HUAWEI Honor V10 Face Id ගැන

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    Huawei-Honor-Face-ID-1511875245-0-12.jpg


    Face Id වගේ tech එකක් develop කරන්න පුළුවන් Apple ලට විතරයි කියලා හිතුවද කව්රුහරි..? මේ දැන් ටිකකට කලින් ඔන්න Huawei සමාගම යටතේ ඉන්න sub brand එකක් වෙන Honor ලා එයාලගේ flagship phone එක වෙන Honor V10 phone එක announce කළා. ඉතිං මේක announce කරාටත් පස්සේ විශේෂ දෙයක් විදියට මෙයාලා පෙන්නුවා මෙයාලා දැනට develop කරගෙන යන future innovations කිහිපයක්. මෙයාලා ලොකුවටම මේ පෙන්නුවේ ඇත්තටම ඉතිං Iphone X එකේ Face Id system එකට තරගයක් දෙන්න පුළුවන් මෙයලගේම system එකක්. ඒවගේම විශේෂම දේ මේකට Apple වල Animoji වගේම system එකකුත් මෙයාලා එකතුකරලා තියෙනවා. දැන් ගොඩක් අය හිතයි මේකේ hardware නුත් එහෙනම් Honor ලා Iphone X එකේ true depth camera system එකෙන් copy කරලා ඇත්තේ කියලා. නැහැ ඇත්තටම මේ Face Id system එක ගත්තොත් මේකේ hardware පොඩ්ඩක් වෙනස් Iphone X එකට වඩා. Honor ලගේ මේ system එකේ තියන මුලික components ටික ගත්තොත් එහෙම එන්නේ මෙහෙමයි..

    - RGB Camera
    - IR Camera
    - 2 RGB LED's
    - Proximity Light Sensor
    - VCSEL Projector (Vertical cavity surface emitting laser diode)

    පේනවනේ ඉතිං මේකේ Apple true depth camera system එකේ වගේ Flood illuminator එකක් එහෙම දකින්න ලැබෙන්නේ නැ.. මේක ඒ 3D sensing technology එකට වඩා ටිකක් වෙනස් කියලා විතරයි දැනට අපිට කියන්න පුළුවන් ඉතිං. කොහොමහරි අපි මේ Honor facial recognition system එක ගැන තව ටිකක් කතාකරොත් මේ system එක වැඩකරන්නේ 1280x800 වගේ resolution එකක් යටතේ තමයි. ඒවගේම මේකට පුළුවන් කම තියනවා අපේ මුහුණේ points 300000 වගේ යටතේ 3D model එකක් හදාගන්න තප්පර 10කට අඩු කාලෙකින්. ඉතිං ඒවගේම මේ system එකට අපේ මුහුණ හදුනාගෙන device එක unlock කරන්න යන්නේ මිලි තප්පර 400 ක වගේ පොඩි කාලයක්ලු ඉතිං. compare කරන්න ගත්තොත් දැනට fingerprint scanner වලට device එකක් unlock කරන්න යන්නේ මිලි තප්පර 100 to 300 ත් අතර කාලයක්. එතකොට දැන් තේරෙයි ඇත්තටම මේ system එක කොච්චරනං speed ද කියන එක. ඉතිං ඒවගේම තමයි Honor ලා මේ system එකෙන් demo එකක් පෙන්නලා තියෙනවා.

    Honor_V10_Red_0.0.jpg

    මේ event එකේදී Iphone X එකේ animoji වලට වඩා හොදට තාත්විකව අපේ මුහුනට වැඩකරන animated emoji ටිකක්. උදාහරනයක් විදියට කිව්වොත් මේකට පුලුවන් අපේ දිවේ චලනයත් detect කරන්න. ඉතින් කොහොමහරි මේවයින් පේන විදියටනම් මේ technology එකත් ටිකක් promising technology එකක් කියලා හිතන්න පුළුවන් ඕනේ කෙනෙක්ට. දැනටනම් කට්ටිය කියන්නේ මේ facial recognition tech එක ඉදිරියේදී Huawei P11 එකේදී වගේ දකින්න ලැබෙයි කියලා තමයි. කොහොමවුනත් එකදෙයක් නම් දැන් sure ඒ තමයි Apple ලා Face Id system එකේදී අනිත් සියලුම company වලට වඩා අවරුදු 2ක් ඉස්සරහින් ඉන්නවා කිව්වත් දැන් දැන්ම Apple ලගේ Face Id system එකට උත්තර දෙන්න දැන් Android ලෝකේ ලොකුම company ටිකත් ගේමට බැහැලා ඉන්නේ ඔන්න එහෙනම්..

    ඉතිං මං දන්නවා දැන් මේක කියවල ඉවරවෙද්දී ගොඩක් අය කියවන්න කෑගහන්න ගන්නවා copy copy අපෝ චාටර් කියලා. මං ඒ අයටත් පොඩි දෙයක් කියන්නම් ඒ තමයි මේ ලෝකේ ඕනෙම දේකට අනිවාරෙන්ම තව ඒ වගේ දේකින් තරගයක් එන්න ඕනේ එතකොට තමයි ඒ දේ දියුණුවේ ඉස්සරහටම යන්නේ අඩුපාඩු හදාගෙන.තරගයක් නැති තැන හොද දියුනුවකුත් නෑ ඉතිං හොදේ අන්න ඒ දේ ගැනත් කල්පනා කරලා බලන්න පොඩ්ඩක්...








    ‎Geesha Gehan Anurad‎ (FB)​
     
    Last edited: