දිනපතාම ඔබ වස කන බව දන්නවාද? අනිවාර්යෙන් ක&#35

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
දිනපතාම ඔබ වස කන බව දන්නවාද? අනිවාර්යෙන් ක&#35

vv-114.png


ජාතියක්‌ ලෙස අපි කලක සිට සිහිනයකින් හෝ නොසිතූ ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටින්නෙමු. බල්ලො මරා හෝ සල්ලි සොයා ගෙන ජොලි කරන්නට ඉඩ ප්‍රස්‌ථාව ඇති සමාජයක මෙවන් ඛේදවාචක ඇතිවීම පුදුමයක්‌ නොවේ. යලට මහට සරු අස්‌වැන්නක්‌ ගෙන, බඩ කට පුරා හොඳ රහට කාපු ජාතියක්‌ වූ අපට අද කන්නට සිදුවී ඇත්තේ වස විසය.

තත්ත්වයෙන් ගුණයෙන් හා රසයෙන් බාල කළ කුණු ගොඩවල්ය. මේ රටේ ජනතාව කන බොන දේ වටා අද විපත් රැසක්‌ ගොනුකර ඇත. කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතාද හෙළි කරන්නේ අපේ අයියලාගේ යටිකූට්‌ටු මගෝඩියකි. එනම් තරු හෝටල් ඇතුළු වෙනත් ආපන ශාලාවලින් භාවිත කර ඉවත් කරන තෙල් පිරිසිදු කර නැවත වෙළෙඳපොළට නිකුත් කරන ජාවාරමක තොරතුරුය. මේ ගේම්ලන්තයේ ජිල්මාට්‌ය.

රටේ යටිකූට්‌ටු වැඩ පුරයේ ආහාර පාන බාල කිරීම සම්බන්ධයෙන් ඇති කතාව අසන්නට බලන්නට තරම් වටිනා මහා ඛේදවාචකයකි. පලතුරුවලින් කිහිපයක්‌ හැර අනෙක්‌වා සියල්ල කාබයිට්‌ ගසා ඉදවූ පලතුරුය. විශේෂයෙන් ආනයනය කළ පලතුරු කල්තබා ගැනීම වෙනුවෙන් බෙහෙත් එන්නත් කළ ඒවාය. තාත්තා උදේ බෙහෙත් ගැසූ පේර කා දුව මියගිය හද කම්පා කළ සිද්ධිය අපේ රටේ බෙහෙත් කෙරුවාවේ තරම රටට කියාපාන්නකි.

විශේෂයෙන් අද පදික වේදිකා දෙපස ඇති පැණි කොමඩු ආදියට කපටිව වර්ණක එන්නත් කර තද රතු පාටින් ඉදී ඇති බවට ඔප්පු කිරීමට උත්සාහ කරන පිරිස්‌ ඇත. බොහෝමයක්‌ පලතුරුවල එහි නටුව පරීක්‍ෂා කිරීමෙන් ඒවා ඉදී ඇති නැති බව, ඒවා නෙළාගත් දිනය ආදිය හඳුනාගත හැකිමුත් අද වෙළෙඳපොළේ ඇති පලතුරු බොහෝමයක නටුව කපා දැමීමට කූට වෙළෙඳුන් ක්‍රියා කරයි.

පලතුරු වෙළෙඳසල්වල ඉතා සුගන්ධයෙන් යුතු හඳුන්කූරු ආදිය එයාර් ෆෙෂ්නර් ආදියෙන් සුවඳකොට ඇති බව ඔබ දැක ඇතුවාට සැකයක්‌ නැත. ඔවුන් එය කරන්නේ පලතුරුවල ස්‌වභාවික සුවඳ පාරිභෝගිකයාට දැනීම වැළැක්‌වීමටය. දිවුල් ඉදවන්නට බෙහෙත් ගහන්නේ නැතිමුත් ඒවා මඩේ ගසා, ඉදීම ඉක්‌මන් කරන පිරිස්‌ද සිටියි. අලි ඇත්තු දිවුල් කෑ විට එහි කට්‌ට පොඩි නොවේ.

ආහාර ජීර්ණයෙන් පසු කට්‌ට හැර අනෙක්‌ සියලු දේ අසුචි ලෙස පිටවේ. මෙලෙසින් පිටවූ දිවුල් ගෙඩියක්‌ පිටින් දැක්‌ක විට හොඳ ගෙඩියකින් වෙන්කර හඳුනාගත නොහැකිය. පොළේ දී හෝ වෙනත් තැනකදී කලබලයෙන් ඔබේ මල්ලට වෙළෙන්දා එබූ දිවුල් ගෙඩි අතර මද නැති දිවුල් හම්බ වුණොත් එය අලියා ගිල්ල දිවුල් ගෙඩියක්‌ බව ඔබ හඳුනා ගන්න.

ගල්සියඹලා, වෙරළු, නෙල්ලි, මාදං වැනි පලතුරු ලෙස අපේ මෝඩයන් පිළිගැනීමට අකැමැති පලතුරු කිහිපයක්‌ම හැර අනෙකුත් සියලුම පලතුරුවලට කාබයිට්‌ විදියි. ආඩම්බරෙන් ගිහින් ගහේ හිටියටත් වඩා කාලයක්‌ නැවේ හිටිය ඇපල් ගන්නවාද… නැතිනම් කඩා වැඩිම වුණොත් දින හතරක්‌ කල්ගත වූ දං ගෙඩියක්‌ ගන්නවාද යන තීරණය ඔබ සතුය.

රට වගේ තුන් ගුණයක මුහුදක්‌ අයිති, උදේකට නිස්‌කලංකේ උසක සිට ඈත මෑත බැලූ විට රටේ මධ්‍යම කඳුකරය පේන පුංචි රටක සිටින අපට හරිහමන් පාලකයන් සිටීනම් තුන්වේලටම මාළු කන්නට හැකිය. ඇත්තෙන්ම නිසි වැඩපිළිවෙළක්‌ තිබුණේ නම් ලෝකයටම මාළු දෙන්නට තරම් විශාල මත්ස්‍ය සම්පතක්‌ අපේ රටේ තිබේ.

ඒත් නිදහසින් පසු මේ රට පාලනය කළවුන්ට පිං සිද්ධ වෙන්න අපිට ලෝකෙට දෙන්න තියා අපිට කන්නවත් මාළු නැත. කාටත් හොරෙන් ගෙන ආ රුපියල් සීයක තලපත් කෑලි තුන හතරද නරක්‌ වී ගොස්‌ ඇත. එදා දුප්පතාගේ නිත්‍ය ආහාරවේල වූ කරවලවල අද මිනී එම්බාම් කරන්නට ගන්නා ෆොමලින් යහමින් අඩංගුය. ඒ මදිවට බැටරි ඇසිඩ්ය.

පරණ මාළුන්ගෙ කරමල්වලට අලුත් මාළු ලේ දමා රතු පාට කරයි. විවිධ රසායනික ද්‍රව්‍ය යොදා පරණ මාළුන්ගේ ශරීරයට දිප්තියක්‌ ගෙන දෙයි. උම්බලකඩ කුඩු ලෙස පැකට්‌ කරන උම්බල කුඩුවලට අමතරව නහුතයක්‌ කුණු රොඩුද ඇතුළත්ය.

රටේ භාවිත කරන කුළුබඩු ආදිය ද තත්ත්වයෙන් බාල කළ ඒවාය. මිරිස්‌ කුඩුවලට ගඩොල් කුඩු එකතු කර ඇතැයි සමාජයේ ඇති කතාව හුදෙක්‌ හිතළුවක්‌ පමණක්‌ම නොවේ. ලංකා මිරිස්‌ සැරෙන් ඉතා ඉහළ වුවත් වර්ණය තද රතු පැහැයක්‌ නොගනියි. ඉන්දියන් මිරිස්‌ මෙහි අනෙක්‌ පැත්තයි.

සිල්ලර කඩේකින් ඔබ කිරා මිලදී ගන්නා මිරිස්‌ ග්‍රෑම් 100 න් ග්‍රෑම් කොච්චරක්‌ ඉන්දියන් මිරිස්‌ද, ලංකා මිරිස්‌ද එහෙමත් නැතිනම් ගඩොල් කුඩුද යන්න පැවසීමට ශක්‍රයාගේ පුතා වෛමාටවත් බැරිය. කුළුබඩු කෙරුවාව එතැනින් අවසාන වන්නේ නැත. කුළුබඩු බොහොමයක්‌ වර්ණ කාරක, රස කාරක දැමූ ඒවාය.

ගෙදරදී සාදා කුඩු කරගත් කහ හැඳි තුන හතරකින් ගන්නට බැරි පාට කඩෙන් ගත් එක කහ හැන්දෙන් ලැබෙන්නේ ඒ නිසාය. වාණිජ අරමුණු මුල්කොට ගෙන නිෂ්පාදනය කරන බොහොමයක්‌ කුළුබඩුවල තත්ත්වය මෙසේය. විශේෂයෙන් කරදමුංගූ, කරාබුනැටි ආදියේ පෝෂණ කොටස්‌ උකහාගෙන වෙළෙඳපොළේ ඇති බොහෝමයක්‌ කුළුබඩු ඇත්තෙන්ම රොඩුය.

ඔබ ජීවිතේ කොපමණ වාරයක්‌ සුදුපාට හුරු කරදමුංගු දැක ඇතිද? නියම කරදමුංගු ඇත්තෙන්ම කොළ පාටය. සිංහල බෙහෙත්වල කතාවද මෙසේය. සිංහල බෙහෙත් බඩු කඩෙන් ඔබ මිලදී ගන්නා බෙහෙත් බොහොමයක පෝෂණ කොටස්‌ ලබාගත් ඒවා වන අතර තවත් ඒවා කුණුරොඩු බව ඔබ විශ්වාස කරනවාද?

අපේ රටේ ආහාර කලාවේ රස රහස කරපිංචා යෑයි කිව්වොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ. කරපිංචා යනු මාහැඟි රස කාරකයි. එහි අද්විතීය රසය ඵීඨ පරදවයි. ඒත් අවාසනාවට අද ඔබ අතට පත්වන්නේ ගම් කරපිංචා නොව කැලෑ කරපිංචාය. කැලෑ කරපිංචා හා ගම් කරපිංචා යෑයි වර්ග දෙකක්‌ නැතිමුත් කැලෑ ආශ්‍රිතව කප්පාදුවකින් තොරව මිනිස්‌ ආශ්‍රයෙන් තොරව හැදෙන ගස්‌ කරපිංචා රස නැත. කැලෑ කරපිංචා හඳුනා ගැනීම පහසු අතර එහි කොළ විශාලය.

කළු පාටට හුරු කොළ පැහැයක්‌ ඇති මේ කොළ ගම් කරපිංචා තරම් සුවඳ නැත.

ලංකාවේ එළවළුවලට වන සන්තෑසිය මේ ලොව වෙන කිසිදු රටක සිදු නොවන බවට සැකයක්‌ නැත. අපේ එළවළු ඉපදෙන්නටත් පෙර රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වේ. පොළොව යට හැදුණද, පොළොව උඩ හැදුණද මැස්‌සක හැදුණද එහි ඇති වෙනසක්‌ නැත. වෙනකක්‌ තබා තුඹ කරවිල, තිබ්බටුවලට පවා බෙහෙත් ගසයි.

අපේ රටේ බොහොමයක්‌ භෝජනාගාරවල ඇත්තේ ඒවා හැදූ දවස පුරාවිද්‍යාඥයන්ටත් තීරණය කරන්නට බැරි කෑම බව ප්‍රසිද්ධ රහසකි. මස්‌ මාළු ආදිය බදින්නට පෙර තෙල් තාච්චියට ප්ලාස්‌ටික්‌ බෝතල් දමන්නේ කෑම හුළංගැසී හං වීම වළක්‌වා ගන්නටය. තෙල් තාච්චියට තවත් බොහෝ දේ මිශ්‍ර කර එළවළු කරිවලට දමන්නේ එළවළු පිළුණු වීම වළක්‌වා ගැනීමටය.

බොහෝමයක්‌ භෝජනාගාරවලට ගේන හාල් කොළ තැම්බුණු ඒවාය. (එනම් ගොයම් කපා ගොඩගසා තිබූ විට වැස්‌සට අසුවූ ඒවාය) එළවළු පලතුරු ආදිය සියල්ලම නරක්‌ වූ ඒවායින් කපාගත් ඒවා වන අතර පලතුරු ජූස්‌ ගැන නම් කතා කර වැඩක්‌ නැත. පාර දෙපැත්තේ තැන තැන තබා ඇති නැවුම් දොඩම් බොමු කීවාට ඔවුන් ඔබට පොවන්නේ ජලයට දෙහි මිශ්‍ර කර හදාගත් බීමය.

පුරා සියවසක්‌ දහඩිය කඳුළු මතින් ගොඩනඟා ගත් “සිලෝන් ටී” නැතිනම් ලොව හොඳම තේ නාමයද අපේ රටින් බිඳ වැටුණේ මේ ආහාර බාල කිරීමේ ජාවාරම නිසා බවද අපි මෙහිලා අමතක නොකළ යුතුය. තේ වගාකරුවන් ඔළුවෙන් හිටගෙන කීවද ග්ලයිෆොසේට්‌ ඔවුන්ට අවශ්‍ය වන්නේ අනෙකක්‌ නිසා නොව ග්ලයිෆොසේට්‌ නිසා ඔවුන්ට වල් නෙළන කම්කරුවන්ට මුදල් ගෙවීමට සිදු නොවන නිසාය.

ඒත් එයින් සිදුවන පාරිසරික අර්බුද තබා සිය කර්මාන්තයේ සිදුවන කඩාවැටීම ගැනවත් ඔවුන්ට ගාණක්‌ නැත. ග්ලයිෆොසේට්‌ හේතුවෙන් තේවල තත්ත්වයද පහත වැටෙන බවත්, එයින් ලොව ඇති තේ ඉල්ලුම පහත වැටෙන බවත්, ඔවුන් හිතන්නේ නැතිවීම එක්‌ අතකට විමතියට කරුණකි.

ඇත්ත ඇති සැටියෙන්ම කිවුවොත් අපි දහදිය මහන්සියෙන් උපයා ගන්නා බත් පතේ සිට කන්නට ගන්නා පලතුරු ගෙඩියේ සිට බොන වතුර ටික පමණක්‌ නොව උණට හෙම්බිරිස්‌සාවට බොන ඉඟුරු කොත්තමල්ලිවලට පවා අද වස විස මිශ්‍රකර ඇත. ඒවායේ ගුණාත්මක බව අඩුකර ඇත. පැල ඉණි වැටට හිටවූ දණ්‌ඩක්‌ දලුලා වැඩෙන රටක්‌ රසායනික පොහොරින් පිරවූවෝ කවරහුද? තමා බඩගින්නේ සිටියදී ගෙදරට ආ අසරණයාට බත්පත දී වතුර දෝතකින් බඩ සනසාගත් මිනිසුන් අනෙකාගේ බත් පතට පමණක්‌ නොව ලෙඩට, බොන බෙහෙත් විඩට පවා වස විස යොදන හොර බොරු කරන තත්ත්වයට ඇද දැමුවෝ කවරහුද? අද මේ රටේ වන අහස පොළව නුහුලන අපරාධවලට වගකිව යුත්තෝ කවරහුද?

WaDaGaThNaM REP+++++++++++++++++++
 

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,134
    3,135
    113
    Harima dukai.. den nam me rata makola ganna one..neththnam goda ganna behe
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,276
    113
    Colombo
    කෑම වලට ගසන වස වලට බෙහෙත් කියන තාක් ඔය කොතෙකුත් දේවල් කීවද ඒවා ජනතාව අතරට නොයයි. ! :oo::yes::eek:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    කරන්න දෙයක් නෑ දැන් හැම ලබ්බම වහ ගහලා හදන්නේ.....

    කඩේ තියෙන ඇපල් මිදි කන්න එපා කිව්වට මිනිස්සු අහන්නේ නැහැ වැරදිලා වත් කන්න එපා කිව්වොත් කියන්නේ ඔහොම බල බල හිටියොත් කන්න දෙයක් නැහැ කියලා

    පුළුවන් කමක් තියෙනවනම් ගෙදර තිබ්බටු ගහක් දෙකක් පෝච්චි තුන හතරක නිවිති දඬු කෑලි ටිකක් බොහොම පුංචියට ගොටුකොළ පාත්තියක් වගේ වවාගන්න නැත්තං දෙයියනේ කියලා වකුගඩු දෙක ළමයෙක්ට දෙන්න පුළුවන් වැඩිකල් නොගිහිල්ලා

    ඔය කන වස විසට ප්‍රත්‍යක්ෂ වන හොද බෙහෙතක් තියෙනවා හීන් ගොටුකොළ එහෙම නැත්තං බෙහෙත් ගොටුකොළ කියලා හඳුන්වන කොළය පුංචි ගොටුකොල මිටක් දෙකක් අරගෙන වතුර ටිකක් දාලා blender කරලා අරගෙන ඒකෙ ඉස්ම ටික හොඳට මිරිකලා අමුවෙන්ම බොන්න හැමදාම උදේට මාසයක් විතර කරලා බලන්න ඔය බෙහෙතට වකුගඩු අමාරු පවා හොඳ වෙනවා

    හැබැයි කඩේ තියෙන ගොටුකොළ නම් ගන්න එපා ගෙදර වවාගත්ත ගොටුකොළ අරගන්න මොකද කඩේ දෙන ගොටුකොළ වලටත් කාලකන්නි වහ ගහලා තියෙන්නේ
     
    • Like
    Reactions: eyepea

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Oya krumi nashaka, wal nashaka pitaratawal walath pawichchi karanawa neda? Ehema beluwama Lankawe witharak newei Loke hemoma kanne waha thamai :baffled::baffled::baffled:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    කෑම වලට ගසන වස වලට බෙහෙත් කියන තාක් ඔය කොතෙකුත් දේවල් කීවද ඒවා ජනතාව අතරට නොයයි. ! :oo::yes::eek:

    :love:

    ගෙවල් වල ගෑනුන්ගෙ ඔලු වෙනස් කරන කං අපිට දිනපතා ම වහ කන්න පුළුවන්

    මැගී කාලා මයිලෝ බීපුවයි ප්‍රතිඵල තමයි ගොඩක් දෙනා අද ලෙඩරෝග හැටියට දකින්නේ....
     
    • Like
    Reactions: lilman
    Nov 20, 2012
    1,467
    477
    0
    Oya krumi nashaka, wal nashaka pitaratawal walath pawichchi karanawa neda? Ehema beluwama Lankawe witharak newei Loke hemoma kanne waha thamai :baffled::baffled::baffled:

    ගහනවා ගහනවා උනුත් වහ ගහනවා නැතුව නෙමේ

    හැබැයි ඒ රටවල බහුතරයකට වස ගැන අවබෝධයක් තියෙනවා උන්ට කිව්වොත් වතුර මිලි ලීටර් 100 කට රසායනික ද්‍රවය මිලි ලීටර් දහයක් කවලං කරන්න කියනවා ඒගොල්ලෝ ඒ ලිමිට් එක පනින්නෙ නෑ

    මම ඇස් දෙක දැකලා තියෙනවා අපේ රටේ මිනිස්සු නිර්දේශ කරපු ප්‍රමාණයටත් වඩා කවලම් කරලා ගහනවා ඇහුවම කියනවා චුට්ටයි නේ බං මදිවෙයිද දන්නෑ ඒකයි ටිකක් වැඩියෙන් දැම්මෙ කියලා :oo:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    සොයන්නා;22684346 said:
    ගහනවා ගහනවා උනුත් වහ ගහනවා නැතුව නෙමේ

    හැබැයි ඒ රටවල බහුතරයකට වස ගැන අවබෝධයක් තියෙනවා උන්ට කිව්වොත් වතුර මිලි ලීටර් 100 කට රසායනික ද්‍රවය මිලි ලීටර් දහයක් කවලං කරන්න කියනවා ඒගොල්ලෝ ඒ ලිමිට් එක පනින්නෙ නෑ

    මම ඇස් දෙක දැකලා තියෙනවා අපේ රටේ මිනිස්සු නිර්දේශ කරපු ප්‍රමාණයටත් වඩා කවලම් කරලා ගහනවා ඇහුවම කියනවා චුට්ටයි නේ බං මදිවෙයිද දන්නෑ ඒකයි ටිකක් වැඩියෙන් දැම්මෙ කියලා :oo:

    hmm... Kruminashaka/Walnashaka wala ganan tikak wedi kala nan (tax 1 gahala wage) minissu wedipura owa pawichchi karana ekak na.
     
    Nov 20, 2012
    1,467
    477
    0

    hmm... Kruminashaka/Walnashaka wala ganan tikak wedi kala nan (tax 1 gahala wage) minissu wedipura owa pawichchi karana ekak na.

    තහනම් කරපු ග්ලයිෆොසේට් පවා හොරෙන් ගෙන්නන එකේ tax දාලා නවත්තන්න හම්බ වෙන්නේ නෑ :sorry: