ගැඹුරු වූ අනිත්‍යය දැකීම

Jul 5, 2012
1,773
265
0

මේ කියන්නේ අහලවත් නැති මිනිස්සුන්ගේ නම්.හැම ගොබිලන්ගේම වීඩියෝ බලල , හරි බුදුබන තියන ඒවා පැත්තකදාල.දැන් සේරම පටලවගන උබල.
අනිච්ච කියල බුදුරජුන් කිව්ව එකට අනිත්‍ය කියලා පදමාරු කරලා , උබලතමයි බුදුබන කන්නේ හරකෝ.

ඉස්සෙල්ලා පාලි වය්‍යාකරණ ඉගෙනගෙන වරෙන් මී හරකා!පාලියෙන් අනිච්ච කියන්නේ අනිත්‍ය, අනිච්ඡා කියන්නේ අකැමැත්ත! නොදන්න දේවල් කතා නොකර පල ගොබ්බයා!
:D:D

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ජිංතක ජිල්ලබකිට;22698613 said:

    ඉස්සෙල්ලා පාලි වය්‍යාකරණ ඉගෙනගෙන වරෙන් මී හරකා!පාලියෙන් අනිච්ච කියන්නේ අනිත්‍ය, අනිච්ඡා කියන්නේ අකැමැත්ත! නොදන්න දේවල් කතා නොකර පල ගොබ්බයා!
    :D:D

    පල ගොන්වස්ස ගිහින් වල් කාපන් .
    නෙට් එක පීරලා වීඩියෝ හොයල, ඒක මෙතන දාල අපිට පාලි ඉගනගන්නලු.පාලි දන්න මිනිහෙක්නම් මුලින්ම මෙතන පැහැදිලිකරන්න්න තිබුනනේ තප්පුලන්නැතුව.අනුන්ට කියන්න කලින් උබ ඉගනගනින් මුලින්ම. :P:P

    සබ්බේ සන්කාරා අනිච්චාතී කියන්නේ මොකක්ද කියන එකේ තේරුම දැන් වැටහුනාද බත්කන අම්බරුවට :D:D
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    :P:P:P

    අකුරු කියවල, වචන අහලා තේරුම් ගන්න බැරි අම්බරුවෝ උම්බෑ කියන බව කාටත් වැටහේ. තවත් උම්ඹෑ නොකියා පල ගොබ්බයෝ!
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    ජිංතක ජිල්ලබකිට;22698613 said:

    ඉස්සෙල්ලා පාලි වය්‍යාකරණ ඉගෙනගෙන වරෙන් මී හරකා!පාලියෙන් අනිච්ච කියන්නේ අනිත්‍ය, අනිච්ඡා කියන්නේ අකැමැත්ත! නොදන්න දේවල් කතා නොකර පල ගොබ්බයා!
    :D:D

    ඔබට ගොඩාක් පින් මේ විඩියෝවට. හරිම වැදගත්, අනිච්ච වරදන අයට කිස් කන කනේ පාරක්!
    සාදු! සාදු! සාදු!
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ජිංතක ජිල්ලබකිට;22698827 said:
    :P:P:P

    අකුරු කියවල, වචන අහලා තේරුම් ගන්න බැරි අම්බරුවෝ උම්බෑ කියන බව කාටත් වැටහේ. තවත් උම්ඹෑ නොකියා පල ගොබ්බයෝ!

    අකුරු කියවල, වචන අහුලල පාලි ඉගනගත් අම්බරුවෙක් තප්පුලනවා. :P:P
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ජිංතක ජිල්ලබකිට;22698613 said:

    Thanks for the Video. You have done a great job proving your point. control your words and be civil.

    Thanks and much merit for you!
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ආ එහෙමද දැම්මේ මුලින්.ඒක වෙන්නැති තේරුම් ගිය කට්ටිය ගොඩක් ඔබතුමාට රිප්ලයි කරලා තිබ්බේ.
    අර කවුද නිවස්ත්‍රන් ගිහිනුත් කිව්වලුනේ ඒක බුද්දිමතුන්ට විතරයි පේන්නේ කියලා.
    ඔබට ධර්මය ගැන ප්‍රායෝගික දැනුමක් තියනවානේ.එහෙනම් මම පෙන්නපු විදියේ උදාහරන කීපයක් දාන්කෝ අනිච්ච, නෙවෙයි අනිත්‍ය කියන.
    ඔබතුමාල තමයි, මේවා වරද්දන්නේ, සින්හල බාශාවෙන් පද පටලවලා.බුදුරජුන් වදාල වචනය පැත්තක තියලා, අනිත්‍ය පදයක් දාගන.
    ඊටපස්සේ අනත්ත හලලා අනාත්ම කියනව.

    ඔබගේ මුල් ප්‍රකාශය නොහොත් අනිච අනිත්‍ය පටලවාගත්තවුන්ගේ ජෙනරික් ප්‍රිලොඩඩ් උත්තරය.

    කැමතිපරිදි නොතිබෙන ලක්ශනය- අනිච්ච
    වෙනස්වන ස්වභාවයට, ස්ථීරනැති ස්වභාවයට - අනිත්‍ය කියනවා ( ඒක තෘෂ්නා ප්‍රහානයට වැදගත්නෑ, ඒක සාමන්‍යලෝකසත්යක්, කවුරුත් දන්න )
    අනිත්‍යවඩන ගියොත් මිසක් , නිකන් මතකයේ තියාන ඉන්න අයට ඔය දෙකේ ගැටලුව එන්නේ නෑ.

    දැන් මගෙන් ඉල්ලුවේ ප්‍රයෝගික උදාහරණ වලින් පහදන්න කියලනෙ. හොඳයි පැහැදිලිකිරීමේ පහසුවට අපි මේ කථාව ගමු.

    ඔන්න දැන් අවුරුදු 2500 විතර කලින් දවසක භාරතයේ ෂමිල්හතළිස්පහ කියල පිරිවැජ්ජියෙක් අනිච්ච-අනිත්‍ය ගැටලුව සහිතව කාගෙන්ද මේක විසන්දගන්නේ කියල හිත හිතා යනවා. ඔහොම යනකොට මෙයාට හම්බෙනවා බුදුහාමුදුරුවො. ලැබුන වේලාවෙන් ප්‍රයෝජනේ ගන්න ඕනේ කියල හිතල බුදුහාමුදුරුවන්න්ට ලංකරලා, වැඳ සත්කාර කරල, විවේක වෙලාවක මෙහෙම ඇහුව.

    "බුදුහාමුදුරුවනේ මේ මිනිස්සු අනිච්ච අනිත්‍ය පටලවාගෙන ඉන්නව, මට පොඩ්ඩක් ඕක පැහැදිලි කරලා දෙන්නකෝ කියල". එතකොට බුදුරජාණන් වහන්සේ "හා ෂමිල්හතළිස්පහ ඒ කාරණාව එහෙමම තිබ්බවේ, නුඹ කැමතිද පොඩ්ඩක් සතිපට්ඨානය ගැන ඉගන ගන්න". කියල අහනව.

    දැන් ඉතින් ඇහුවේ බුදුහාමුදුරුවොනේ බැ කියල බැ ඉතින් හා කියනව.

    ඉතින් බුදුරදුන් මුලික සතිපට්ඨාන කාරණා කියදිල, කායානුපස්සනාව ප්‍රමුඛ කරල කරන්න කියල උපදෙස් දෙනව. දැන් ෂමිල්හතළිස්පහ තමන් කැමතිම ඉරියව්වෙන් පර්යන්ක කරල වාඩිවෙලා සිහිනුවනින් ආනාපානය බලනකොට/මෙනෙහි කරනකොට මේක හුස්ම ගන්නවා,පිටකරනවා දිගට ගන්නවා කෙටිව පිටකරනවා, කෙටිව ගන්නවා දිගට පිටකරනවා, දෙකම එකසමානව ගන්නවා පිටකරනවා. නානාප්‍රකාර අරමුණු එනවා යනවා, ඉවරයක් නෑ.

    ඉතින් ඔහොම කරලා නැගිටලා බුදුහාමුදුරුවන්ට කියනව අනේ බුදුහාමුදුරුවනේ මේකනම් අනිච්චම තමා මට ඕනේ විදිහට තියෙන්නේ නෑ කියල. එවිට බුදුන් නැවතත් දැන් ෂමිල්හතළිස්පහ ඔයා ඕකෙන් වැඩිපුරම කැමති හුස්ම උඩට යනවටද පහලට යනවටද, නැත්නම් හුස්මෙන් කරදරයක් නැතිව හුස්ම නැතිව ඉන්නවටද කියල අහනව. එවිට ඕනෑම පෘතජ්ජනයෙක් වගේ "අනේ බුදුහාමුදුරුවනේ හුස්ම නැතිඋනොත් මම මැරෙනවානේ කියල කියනව". එවිට බුදුන් ඉතින් ෂමිල්හතළිස්පහ දැන් හුස්ම ඔයාට ඔනෙවිදිහට ජීවත්වෙන්න තියෙනවනේ ඉතින් ඔතන කෝ ඔය කියන අනිච්ච? ඔතන ඔය අදහසට එහා ගියපු පොදු සත්‍යක් තියනවා ඒක තේරුනේ නැද්ද? අහනව. ඉතින් ෂමිල්හතළිස්පහ පිරිවජ්ජිය "නැහැ" කිව්වම. හා කමක් නෑ එහෙනම් වේදනානුපස්සනාව ප්‍රමුක කරල වඩන්කෝ කියල නැවත උපදෙස් දෙනව.

    දැන් අයෙත් කැමතිම ඉරියව්වෙන් වැඩිවෙලා ටිකක් වැඩි කාලයක් පර්යන්කෙන් ඉන්නවා.ඔන්න දැන් මුලින් නොතිබූ වේදනා එන්න ගන්නවා. හරි අමාරුයි. ටිකකින් අයෙත් හිරිවැටිලා වේදනාව අඩුවෙලා යනවා. එතකොට එකම ඉරියව්ව මුලදී කැමති විදිහට තිබ්බ, පස්සේ ඒ ඉරියව්වටම අකමැති ස්වාභාවය ඇතිවුන දැන් අයෙත් කැමති ස්වභාවයක් ආව. ඔන්න ෂමිල්හතළිස්පහගේ දෘෂ්ටියට පොඩි පාරක් වැදුන. මට මුලදී මේකට කැමැත්ත තිබ්බ, නමුත් පසුව ඒ කැමැත්ත අකමැත්තකට පෙරලුනා දැන් අයෙත් කැමැත්තක්. එතකොට අනිච්චය පෙරලෙනවද මේ වෙනස්වීම එක්ක? කියල හිතුන. එතකොට අනිච්ච සියල්ලටපොදු නැද්ද? දැන් ටිකක් මේ පිරිවජ්ජියගේ හිත හෙල්ලිලා.

    දැන් බුදුරජාණන් වහන්සේ හා ෂමිල්හතළිස්පහ දැන් චිත්තානුපස්සනාව ප්‍රමුඛ කරලා කරන්නකෝ කියල උපදෙස් දෙනව. ඔන්න දැන් ෂමිල්හතළිස්පහ චිත්තානුපස්සනාව ප්‍රමුඛ කරලා කරනව මොකුත් නෑ නිකන් වහකදුරුවගේ. කයේ අරමුණු වගේ නෙවි හිත, මහවෙගෙන් වෙනස්වෙනවා, විටෙක කැමති විටෙක අකමැති, විටෙක අනාපානේ විටෙක සද්දෙක, ඔහොම කරලා කරලා මෙයාගේ සමාධිය දියුණු වෙලා හිත උපේක්ෂාවට වැටෙනව. දැන් නම් බොලේ කැමැත්තක් අකමැත්තක් නෑ මොකද හිත උපේක්ශාවෙනේ නමුත් අරමුණු නම් වෙනස් වෙනව. ඉහල පහල,ශබ්ද වේදනා ඇතිවෙනව නැතිවෙනව.

    එතකොට ඔන්න දැන් කැමත්තක්වත් අකමත්තක්වත් නැහැ, හිතන්හිටපු අනිච්චයවත් අනිච්චයේ ප්‍රතිවිරුද්ධයවත් නැහැ. කොටින්ම කිව්වොත් ඒ ස්වභාවය යටපත්වෙලා. දැන් ඔන්න ඔය අනිච්ච තමා ඇත්ත අනිත්‍ය නෙවි කියල හිතපු කෙනාට ඕනේ දේ වෙලා. මොකද දැන් එය එයලට අනුව එක සත්‍යක් (අනිච්ච)අභිබවා ගිහින්. (එකවිදිහකට බැලුවොත් ඒ ගොල්ලන්ගේ මෝක්ෂය තමා ඕක)

    හැබැයි තාමත් අරමුණු එනවා යනවා, වෙනස්වෙනව. එතකොට මේකද අපේ අය කියන ඇත්ත කියල ෂමිල්හතළිස්පහට හිතෙනවා.

    ඔහොම තව ටිකක් කරන යනකොට ෂමිල්හතළිස්පහට පොඩි හැඟීමක් එනවා නිරන්තරයෙන් මගේ කැමැත්තට/අකමැත්තට යටත් වෙන්න සිදුවුන පොදු කාරණයක් තිබ්බ ඒ තමා වෙනස්වීම. එහෙනම් අනිච්ච කියල මම හඳුනාගන්න කැමතිව පවත්වන්න බැහැ කියන එක වෙනස්වීමේ ප්‍රතිපලයක් මිසක්ක එක බුදුන් කියන තිලකුනේ මුල එක නෙවි. අරමුණු කිරීම් ස්වභාවය වෙනස්වීම මත කැමැත්ත අකමැත්ත වෙනස්වෙනවා මිස අන් කාරණයක් නොවේ. මේ වෙනස්වීමේ කාරණය කර්මය හෝ වෙනත් සාදක මත වෙන්නක්ය යන්න ඒත්තු ගියාලු. ඉතින් ඔය අවබෝදයට හේතුවුනනමරුපයාගේ වෙනස්වීම හෙවත් අනිත්‍ය තවදුරටත් නුවණින් බැලුවහොත් ෂමිල්හතළිස්පහ පිරිවැජ්ජියට නමරුප පරිච්චේද ඥානය උනත් පහලවෙන්න ඉඩ තියෙලු.

    මෙම පැහැදිලිකිරිම මෙසේ යෙදුවේ ෂමිල්හතළිස්පහට පහසු අවබෝදය උදෙසායි. මෙය මගේ හෝ මගේ කමටහන් ගුරුවරයාගේ ධර්මයක් නොව බුදුවරුන් විසින් අවබෝදකර ලොවට පහදා දෙන්න වූ ලොවතුල පවත්නා ධර්ම සහ ධර්මතා පර්යායකුයි.
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston

    ඔබගේ මුල් ප්‍රකාශය නොහොත් අනිච අනිත්‍ය පටලවාගත්තවුන්ගේ ජෙනරික් ප්‍රිලොඩඩ් උත්තරය.

    දැන් මගෙන් ඉල්ලුවේ ප්‍රයෝගික උදාහරණ වලින් පහදන්න කියලනෙ. හොඳයි පැහැදිලිකිරීමේ පහසුවට අපි මේ කථාව ගමු.

    ......
    ඔහොම තව ටිකක් කරන යනකොට ෂමිල්හතළිස්පහට පොඩි හැඟීමක් එනවා නිරන්තරයෙන් මගේ කැමැත්තට/අකමැත්තට යටත් වෙන්න සිදුවුන පොදු කාරණයක් තිබ්බ ඒ තමා වෙනස්වීම. එහෙනම් අනිච්ච කියල මම හඳුනාගන්න කැමතිව පවත්වන්න බැහැ කියන එක වෙනස්වීමේ ප්‍රතිපලයක් මිසක්ක එක බුදුන් කියන තිලකුනේ මුල එක නෙවි. අරමුණු කිරීම් ස්වභාවය වෙනස්වීම මත කැමැත්ත අකමැත්ත වෙනස්වෙනවා මිස අන් කාරණයක් නොවේ.
    [/SIZE]​

    නියම උත්තරයක්. අවංකව නිවැරදිව හිතන්න පුලුවන් කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් වෙන පැහැදිලිකිරීමක්. සාදු සාදු!.
    පොඩ්ඩක් මොලේ තියෙනෙවනං කල්පනා කරන්න ඔනෑනේ ඔය "කැමත්තට පවත්වන්න බැරි වෙන්නේ වෙනස්වීම නිසා කියලා.

    සමහරක්ට අනුව කැමත්තට අනුව පවත්වන්න බැහැ-හැබැයි ඒකට හේතුව Black box එකක්! කැමැත්තට අනුව පවත්වන්න බැරි ඇයි කියලා හිතන්නේ නැහැ, දේව වාක්‍යයක් වගේ ඒකම කියව කියව ඉන්න ගිරව්!

    කැමැත්තට අනුව පවත්වන්න බැරිත්, අනිත්‍ය -වෙනස්වීම- ස්තිර ලෙස පිහිටුවීමටනොහැකි කම නිසාය කියන එක තේරුම් ගන්න බැරි පව්කාරයොත් ඉන්නවා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    එහෙම කිව්වම අනිත්‍ය කියන්නෙ අනිච්ච කියන සංකල්පයේ එක් ලක්ෂණයක් විතරයිනෙ. එහෙම නෙවෙයිද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එහෙම කිව්වම අනිත්‍ය කියන්නෙ අනිච්ච කියන සංකල්පයේ එක් ලක්ෂණයක් විතරයිනෙ. එහෙම නෙවෙයිද?

    කැමැත්තට/අකමැත්තට යටත් වෙන්න සිදුවුන පොදු කාරණයක් තිබ්බ ඒ තමා වෙනස්වීම. එහෙනම් අනිච්ච කියල මම හඳුනාගන්න කැමතිව පවත්වන්න බැහැ කියන එක වෙනස්වීමේ ප්‍රතිපලයක් මිසක්ක එක බුදුන් කියන තිලකුනේ මුල එක නෙවි. අරමුණු කිරීම් ස්වභාවය වෙනස්වීම මත කැමැත්ත අකමැත්ත වෙනස්වෙනවා මිස අන් කාරණයක් නොවේ.
    කැමති විදිහට තියන්න බැරි හින්ද වෙනස්වුනා නෙවි වෙනස් වෙන නිසා කැමති විදිහට හිටින්නේ නැහැ. ඔය අනිච්ච පටලැවිල්ල හරියට, කව්රුහරි කොලරොඩු,වැලි,ගල්,පස්, පිරිච්ච බාල්දියක උඩින් තියන කොලරොඩු ටික අරන් මේ බාල්දියේ තියෙන්නෙම මේ කොලරොඩු වර්ගය විතරමයි කියල කිව්ව වගේ දෙයක් තමා.

    පිළිතුරට ලොකු අදාලතත්වයක් නැතත් පහල කාරණා ටිකත් මෙතන සඳහන් කරන්න ඕනේ කියල හිතුන.

    බුදුදහම ප්‍රයෝගිකව අත්විඳිය යුතු දහමක් විනා අන් ආකාරයක් නොවේ. ප්‍රපංච කරනා තරමට මේක පැටලිලි සහගත වෙනව. නමුත් සම්මුති ලෝකය ප්‍රපංච මතම සැදුනක්. ඉතින් ප්‍රවේසමෙන් අවශ්‍ය දැනුම කන්ටෙක්ස්ට් එක්කම දැනගන්න ඕනේ. මම හිතන්නේ බුදුරදුන් මුලදීම දහම ප්‍රචාරය කරන්නත් මැලි වුනේ ඕක වෙන්න ඕනේ.

    ඒ මොකද, එතං සන්තං එතං පනීතන් යදිදං සබ්බ සංඛාර........... යන වශයෙන් ප්‍රපංච වලින් තොරව නිවනේ තිබෙන සුක්ෂම ස්වභාවයත්, පටිච්චසමුප්පන්න බවේ ගැඹුර (අනොන්‍ය ප්‍රත්‍ය බව) තේරුම් ගැනීමේ අපහසුවත් නිසයි.

    පටිච්ච සමුප්පන්න බව තෙරුම්ගන්න නම් එය ප්‍රඥාවෙන් බලන්න ඕනේ. යමෙක් සතිපට්ඨානයට අනුව වෙනස්වීම බලනවා (අල්ලා නොගෙන සතියෙන් මේ මොහොත දකිනව)කියන්නේ ඔහු හෝ ඇය අනියමින් පටිච්චසමුප්පන්නයේ ගැඹුරුම තැනක් වන "නමරුප පච්චයා විඥ්ඥානම් විඥ්ඥාන පච්චයා නමරුපම්" කියන දේ පිරික්සනවා වෙනව.(සමහරවිට පුද්ගල ලක්ෂණ අනුව වෙනත් ප්‍රත්යවෙන තැනක් දකින්නත් පුළුවන්, මට පැහැදිලිකරන්න ලේසියටත් බුදුරදුන් මහා නිදාන සුත්‍රයේ මහා නිදානය විදිහට ඔය නමරුප පච්චයා විඥ්ඥානම් විඥ්ඥාන පච්චයා නමරුපම් පෙන්නපු නිසාත් තමා එක ගත්තේ.)

    භාවනා කරද්දී දහදිය බින්දුවක් කම්මුලේ වැක්කෙරෙන අවස්ථාවක් ගමු. සතරමහා ධාතුන් සහ ඒවායේ වෙනස්වීම නිසා දහදිය බින්දුව වැක්කෙරෙනවා, එක දැනගන්නවා කියන්නේ එයට අදාල නාමය සකස් වෙනවා එයම ඒ සංකල්පයට අදාලව විඥ්ඥානයට හේතුවෙනව. දැන් ඔන්න ඔය මහා නිදානේ/ඒ වැහිලා තියන ධර්ම දාතුව ටික ටික ගොඩ දාන එක තමා සිහියෙන් වෙනස්විම දිහා බලන් ඉඳල කරන්නෙ. ඉතින් ඔහොම බලාගෙන යනකොට
    නමරුප වල අනිත්‍ය, දුක්ඛ, අනාත්මය දැකල, මෙය ස්ථිර නැත, හේතුන්ගෙන් සකස්වේ, ඇතිවී නැතිවේ, සීග්‍රයෙන් නැතිවේ, භය ඇතිකරයි, පිළිකුල ඇතිකරයි, කායික මානසික දැඩි දුක් ඇතිකරයි කියල තේරුම්ගෙන මෙයින් මිදියයුතුයි, මිදීමේ මාර්ගයේ යා යුතුයි යනුවෙන් දැකල සියලුම සංස්කාරයෝ තිලකුණට යටත් බව පිළිගෙන සංස්ඛාර පිලිබඳ උපේක්ෂාව ගොඩනගල, චරිත ලක්ෂණ අනුව අනිත්‍ය, දුක්ඛ හෝ අනාත්මය නැවත නැවතත් දැකල උතුම් වූ නිර්වාන ධාතුව ස්පර්ශ කරනව.

    එනම් පහත ගතවේ දැක්වෙන විදිහට නමරුප වලින් තොර ස්වභාවයක්(වෙන යොදන්න සුදුසු වචනයක් නොමැති නිසා) සොයාගන්නවා.

    යත්ථ නාමන්ච රුපංච
    අසේසන් උපරුජ්ජති
    රුපං පටිඝ සංඥාච
    එත්ත සා ජිජ්ජතේ ජටා

    ඉතින් නිවන් දකින්න හේතුවන තිලකුනේ පළමු ලක්ෂණය වරදවනවා එහෙමත් නැතිනම් එක තෘෂ්ණා ප්‍රහාණයට ඕනේ නැහැ කියන්නේ අධර්මය බෙදීමක්. අකුසලයක්.

    PS ගාථා නිවැරදිවම මතක නොතිබුන නිසා දන්නා ආකාරයට තමා ලිව්වේ. සමහරවිට වෙනස්කම් ඇති.

    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113

    කැමති විදිහට තියන්න බැරි හින්ද වෙනස්වුනා නෙවි වෙනස් වෙන නිසා කැමති විදිහට හිටින්නේ නැහැ.
    ඉතින් නිවන් දකින්න හේතුවන තිලකුනේ පළමු ලක්ෂණය වරදවනවා එහෙමත් නැතිනම් එක තෘෂ්ණා ප්‍රහාණයට ඕනේ නැහැ කියන්නේ අධර්මය බෙදීමක්. අකුසලයක්.

    තලේබාන්, අයිසිස් ලා අවශ්‍ය නැහැ ලංකාවේ පිරිසිදු බුද්ධ ධර්මය වනසන්න. මේ විදියට ත්‍රිලක්ෂණය වැරදවීම බුදු සසුනේ ඇතුලෙන්ම පිලිකාවක් ඇතිකලා වගේ. මෝටාර්, බෝම්බ වලින් කරන්න බැරි වැඩේ "වයිරස්" එකක් "කැන්සර්" එකකින් කරනවා වගේ!

    ඔබේ පිලිතුරට පින්.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නියම උත්තරයක්. අවංකව නිවැරදිව හිතන්න පුලුවන් කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් වෙන පැහැදිලිකිරීමක්. සාදු සාදු!.
    පොඩ්ඩක් මොලේ තියෙනෙවනං කල්පනා කරන්න ඔනෑනේ ඔය "කැමත්තට පවත්වන්න බැරි වෙන්නේ වෙනස්වීම නිසා කියලා.

    සමහරක්ට අනුව කැමත්තට අනුව පවත්වන්න බැහැ-හැබැයි ඒකට හේතුව Black box එකක්! කැමැත්තට අනුව පවත්වන්න බැරි ඇයි කියලා හිතන්නේ නැහැ, දේව වාක්‍යයක් වගේ ඒකම කියව කියව ඉන්න ගිරව්!

    කැමැත්තට අනුව පවත්වන්න බැරිත්, අනිත්‍ය -වෙනස්වීම- ස්තිර ලෙස පිහිටුවීමටනොහැකි කම නිසාය කියන එක තේරුම් ගන්න බැරි පව්කාරයොත් ඉන්නවා.

    තලේබාන්, අයිසිස් ලා අවශ්‍ය නැහැ ලංකාවේ පිරිසිදු බුද්ධ ධර්මය වනසන්න. මේ විදියට ත්‍රිලක්ෂණය වැරදවීම බුදු සසුනේ ඇතුලෙන්ම පිලිකාවක් ඇතිකලා වගේ. මෝටාර්, බෝම්බ වලින් කරන්න බැරි වැඩේ "වයිරස්" එකක් "කැන්සර්" එකකින් කරනවා වගේ!

    ඔබේ පිලිතුරට පින්.

    @
    ex-muslim Ahmed - හරියට හරි

    මේවගේ ධර්ම කාරණයක් කථාකරන්න ලැබීම අපි හැමෝගෙත් අනාගතේ මේ ධර්මයේ පිළිසරණ පතන අයගෙත් පිනක්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    තලේබාන්, අයිසිස් ලා අවශ්‍ය නැහැ ලංකාවේ පිරිසිදු බුද්ධ ධර්මය වනසන්න. මේ විදියට ත්‍රිලක්ෂණය වැරදවීම බුදු සසුනේ ඇතුලෙන්ම පිලිකාවක් ඇතිකලා වගේ. මෝටාර්, බෝම්බ වලින් කරන්න බැරි වැඩේ "වයිරස්" එකක් "කැන්සර්" එකකින් කරනවා වගේ!

    ඔබේ පිලිතුරට පින්.

    එතකොට කෙනෙක් වෙනස් වීමට කැමති වුනොත්. හිතන්න එයාගෙ හතුරා ස්ථිරව ඉන්නවට අකමැතියි. එයා විනාස වෙලා අනිත්‍ය වෙලා යනවට කැමතියි.

    මේ වගේ වලාවක අනිත්‍ය ස්වභාවය අපිට කැමති අයුරින් තියෙනවනෙ.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113

    @
    ex-muslim Ahmed - හරියට හරි

    මේවගේ ධර්ම කාරණයක් කථාකරන්න ලැබීම අපි හැමෝගෙත් අනාගතේ මේ ධර්මයේ පිළිසරණ පතන අයගෙත් පිනක්.

    සම්මා දිට්ඨිය, බුදු දහමේ හරය නොදන්නා අය වැරදි මගට යොමු කිරීම හරි පහසුයි, විශේෂයෙන්ම, මේක ගැබුරු දහමක් නිසා, පද බෙදලා අන්+ ඉච්ච = අනිච්ච, ඕක මහ ලොකු දෙයක් නෙවෙයි කියා කිව්වහම මිනිස්සු රැවටෙනවා, පහසු, ලේසි දේට තමයි මිනිස්සු කැමැති. බුදුන් වහන්සේ පවා පසුබට වුනා මේ ධර්මයේ ගැඹුර පෘතග්ජනයින්ට තේරුම් ගන්න අපහසු වෙයි කියා. දැන් ඉන්නා හාමුදුරුවරු පද බෙදා තත්පර 10න් අනිත්‍ය පෙන්වනවා..මේ වැරදි වල ප්‍රතිපල තව අවුරුදු 5කින් බලන්න පුලුවන්. බොහෝ විට නව නිකායක්, සෙක්ට් එකක් හැදෙයි!
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    එතකොට කෙනෙක් වෙනස් වීමට කැමති වුනොත්. හිතන්න එයාගෙ හතුරා ස්ථිරව ඉන්නවට අකමැතියි. එයා විනාස වෙලා අනිත්‍ය වෙලා යනවට කැමතියි.

    මේ වගේ වලාවක අනිත්‍ය ස්වභාවය අපිට කැමති අයුරින් තියෙනවනෙ.

    ඔබතුමා දැනට ඉගෙනගෙන තියෙන සියල්ල UN-learn කරන්න. මේ විදියේ සරල දහමක් නෙවෙයි බුදු දහම. හතුරෙක් කොහිද, මමවත් නැති කොට? (ලෝකොත්තරව ගත්තහම ) ලෝකය ම බඹයක් පමණවු සිරුර තුල පණවමියි දේශනා කරපු බුදුහාමුදුරුවන් ඉදිරිපිට තියාගෙන ඔබට ලෝකය ම බාහිරව තියෙනවා නේද?

    හතුරා මලා, දැන් ආතල් එක ඉවරයි නේද? මැරුන බව දැනගත් වෙලේ ආතල් එක ඒ ක්ෂණයේම ඉවරයි. ඊලඟට තවත් හතුරෙක් සොයාගන්න ඔනේ. ගැටෙන්න යමක් ඕනේ, මොකෙක්වත් නැත්තන් නැන්දම්මා එක්ක හැරි ගැටෙන්න වෙනවා. හතුරා ඉඳපු තැන රික්තය පුරවන්න කඩේ මුදලාලි, නේබර්, මාලු වෙලෙන්දා - ඔය ඕනේ එකෙක් කමක් නැහැ. හරියට ප්‍රබාකරන් මැරුවට පස්සේ අපට හතුරෙක් නැති අඩුව දැනුනා වගේ, ඊට පස්සේ අලුත් වටයක් ඕනේ. ආතල් එක- කැමැත්තට අනුව "පැවැත්වීමක්" නැහැ. ඒක වුනා, ඉවරයි-වුනාට පස්සේ ආතල් කුඩු! ඉතිං ආයි පටන් ගන්ඩ ඔනේ තව එකෙක් හොයාගෙන ඌට බැටේ දීල පොරක් වෙන්ඩ.

    යද් අනිච්චං තං දුක්ඛං කියන එක ගැන වෙන්නැති අහන්නේ.
    මහත්තයෝ සංකාර දුක කියන්නේ මොකද්ද කියා සොයා බලන්න. දුක්ඛ සත්‍යය කුමක්ද කියා විමසන්න. දුක කියන්නේ අවබෝද කල යුතු සත්‍යක් බව සිහි තබා ගන්න. තේ කෝප්පය තුල දුක තිබෙන බව ඔබ පිලිගන්නවාද??
     
    බොහොම පින් මිත්‍රයා.

    මේ බුදුසසුනෙ අපි හැමෝම කලන මිතුරො.

    අපි ධර්ම පොරවල් නෙවෙයි. ඒකත් මාන්නයක්.

    අස්මි මානය කියන්නෙ දස සංයෝජන වල 7 වෙනි එක. ඒකෙදි නේද රහත් වෙන උතුමන් මම කියන මානය අයින් කරන්නෙ.

    අනික මම කියන කෙනෙක් ඉන්නවා හෝ නැහැ කියන මතය කියන්නෙ පුහුදුන් අය/ අස්සුතවත් අය කියලා සූත්‍රයක තියෙනවා.

    සමාවෙන්න වැරදි නම්.
     
    • Like
    Reactions: vidu_250

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    බොහොම පින් මිත්‍රයා.

    මේ බුදුසසුනෙ අපි හැමෝම කලන මිතුරො.

    අපි ධර්ම පොරවල් නෙවෙයි. ඒකත් මාන්නයක්.

    අස්මි මානය කියන්නෙ දස සංයෝජන වල 7 වෙනි එක. ඒකෙදි නේද රහත් වෙන උතුමන් මම කියන මානය අයින් කරන්නෙ.

    අනික මම කියන කෙනෙක් ඉන්නවා හෝ නැහැ කියන මතය කියන්නෙ පුහුදුන් අය/ අස්සුතවත් අය කියලා සූත්‍රයක තියෙනවා.

    සමාවෙන්න වැරදි නම්.

    කලන මිතුර,
    මානය ගැන උවමනාතැනම පහදාදීම පැසසියයුතුය.
    ඇතැම්හු පවසනදේවල්වල අරුත් ඔවුන්ටවත් වැටහෙනවාද කියා ඔවුන්ම තමයි දන්නේ.යද නිච්චන් තන්දුක්කන් පාඨය පැහැදිලි කල ආකාරයට අනුකම්පා කරනවා මිස වෙන කලයුත්තක් කොහිද.අස්මි මානයනම් හොදටම පිරිලා.
    ස්තුතී
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කලන මිතුර,
    මානය ගැන උවමනාතැනම පහදාදීම පැසසියයුතුය.
    ඇතැම්හු පවසනදේවල්වල අරුත් ඔවුන්ටවත් වැටහෙනවාද කියා ඔවුන්ම තමයි දන්නේ.යද නිච්චන් තන්දුක්කන් පාඨය පැහැදිලි කල ආකාරයට අනුකම්පා කරනවා මිස වෙන කලයුත්තක් කොහිද.අස්මි මානයනම් හොදටම පිරිලා.
    ස්තුතී
    ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ ගැටලුව විසදගමුකො.

    අපි අන්‍යාගමිකයො වගේ තද මිත්‍යාදෘඨිකයො නෙවෙයිනෙ.

    මේ බුදු සසුනෙ කලන මිතුරො.

    (හැබැයි ගැටලු වලදි මුස්ලිම් අය දෙන විදියෙ උත්තර නම් එපා)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එතකොට කෙනෙක් වෙනස් වීමට කැමති වුනොත්. හිතන්න එයාගෙ හතුරා ස්ථිරව ඉන්නවට අකමැතියි. එයා විනාස වෙලා අනිත්‍ය වෙලා යනවට කැමතියි.

    මේ වගේ වලාවක අනිත්‍ය ස්වභාවය අපිට කැමති අයුරින් තියෙනවනෙ.

    මම මේ ප්‍රශ්නෙදි සංයුක්ත නිකායේ, අව්‍යකත සංයුක්තයට අවධානය යොමුකරවන්න කැමතියි. එකේ මට දැන් ටක් ගලා මතක් වෙන අනුරාධ සුත්‍රයේ බුදුරදුන් අන්තිමට කියනව "ඉතින් අනුරාධ ඔබට තථාගතයන් මේ භාවයේදීම සත්‍යක්/යථාර්තයක් විදිහට ගන්න බැරිනම්"...........කියල.
    පොඩ්ඩක් ඔය සුත්‍රය කියවල බලන්න. එතැනදී අපිට තේරුම් යනවා සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා කියන සඥ්ඥාව එන්නෙම ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙන ලෝකය දිහා බැලුවම.

    ඉතින් දැන් ඔයා තරහකාරයෙක් ඉන්නවා කියාගෙන ඔය ප්‍රශ්නය ඇසීමෙන්ම ප්‍රශ්නය දොස සහිත එකක් බවට පත් කරල හමාරයි. ඒ කියන්නේ ඉන්කරෙක්ට්, ඔයාගේ ප්‍රශ්නයම ඉන්කරෙක්ට්.

    නමුත් කමක් නෑ අපි දැන් ඔයාගේ ඉන්කරෙක්ට් ගැටළුව ගමුකො (එක නිවරදි කරන්නේ කොහොමද කියන එක දැනගන්න),

    Code:
    "එතකොට කෙනෙක් වෙනස් වීමට කැමති වුනොත්. හිතන්න එයාගෙ හතුරා ස්ථිරව ඉන්නවට අකමැතියි. එයා විනාස වෙලා අනිත්‍ය වෙලා යනවට කැමතියි.
    මේ වගේ වලාවක අනිත්‍ය ස්වභාවය අපිට කැමති අයුරින් තියෙනවනෙ."

    *ඔය කැමැත්ත අකමැත්ත ගැන මම කලින් පොස්ට් එකක පැහැදිලි කලා.

    මේ ප්‍රශ්නය ගේන්න ඇත්තේ, යද අනිච්චන් තන්දුක්කන් මගින් අනිත්‍ය අන්ච්ච පටලැවිල්ල ඉදිරිපත් කරන්න වෙන්න ඇති. එකට පිළිතුරු සපයන්න
    මම ඔය ඉහත පාඨයට අදාල ගාථා ත්‍රිත්වයක් මතක් කරන්න කැමතියි.

    සබ්බේ සංඛාරා අනිච්චාති
    යදා පඥ්ඥාය පස්සති
    අත නිබ්බින්දති දුක්ඛේ
    එස මග්ගෝ විසුද්ධියා.

    සබ්බේ සංඛාරා දුක්ඛාති
    යදා පඥ්ඥාය පස්සති
    අත නිබ්බින්දති දුක්ඛේ
    එස මග්ගෝ විසුද්ධියා.

    සබ්බේ ධම්මා අනත්තාති.
    යදා පඥ්ඥාය පස්සති
    අත නිබ්බින්දති දුක්ඛේ
    එස මග්ගෝ විසුද්ධියා.

    දැන් ඔය ගාථා තුනේම දෙවැනි පදය බලන්න. එක "යදා පඥ්ඥාය පස්සති". එහෙනම් විසුද්දියට හේතුවන්නේ ප්‍රඥ්ඥා වෙන් බැලුවොත් තමා. නැත්නම් බුදුන්ට කියන්න තිබ්බනේ "යදා පස්සති" කියල විතරක්. එහෙනම් ප්‍රඥ්ඥාවෙන් බලන කෙනෙක් තුල අත්මදෘස්ටිය/ මම ඉන්නවාය කියන එක තියේවිද? නැහැ නේද? මම නැත්නම් මට හතුරෙකුත් ඉඳීවිද? නැහැ නේද? එයා තුල තියෙන්නේ මේ මම කියන්නේ මායාවක්, මෙය නාම රුප ගොඩක් පමණයි, සතුරාත් නාම රූප ගොඩක් පමණයි.
    ඉතින් එහෙම බැලුවම සතුරා මැරෙනකොට සත්‍ය දන්නකෙනාට ඇතිවන්නේ නාම රුප ගොඩක් වෙනස්වෙලා ගියා කියන එකයි.

    දැන් අරිය පර්යේෂණය කරන අපිත් අන්න ඒ උතුමන් වගේ හිතන්න පුරුදුවෙන්න ඕනේ. අපිට තවම "යදා පඥ්ඥාය පස්සති" වෙලා නැතත් මෙහෙම හිතනකොට ඒ දෙය සිදුවන්න උපකාරයක් වෙනව. නැතිනම් වෙන්නේ මෝහය මුල්කරගෙන තව තවත් අකුසල් රැස් කරන එක.
     
    Last edited: