Hero of Greece

2osama

Well-known member
  • Oct 25, 2010
    81,158
    72,323
    113
    මාලඹේ
    ග්‍රීසියේ වීරයා
    ______________________

    මහපාරක්‌ හරස්‌ කරලා ලොකු උද්ඝෝෂණයක්‌.

    රටේ ආර්ථික අර්බුදයෙන් ප්‍රශ්න වලින් බැට කන මිනිස්‌සු එක පැත්තක...

    ඒ මිනිස්‌සුන්ව මර්දනය කරන්න ආණ්‌ඩුවෙන් එවපු කුලු පොලු අටව ගත්තු පොලිස්‌ භටයො අනිත් පැත්තෙ..

    කැරලි මර්දන භටයො මිනිස්‌සුන්ව විසුරුවල අරින්න කඳුළු ගෑස්‌ බෝම්බයක්‌ විසි කළා.

    කඳුළු ගෑස්‌ බෝම්බෙ උද්ඝෝෂණය කරන මිනිස්‌සු මැද්දට වැටුණා...

    එක පාරටම....

    එක්‌කෙනෙක්‌ දුවගෙන එතනට ආවා...

    පුපුරන්න ඔන්න මෙන්න තිබුණ කඳුළු ගෑස්‌ බෝම්බය කටින් අරන්

    මිනිස්‌සුන්ගෙන් ඈතට විසි කලා...

    මිනිස්‌සු එක කඳුළු ගෑස්‌ ප්‍රහාරයකින් බේරුණා..

    කවුද එයා...?

    කැරලි නායකයෙක්‌, වෘත්තීය සමිති නායකයෙක්‌ හෙම නෙවෙයි...

    බල්ලෙක්‌..
    picture.php


    එයාගෙ නම ලොවුකානිකොස්‌..

    වෙන බල්ලන්ට වගේ තමන්ගෙ රැහේ අයත් එක්‌ක සෙල්ලම් කරන්න,

    නිවාඩු පාඩුවෙ අව්වෙ වැතිරිලා ඉන්න

    මස්‌ කට්‌ටක්‌ හප හපා කල් මරන්න

    ලොවුකොනිකොස්‌ට වෙලාවක්‌ නෑ....

    උද්ඝෝෂණ සත්‍යග්‍රහ හැම එකකම

    පීඩිත පංතියෙ මිනිස්‌සුන්ගෙ පැත්තෙ ඉඳගෙන

    ලොවුකොනිකොස්‌ සටනේ..
    picture.php


    මිනිස්‌සුන්ව කඳුළු ගෑස්‌ ප්‍රහාරවලින් බේර ගන්න එක,

    මිනිස්‌සුන්ව මර්දනය කරන්න එන පොලිසියත් එsක්‌ක රණ්‌ඩු කරන එක

    ලොවුකොනිකොස්‌ට හොඳට පුරුදුයි..

    picture.php

    එයා කඳුළු ගෑස්‌වලටවත්, බැටන් පොලු වලටවත්, කැරලි මර්දන පොලිසියෙ සද්ද බද්ද වලටවත් බය නෑ..

    ඒ හින්ද

    ලොවුකොනිකොස්‌ට නමක්‌ පටබැඳුන

    "ග්‍රීසියේ වීරයා" කියල..
    picture.php


    ග්‍රීසියේ වීරයා කොයි තරම් ප්‍රසිද්ධ වුණාද කිව්වොත් ලෝක ප්‍රසිද්ධ ටයිම් සඟරාවෙන් එයාව 2011 ලෝක ප්‍රසිද්ධ චරිත අතරට එකතු කරල එයාගෙ රූපයකින් සඟරාවෙ කවරෙත් සැරසුවා...

    ටයිම් සඟරාවෙ කවරෙට වඩා ලොවුකොනිකොස්‌ ලෝකෙ පුරා මිනිස්‌සුන්ගෙ හිත් තමන්ගෙ රූපෙන් සැරසුවා..

    වංචාවක්‌ කහටක්‌ නැතිව පීඩිත පන්තියෙ මිනිස්‌සු වෙනුවෙන් සටන් කරල..

    2014 දී ලොවුකොනිකොස්‌ මැරුනා.

    වෛද්‍යවරු කිව්වෙ එක දිගට කඳුළු ගෑස්‌ ප්‍රහාරවලට ලක්‌වුණ නිසා ඇති වුණ ආබාධ වලින් ලොවුකොනිකොස්‌ මැරුණ කියල...

    මැරුණත් අදටත් ලොවුකොනිකොස්‌ අපට එක කතාවක්‌ කියනව..

    වරදාන වෙනුවෙන් මිනිස්‌සුන්ව පාවලා දීලා අසාධාරණ පාලකයන්ගෙ පැත්තෙ හිටගන්න

    සමහර නායකයන්ට වඩා...

    අවංකව මිනිස්‌සු වෙනුවෙන් සටන් වදින

    බල්ලෙක්‌ උනත් නම්බුකාරයි කියල..
    picture.php

    picture.php

    picture.php

    picture.php

    ඉරිදා දිවයින 16.04.2017
    නිම්මි මුදිතා හේරත්(උපුටා ගැනිමකි)

    මේක මම ඉස්සුවේ ෆෙස්බුක් එකෙන්.
    කෑමතිනම් රෙප් පාරක් දාගෙන යන්න.
    නෑත්නම් එත් අවුලක් නෑහෑ.
    අනිවාර්යෙන්ම බම්ප් එකක් දාගෙන යන්න
    අනිත් අයටත් බලන්න...

    Repost nam sorry thamaa:D:D:D:D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,551
    1
    42,663
    113
    ලොවුකොනිකොස්‌ අපිට ආයෙ කවදාවත් දකින්ඩ ලැබෙන එකක් නැද්ද :love:
    කවදහරි ආයෙ මිනිස්සුන්ට දකින්ඩ ලැබෙයි කියල හිතනව. විස්වාස කරනව..
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,158
    72,323
    113
    මාලඹේ
    ලොවුකොනිකොස්‌ අපිට ආයෙ කවදාවත් දකින්ඩ ලැබෙන එකක් නැද්ද :love:
    කවදහරි ආයෙ මිනිස්සුන්ට දකින්ඩ ලැබෙයි කියල හිතනව. විස්වාස කරනව..

    ආයේ ලන්කාවේ ඉපදෙන්න කියලා
    අපි පාර්ත්නා කරමු...
     
    • Dislike
    Reactions: ryandok