි මුදල් ඉල්ලාගැනීමට අපට අයිතියක් තිබෙනවා වගේම ඉතිරි මුදල් ලබාදීමටතත් කොන්දොස්තරවරුන්ට වගකීමක් තිබෙනවා.

    එවැනිම වූ අත්දැකීමකට මුහුණ දුන් මහළු මවකට අපේ හමුදා සෙබලෙකු විසින් මැදිහත් වී සිදු කල ඉතාමත්ම අගය කල යුතු ක්‍රියාවක් මේ දිනවල සමාජ ජාලාතුල දැඩිව කතාබහට ලක්වෙනවා. බොහෝ දෙනාට හමුදා සෙබළුන් රට වෙනුවෙන් සිදු කල මෙහෙය අමතක වෙමින් යන කලෙක මේ සෙබලා සිදු කල ක්‍රියාව සැබවින් සියළු ශ්‍රී ලංකිකයින්ගේ ගෞරවයට පාත්‍රවිය යුතු වෙනවා.

    මේ සම්බන්ධයෙන් මුහුණු පොතේ හුවමාරුවන සටහන පහතින්.

    “පොඩි පොදයකුත් තිබුණා.. පාන්දර නිසා සීතලත් එක්ක. අඳුරු පැහැ ගත් පරිසරය කෑම සොයන් යන කුරුල්ලන්ගෙන් වර්ණවත් වෙලා.. ටවුන් එකේනම් සුපුරුදු කාර්‍යබහුලත්වය එහෙමමයි. හෙමින් හෙමින් ගාල්ල බස් නැවතුමට පයින්ම කොටපු මගේ ඇගේ සීතලටම හිරිගඩුත් පිපිලා.. ත්‍රී වීල් එකේ අයියා කෙනෙක් හොරාටම සිගරට් එකක් අදිනවා.. කවදාවත් බුලත් විටක්වත් කාපු නැති මට, මේ හීතලට ඒ සිගරට් එකේ අමුතු ආතල් එකක් ඇති කියලත් හිතුනා.

    මම හිටියේ මාතරට යන්න. ඉක්මනට යන්න ඕන නිසා දුර ටර්න් එකක් ගන්න පාර අයිනට ආවා.. වෙලාවටම මම ආසම ටර්න් එක තියෙනවා. තංගල්ල ත්‍රිකුණාමලය.. ටිකක් සෙනඟ හිටියත් ඉක්මනට යන නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නෑ..

    විනාඩි විස්සක් විතර බසය මාතර දෙසට ඇදුනා.එක තැනකින් අම්මා කෙනෙක් බස් එකට නැග්ගා.. ඒ මනුස්සයා ටිකක් වයසයි. මටනම් අපේ ආච්චි වගේ.. එයා හෙමින් බස් එකට ගොඩ වුණේ.. එයාට නැගගන්න අමාරුයි. ඒ එක්කම ඉස්සරහ දොරටුවෙන් කොන්දොස්තර අයියගේ කටහඬ ඇහුනා.

    “ඉක්මනට නගිනවා මනුස්සයෝ.. පරක්කු වෙනවා” මම හිටියේ පස්සේ ෆුට් බෝර්ඩ් එක ලඟමයි. මම ඒ අම්මගේ අතින් අල්ලලා උඩට නග්ගගත්තා.. ඒ මනුස්සයා හරි දුර්වලයි. මට අතින් ඇල්ලුවම කටු ටිකයි නහර ටිකයි විතරයි අහු වුණේ..

    මොනා වුනත් ඒ මනුස්සයට ශීට් එකක් දෙන්න කෙනෙක් හිටියේ නෑ.. කොන්දොස්තරත් ලඟට ආවා. ඒ අම්මගෙන් ටිකට් ඉල්ලුවා. රු 10 කොලයක් දීලා ටිකට් එකක් ඉල්ලුවා.. කොන්දොස්තරත් ටිකට් එකක් දුන්නා. ඒත් එක්කම අම්මගේ කටහඬ ආයේ අවදි වුණා.

    “පුතේ තව රුපියලක් එන්න ඕන මට. රුපියල් නමයයි නේද ගාන?”

    “මාරු නෑ. ඕනනම් නමයක් දෙන්න මට”

    මම ලඟත් නෑ. මට රුපියල ඕන.. ඒ මනුස්සයා කොන්දොස්තරට ටිකක් තදින් කිව්වා..

    වයසක ගෑණු ඔහොමමයි. මට හිතින්ම කියවුණා. පුදුම තන්හාවක්..

    බස් එකේ එක කාලගෝට්ටියයි. අම්මා රුපියල ඉල්ලනවා. කොන්දොස්තර බනිනවා.. මිනිස්සු හිනා වෙනවා..

    ඒ අතරේ මම ලඟම හිටගෙන ඉඳපු කොන්ඩේ නෝට් කපපු අයියා කෙනෙක් රුපියලක් දෙනවා මේ අම්මට..

    අනේ.. අම්මගේ මූණට හිනාවක් ආවා..

    මේ රුපියල දීපු අයියා ඒ අම්මගෙන් ඇහුවා මොකටද රුපියල කියලා.. ඒ අම්මා කියපු කතාවට තාම මගේ පපුව කීන් ගානවා.

    “මම මේ යන්නේ මගේ මහත්තයා බලන්න පුතේ. එයාට හරියට ඇවිදින්නත් බෑ.මම ඉන්නේ මගේ දුව ලඟ. අපට ඉන්නේ ඒකි විතරයි. තාත්තා ලඟ ගඳයි, අපිරිසිදුයි කියලා මගේ දුව මගේ මහත්තයා ගෙදරට ගන්නේ නෑ.. එයාව මට බලන්න යන්නත් එපා කියලා තියෙන්නේ.. මම කොහොමද මහත්තයෝ මගේ මිනිහා අත ඇරලා දාලා හුස්ම පොදක් ගන්නේ? එයා ඉන්නේ මේ කිට්ටුව. මම අද උදේට කෑවේ නෑ මහත්තයෝ. ඒක ඔතාගෙන ආවා මගේ මිනිහට. පව් එයා කඩාවැටුන ගෙදරක තනියම විඳවනවා. එයාට අසණීපයි. දුව එයාට රුපියලක්වත් වියදම් කරන්නේ නෑ. මට සල්ලි දෙන්නෙත් නෑ එයාට වියදම් කරයි කියලා. මම ලඟ තිබුනේ රුපියල් 18යි මහත්තයෝ. ඒකත් මුණුබුරාට වැඳලා වැඳලා ඉල්ලගත්තේ. මට මේ රුපියල ඉල්ලගත්තේ නැත්නම් මට ආයේ එන්න වෙන්නේ නෑ. එහෙම වුනොත් මගේ මහත්තයට මෙහෙමවත් කෑම වේලක් දෙන්න වෙන්නේ නෑ මට.”

    මම මටම සාප කරගත්තා. මමත් හිතින් මේ අම්මට බැන්නා නේද කියලා..

    ඒ එක්කම අර කොන්ඩේ නෝට් කපපු අයියා පර්ස් එක අරගෙන ගණන් කරලම පන්දාහේ කොල නවයක් අර අම්මගේ අතට දුන්නා..
    “මේක තියාගෙන තාත්තව සනීප කරගන්න අම්මේ”

    “අනේ ගොඩක් පින් මහත්තයෝ” ඒ අම්මා කිව්වා..

    ඒ අම්මා දන්නේ නැතිව ඇති ඒ දුන්නේ පන්දාහේ කොල කියලවත්..

    ඒත් මම හිතුවා මේ ලොකු සල්ලි කාරයෙක් කියලා.. කිසි ගානක් නැතිව සල්ලි දීපු නිසා..

    මම නිකමට ඒ අයියගෙන් ඇහුවා.
    “පව් නේද අයියේ? අයියා කොහේද වැඩ කරන්නේ?”

    මම ශ්‍රී ලංකා යුධ හමුදාවේ මල්ලි. මේ මගේ මාසේ පඩිය. අද මම මේ ගමේ යන ගමන්. මගෙත් අම්මා නෑ මල්ලි. අම්මා නැතිවුනාට පස්සේ මට මේ ජොබ් එක සෙට් වුණේ. ඒකෙන් මට මගේ අම්මට හරියට සලකගන්න බැරිවුණා.. ඒත් අදනම් හිතට මාර ෆිට්..

    මට ඉක්මනට කඳුළු එන කෙනෙක්. ඒත් වැටෙන්න නොඳී දරාගෙන හිටියේ අර අම්මා හිටගෙන බස් එකේ ශීට් එක බදාගෙන යනවටත් වඩා අමාරුවෙන්..

    තව දෙයක්..
    අපි කියන්නේ ආමි එකේ කොල්ලෙක් කියලා..

    එයාලා කියන්නේ මම වැඩ කරන්නේ හමුදාවේ කියලා..

    ඒත් මේ අයියා මට කිව්වේ,
    එයා වැඩ කරන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ කියලා..

    ඒ වචන ඇතුලෙම තිබුණා
    පෞරුෂය
    තේජාන්විතකම
    ගෞරවය හා විනය!

    ඔබට ස්තූතියි නොහඳුනන සහෝදරයා!
    – උන්මාදකරු –
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දෙවියන් විවිධ වෙස් ගෙන එන බවට හොඳ උදාහරනයක්
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    touching story. eth mata hithenne gothapu kathawak kyala. ekak dan 10 nottu hoyagannath na. anith eka dura bus walata 9 ticket ganneth na. gattath baninawa.'
    anyway thanks for sharing
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    touching story. eth mata hithenne gothapu kathawak kyala. ekak dan 10 nottu hoyagannath na. anith eka dura bus walata 9 ticket ganneth na. gattath baninawa.'
    anyway thanks for sharing

    මොහොතකට හිතමුකො ගොතපු කතාවක් කියලා.
    ගොතපු කතාවක් හරි මෙච්චර ලස්සනට වචන වලට පෙරලපු එකෙක්ට අඩුම මුදලෙ ටිකට් එක කියන්න තරම් මෝඩයෙක් කියලා උබ මොහොතකට හරි හිතනවද? ඌට ඕක ලොකු ගානක් දාලා ලියන්න අමතක වෙන්න ඇති කියලද උබ කියන්නෙ?

    ඇයි රුපියල් දහයෙ නෝට්ටු නැත්තෙ. ගොඩක් නැති උනත්, තියෙනවා.
     
    • Like
    Reactions: jmzsl

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    touching story. eth mata hithenne gothapu kathawak kyala. ekak dan 10 nottu hoyagannath na. anith eka dura bus walata 9 ticket ganneth na. gattath baninawa.'
    anyway thanks for sharing

    ow matat oka hituna
    oka social media wala ne mulin ma giye

    galapen nathi than godai

    9 ticket eka
    konda banina eka naginakota
    Rs 18 munubura dunna eka
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මොහොතකට හිතමුකො ගොතපු කතාවක් කියලා.
    ගොතපු කතාවක් හරි මෙච්චර ලස්සනට වචන වලට පෙරලපු එකෙක්ට අඩුම මුදලෙ ටිකට් එක කියන්න තරම් මෝඩයෙක් කියලා උබ මොහොතකට හරි හිතනවද? ඌට ඕක ලොකු ගානක් දාලා ලියන්න අමතක වෙන්න ඇති කියලද උබ කියන්නෙ?

    ඇයි රුපියල් දහයෙ නෝට්ටු නැත්තෙ. ගොඩක් නැති උනත්, තියෙනවා.

    galapenne nati than thyenawa bn. 10 nottuwa hari kyamuko. eth Trinco - Thangalla yana bus ekkata 9 ticket ekak naggama una karabagena ticket denawada? kathawema kyala tyenawa senagath innawa kyala saha ikmanata bus eka ynawa kyala. e kyanne unta 9 kali aragena ynna ona kamak na :)
     
    • Like
    Reactions: ruchira55