මහා රාවණා රජතුමා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මහා රාවණා රජතුමා

    :frown:
    රාවණා රජු පිළිබඳ අපේ කුඩා කල මතකය අවදි කලොත් අපේ අම්මලා ආච්චිලාගෙ කතන්දර ඇතුලෙ රාවණා රජතුමා ගැන එතරම් පැහැදීමක් නම් තිබුණ වගක් අපිට මතක නැහැ. අසල්වැසි ඉන්දියාවෙ රාමචන්ද්‍රයන්ගේ සීතාව පැහැරගෙන ඇවිත් ලංකාවටත් අපකීර්තියක් ගෙනාපු රාවණා රජ්ජුරුවො ගැන ඒ අය කතා උනේ පන්සලේ විභීෂණ දේවාලෙට පඬුරුත් දාන ගමන්.
    රාවණා රජතුමා ගැන වෙනස් විදිහේ අදහසක් අප බොහෝ දෙනෙක් අතර ඇති කරන්නට සමත් උනේ භද්‍රජී මහින්ද ජයතිලකයන්ගේ ශ්‍රී රාවණ්නා කෘතිය කියවීමෙන් අනතුරුව බවනම් මතක් කල යුතුමයි. මෙතැනදී රාවණා රජු ගැන වෙනස්ම මානයකින් විස්තර කර තිබුණු කතාව රාමායනයේ වීර වික්‍රම වලටත් වඩා කුතුහලය මුසු යම් ප්‍රෞඩ හැඟීමක් අපේ හිත්වල ඇති කරන්නට සමත්වුණා මතකයි.කෙසේ නමුත් අද වෙද්දි ලක් පොලවේ රාජ්‍ය කල ශ්‍රේෂ්ඨතම නරපතියෙක් වශයෙන් බොහෝ අය සලකන මහා රාවණා රජතුමාගෙ බල පරාක්‍රමය අන්තර්ජාලයත් උණුසුම් කරල හමාරයි. රාවණාගේ උපත, ජීවිතය, වීරත්වය සහ පුනරාගමනය ගැනද ඉදිරිපත් කෙරෙන උණුසුම් මතවාද නම් බොහොමයි. මේ සමහරක් මතවාද සහ සාක්ෂි ඇත්තදෝයි සිතෙන තරම් විශ්වාසනීයයි, තවත් සමහරක් වල් බහුබූත කියා හිතෙන තරම් විකාරයි සහ හාස්‍ය ජනකයි.
    අනිවා අපි මේ කිසිම අදහසක් බැහැර කරන්නේ නැහැ. සත්‍යය සමහර විට අප සිතනවාට වඩා විශ්මයජනක හෝ විහිලු සහගත වෙන්න පුලුවන්. ඒ වගේම අද අප තරයේ විශ්වාස කරන දේවල් හෙට විහිලුවක් වන්නටත් පුලුවන්. මේ දේ හිතේ තබාගන්නා ලෙස ඔබටත් මතක් කරමින්ම මහා රාවණා සම්බන්ධ අතීත සහ වර්තමාන තොරතුරු විමසීමකුයි අපි මේ කරන්න හදන්නේ. රාවණා රජු සැබෑවක්ද? හුදු සංකල්පයක් පමණක්ද යන තීරණය ඔබේ බුද්ධියෙන් විමසා තීරණය කලයුත්තක් වනවා.

    1. ඉන්දියාවේ රාවණා

    RavanaObsession-aniwa-01.jpg
    Source – bhagavatam-katha.com
    වාල්මිකීගේ රාමායන කථාවෙන් දැක්වෙන රාවණා චරිතය ඉන්දියානුවන් දුෂ්ඨත්වයේ සංකේතයක් හැටියට කවදත් යොදාගනු ලබන්නක්. ඉස්සර රූපවාහිනියේ උපසිරැසි සහිත හින්දි චිත්‍රපටි තොග ගණන් බැලූ කාලයේ ඒ විත්‍රපටිවල වීරයා දුෂ්ටයාගෙන පලිගන්න යනවිට “යං රාවණාගේ ලංකාව ගිණි තියල එමු”, “ලංකාවට ගිහින් රාවණාගේ කනෙන් ඇදන් එමු” වැනි දෙබස් බහුලව තිබුණා අපට මතකය. මෙය චිත්‍රපටවලට පමණක් පොදු කාරණයක් නොවෙයි. ඉන්දියාවේ ඉහලම පුරවැසියා වන නරේන්ද්‍ර සිං මෝඩි විසින් පකිස්ථානු ත්‍රස්තවාදය රාවණාට සමාන කරමින් කල කතාවක් පසුගියදා මෙහේ ගිණි අවුලුවන්නටද සමත්වුණා. ඊට අමතරව වාර්ෂිකව රාමගේ ජයග්‍රහණය සමරමින් රාවණා පිළිරූ සාදා ගිනි තැබීමද ඉන්දියානුවන්ගේ චාරිත්‍රයක්. මේ උත්සවය හැඳින්වෙන්නේ දශේරා නමිනුයි.
    හැබැයි මුලු ඉන්දියාවේම තත්ත්වය මෙසේ නෙමෙයි. රාවණා වීරත්වයෙන් යුතු යහපත් රජෙක් හැටියට පිළිගන්නා පිරිස්ද ඉන්දියාවේ ජීවත් වෙනවා. ඔවුන් විසින් රාවණා වන්දනාමාන කිරීම සඳහා ගොඩනගාගත් දේවාල පවා තිබෙනවා.

    2. රාවණා, ලංකාවේ තත්ත්වය

    RavanaObsession-aniwa-02.jpg
    Source – istorybooks.co
    මහා රාවණා පිළිබඳව මීට වසර විස්සකට තිහකට පමණ පෙර ලාංකිකයින් දැරූ අදහස දැන් විශාල වෙනසකට ලක්වෙලා කියල කිවුවොත් අපි වැරදි වෙන එකක් නෑ. විශේෂයෙන්ම පසුගිය දශකයක පමණ කාලයක සිට රාවණා දුෂ්ට රජෙක් නොව වෙද හෙදකමින්, විවිධ කලා සහ තාක්ෂණික දැනුමින් පරිණතව ධාර්මිකව ජීවත්වූ රජෙක් ලෙසට තිබෙන පිලිගැනීම වඩාත් ඉදිරියට ඇවිත් තිබෙනවා. සමකාලීනව රාම ජීවත් වූ ඉන්දියාවේ රජුන් බ්‍රාහ්මණ මතයන්ට අනුව යමින් බිලි පූජා, යාගහෝම පවත්වමින් ජීවත්වද්දී, රාවණ රාජ්‍ය කල ලංකාපුරය ඉතාම සාමකාමී, අවිහිංසාවාදී පරිසරයක් වූ බවට මත පලවෙනවා. රාවණා රජු සමය යනු ශ්‍රී ලාංකික මෙන්ම ලෝක ඉතිහාසයේද රාජ්‍යයක් ගතකරන ලද දියුණුම කාලපරිච්ඡේදයක් හැටියට සමහරුන් මත පලකරනවා. මේ සංවර්ධනයන් ඇති කිරීමේදී ඉදිකරන ලද මාලිගා, මංමාවත් පවා ගහට කොලට සතා සීපාවාට හානියක් නොකොට භූගතව ඉදිකර ඇති බවටයි සඳහන් වන්නේ. තම ප්‍රාණ සමවන් සොයුරිය සුපර්නිකාට සිදු කල අඩන්තේට්ටම නිසා තමන්ට දැණුනු දුක රාමටත් දනවනු පිණිස සීතාවන්ව පැහැරගෙන ආ බවත්. කිසිවිටෙක ඈ සිරගත කරන්නටවත් ඈට අතවර කරන්නටවත් උත්සාහ නොකොට නිදහසේ රහසිගතව ජීවත් වෙන්නට ඈට ඉඩ සැලැස්සූ බවත් තමයි ලාංකික රාවණා විශ්වාසය.

    3. රාවණා සහ දඬු මොණරය

    RavanaObsession-aniwa-03.gif
    Source – youtube.comමහා රාවණා රජතුමා ගැන පර්යේෂණ ග්‍රන්ථ, වෙබ් අඩවි සහ වීඩියෝ ආදී විවිධ මාධ්‍ය හරහා ඉදිරිපත්වී ඇති විචිත්‍රවත් කරුණු ඉදිරිපත් කරන්න නම් ඒ සඳහා වෙනමම ලිපියක් ලිවිය යුතු වෙනවා. කෙසේ වෙතත් අපි පටන්ගමු රාවණා නමත් සමගම කියැවෙන තවත් සුවිශේෂී වස්තුවක් වන දඬු මොණරය හෙවත් පුෂ්පක යානාවෙන්ම. ලෝකයේ ගුවන් යානා තාක්ෂණයේ පැරණිම සඳහන වන මෙය Mercury Vortex හෙවත් රසදිය භාවිතයෙන් ක්‍රියාත්මක වනවායැයි සැලකෙනවා. මේ යානාව රාවණාගේ නිර්මාණයක් හැටියට සමහරු සඳහන් කලත් මේ ගැන කියවෙන තවත් මතයක් වන්නේ මෙය රාවණාගේ සොයුරෙක් වූ කුවේර නම් රජුට මහා බ්‍රහ්මයා විසින් දුන් තෑග්ගක් බවයි. කුවේරයන්ගෙන් ලංකා රාජ්‍යය ලබා ගැනීමේදී මේ යානාව රාවණා රජු තමන් සතු කරගත්තා කියල කියවෙනවා. එතැනිනුත් ඉවර නෑ, තවත් සමහරු විශ්වාස කරනවා මෙය රාවණා රජුටත් පෙර මෙරට රාජ්‍ය කල සිංමුඛ හට විශ්වකර්ම විසින් දුන් ත්‍යාගයක් හැටියට. නිදන් හොරුන් විසින් ගොඩ ගන්නා ලද දඬු මොණර ආකෘති ගැනත් අපිට පුවත් අසන්නට ලැබෙනවා. මේවා එළිමහනට ගෙන ටික වේලාවකින්ම ක්‍රියාත්මක වී අහසට ඉගිල ගොස් තිබෙන හැටියටත් කටකතා පැතිර ගොස් තිබෙනවා.

    4. රාවණා සහ සීගිරිය

    RavanaObsession-aniwa-04.jpg
    Source – youtube.com
    රාවණා රජු සීගිරිය සිය වාසස්ථානයක් හැටියට භාවිතා කල වගටත් විශ්වාසයක් පවතිනවා. සීගිරිය ප්‍රකටව ඇත්තේ කාශ්‍යප රජතුමාගේ රාජධානිය වූ නිසාවෙන් උනාට කාශ්‍යප රජුත් සීගිරිය තෝරාගැනීමට හේතුව වී ඇත්තේ ඊට පෙරත් සීගිරිය වෙනත් රජවරුන් වාසස්ථානය හැටියට තෝරාගෙන සිට ඇති නිසා බවට කියවෙනවා. සීගිරිය අවට නටඹුන් පරික්ෂා කිරීමේදී කාශ්‍යප යුගයට පෙර නටබුන්ද දක්නට ලැබී ඇති බවට වාර්තා පල වෙනවා. මේ ඔස්සේ ගොසින් සමහරු මෙය රාවණ රජුට පෙර රජකම් කල කුවේරයාගේ මාලිගාව, කුවේරගේ ආලකමන්දාව ලෙසිනුත් හඳුන්වන්නට පෙළඹී තිබෙනවා. කුවේරව සිහසුනෙන් නෙරපීමෙන් පසු සීගිරිය රාවණ රජතුමාගේ වාසස්ථානය වූ බව ජනප්‍රිය විශ්වාසයක්. රාවණගේ රාජධානිය ගැන රාමායනයේ හනුමාන් විසින් සඳහන් කර ඇති ආකාරයට “අහසේ සිට පෙනෙන, වලාකුලු වලින් වට ව හිරු රැස් පරාවර්තනය කරන” ගතිය සීගිරි පර්වතයේද පිහිටීම මේ අදහස් පෝෂණය කිරීමට තවත් හේතුවක්ව තිබෙනවා.

    5. විදෙස් සහ පිටසක්වල සබඳතා

    RavanaObsession-aniwa-05.jpg
    Source – messagetoeagle.com
    බැබිලෝනියාවෙන් හමුවූ පුරාණ මැටි පුවරු වල “අහසින් ආ සිංහ මිනිසුන් විසින් මෙහි නගර ගොඩ නගා ඇති බව” සඳහන් වී ඇතැයි කියන මතයක් හේතුවෙන් මේ සිංහ මිනිසුන් යනු රාවණා කල අපේ අතීත වැසියන් බවට විශ්වාසයක්ද ජනතාව අතර ගොඩ නැගී තිබෙනවා. මෙවැනි විදෙස් සබඳතා වලට අමතරව විශ්වීය සහ ග්‍රහලෝක අතර සබඳතා පැවැත්වීමටද රාවණ රජතුමා කටයුතු කල බවට සඳහන් වනවා. ලකේගල කඳුවැටියේ සිට ඇරඹෙන ගමන් මාර්ගයක් ඔස්සේ අඟහරු ලොව වෙත සංචාරය කිරීමද එතුමාගෙ කාලයේ සිදුවූ බවට පැවසෙනවා. මෙහෙම මත පලකරන්නෙ සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි රාවණා ගැන පර්යේෂණ රැසක් පවත්වා ඇති ප්‍රවීණ මහාචාර්ය මිරැන්ඩෝ අබේසේකර පවා මෙසේ පවසනවා.

    6. රාවණා තවම නින්දේද?

    RavanaObsession-aniwa-06.jpg
    Source – ishtadevata.com
    රාම විසින් විදින ලද හී පහරින් රාවණා රජතුමා නොමැරුණු බවත්. තවම සබරගමු කඳුපන්තියේ එක් රහසිගත ස්ථානයක රාවණ රජතුමා නිදන බවට පුරාණ පොත්පත්වල පවා සඳහන් වනවා. නිසි පුද්ගලයෙක් අතින් බෙහෙත් ගල්වා ආහාර පාන ලබාදුන් විට රාවණ රජතුමාගේ නිද්‍රාව නිමවෙන බවටත් ඒවායේ සඳහන්ව තිබෙනවා. වසර දහස් ගණනක් තිස්සේ රාවණා නිද්‍රාගතව හෝ ජීවත් වීම ගැන සමහර විද්වතුන් පවා මත පල කරන්නේ මෙය රාවණ රජුට මහා බ්‍රහ්මයා විසින් දුන් වරයකට අනුව සිදුවන්නක් බවයි. ඒ මතයන්ට අනුව ලෝක විනාශය දක්වා මහා රාවණ රජු ජීවත් වීමට නියමිතයි.
    රාවණ රජතුමා ගැන මත පලකරන තවත් සමහරුන්ගේ අදහසනම් මේ වන විට රාවණ රජතුමා නිද්‍රාවෙන් පිබිදී ඇති බවයි. ඔහු දේවත්වයට පත්වී ඇති බවත්. විශ්වීය නායකත්වයක් උසුලමින් විශ්වයෙන් විශ්වයට රටින් රටට සංචාරය කරමින් දේශපාලන තීන්දු තීරණ වලට නොපෙනී බලපෑම් කරමින් පසුවන බවටයි ඔවුන් පවසන්නේ. ඒ මතය යම්තාක් දුරට අපිට ආතර් සී ක්ලාක් මහතාගේ 2001 නවකතාවේ එන ඩේවිඩ් බෝමන්ව සිහි කිරීමටද සමත්.

    7. රාවණා නැවත එයිද?

    RavanaObsession-aniwa-07.jpg
    Source – jaibholenath.org
    රාවණා රජුගේ නැවත පැමිණීම ගැන මේ දවස්වල උණුසුම් කතා පැතිරෙනවා. මේ සඳහා විවිධ අය විසින් වෙනස්ම මතවාද ඉදිරිපත් කර තිබෙනවා. සමහරුන්ට අනුව නම් රාවණා රජු එන්නෙ ශ්‍රී ලංකාවේ රාජ්‍යය බලය ලබාගෙන ඔහුගේ පිරිසත් සමග යළිත් මේ රට දියුණු කරන්නටයි.
    තවත් සමහරුන්ගේ මතය නම් රාවණා යුගයක් පැමිණීම යන්නෙන් අදහස් කරන්නේ සූර්ය ශක්තිය වැනි ශක්ති ප්‍රභේදයන් භාවිතා කිරීමට ජනතාව හුරුවන නව යුගයක එළඹීම බවයි. අද පවතින ඉන්ධන වල සීග්‍ර ක්ෂය වී යාමත් සමගම අතීත රාවණා රජු විසින් සූර්යයාට මුල් තැන දී සූර්යය ශක්තියෙන් ගත් ප්‍රයෝජන නැවත ලබා ගන්නා සමාජයක් බිහිවීම මිසක රාවණා යන පුද්ගලයාගේ පැමිණීමක් නොවන බවටයි ඒ අයගේ අදහස.
    රාවණා වැනි ප්‍රබල රජවරුන් බිහිවෙන්නේ භෞතික ලෝකය දියුණුවේ හිනිපෙත්තටම විත් විනාශයට ලංවන අවධියක බවට පවතින මතවාදයකුත් ඉහත මතවාද දෙකම තවත් උණුසුම් කරන්නට සමත්.

    8. රාවණා රජු බෞද්ධයෙක්ද?

    RavanaObsession-aniwa-08.jpg
    Source – bro4u.com
    රාවණා රජුගේ ආගමික විශ්වාසයන් ගැනද ඇත්තේ විවිධාකාර වූ මතිමතාන්තරයි. ඉන්දියානු මතයට අනුව රාවණා රජු ශිව දෙවියන්ගේ ප්‍රධානම බැතිමතෙක් වනවා. මෑතකදී ඇතිවූ රාවණා ප්‍රබෝධයෙන් අනතුරුව රාවණා රජු බෞද්ධයෙක් ලෙසට හඳුන්වන්නට උත්සාහ කරන පිරිස් අපිට දකින්නට ලැබෙනවා. රාවණා ගැන මතභේදයට තුඩුදෙන අදහස් ප්‍රකාශ කරන්නෙක් හැටියට ප්‍රසිද්ධ මිරැන්ඩෝ අබේසේකරයන් පවසන ආකාරයට රාවණා බුදු දහම දර්ශනයක් හැටියට පිළිගත්, එහෙත් ලෝකෝත්තර සුවය සෙවීමට වඩා ලෞකික ජීවිතයේ දියුණුව පැතූවෙක් වනවා. සූර්ය දෙවියන් ගෞරවයෙන් ඇදහීමද රාවණා රජුගේ දෛනික පුරුද්දක් හැටියට සඳහන් වෙනවා.

    9. රාවණා රජු ඇත්තටම හිටියාද නැද්ද? කොහොමද දැනගන්නෙ?

    RavanaObsession-aniwa-09.jpg
    Source – pumirror.com
    මේක බොහෝ දෙනෙකුට ඇතිවන ප්‍රශ්නයක්. අවාසනාවකට රාවණා රජු හිටියාද නැද්ද කියා දේ ඔප්පු කිරීමට අපිට ඉදිරිපත් කල හැකි පිළිගත හැකි සාක්ෂි නැහැ. ඒ වෙනුවට මේ ලිපිය පුරාවට අපි උත්සාහ කලේ රාවණා රජු පිළිබඳ ඉදිරිපත් කර ඇති විවිධ මතිමතාන්තර ඔස්සේ ඒ කරුණු සොයායාමට ඔබ වෙත පෙළඹවීමක් ඇති කරන්නටයි.
    රාවණා රජු පිළිබඳ තොරතුරු හදාරන්න පටන් ගන්නා අයෙකුට ඒ සඳහා ගවේෂණය ආරම්භ කලහැකි මූලාශ්‍ර ගණනාවක්ම තිබෙනවා. යූටියුබ් හරහා ඔබට නැරඹිය හැකි වෙනස වැඩසටහනේ රාවණා පිළිබඳ ගවේෂණය ඒ ගැන ඔබේ උනන්දුව තවත් වැඩි කරවනවා නියතයි. භද්‍රජී මහින්ද ජයතිලකගේ ශ්‍රී රාවණ්නා පුවත අපි අනිවාර්යෙන්ම ඔබට නිර්දේශ කරන ග්‍රන්ථයක්. ඒ වගේම මේ දිනවල සති අන්තයේ රාත්‍රී 8 සිට 10 දක්වා සිරස එෆ් එම් රේඩියෝ නාලිකාව ඔස්සේද රාවණා අතීතය පිළිබඳ වැඩසටහනක් ප්‍රචාරය වෙනවා. වාල්මිකී විසින් ඉතිහාසයෙන් සැඟවූ සැබෑ රාවණා ඉතිහාසය නාට්‍යානුසාරයෙන් දිගහැරෙන මේ රේඩියෝ වැඩසටහනද ඔබට මෙතෙක් අසා නැති කරුණු රැසක් හෙලි කරනු නොඅනුමානයි. ඒ වගේම රාවණා ගැන නිතර කතා කරන, උණුසුම් පුවත් මවන මහාචාර්ය මිරැන්ඩෝ අබේසේකරගේ රාවණා පිළිබඳ ලියැවුණු පොත්පත්ද ඔබේ මේ ආශාව වඩවනු නියතයි.

    10. රාවණා පිළිබඳ මේ තරම් උනන්දුව ඇයි?

    RavanaObsession-aniwa-10.jpg
    Source – sites.google.com
    රාවණා රජතුමා පිළිබඳව එතරම් සුභවාදී ආකල්පයක් නොතිබුණු අතීත වකවානුවල පවා රාවණා රජුගේ වීරත්වය, ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව විශ්වාස කල, පෙනී සිටි උගතුන් බොහොමයක්ම සිටියා. ඒ අතරින් අරිසෙන් අහුබුදු ශූරීන්ව අපිට අමතක කරන්න බැහැ. වර්තමානයේ නම් පඳුරකට ගැසුවත් සිය ගණනක් විසිවෙන තරමට මේ රාවණා සොයන්නන් අපිට මුණ ගැසෙනවා. මේ අය විවිධ කොටස් වලට වෙන් කර දක්වන්න පුලුවන්.
    ඉතිහාසය හෙලිදරවු කරගැනීමේ තොරතුරු පිපාසයෙන් පෙලෙන අය මෙයින් එක පිරිසක් වනවා. මේ අය රාවණා පිළිබඳ කතා කරන්නට සොයා බලන්නට යන්නේ ඉතිහාසය පිළිබඳ ඇති කුතුහලය නිසාවෙන්මයි. ඊළඟට අපිට හමුවන තවත් පිරිසක් තමයි රාවණා රජතුමා සමග ආත්මීය සම්බන්ධතා ඇති, රාවණා රජු සමයේ සිට පුනරුප්පත්තිය ලබා පැමිණි සහ විවිධ භාවනා ක්‍රම මගින් රාවණා රජු බැහැ දැක සම්බන්ධතා පවත්වා ඇති යයි පවසන අය. රාවණා රජතුමාගේ නාමය තමන්ගේ විවිධ දේශපාලන, ව්‍යාපාරික දියුණුව හෝ ජනප්‍රියත්වය උදෙසා කූට අයුරින් භාවිතා කරන අයත් නැතුවාම නොවෙයි. ඒ විතරක් නෙමෙයි රාවණා පිළිබඳව හාංකවිසියක්වත් අධ්‍යයනය නොකොට ජාතියක් වශයෙන් ආඩම්බර වීමට රාවණා චරිතය පසුපස යන අයත් ඕනෑ තරම් ඉන්නවා.
    පහුගිය වසර කිහිපය තුල රාවණා රජු ගැන උනන්දුව සීග්‍රයෙන් වැඩිවීමට හේතුව හරියමට කුමක්දැයි කීමට නොහැකිවුවත්, යුද්ධය නිමාවීමත් සමගම ඇතිවූ රික්තකය මඩින්නට වීරත්වය, දේශීයත්වයත් පිළිබඳ අදහස් රාවණා රජු හරහා කළඑලි බැසීමක් සිදුවුණිදැයි සමහරු සැක කරනවා. තවත් සමහරුන්ගේ අදහස නම් රාවණා රජුගේ පුනරාගමනය ළංව ඇති බැවින් මෙසේ සිදුවන බවයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,011
    113
    Gotland
    :lol: රාවණා රජුගේ පුනරාගමනය ළංව ඇති බැවින් මෙසේ සිදුවන බවයි.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    :lol: රාවණා රජුගේ පුනරාගමනය ළංව ඇති බැවින් මෙසේ සිදුවන බවයි.






    මේ ඉන්නෙ පරාක්‍රමබාහු නෙමෙයි . පුලතිසි පඩිවරයලු .ඒ කියන්නෙ රාවණාගේ සීය. ඒක මේ පිලිමෙට උඩින් ලියලම තියනවලු .


    පරණවිතාන හිතාමතාම ඉතිහාසය විකුර්ති කරල තියෙන්නෙ එයාට උගන්නල හදාවඩාගත්ත සුද්දන්ගේ කීමට කියනවනෙ :nerd::nerd::nerd:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    සිංහලේ රාජාවලියේ එන මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක, මහාබාලි, රාවණා ආදී වශයෙනුයි. මේ තිදෙනා අතුරින් රාවණා පිළිබඳව පවතින තොරතුරු ඉස්මතුවන්නේ ඉන්දියානු සාහිත්‍යයේ සඳහන් වන රාවණා තුල පවතින තාක්ෂණික හා යුධ බලය නිසාවෙන්මයි. සාහිත්‍යයේ සඳහන් වන පරිදි, රාවණා හට හිස් දහයක් සහ අත් ගණනාවක් පවතිනවා යැයි කීමෙන් පෙනීයන්නේ, ඔහු තුල තිබූ විවිධාකාර දේ කිරීමට තුබූ නිපුණ තාවය මිස සැබෑ ලෙසම ‍හිස් දහසක් තිබුණා යන්න නොවේ. එනමුදු අවසානයේ දී මේ තරම් දක්ෂතා තිබූ රාවණා රාමාගෙන් පරාජයට පත් වෙයි. ඉන්දියානු ජනතාව අදටත් "දීපාවාලී" ලෙස සමරන්නේ අර ඉහත කියූ රාවණාව රාමගේ යටතට ගැනීමයි. රාවණා හා රාම පිලිබඳව පවතින අරුමැසිවාදී සංස්කරණ අතුරින් වාල්මිකී ගේ රාමායනය යන ග්‍රන්ථය ප්‍රධාන තැනක් ගනියි.
    පෙලපත
    මවගේ පියා - සුමාලි රජ

     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    රාවණා රජුයේ රාජ්‍ය ධූරාවලිය ගැන අධ්‍යයනය කරන විට පොළොන්නරුවේ සිටියා යැයි කියන මහා ඍෂි පුලස්තිගේ වැඩි මහලු පුතා වන වෙසමුණි හෝ වෛශ්‍රවනගේ පුතා, එනම් පුලතිසි ඍෂිවරයාගේ මුනුපුරා වූ කුවේර යි. කුවේර යනු වෙසමුණිගේ පළමු විවාහය වූ, ඉල්ලාවිලා දේවිය ගේ දරුවා විය. පසුව වෙසමුණි ගේ දෙවැනි විවාහය ලෙස කේශිණී පත්විය. කේශිණීට වෙසමුණි ට දාව දරුවන් පස් දෙනෙකු ලැබිණි. ඔවුන් රාවණ, විභීශණ, කුම්භකර්ණ, හේම සහ පුෂ්පික නම් විය.
    කාලය ගත වෙත්ම කුවේර, තම පියරජතුමා වූ වෙසමුණි ගේ අභාවයෙන් පසුව සාමකාමීව රට පාලනය කලේ ය. මේ අතර කුවේරගේ දෙටු සහෝදරයා වූ රාවණා තම බලවත් කම ඉහළ යත්ම, ලංකා රාජ්‍ය පිළිබඳ ව සිත් පහළ විය. පසුව, රාවණා ලංකා රාජ්යටයත්, එහි පිහිටි "ආලකමන්දාවත්", කුවේරගේ අහස්යානය වූ "පුෂ්පිකයත්" තමාට අවැසි බව දැන්වීය. මින් ඉතා කෝපයට පත් වූ කුවේර, රාවණාව ඉහත යෝජනාව ද ප්‍රතික්ෂේප කර පලවා හැරීය. එනමුදු ලෙහෙසියෙන් පරාජයට පත් වන්නට තරම් ලාමක නොවූ රාවණා ස්වකීය ඥාතීන් වූ ‍යක්ෂ ගෝත්රිපකයන්ව කුවේරට විරුද්ධව මෙහෙයවා ලංකා රාජ්යෙය සියතට ගැනීමට සමත් විය. තවද කුවේරගේ ධනය, මාළිගය සහ අද දඬුමොණරය ලෙස හැඳින්වෙන " පුෂ්පිකය" ද සියතට ගන්නට සමත් විය.
    දස රාවණ සංකල්පය



    ඌව වෙල්ලස්ස කැරැල්ලේදී සියලු සටන් ශිල්පීන් මාරගල කන්දේ භූගත රාවන දෙවොලේ දී පුද පූජා පැවැත්වූ රාවණා දෙවියන්ගේ කිරිගරුඩ ප්‍රතිමාව. වර්තමානයේ එංගලන්තයේ කෞතුකාගාරයක තැන්පත්කර ඇත


    වර්ග පූර්ණිකාවට[2] අනුව රාවණා ප්‍රදේශ දහයක් පාලනය කිරීම නිසා දස රාවණ නම් වූ බවට මතයක් ඇති අතර තවත් මතයක් වන්නේ රාවණා යනු වෙදකමෙහි මෙන්ම කලාවේ ද කෙල පැමිණියෙකු වන නිසා ඔහුට හිස් දහයක් හා අත් විස්සක් ඇතැයි කීමට හේතුවක් කරගත්තා ද වන්නට ඇතැයි යන්නයි.


    1. රාජාධිරාවන : - රටවල් රාශියක් පාලනය කරන ලද නිසා
    2. විරුරාවන: - වීරත්වය තිබූ නිසා
    3. තිර රාවන
    4. රණ රාවන
    5. සිරි රාවන (ලස්සන නිසා)
    6. තරු රාවන (තාරකා විධායව පිළිබද ඇති දැනුම)
    7. පුත්රා රාවණ (පුතුන් ඇති නිසා)
    8. මනු රාවන (ජනතාවට අධිපති)
    9. දික් රාවන (දික්විජය කළ)
    10. රාජාවරාවන (සියලු දේට දක්ෂ නිසා)
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    සිවු හෙළය නොහොත් සිංහලය

    ඇතැම් ප්‍රකෘතිමත් අතීත වාර්තා පවසන පරිදි, සිංහල ජාතියෙහි උපත සිදුවී ඇත්තේ ප්‍රධාන පෙළපත් හතරක් මුල් කරගෙනයි. ඒ යක්(ය+අක්=යකඩ කර්මාන්තයේ යෙදෙන්නන්) , නාග(නා+අක්= නාවික වෙළෙන්දා), දේව(පාලන තන්ත්‍රයේ අනුශාසකවරු) සහ රකුස්(ර+කුස්= කුස රැකීමට ගොවිතැන් කරන්නා) යන සිවු පෙළපතයි. එනයින් ගත්කල සිවුහෙළය යනු හිරු දෙවියන්ට වැදුම් පිදුම් කල එකම රටක එක කොඩියක් යටතේ පාලනය වූ රාජ්‍යයක් බව නොරහසකි. තවද, රාවණ රජු විසින් භාවිතා කරන ලද කඩුවක් අතින් ගත් සිංහයෙකු සහිත (වර්තමාන ජාතික කොඩියේ පරිදි) රාවණ කොඩිය ලංකාවේ පැරණිත ම කොඩිය ලෙස දැක්විය හැක..
    රාවණා විසින් තමන් බලයට පැමිණි වහාම, ඉදිකලා යැයි කියන තම මවුපියන් සිහිකර තැනූ දෙවොල, අතීතයේ මලවුන් වන්දනාව යක්ඛ ගෝත්රිය තුල තිබූ බවට සලකුණක් ලෙස හඳුනා ගන්නට පුළුවන. මේ දෙවොල පසු කලෙක බෞද්ධ ආගමික ස්ථානයක් බවට පත් කල බවට සැළකෙයි[තහවුරු​ කරන්න]. මෙම ස්ථානය අද වන විට “ඉසුරුමුණිය” ලෙස හඳුන්වන බවට සැලකෙයි.
    ආලකමන්දාව



    ආලකමන්දාව, විත්‍රකූට නොහොත් වත්මන් සීගිරිය


    ආචාරිය ලාල් සිරිනිවාස් හා මිරැන්ඩෝ ඔබේසේකර යන මහත්වරුන් පවසන පරිදිරාවණා පිලිබඳ වූ ඉතිහාස හා භූගෝලීය තොරතුරු එක් රැස් කර බලන කල පශ්චාත් ඓතිහාසික පුරාවිදු සංධිස්ථානයක් වන සීගිරිය යනු මීට ශත වර්ශ 50 කට ඉහත දී සාදන ලද රාමායනයේ එන රාවණා ගේ අර්ධ සොහොයුරා වූ කුවේර විසූ ආලකමන්දාව ද? යන ගැටළුව මතු වෙයි.
    රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ "මායා දන්නාව" නමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු (වෙසමුණි) ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමයෙහි දී එය හැඳින්වූයේ චිත්රණකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව "විභීශණ" රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාවට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන් වෙයි. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු (ක්‍රි.පූ.437-367) හට රජකම ලබාදෙන්නට උපකාර කල අයගෙන් කෙනෙක් ලෙස සඳහන් වේ. ඒ පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බවට සැලකෙයි.
    මෙයට අමතරව, රාවණා වතෙහි කියැවෙන ලෙසට, පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්‍රයා වූ කස්සප කුමරු තම වාසභවන ලෙස චිත්‍රකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා ඇය ද ඉන් පැවතෙන්නියක් නිසාවෙන් ය. කස්සප රජු යනු චිත්තකූටය රාවණා කල අයුරින්ම ප්‍රතිසංස්කරණය කළ හා පවත්වාගෙන ගිය එකම රජතුමා ද වෙයි. චිත්තකූටයේ (පසුව සීගිරියේ) ඇති ලෝකප්‍රකට බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ සිවුහෙළය ගැන බවට විශ්වාස කළ හැකි ය. එහි ඇති නිල්පැහැති කාන්තාරූපයෙන් පෙන්වන්නේ යක්ඛ ගෝත්රයය බවත් අනෙක් කාන්තා රූ වලින් දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන ගෝත්රත වල නියෝජනය බවත්, අලංකෘත මල් වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා වතෙහි සඳහන් වේ.

     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    රාවන නම් වෛද්‍යවරයා



    රාවණා


    සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්භාව්‍ය ආයුර්වේද ග්‍රන්ථ කිහිපයක්ම රවුලන් හෙවත් රාවණ විසින් කර ඇත.

    • කුමාර තන්ත්‍රය (කුමාර චිකිත්සා) : ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගුය
    • උදිස්සා තන්ත්‍රය (උද්දීය තන්ත්රාය) : මෝහන ප්රීතිකාරය හා ගුප්ත විද්යාරවන් පිළිබදව
    • නාඩි ප්‍රකාශය : නාඩි ශාස්ත්රායට අනුව රෝග නිශ්චය
    • අර්ක ප්‍රකාශය : මේ කෘතිය අවසන් වන්නේ පහත වැකියෙනි. “ලංකාධිපති රාවන විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි”.
    • රසරත්නාකරය
    • වටිකා ප්‍රකරණය
    මේ ග්‍රන්ත වල රවුලන්ගේ ප්‍රධානත්වයෙන් හිමාලයෙහි ආයුර්වේද සම්මන්ත්‍රණයක් පැවැත්වූ බවද සදහන් වී ඇත. ඒ අනුව රාවන අති දක්ෂ වෛද්‍යවරයකු , මනෝ වෛද්‍යවරයකු මෙන්ම ප්‍රථම වෛද්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ද වේ.
    අංගම් ශාස්ත්‍රය

    රාවණා රජු සමය වන විට අංගං ශාස්ත්‍රය කොටස් 7කින් යුක්ත වූ අතර එම යක්ෂ ගෝත්රිගක සටන් ක්‍රම 7ට තවත් කොටසක් එකතු කිරීමට රාවණා සමත් වේ. අදටත් රාවණා සෙල්ලම් යනුවෙන් හැඳින්වෙන රාවණා රජු විසින් දියුණු කරන ලද සටන් ශිල්ප ක්‍රම අංගම්පොර සටන් කලාව තුළ දක්නට ලැබේ. මෙවැනි අන්තිම එකතු කිරීමක් ලෙස සීතාවක යුගයේ දී පළමුවන රාජසිංහ රජ හොවත් ටිකිරි කුමාරයා විසින් අංගං ශාස්ත්‍රයට “ඉලංගක්කාර” නැමැති කොටස සැලකේ.
    පුරා විද්‍යාත්මක සාක්ෂි



    රාවණාගේ දඩුමොනරය ගොඩබස්සවන ලදැයි සැලකෙන රාවණා ගුහාව



    • “පරුමුඛ නගුලිය ලෙන” සීගිරියේ (අද නයිපෙන ගුහාවේ) හෙළ භාෂාවෙන් ලියවී ඇති සෙල්ලිපිය. මෙවැනි සාධක රාශියන් තල්කොටේ ගම තුල හා ඒ අවට අදද දක්නට ඇත.
    • ආදම්ගේ පාළම - මන්නාරම (පාවෙන ගල්වලින් බැද ඇත)
    • යාල (බ්ලොක් 5) හි ඇති ගෝනාගල සෙල්ලිපිය වැනි සෙල්ලිපි
    • රාවන ගොඩ (නුවරඑලිය) සෙල්ලිපිය
    • ග්‍රාම නාම - සීතා එලිය, රාවනා ඇල්ල වැනි
    • මන්දෝදරී බිසවගේ මාලිගාවක් මහියංගනයේ ඇත.
    ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි

    හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්‍රේෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු. විශ්‍රවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්‍යෙය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්‍රවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්‍රයා. මේ වන විටත් විශ්‍රවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්‍රයාත් මේ වන විට ඉදලා තියෙනවා.
    ඉසුරු මුණියේ දක්නට ඇති මෙය විශ්‍රවස් මූණිගේ යැයි සැලකෙනවා රාවණ රජුගේ පියපාර්ශවයේ සීයා, ඒ කියන්නේ විශ්‍රවස් මුණිගේ පියා ලෙස සැලකෙනේනෙ පුලතිසි නම් මුණිවරයා. පරාක්‍රම සමුද්‍රය අසල පිහිටි පිළිමයත් පුලතිසි නම් මුණිවරයාගේ ලෙස සැලකෙනවා. පුලතිසි මුණිවරයාගේ තපෝ වනය වුනේ අද පරාක්‍රම සමුද්‍රය පිහිටි භුමිය ලෙස සැලකෙනවා. කොහොම වුණත් හින්දු සාහිත්‍යට අනුව පුලතිසි කියන්නේ මහා භ්‍රමයාගේ මනසින් ඉපදුනා වු පුතයෙක් ලෙසයි සැලකෙනේනේ. මෙතනින් අදහස් කරන්නේ පුලතිසි සෘෂිවරයා ඉතා බලවත් හා ප්‍රඥාවන්ත කෙනෙක් කියන එක වෙන්න ඇති. මේ නිසා රාවණ රජුට තම සම්බවයේදි බ්‍රාහමණ හා රාක්ෂ සම්මිශ්‍රණයක් ලෙස වුණා කියන්න පුළුවන්. රාවණගේ පියා වන විශ්‍රවස් මුණියටතේම ශිල්ප හැදැරු රාවණ අහංකාර හා කලහකාරි අයෙක් බව විශ්‍රවස් මුණි නිරික්ෂණය කරා. ඒ වගේම රාවණ ඉගෙනීමේ අතිදක්ෂයෙකු වු අතර වේද ග්‍රන්ථයන් පරතෙරටම හැදැරුවෙක් වෙලා තියෙනවා. රාවණ රජු විසින් චතුර්වේචයෙන් එක් වේද ග්‍රන්ථයක් ලිවු බවද කියැවෙනවා. ඒ වගේම රාවණ රජු වීණා වාදනයේද අති දක්ෂයෙක් හා දක්ෂ රණ ශුරයෙක් වූ බවත් සදහන් වෙනවා. මෙම අධ්‍යාපනයෙන් අනතුරුව රාවණ රජු විසින් ගෝකන්නේ දී උග්‍ර තපස් රැකීම කල බවත් සදහන් වෙනවා. හින්දු සාහිත්‍යට අනුව නම් උග්‍ර තපස් රැකි රාවණ මේ තපස් රැකීම සිදු කර ඇත්තේ මහාබ්‍රහ්මයාගෙන් වර ලබා ගැනීමටයි. එහිදී දස වතාවක් ඔහු තම හිස මහාබ්‍රහ්මයාට පුජාකල අතර මෙහිදී ඔහු තම හිස සිදගන්නා වාරයක් වාරයක් පාසාම තවත් හිසක් මතු වූ බවත් අවසානයේදී දස වන හිසද සීදීමට යාමේදී මහාබ්‍රහ්මා පැමිණ ඔහුට වරම් ලබා දීමට සූදානම් වු බවද වරය ලෙස රාවණ විසින් අමරණියත්වය හෙවත් අමෘතය ඉල්ලා සිටි අතර මෙයින් පසුබෑ මහ බ්‍රහමයා අවසානයේදී ඔහුට අමෘතය ලබා දී තියෙන අතර එය ඔහුගේ නාභියේ තිබූ අතර එය රැදී පවතින තාක් කල් ඔහුගේ අමරණිය බව රැදී තිබෙන්නට සලස්වා තියෙනවා. මෙයට අමතරව මහා බ්‍රහ්ම විසින් රාවණ විසින් පුජා කල හිස් දහයම නැවතත් රාවණට දුන් බව සදහන් වෙනා. බොහෝ තැන් වල මෙම රාවණගේ හිස 10 ගැන කියවෙනවා. හිංදු සාහිත්‍යෙය් එසේ සදහන් වුවත් මෙයට වසර 1000 ගාණකට පෙර වුවද හිස් 10 සිටින මිනිසෙක් සිටිය නොහැක. මේ හිස් 10 යන්නෙ අදහස් වන්නේ රාවණ රජුගේ තිබූ අති මහත් වූ ඥානය විය හකි. හිස් 10 ත් සමගව තිබුණා යැයි කියැවෙන අත් විස්සෙන් කියැවෙන්නෙ රාවණ රජුගේ නොයේක් විද හැකියාවන් විය හැක.

    රාවණ රජුගේ නාභියට විද මැරීම අපි අපේ කලින් ලිපියකින් පැහැදිලි කලානේ විශ්ව කර්ම විසින් සිංහමුඛ උදෙසා නිර්මාණය කරන ලද ලංකාපුරය හා දඩුමොණරය පිළිබදව. සුරපද්ම කතිර කුමරු විසින් මැරුම් කැව නිසාම සිංහමුඛ රජුත් ලංකාපුරය අතහැර පළා යම නිසා විශ්වස් මුණිගේ වැඩිමහල් පුත්, ඒ කියන්නේ රාවණගේ සහෝදරයා ලංකාපුරය අත්පත් කරගැනීමත් අපි සටහන් කරානේ. අපේ ගවේෂණයේ අපි සදහන් කලේ රාවණ විසින් කුවේර දේව අධ්‍යාපනය සම්පූර්ණ නොකල නිසා ලංකා පුරය අත්පත් කර බවනේ. නමුත් සමහර තැන්වල වෙනස් විදියටත් සදහන් වෙනවා. ඒ විස්තර වලට අනුව නම් රාවණ රජුගේ මව යක්ෂ ගෝත්‍රික වන අතර රාවණ පැමිණ කුවේරගෙන් ලංකාපුරය හා දඩුමොනරය ඉල්ලා සිටි කල්හී කුවේර විසින් රාවණ පලවා හරිනවා. නමුත් ලේසියෙන් පසුබට නොවන්නෙකු වන රාවණ විසින් තම යක්ෂ ගෝත්‍රික නෑයන්ගේ උදව්වෙන් කුවේරව පලවා හැර ලංකා පුරය අත්පත් කරගන්නවා. රාවණ විසින් සීතාව පැහැරගෙන ඇවිත් රාමාගෙන් පැරදුන බව කියමින් අදටත් රාවණ රජු පුළුස්සන හින්දූන් විසින් රාවණ කියන්නේ ඉතා ශ්‍රේෂ්ඨ පාලකයෙක් බවත්, රාවණ රජ සමයේ ලංකාව සමෘද්ධිමත් බවත් කියන අතර රාවණ රජුගේ සමයේ රටවැසියන් සියල්ල ඉතාමත් සැපයෙන් ජීවත් වූ බවද කියනවා. මෙතනදී අපට සිතිය යුතු දෙයක් තමයි ඉතා බලවත්, යුද ශක්තියෙන් අනූන රාවණ රජු යුද්ධයෙන් රාමට පැරදුනාද යන වග... රාවණ රජුගේ පවුලේ විස්තර හරියටම දැන ගන්න තියෙන මුලාශ්‍ර අඩු නමුත් රාමයාණයා අනුව අපිට රාවණ රජුලේ පුවලේ විස්තර මේ විදියට ගොඩ නගන්න පුළුවන්. පුලතිසි සෘෂිවරයා -රාවණ රජුගේ පිය පාර්ශවයෙන් සීයා සුමාලී - රාවණ රජුගේ මවු පාර්ශවයෙන් සීයා විශ්‍රවස් මුණි - රාවණ රජුගේ පියා කයිකේෂි - රාවණ රජුගේ මව සුභානු හා මරීච - රාවණ රජුගේ මාමාවරුන් (මවගේ සහෝදරයන්) කුවේර - රාවණ රජුගේ සහෝදරයා(විශ්‍රවස් මුණිගේ රකුස් බිරිදගේ පුත්‍රයා) විභිෂණ - රාවණ රජුගේ සහෝදරයා. රාමායණයට අනුව නම් රාමගේ බැතිමතෙක් වූ විභිෂණ රාම- රාවණා යුද්ධයේදී රාමට උදව් කරන අයෙක්. කොහෝම උනත් ඉන්දියානු කණ්නාඩිය ගලවා බලන කල නම් විභීෂණ කියන්නේ ඉතිහාසයේ මුල්ම පවා දීම කරපු පුද්ගලයා. පරාජය වීමට තිබූ රාමට උදවු කරන ලද්දෙ ලංකා රාජ්‍යත්වය අපේකෂාවෙනි. තමාගේ දේෂයටත් ජාතියටත්, එකකුස උපන් සහෝදරයාටත් ද්‍රෝහි වූ විභිෂණට අදත් දෙවියෙක් මෙන් සලකා පුද සත්කාර කීරීමත් පුදුමයක්. කුම්භකර්ණ - රාවණ රජුගේ සහෝදරයා. හින්දු සාහිත්‍යට අනුව නම් කුම්භකර්ණගේ උග්‍ර තපස් රැකීමෙන් අනතුරුව මහා බ්‍රහමයා කුම්භකර්ණට වරයක් ඉල්ලීමට අවස්ථාව දුන් විට සදාකාලීකව නින්දක් ඉල්ලා තියෙනවා. නමුත් රාවණ රජුගේ බලපෑම මත මේ වරය වසරකට මාස හයක් නිදාගැනීමටත්, ඉතිරි මාස හය අවදී වී සිටින්නත් වරය වෙනස් කරලා තියෙනවා. (සමහරක් කෘති වල මෙය වසරකටම එක දිනයක් බව සදහන් වෙනවා) කෙසේ වෙතත් කුම්භකර්ණ රාම රාවණා යුද්ධයේදී රාවණ රජුගේ පාර්ශවයේ සටන් කල අයෙක් වුණ අතර තම සහෝදරයාට පක්ෂපාතී වූ අතරම රාමට නැවත සීතා ලබා දෙන ලෙස ඉල්ලා ඇති නමුත් අංහකාර රජෙක් වූ රාවණ එයට එකග වී නැහැ. එයට එකග වූවා නම් ලංකා ඉතිහාසය මෙයට බොහෝ සෙයින් වෙනස් වන්න ඉඩ තිබ්බා කියලා හිතන්න පුළුවන් ඛාර - රාවණ රජුගේ සහෝදරයා. ජන්ස්ථාන් හෙවත් හෙළ අධිරාජ්‍යෙය් උතුර දිග ප්‍රෙද්ශ පාලනය කල මොහුත් ඉතා දක්ෂ රණ ශූරයෙක් බව සදහන් වෙනවා. ඓරාවණ - රාවණ රජුගේ සහෝදරයා. පාද+තල+යට( පාතාල) රාජධානියේ පාලකයා වූ අතර රාවණ යටතේ පාලනය කල බව හින්දු සාහිත්‍යෙය් සදහන් වන නමුත් රාවණ රජු සුපර්ණිකාගේ සැමියා වන විද්්‍යුත් කුමරු පාද+තල+යට රාජධානියට යවා පාලන කටයුතු ලංකා පුර යටතට ගැනීමේ දී ස්වාධීන රාජ්‍යක් විදියට කටයුතු කරලා තියෙනවා. දුෂාන - රාවණ රජුගේ සහෝදරයා ජනස්ථාන් හී උපරජු කුම්භාණි - රාවණ රජුගේ සහෝදරියක් වන මැය රූප ශ්‍රීයෙන් අනූන අයෙක් බවත් පසුව තපසට ගිය බවත් සදහන්. සුපර්ණිකා - රාවණ රජුගේ සහෝදරිය. රාම රාවණා යුද්ධයට කරුණක් වූ මැය දණ්ඩකාරණ්‍ය හී පාලිකාව වූවාය. රාවණ රජු කියන්නේ ලංකාවේ හිටියම දක්ෂම රජකෙනෙක් යැයි දැනට තියෙන මුලාශ්‍ර වලින් අපිට කියන්න පුළුවන්. ආයුර්වේදයේදී අදත් රාවණ රජු විසින් ලියන ලදැයි සැලකෙන පොත් පත් වල සදහනන් වෙනවා. රාජාවලිය හා හෙළ හවුලේ සොයාගැනීම් වලට අනුව රාවණ රජු ජීවත් වන්නෙ බුදුන් වහන්සේටත් පෙර නමුත් මහායන බුද්ධ ධර්මයේ එන ලංකාවතාර සූත්‍රයට අනුව රාවණ රජු බුදුන් වහන්සේට සමකාලීනව සිටි අයෙක් විදියටයි සැලකෙනේනේ. ලංකාව ථෙරවාදී බෞද්ධ රටක් වූ බැවින් ලංකාවේන් මේ ලංකාවතාර සුත්‍රය සොයාගන්න අමාරුයි. බුදුන් වහන්සේ ලංකාවට තුන් වරක් වැඩම කර බව ථෙර වාදී බුදු දහම පිළිගත්තද එහිදි බුදුන් වහන්සේ කල දේශනවාන් හොයාගන්න ථෙරවාදී බුදුදහම තුල අපහසුයි. බුදුන් වහන්සේ ලංකාවට වැඩි තුන් අවස්ථාවේම ධර්මය දේශනා කල අතර අපි දන්නා පරිදි බුදුන් වහන්සේ විසින් දේශනා කල ධර්මය සියල්ලම ආනන්ද මහ රහතන් වහන්සේ විසින් පළමු ධර්ම සංගයනාවේදී ප්‍රකාශ කරනවා. නමුත් කෙසේ හෝ ථෙරවාදී බුදු දහම තුල මේ ලංකාවතාර සුත්‍රය නොතිබෙන අතර මහායන බුදු දහමේ ප්‍රධාන සුත්‍රයක් විදියට ලංකාවතාර සුත්‍රය සැලකෙනවා.
    ලංකාවතාර සුත්‍රය - මෙය ලියා ඇත්‍තෙ චීන බසිනි මෙම ලංකාවතාර සුත්‍රය දේශනා කරන ලද්දෙ රාවණ රජු උදෙසා බව ලංකාවතාර සුත්‍රයේ සදහන් වෙනවා. ඒ අනුව ලංකාවතාර සුත්‍රය රාවණ රජුට දේශනා කරන ලද්දෙ වී නම් රාවණ රජු බුදුන් වහන්සේ බැහැ දැක්ක අයෙක් විය යුතුයි. අති විශාල ප්‍රඥාවක් තිබුණා වූ රාවණ රජු බුදුන් සරණ නොගියායැයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. රජකම පිළිබදව පසුකලෙක ඇති වූ රාවණ හා වීභිෂන අතර පැවති යුද්ධයකදී එයින් ලංකා සමාජය මුහදට යට වී බිහිසුණු විපත් ඇති වන දේශපාලන අර්බුදයක් වූ කල එය සමතයකට පත් කිරීමට බුදුන් වහන්සේ වැඩියායි යන්න තවත් මතයක්. ඒ කලේ ලංකවේ යක්ෂ නාග දේව හා රාක්ෂ කියලා කුල තිබුණා යැයි අපි පැවසුවනේ. යක්ෂ යැයි හදුන්වා ඇත්තේ යකඩ භාවිතා කල නිසාවෙනි. රකුස් රකු+කුස් කුස රැකීමට ගොවිතැන් කල අය රකුස් වුන අතර නාවික නාග වු අතර සියලලන්ම සංසකෘත භාෂාවට යද්දී අමනුෂ්‍යන් බවට පත් වී යක්ෂයන් බවට පත් කරතිබේ. කෙසේ වුවත් යක් ගෝත්‍ර නාමය අතීතයේදීත් භාවිතා වූ බව දක්නට පුළුවන්. එයට ගන්න පුළුවන් හොදම උදාහරණය තමයි මහා වංශයටත් වඩා පැරණි ලියැවිල්ලක් වන වරිග පූර්ණිකා නමැති යක් ගොත්‍රික පුස්කොල පොතෙහි ශ්‍රි රාවණ අධිරාජ්‍යාෙග් නාමය කෞරාණ මන්ඨක ලෙස සදහන් වීම. මෙහි කෞරාණ යන්නෙහි සිංහල තේරුම සියල්ල සම්පූර්ණ කරන ලද වන අතර මන්ඨක යනු යකාය. එනම් රාවණ රජු සියල්ල සම්පූර්ණ කල යක් ගෝත්‍රිකයෙක් බව පැහැදිලිය. මෙයිනුත් රාවණ රජුගේ තිබූ හැකියාවන් තහවරු කරන සාක්ෂී වැඩි වේ.
    මෙය රාවණ රජුගේ පොරෝව යැයි සැලකෙනවා ලෝකයට මමීකරණ හෙවත් සිරුරු නරක් නොවී තබා ගැනීමේ තාක්ෂණය දායක කලේද රාවණ රජු බව සදහන් වේ. ඒ වගේම තවත් පුරාවෘත්තයකට අනුව රාවණ රජු යුද්ධයෙන් මිය ගියේ නැත. රාමගේ විෂ පොවන ලද හී පහරින් මුර්ජා වූ රාවණ රජු අදටත් රාවණ+ගල රාගල නමින් හැදින්වෙන පර්වතයේ ඇති කුටියක සගවා ඇති බවත් කියවේ. මේ සියල්ලේ ඇත්ත නැත්ත කෙසේ වුවත් තුන් ලොවක් පාලනය කල රාවණ රජු යුද්ධයෙන් රාමගේ වානර හමුදාවකට පරාජය වූ වා යැයි පිළීගැනීම අපහසුය. රාවණ රජු විසින් සවර්ග, මතස්‍ය හා පාතාල යන තුන් ලොවක් පාලනය කල බව කියැවේ. ( බුදු දහමේ එන අංඝුත්තර නිකයේ , තික හී ආනන්ද වග්ගයේ එන මේ හා සමාන ලෝක, සමාන්තර ලෝක සංකල්පයට අනුව රාවණ රජු මේ හා සමාන ලෝක 3ක් පාලනය කලා විය හැක. බුදු දහමට අනුව එකල පෘථිවිය හැදින් වූයේ ජම්ඹූද්වීපය නමිනි.) රාවණ රජුගේ පුත්‍රයා වූ ඉන්ද්‍රජිත් කුමරු විසින්ම වානර හමුදාව සමූල ඝාතනය කර රාම හා ලක්ෂමණ පරාජය කල බවත් සදහන් වන තැන් නැතේද නොවේ.
    රාවණ රජු විසින් ඉන්දියාවද පාලනය කල බව කියැවේ. රමායනයේ එන දණ්ඩකාරණ්‍ය රාවණ විසින් තම නැගෙනිය වූ සුපර්ණිකා ලවා පාලනය කිරම අපට රාමායණයෙන්ම තහවුරු කරගන්න පූළුවන්. රාම රාවණ බිහිසුණු යුද්ධයට මුල පුරන්නේද මෙම කරුණ විය හැක. රාවණ රජු සත්ව ඝාතනය හෙලා දකින්නෙක් විය. නමුත් දණ්ඩකාරණ්‍ය ආශ්‍රිතව සිටි යෝගී වරුන් යාග හෝම වලට සතුන් බිලිදීම වැලක්වීම සුපර්ණිකා ප්‍රමුඛ රාවණ රජුගේ දණ්ඩකාරණ්‍ය රකුස් (රක්+කුස්) සේනාවට පවරා තිබූ එක් වගකීමකි. ඒවිට අයෝධ්‍යාවේ රාජ්‍ය කල දශරථ රජු විසින් තාපස වෙස් ගෙන තම පුත්‍රයන් දෙදෙනා එවන ලද්දෙ එය නැවැත්වීමටයි. ඔවුන් විසින් රාවණ රජුගේ 12000ක් වු රකුස් සේනාව මරාදමන ලද බව කියැවේ.තාපසයන් යනු භාවනා යෝගීව සිටන්නන් මිස අවි ආයුධ දරන්න් නොවේ. තාපස වෙස් රැගෙන වනයට පැමිණී රාම හා ලක්ෂමණගෙන් එ පිළිබදව විමසීම ඒ ප්‍රෙද්ශ පාලිකාව වූ සුපරණීකා විසින් කිරීමෙන් අත් වූයේ ගැටුමක් ඇති වී ලක්ෂමණයන් විසින් ඇගේ නාසය කපා දමා ඇයට නින්දා කීරීමයි. හින්දු සාහිත්‍යෙය් මීනාක්ෂී යන( මාළුවෙක්ගේ මෙන් ඇස් ඇති) නමින්ද හැදින්වෙන සුපර්ණිකා රූමතියකි. අගේ නාසය කැපීමෙන් මහත් නින්දාවට පත් වූ ඇය මේ පීළීබදව ඇගේ පාලකයා වූත් සහෝදරයා වූත් රාවණ රජුට පැමිණිලි කරන ලදි. රාවණ පැමිනෙන්නේ රාමට හා ලක්ෂමණට දඩුවම් දීමට මිස රාමගේ බිරිද සොරකම් කිරීමට නොවේ. මෙය පැහැදිලි වන්නේ ඇය පැහැරගෙන ගියත් ඇයට කිසිදු අතවරයක්., අවහිරයක් නොකර ආරක්ෂාකාරීව තබා ගැනීමෙනි. රාවණට වුවමානා වන්නේ රාමට දඩුවම් දීමටයි. මෙයින් ඇති වූයේ බිහිසුණු යුද්ධයකි. එම යුද්ධයේ දී දක්නට ලැබෙන වැදගත් කරුණු කීහිපයකි එනම් 1. රාම හා ලක්ෂමණ විසින් විභීෂණව මුහුදු ජලයෙන් නහවා අභීෂෙක කරවීම 2. ලංකාව හා ඉන්දීයාව අතර පිහිටි ආදම්ගේ පාලම මිනිසා විසින් කරන ලද නිර්මාණයක් බව වාල්මිකිගේ යුගයේ සිටි මිනිසුන් දැන සිටීම 3. තුන් ලොවක් පාලනය කිරීමේ බලයක් රාවණ රජුට තිබීම 4. රාවණ රජු ඔත්තු සේවා මගින් රාමගේ හමුදා ගැන දැන ගැනීම 5. රාමගේ හිස මවා සීතාට පෙන්වීම 6. ගුවන් විමාන විවධ වෙස් වලට පර්වර්තනය කර ගුවන් ප්‍රහාර එල්ල කිරීම (මෙය භෞතික තාක්ෂණයක් බව විමානික ශාස්ත්‍ර පොතෙහි දක්වා ඇත. 7. වානර හා මිනිස් සටන 8. රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් හදේ සිට ලෙස්ර් කිරණ මගින් පහර දීම 9. රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් විසින් නාග පාශ්‍ර නම් අස්ත්‍රය හෙලීමෙන් නාගයන් අසූ හාරදහසක් මැවී රාම හා ලක්ෂමණ වෙලාගෙන පහර දීම (මෙබදු විෂ වායු සහිත බොම්බ හෙලීම් ගැන විමානික ශාස්ත්‍ර පොතේ දක්වා ඇත) රාවණගේ මරණයෙන් ලංකාපුරයෙන් කොටසක් මුහුදට ගිලාබසින ලදි. තවත් සමහර කතා පුවත් වලට අනුව නම් විභීෂණගේ පවා දීම් හා රාවණගේ අවිම ඔහුට එරෙහිව භාවිතා කරීම නිසා යුද්ධයෙන් පරාජය වු රජු වෙනත් සමාන්තර ලෝකයකට පලා ගිය බව කියැවේ. ඉසුරුමූණියේ ඇති තාරකා ලංජනය ඇති තැන අතීත ලෝකයේ ලෝක ලෝක අතර ගමන් සදහා යොදගත් බව පැවසේ කෙසේ නමුත් රාම රාවණ යුද්ධයෙන් පසුව රාවණ රජු ගැන හෝ ලංකාවේ රාජාලීය ගැන කරුණු සොයාගැනීම අපහසුය. නැවතත් ලංකාවේ රාජාලිය ඇරාඹෙන්නෙ බුදුන් වහන්සේට සමකාලීන යුගයේ සෙල්ලිපි වලිනි. රාජාලියට අනුව නම් සම්බුද්ධ පරිනිර්වාණයේ දවස් 7කට පසු විජය ලංකාවට ගොඩබසින ලදි. ඒ වන විට රාවණ මිය ගොස් හෝ පලා ගොස් වසර 1844ක් ගෙවී තිබු බවද රාජාවලියේ සදහන්වේ. බුදුන් වහන්සේට සමකාලීනව පනීත රජු සිටි බව කියැවේ. නිවැරදි කාල නිර්ණයන් සහිතව ඉන් පසු රජුන් සොයා ගැනීම අපහසුය. නමුත් නුහුත නැතහෝත් සංඛ්‍ය නැමති රජකෙනෙක් ගැන සදහන් වේ. බින්දු 27 ක් දක්වා ගනන් කිරීම මේ රජු සොයගත් බවක්ද කියැවේ.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Sinhala wedakama enne Rawana Rajathuwage idala. Patangena thiyenne Rawana Rajathuma. Paramparika Sinhala Weda Mahaththayek laga vistara dala thibune...
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    මම ‍විශ්‍‍වාසයක් තියන‍‍‍‍වා අවුරුදු 2500 එහා ප්‍රභල රජ ‍කෙනේක් හිටපු ‍‍‍‍වග රවණා හේතු අනේකයි ( සැ.යු අතිශෝක්තියේන් තෝර කරැණු)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,177
    1
    13,055
    113
    Gotham City




    මේ ඉන්නෙ පරාක්‍රමබාහු නෙමෙයි . පුලතිසි පඩිවරයලු .ඒ කියන්නෙ රාවණාගේ සීය. ඒක මේ පිලිමෙට උඩින් ලියලම තියනවලු .


    පරණවිතාන හිතාමතාම ඉතිහාසය විකුර්ති කරල තියෙන්නෙ එයාට උගන්නල හදාවඩාගත්ත සුද්දන්ගේ කීමට කියනවනෙ :nerd::nerd::nerd:
    පරණවිතාන නම් ගොන් හුකන්නෙක්.
    පොර තමා ඉතිහාසය විකෘති කළෙ.
    රාවණා ගැන අතිශ්‍යොක්තියෙන් කළ ප්‍රකාශ හා ලිපි අපමණයි.
    එත් ඉතිහාසය අධ්‍යනයෙන්(ලොකයෙ මෙන්ම ලංකාවෙ )
    මන් දැනට ලබා ඇති දැනුමෙන් යමක් කියනවානම්
    රාවණා කියන්නෙත් ලංකාව අගපුරය කරගෙන යම් අධිරාජ්‍යක් ගොඬ නගපු පුද්ගලයෙක්.
    දසීස් කියන්නෙ ඔළු දහයක් තියෙන නිසා නෙමෙ ඔළු දහයක තරම් දැනුමක් තිබ්බ නිසා. ඇත්තම කිව්වොත් මෙ දැනුම එයා දැනගත්ත එව්වා නෙමෙ.එයා අධිරාජ්‍ය කරන සමයෙ එහි පැවැත්ම වෙනුවෙන් ඔහුගෙ මූලිකත්වයෙන් ගොඬ නගපු දෙවල්.උදා : හිට්ලර්ගෙ කාලෙ රොකට්ටුවක් හැදුවා. හඳට යන්න නෙමෙ බොම්බෙකට.
    එත් එක හැදුවෙ හිට්ලර් නෙමෙ නෙ? ජර්මන් සයන්ටිස්ට්ස්ලා . එත් අපි කියන්නෙ හිට්ලර්ගෙ සමයෙ සිද්ද වෙච්ච නිසා හිට්ලර් කළා කියලා.
    අන්න එ වගෙ දෙයක් තමා මෙ රාවණාගෙ දසීස් දැනුම. රාවණාග තිබ්බෙ දැනුම නෙමෙ විෂන් එක.
    සීතාව පැහරගෙන ආවෙ ආහවල් එකක් කරන්න නෙමෙ .රිටර්න් එක දෙන්න වගෙ. ඒකට රාවණා ගියෙ නැහැ. කාවහරි දම්මලා කරන්න ඇති.
    රාවණා , රාමා එකෙක්වත් සුදු චරිත නෙමෙ. මොකද රජවරු කියන්නෙ කොයි එකා උනත් චාටර් වැඩ කරනවා.
    ඒ වගෙම තමා අධිරාජ්‍යක් ගොඬ නැගෙද්දි තමා ගොඩාක් හොඳ සොයාගැනීම් වෙන්නෙ. උදා : චීනෙ හැන් අධිරාජැය කාලයෙ තමා කඩඩදාසිය සොයාගන්නෙ. ප්‍රින්ටින් කරන හැටි හොයාගන්නෙ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ව්‍යාප්ත කාලයෙ තමා නිව්ටන් ලා බිහිවෙන්නෙ. ප්‍රංශ අධිරාජ්‍ය කාලයත් එහෙම තමා.
    ඉතින් එ කාලෙ ලන්කාව මූලික අධිරාජ්‍යක් තිබ්බ නිසා රාවණාගෙ සමයෙ සොයාගැනීම් වෙන්න ඇති එක එක .
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පරණවිතාන නම් ගොන් හුකන්නෙක්.
    පොර තමා ඉතිහාසය විකෘති කළෙ.
    රාවණා ගැන අතිශ්‍යොක්තියෙන් කළ ප්‍රකාශ හා ලිපි අපමණයි.
    එත් ඉතිහාසය අධ්‍යනයෙන්(ලොකයෙ මෙන්ම ලංකාවෙ )
    මන් දැනට ලබා ඇති දැනුමෙන් යමක් කියනවානම්
    රාවණා කියන්නෙත් ලංකාව අගපුරය කරගෙන යම් අධිරාජ්‍යක් ගොඬ නගපු පුද්ගලයෙක්.
    දසීස් කියන්නෙ ඔළු දහයක් තියෙන නිසා නෙමෙ ඔළු දහයක තරම් දැනුමක් තිබ්බ නිසා. ඇත්තම කිව්වොත් මෙ දැනුම එයා දැනගත්ත එව්වා නෙමෙ.එයා අධිරාජ්‍ය කරන සමයෙ එහි පැවැත්ම වෙනුවෙන් ඔහුගෙ මූලිකත්වයෙන් ගොඬ නගපු දෙවල්.උදා : හිට්ලර්ගෙ කාලෙ රොකට්ටුවක් හැදුවා. හඳට යන්න නෙමෙ බොම්බෙකට.
    එත් එක හැදුවෙ හිට්ලර් නෙමෙ නෙ? ජර්මන් සයන්ටිස්ට්ස්ලා . එත් අපි කියන්නෙ හිට්ලර්ගෙ සමයෙ සිද්ද වෙච්ච නිසා හිට්ලර් කළා කියලා.
    අන්න එ වගෙ දෙයක් තමා මෙ රාවණාගෙ දසීස් දැනුම. රාවණාග තිබ්බෙ දැනුම නෙමෙ විෂන් එක.
    සීතාව පැහරගෙන ආවෙ ආහවල් එකක් කරන්න නෙමෙ .රිටර්න් එක දෙන්න වගෙ. ඒකට රාවණා ගියෙ නැහැ. කාවහරි දම්මලා කරන්න ඇති.
    රාවණා , රාමා එකෙක්වත් සුදු චරිත නෙමෙ. මොකද රජවරු කියන්නෙ කොයි එකා උනත් චාටර් වැඩ කරනවා.
    ඒ වගෙම තමා අධිරාජ්‍යක් ගොඬ නැගෙද්දි තමා ගොඩාක් හොඳ සොයාගැනීම් වෙන්නෙ. උදා : චීනෙ හැන් අධිරාජැය කාලයෙ තමා කඩඩදාසිය සොයාගන්නෙ. ප්‍රින්ටින් කරන හැටි හොයාගන්නෙ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ව්‍යාප්ත කාලයෙ තමා නිව්ටන් ලා බිහිවෙන්නෙ. ප්‍රංශ අධිරාජ්‍ය කාලයත් එහෙම තමා.
    ඉතින් එ කාලෙ ලන්කාව මූලික අධිරාජ්‍යක් තිබ්බ නිසා රාවණාගෙ සමයෙ සොයාගැනීම් වෙන්න ඇති එක එක .

    අඩෝ පො*නයා... පරණවිතාන මහත්තයට ගරහන්න උඹ කවුද කියහන්කෝ? උඹ ඉතිහාස ඔස්තාර් කෙන්ක්ද? නැත්තන් රාවණාගේ හොර ශොට් එකක්ද?
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    tfs
    You must spread some Reputation around before giving it to skymicro again.