niyamaa raya sewakeyek hinda thamai oka geniyanne deela natthe. illegal nisa. neethiyata pitin yanna nam ithn pagawa denna wenawa lankawe. eka nam waradi
ගුවන් මඟින් පළතුරු සහ එළවළු ආනයනය සඳහා අවසර ලබා නොදෙන බව ඔබ මෙතෙක් නොදැන සිටීම ගැන කණගාටුයි. 1999 අංක 35 දරණ ශාක ආරක්ෂණ පනත ක්‍රියාත්මක වන බව සඳහන් පුවරු ගුවන්තොටුපල මගී පර්යන්තයේ ප්‍රදර්ශනය කෙරෙනවා. අත් පත්‍රිකා මඟින් දැනුවත් කිරීම් කෙරෙනවා.
ඔබට පළතුරු ගෙන ඒමට අවශ්‍ය නම් ජාතික ශාක නිරෝධායන සේවය, කටුනායක මඟින් නොමිලයේ ලබා දෙන බලපත්‍ර ලබා ගෙන නැව් මාර්ගයෙන් ගෙන ඒමට ඉඩ ලබා දෙනවා.
ආනයනය සඳහා බලපත්‍ර ලබා ගැනීම ද එම බලපත්‍රයේ සඳහන් කොන්දේසී සම්පූර්ණ කර තොග ආනයනය ද අනිවාර්යයි. බලපත්‍රයේ සඳහන් කොන්දේසී සම්පූර්ණ කළ ශාක, මල්, බීජ සහ වෙනත් ශාකමය ද්‍රව්‍ය කිසිදු අවහිරයකින් තොරව නිදහස් කර ඔබ වෙත නිකුත් කිරීමට ගුවන්තොටුපල ශාක නිරෝධායන ඒකකය සූදානම්.
ඔබෙන් පළතුරු ශාක නිරෝධායන ඒකකයට ලබා ගෙන ඔබට ලබා දී ඇත්තේ රඳවා ගැනීම් නියෝගයක් (Detain receipt). එම රඳවා ගැනීම් නියෝගයේ සඳහන් සියලු ද්‍රව්‍ය පැය 72ක් ඉකුත් වූ පසු විධිමත් ක්‍රියා මාර්ග අනුගමනය කරමින් නිලධාරි අධීක්ෂණය යටතේ විනාශ කිරීම සිදු කරනවා.
එපමණක් නොවෙයි අපනයනයේ දී ගුණාත්මක ශාක, මල්, පැළ වර්ග, එළවළු, පළතුරු ආදිය සඳහා එහි ගුණාත්මක බව තහවුරු කරමින් ශාක ස්වස්ථතා සහතික ලබා දීමත් අප සිදු කරනවා. අපේ ශාක ස්වස්ථතා සහතිකයට ලෝකයේ අනෙකුත් රට වල් වලින් ඉහල පිළිගැනීමක් ලැබෙනවා.
මෙහි දී ඔබට අවශ්‍ය වන සියළු තොරතුරු සහ අවශ්‍ය ඉල්ලුම් පත්‍ර
www.doa.gov.lk සහ npqs srilanka වෙබ් අඩවි වලින් ලබා ගත හැකියි.
වැඩිදුර විමසීම් සඳහා පහත දුරකථන අංක ඇමතිය හැක.
ස්ථානභාර නිලධාරි, ගුවන්තොටුපල ඒකකය - 011 - 2252575
අතිරේක අධ්යක්ෂ, ජාතික ශාක නිරෝධායන සේවය - 011 - 2252028/29
අධ්යක්ෂ, බීජ සහතික කිරීම හා පැළෑටි සංරක්ෂණ සේවය - 081 - 2388044
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් - 081 - 2388331
ඔබගේ චෝදනාව පිළිබඳ විධිමත් පරීක්ෂණවක් ඉදිරි දින කිහිපය තුල අප ආයතනය මඟින් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ------- FACEBOOK COMMENT