මට මගේ කාර් එකට එන්ජින් ටියුන් අප් එකක් කරගන්න ඕන වෙලා තියෙනවා..
ටොයටා එකට සර්විස් දාපු වෙලාවේ මේ මාසේ මුල උන් කිව්වා ටියුන් අප් කරන්න කියලා..
උන්ගේ 12ක් යනවා කිව්වා, මම පිට තැනකින් ඇහුවා උන් 4 කට කරන්නම් කිව්වා,
ඕක නමට කිව්වට මම හරියටම දන්නේ නැහැ මේ ටියුන් අප් කියන්නේ මොකද්ද කියලා..
යූටියුබ් බැලුවම ස්පාක් ප්ලග් ක්ලීන් කරන, මාරු කරන වගේ සීන් එකක් තියෙන්නේ..
මේකෙන් හරියටම මොකද්ද වෙන්නේ? මේක කරන්න ඕන කියලා අපි කොහොමද තීරණය කරන්නේ?
ප්ලග් මාරු කරන්නම ඕනද? ඊට අමතරව වෙන මොනවද කරන්න ඕන?
මට ලොකු දැනුමක් නැහැ ඔටෝ මොබයිල් ගැන..
මගේ කාර් එක ටොයෝටා ඇලියොන් 260 - 2013 මයිලේජ් 78000+
දන්න කෙනෙක් ඉන්නව නම් මේ ගැන ටිකක් පැහැදිලි කරන්න..
අනිත් අයටත් උදව්වක් වෙයි කියලා හිතෙනව නම් බම්ප් කරන් යන්න..
ජය වේවා..




