ආ එහෙමද දැම්මේ මුලින්.ඒක වෙන්නැති තේරුම් ගිය කට්ටිය ගොඩක් ඔබතුමාට රිප්ලයි කරලා තිබ්බේ.
අර කවුද නිවස්ත්‍රන් ගිහිනුත් කිව්වලුනේ ඒක බුද්දිමතුන්ට විතරයි පේන්නේ කියලා.
ඔබට ධර්මය ගැන ප්‍රායෝගික දැනුමක් තියනවානේ.එහෙනම් මම පෙන්නපු විදියේ උදාහරන කීපයක් දාන්කෝ අනිච්ච, නෙවෙයි අනිත්‍ය කියන.
ඔබතුමාල තමයි, මේවා වරද්දන්නේ, සින්හල බාශාවෙන් පද පටලවලා.බුදුරජුන් වදාල වචනය පැත්තක තියලා, අනිත්‍ය පදයක් දාගන.
ඊටපස්සේ අනත්ත හලලා අනාත්ම කියනව.
ඔබගේ මුල් ප්‍රකාශය නොහොත් අනිච අනිත්‍ය පටලවාගත්තවුන්ගේ ජෙනරික් ප්‍රිලොඩඩ් උත්තරය.
කැමතිපරිදි නොතිබෙන ලක්ශනය- අනිච්ච
වෙනස්වන ස්වභාවයට, ස්ථීරනැති ස්වභාවයට - අනිත්‍ය කියනවා ( ඒක තෘෂ්නා ප්‍රහානයට වැදගත්නෑ, ඒක සාමන්‍යලෝකසත්යක්, කවුරුත් දන්න )
අනිත්‍යවඩන ගියොත් මිසක් , නිකන් මතකයේ තියාන ඉන්න අයට ඔය දෙකේ ගැටලුව එන්නේ නෑ.
දැන් මගෙන් ඉල්ලුවේ ප්‍රයෝගික උදාහරණ වලින් පහදන්න කියලනෙ. හොඳයි පැහැදිලිකිරීමේ පහසුවට අපි මේ කථාව ගමු.
ඔන්න දැන් අවුරුදු 2500 විතර කලින් දවසක භාරතයේ ෂමිල්හතළිස්පහ කියල පිරිවැජ්ජියෙක් අනිච්ච-අනිත්‍ය ගැටලුව සහිතව කාගෙන්ද මේක විසන්දගන්නේ කියල හිත හිතා යනවා. ඔහොම යනකොට මෙයාට හම්බෙනවා බුදුහාමුදුරුවො. ලැබුන වේලාවෙන් ප්‍රයෝජනේ ගන්න ඕනේ කියල හිතල බුදුහාමුදුරුවන්න්ට ලංකරලා, වැඳ සත්කාර කරල, විවේක වෙලාවක මෙහෙම ඇහුව.
"බුදුහාමුදුරුවනේ මේ මිනිස්සු අනිච්ච අනිත්‍ය පටලවාගෙන ඉන්නව, මට පොඩ්ඩක් ඕක පැහැදිලි කරලා දෙන්නකෝ කියල". එතකොට බුදුරජාණන් වහන්සේ "හා ෂමිල්හතළිස්පහ ඒ කාරණාව එහෙමම තිබ්බවේ, නුඹ කැමතිද පොඩ්ඩක් සතිපට්ඨානය ගැන ඉගන ගන්න". කියල අහනව.
දැන් ඉතින් ඇහුවේ බුදුහාමුදුරුවොනේ බැ කියල බැ ඉතින් හා කියනව.
ඉතින් බුදුරදුන් මුලික සතිපට්ඨාන කාරණා කියදිල, කායානුපස්සනාව ප්‍රමුඛ කරල කරන්න කියල උපදෙස් දෙනව. දැන් ෂමිල්හතළිස්පහ තමන් කැමතිම ඉරියව්වෙන් පර්යන්ක කරල වාඩිවෙලා සිහිනුවනින් ආනාපානය බලනකොට/මෙනෙහි කරනකොට මේක හුස්ම ගන්නවා,පිටකරනවා දිගට ගන්නවා කෙටිව පිටකරනවා, කෙටිව ගන්නවා දිගට පිටකරනවා, දෙකම එකසමානව ගන්නවා පිටකරනවා. නානාප්‍රකාර අරමුණු එනවා යනවා, ඉවරයක් නෑ.
ඉතින් ඔහොම කරලා නැගිටලා බුදුහාමුදුරුවන්ට කියනව අනේ බුදුහාමුදුරුවනේ මේකනම් අනිච්චම තමා මට ඕනේ විදිහට තියෙන්නේ නෑ කියල. එවිට බුදුන් නැවතත් දැන් ෂමිල්හතළිස්පහ ඔයා ඕකෙන් වැඩිපුරම කැමති හුස්ම උඩට යනවටද පහලට යනවටද, නැත්නම් හුස්මෙන් කරදරයක් නැතිව හුස්ම නැතිව ඉන්නවටද කියල අහනව. එවිට ඕනෑම පෘතජ්ජනයෙක් වගේ "අනේ බුදුහාමුදුරුවනේ හුස්ම නැතිඋනොත් මම මැරෙනවානේ කියල කියනව". එවිට බුදුන් ඉතින් ෂමිල්හතළිස්පහ දැන් හුස්ම ඔයාට ඔනෙවිදිහට ජීවත්වෙන්න තියෙනවනේ ඉතින් ඔතන කෝ ඔය කියන අනිච්ච? ඔතන ඔය අදහසට එහා ගියපු පොදු සත්‍යක් තියනවා ඒක තේරුනේ නැද්ද? අහනව. ඉතින් ෂමිල්හතළිස්පහ පිරිවජ්ජිය "නැහැ" කිව්වම. හා කමක් නෑ එහෙනම් වේදනානුපස්සනාව ප්‍රමුක කරල වඩන්කෝ කියල නැවත උපදෙස් දෙනව.
දැන් අයෙත් කැමතිම ඉරියව්වෙන් වැඩිවෙලා ටිකක් වැඩි කාලයක් පර්යන්කෙන් ඉන්නවා.ඔන්න දැන් මුලින් නොතිබූ වේදනා එන්න ගන්නවා. හරි අමාරුයි. ටිකකින් අයෙත් හිරිවැටිලා වේදනාව අඩුවෙලා යනවා. එතකොට එකම ඉරියව්ව මුලදී කැමති විදිහට තිබ්බ, පස්සේ ඒ ඉරියව්වටම අකමැති ස්වාභාවය ඇතිවුන දැන් අයෙත් කැමති ස්වභාවයක් ආව. ඔන්න ෂමිල්හතළිස්පහගේ දෘෂ්ටියට පොඩි පාරක් වැදුන. මට මුලදී මේකට කැමැත්ත තිබ්බ, නමුත් පසුව ඒ කැමැත්ත අකමැත්තකට පෙරලුනා දැන් අයෙත් කැමැත්තක්. එතකොට අනිච්චය පෙරලෙනවද මේ වෙනස්වීම එක්ක? කියල හිතුන. එතකොට අනිච්ච සියල්ලටපොදු නැද්ද? දැන් ටිකක් මේ පිරිවජ්ජියගේ හිත හෙල්ලිලා.
දැන් බුදුරජාණන් වහන්සේ හා ෂමිල්හතළිස්පහ දැන් චිත්තානුපස්සනාව ප්‍රමුඛ කරලා කරන්නකෝ කියල උපදෙස් දෙනව. ඔන්න දැන් ෂමිල්හතළිස්පහ චිත්තානුපස්සනාව ප්‍රමුඛ කරලා කරනව මොකුත් නෑ නිකන් වහකදුරුවගේ. කයේ අරමුණු වගේ නෙවි හිත, මහවෙගෙන් වෙනස්වෙනවා, විටෙක කැමති විටෙක අකමැති, විටෙක අනාපානේ විටෙක සද්දෙක, ඔහොම කරලා කරලා මෙයාගේ සමාධිය දියුණු වෙලා හිත උපේක්ෂාවට වැටෙනව. දැන් නම් බොලේ කැමැත්තක් අකමැත්තක් නෑ මොකද හිත උපේක්ශාවෙනේ නමුත් අරමුණු නම් වෙනස් වෙනව. ඉහල පහල,ශබ්ද වේදනා ඇතිවෙනව නැතිවෙනව.
එතකොට ඔන්න දැන් කැමත්තක්වත් අකමත්තක්වත් නැහැ, හිතන්හිටපු අනිච්චයවත් අනිච්චයේ ප්‍රතිවිරුද්ධයවත් නැහැ. කොටින්ම කිව්වොත් ඒ ස්වභාවය යටපත්වෙලා. දැන් ඔන්න ඔය අනිච්ච තමා ඇත්ත අනිත්‍ය නෙවි කියල හිතපු කෙනාට ඕනේ දේ වෙලා. මොකද දැන් එය එයලට අනුව එක සත්‍යක් (අනිච්ච)අභිබවා ගිහින්. (එකවිදිහකට බැලුවොත් ඒ ගොල්ලන්ගේ මෝක්ෂය තමා ඕක)
හැබැයි තාමත් අරමුණු එනවා යනවා, වෙනස්වෙනව. එතකොට මේකද අපේ අය කියන ඇත්ත කියල ෂමිල්හතළිස්පහට හිතෙනවා.
ඔහොම තව ටිකක් කරන යනකොට ෂමිල්හතළිස්පහට පොඩි හැඟීමක් එනවා නිරන්තරයෙන් මගේ කැමැත්තට/අකමැත්තට යටත් වෙන්න සිදුවුන පොදු කාරණයක් තිබ්බ ඒ තමා වෙනස්වීම. එහෙනම් අනිච්ච කියල මම හඳුනාගන්න කැමතිව පවත්වන්න බැහැ කියන එක වෙනස්වීමේ ප්‍රතිපලයක් මිසක්ක එක බුදුන් කියන තිලකුනේ මුල එක නෙවි. අරමුණු කිරීම් ස්වභාවය වෙනස්වීම මත කැමැත්ත අකමැත්ත වෙනස්වෙනවා මිස අන් කාරණයක් නොවේ. මේ වෙනස්වීමේ කාරණය කර්මය හෝ වෙනත් සාදක මත වෙන්නක්ය යන්න ඒත්තු ගියාලු. ඉතින් ඔය අවබෝදයට හේතුවුනනමරුපයාගේ වෙනස්වීම හෙවත් අනිත්‍ය තවදුරටත් නුවණින් බැලුවහොත් ෂමිල්හතළිස්පහ පිරිවැජ්ජියට නමරුප පරිච්චේද ඥානය උනත් පහලවෙන්න ඉඩ තියෙලු.
මෙම පැහැදිලිකිරිම මෙසේ යෙදුවේ ෂමිල්හතළිස්පහට පහසු අවබෝදය උදෙසායි. මෙය මගේ හෝ මගේ කමටහන් ගුරුවරයාගේ ධර්මයක් නොව බුදුවරුන් විසින් අවබෝදකර ලොවට පහදා දෙන්න වූ ලොවතුල පවත්නා ධර්ම සහ ධර්මතා පර්යායකුයි.