නාඩි වාක්‍ය ???

akwp

Member
Aug 30, 2016
190
11
0
මචන්ලා , කවුරුහරි ඉන්නවද බම්බලපිටියේ තියෙන නාඩි වාක්‍ය කියන තැනට ගියපු ?
අය කිරීම් එහෙම කොහොමද ?
:eek::eek::eek:
 

TrackAI

Active member
  • Apr 18, 2017
    238
    33
    28
    MCHN ETHANA GANAN DEPEND WENAWA UBA AHANA DEWAL ANUWA.MAN DANNA WIDIHATA MINIMUM 3000K WAGE WEI
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    chapter 12 tiyanwa ubata kamathi gaanak balanna puluwan..first eka kohomath balanwa..chapter ekakata 1200 wenawa..
     

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    නාඩි වාක්‍ය ගැන බලංගොඩ හිමියන්ගේ අනාවරණ

    දිනක්‌ රසවාහිනි සඟරාවක පළ වූ අතිපූජ්‍ය අග්ග මහා පණ්‌ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්‌වාමීන් වහන්සේ විසින් රචිත “අරුම පුදුම නාඩි වාක්‍ය” නම් වූ ලිපිය කියවීමට මට අවස්‌ථාව ලැබුණි. ඒ වනවිට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් මා කිසි දිනෙක දැක නොතිබිණි. කතාබහ කර නොතිබිණි. උන්වහන්සේ විසින් රචිත පතපොත ලිපි ලේඛන පමණක්‌ කියවා තිබිණි. එහෙත් උන්වහන්සේ පිළිබඳ මා තුළ කුඩා කල සිටම පැවතියේ අසීමිත ගෞරවයකි. ආදරයකි. භක්‌තියකි.
    “අරුම පුදුම නාඩි වාක්‍ය” ලිපිය කියවීමෙන් පසු මේ පිළිබඳ කරුණු සෙවීමට මට සිතක්‌ පහළ විය. ලංකාවේ විවිධ පළාත්වලට ගිය අවස්‌ථාවල දී මේ පිළිබඳ කරුණු සෙවූ නමුත් “නාඩි වාක්‍ය” කියවන්නන් පිළිබඳ කිසිදු හෝඩුවාවක්‌ හෝ සොයා ගැනීමට මට නොහැකි විය.
    වසරකට වරක්‌ දෙවරක්‌ ඉන්දියාවේ සිට නැව් මගින් “නාඩි වාක්‍ය” කියවන්නන් යාපනයට පැමිණෙන බවත්, යාපනයේ රැඳී සිට ඔවුන්ගේ සේවය ලබා ගැනීමට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන අයට “නාඩි වාක්‍ය” කියවන බවට ද ආරංචියක්‌ මට ලැබිණි.
    ද්‍රවිඩ ජනතාව කලින් වෙන් කරවා ගත් දිනවල යාපනයට ගොස්‌ මෙම “නාඩි වාක්‍ය” කියවා ගන්නා බවට ද ආරංචි විය.’නාඩි වාක්‍ය”කොළඹ වෙසෙන ද්‍රවිඩ පවුල්වල අය අතර බෙහෙවින් ප්‍රචලිතව ඇති බව ද දැන ගන්නට ලැබුණි. මා යාපනයට ගිය අවස්‌ථාවක “නාඩි වාක්‍ය” කියවන්නන් පිළිබඳ සෙවූ විට දැනගන්නට ලැබුණේ ඔවුන් ඒ වනවිටත් ආපසු ඉන්දියාවට ගොස්‌ ඇති බවයි.
    1988 දී පමණ නාඩි කියවන්නන් කොළඹ කොල්ලුපිටියේ වෙසෙන බවට ලද ආරංචිය අනුව මම ඔවුන් සොයා ගියෙමි. කොල්ලුපිටියේ නිවෙසක්‌ කුලියට ගෙන සිටි නාඩි කියවන පිරිස මට හමුවිය.
    පසුව මේ පිරිස කොල්ලුපිටියේ විජිලන්ඩ් හෝටලයේ රැඳී සිටිමින් සිය සේවා කටයුතු කළහ. දිනකට තුන් හාරසියයක පමණ පිරිසක්‌ නාඩි වාක්‍ය ඇසීමට පැමිණෙන අතර නාඩි වාක්‍ය කියවීමේ අවස්‌ථාව දිනකට සලසා දිය හැකිව තිබුණේ ඉන් 20කට හෝ උපරිම 25කට පමණි. එහෙයින් මෙම අවස්‌ථාව ලබා ගැනීම සඳහා බොහෝවිට අවුරුද්දක්‌, සමහර විට අවුරුදු දෙකක්‌ පමණ ගත වූ අය ද මට හමුවිය. මට එම අවස්‌ථාව උදා වූයේ වසර එකහමාරකට පමණ පසුවය.
    මෙම දෙවසර තුළ නාඩි වාක්‍ය ඇසීමට එවකට සිටි ජනාධිපතිතුමා, මැති ඇමැතිවරු, විදේශීය රාජ්‍ය දූත මණ්‌ඩල ප්‍රධානීන්, විවිධ රටවලින් මෙරටට පැමිණෙන සංචාරකයන්, මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්, පසුකාලීනව ඉතා ජනප්‍රිය වූ ප්‍රසිද්ධ කලාකරුවන්, අධ්‍යක්‍ෂවරුන්, පරිපාලන ලේකම්වරුන්, දිසාපතිවරුන් හා විවිධ තරාතිරමේ නිලධාරීන් ද සාමාන්‍ය ජනයා ද පැමිණෙන ආකාරය මට දක්‌නට ලැබුණි. බෞද්ධ භික්‍ෂුන් වහන්සේ, මුස්‌ලිම් හා කතෝලික දේවගැතිවරුන් ද මෙම නාඩි වාක්‍ය කියවා ගැනීමට පැමිණ සිටිනු බොහෝ අවස්‌ථාවල දැකගැනීමට මට හැකි විය.එහෙත් ඒ කිසිවකු හෝ නාඩි වාක්‍ය පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස්‌ දැක්‌වීම ප්‍රතික්‍ෂේප කළ ද පෞද්ගලිකව මා හා තොරතුරු බෙදා ගත් අතර ඔවුන් ඒවා ප්‍රසිද්ධ නොකරන ලෙසටද ඉල්ලීමක්‌ කළේය.
    එවකට සාමාන්‍ය මන්ත්‍රීවරයකුව සිටි මා මිත්‍රයකු සේ එකල සැලකූ වර්තමානයේ මහා ප්‍රබල දේශපාලනඥයෙකු නාඩි වාක්‍ය කියවීමට මා හරහා අවස්‌ථාව ලබාගත් අතර එකී මන්ත්‍රීවරයාට එවකට පැවති තදබල අපල හේතුවෙන් ජීවිත හානි සිදුවීමට ඉඩ ඇති බවත් එය වළක්‌වා ගැනීමට කළයුතු පුද පූජා පිළිබඳවත් නාඩි වාක්‍ය මගින් ප්‍රකාශ කරනු ලැබිණි. සිදු විය හැකි හානිය අවම කර ගැනීමට එකී පුද පූජා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් කරන ලෙසට ඒ මන්ත්‍රීවරයාට මම දැන්වීමි. ඒ අනුව සියලුම පුද පූජා මෝදර කාලි කෝවිලේ දී නාඩි වාක්‍යවල කියා ඇති ආකාරයටම සිදු කෙරිණි. පසුකාලීනව එම මන්ත්‍රීවරයා දේශපාලන කටයුතුවල නිරතව සිටියදී සතුරන්ගේ පහරදීමකට මැදි වූ අතර තවත් විටෙක ත්‍රස්‌ත ප්‍රහාරයකට ද ලක්‌විය. එම සිදුවීම්වලින් ජීවිතයට හානි නොවූ අතර අදත් ඒ මන්ත්‍රීවරයා ප්‍රබල දේශපාලන භූමිකාවක නිරතව සිටී.
    අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් මා සමග විවිධ අවස්‌ථාවල බලංගොඩදී හා බත්තරමුල්ලේ වික්‍රමසිංහපුර චිත්ත විවේකාශ්‍රමයේදී පටිගත කළ හා උන්වහන්සේ විවිධ අවස්‌ථාවලදී පෞද්ගලිකව හමුවීමෙන් පටිගත කළ සාකච්ඡා සහ පටිගත කළ නොහැකි වූ අවස්‌ථාවලදී නාඩි වාක්‍ය පිළිබඳ මහජනතාවගෙන් ලැබුණු ගැටලු හා ඊට උන්වහන්සේ දුන් පිළිතුරු සටහන් ඇසුරෙන් මේ කෘතිය සම්පාදනය කළෙමි. “ඉසිවරුන් දුටු මගේ භව ගමන” හෙවත් “නාඩි” නම් වූ කෙටි චිත්‍රපටය ද අග්ග මහා පණ්‌ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා විස්‌තර කථනය (ඉංග්‍රීසි) (1992 ) කළ අතුල රත්නායක මහතා සම්බන්ධ කර ගනිමින් කරන ලද ඉංග්‍රීසි සාකච්ඡාව පමණක්‌ දැනට ආරක්‍ෂිතව පවතී. නාහිමියන් සමග සාකච්ඡාවන් පටිගත කළ තවත් U MATIC කැසට්‌ පට 20ක්‌ පමණ පුස්‌ බැඳීම නිසා පාවිච්චියට ගත නොහැකි තත්ත්වයක පවතී. ඒවා ශුද්ධ කර ගත හැකි නම් වටිනා ප්‍රකාශන ඒ කැසට්‌පටවල අන්තර්ගතව ඇති බව සදහන් කරමි.
    අභිධජ මහා රට්‌ඨගුරු අග්ග මහා පණ්‌ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් අපවත් වූ අවස්‌ථාවේ උන්වහන්සේ පිළිබඳ පටිගත කළ කිසිදු වැඩසටහනක්‌ ජාතික රූපවාහිනි නාලිකාවල නොවිණි. අප පටිගත කළ වැඩසටහන් ඇතුළත් වීඩියෝ කැසට්‌ පට 02ක්‌ කිසියම් ජාතික නාළිකාවක නිෂ්පාදිකාවක්‌ විසින් ප්‍රභාත් මානවසිංහ මහතාගෙන් ඉල්ලාගෙන ගොස්‌ තිබුණි . ඒ කැසට්‌ පටවල අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් විසින් කළ ඉතා වටිනා ප්‍රකාශ ඇතුළත්ව තිබූ බව පමණක්‌ සිහිවන විට මා තුළ බලවත් වේදනාවක්‌ ඇතිවෙයි. ප්‍රභාත් මානවසිංහ මහතාගේ අභාවයෙන් පසු මෙම කැසට්‌පට දෙක සොයා ගැනීමට මම මහත් ආයාසයක්‌ දැරුවෙමි. එහෙත් ඒ මහඟු වස්‌තු සොයා ගැනීමට මට නොහැකි විය. මේ ග්‍රන්ථය ඔබ වෙතට පත්වන්නේ රූපවාහිනි වීඩියෝa පටිගත කිරීම් අතුරතුර මා ලබාගත් කෙටි සටහන් උපයෝගී කරගෙනය. “නාඩි වාක්‍ය” පිළිබඳව විවිධ අන්දමින් සහාය දුන් බොහෝදෙනා මේ වනවිටත් මෙම භවයෙන් සමුගෙන ඇති අතර ජීවතුන් අතර සිටින්නේ මා පමණය.
    නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට දක්‌වන ලද බව සලකන්න.
    ප්‍රශ්නය : අවසර ස්‌වාමීනි, සමාව අයෑද සිටිනවා අප ඔබ වහන්සේගෙන් දීර්ඝ වශයෙන් දැන ගැනීමට බලාපොරොත්තු වන්නේ බුද්ධ ධර්මය පිළිබඳව හෝ වෙනත් සමාන්තර ධර්මයන්, දර්ශනයන් හෝ පිළිබඳව නොවෙයි ස්‌වාමීනි. ඔබ වහන්සේ විසින් විටින් විට පොත්පත් සඟරා සහ වෙනත් මාධ්‍යයන් ඔස්‌සේ ප්‍රකාශ කරන ලද විශේෂ විෂයක්‌ පිළිබඳවයි.ඒ”නාඩි වාක්‍ය”ගැනයි. ස්‌වාමීනි මොනවද මේ “නාඩි වාක්‍ය” කියන්නේ. පළමු කොට ඔබ වහන්සේගෙන් නමස්‌කාර පූර්වකව ඉල්ලා සිටිනවා මේ “නාඩි වාක්‍ය” කියන වචනය පිළිබඳ අර්ථ දැක්‌වීමක්‌ කරන ලෙසට ස්‌වාමීනි.
    නාහිමි: හොඳයි.. නාඩි කියන වචනය අපේ රටේ බොහෝ දෙනෙක්‌ බොහෝ කාලයක ඉඳලා අහල පුරුදු දන්න වචනයක්‌. “නාඩි” කියන වචනය ඇහෙන කොට මුන්නැහේලට වුණත් සිහියට එන්නේ අපේ සිංහල වෙද මහත්තයෙක්‌ නැත්නම් දොස්‌තර මහත්තයෙක්‌, අපේ අත අල්ලගෙන ඇස්‌ දෙක පියා ගෙන නිහඬව අපේ හෘද වස්‌තුවේ ශබ්දයට කන්දෙන අවස්‌ථාවක්‌. “නාඩි” කියන වචනයට තවත් අර්ථ තියනවා. ඒත් මෙතන “නාඩි” කියන වචනය නැත්නම් “නාඩි වාක්‍ය”ය කියන වචනයට විශේෂ තේරුමක්‌ තියනවා. මම මේ පිළිබඳ නාඩි වාක්‍ය කියෑවීම තුළින්ම විමසලා බැලුවා. එහි සඳහන් වන්නේ “නාඩි” කියලා කියන්නේ සෘෂිවරයා හමුවීමට වේලාව පැමිණි තැනැත්තා යන්නයි.
    ප්‍රශ්නය :එහෙමයි ස්‌වාමීනි, අවසරයි ඒ කරුණ තවදුරටත් පැහැදිලි කළොත්..?
    නාහිමි: හොඳයි මම පැහැදිලි කරන්නම්. මං කීවා මුන්නැහේට නාඩි වාක්‍ය කියන්නේ සෘෂිවරයා හමුවීමට වේලාව පැමිණි තැනැත්තා කියලා. කොහොමද කෙනෙක්‌ ඒ ගැන දැන ගන්නේ. . මේක සුවිශේෂී අවස්‌ථාවක්‌.
    නාඩි වාක්‍ය ග්‍රන්ථවල කියලා තියෙනවා කිසියම් කෙනෙකුට මේ නාඩි වාක්‍ය ගැන විස්‌තර පොත්පත් මාර්ගයෙන් හෝ වෙනත් ඕනෑම ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණොත් ඒ ආශ්‍රයෙන්, ඒ තැනැත්තාට හිතුණොත්”මං මේ ගැන හොයලා බලන්න ඕනෑ. විස්‌තර දැනගන්න ඕනෑ” කියලා. ඒ කියන්නේ ඒ තැනැත්තා සෘෂිවරයා හමුවීමට වේලාව පැමිණි තැනැත්තායි.ඔහුගේ නාඩි වාක්‍යය ලියෑවිලා තියනවා. ඒ තැනැත්තාට නාඩි වාක්‍යය දැන ගැනීමේ වාසනාව හිමිවෙලා තියෙනවා. වාසනාව උදාවෙලා තියෙනවා. කිසියම් පුද්ගලයෙක්‌ නාඩි වාක්‍යය ගැන විස්‌තර දැන ගන්නට ලැබිලා ඒ තැනැත්තා හිතුවොත් “මේවා බොරු මේවා ගැන හොයලා බලලා ඇති වැඩේ මොකක්‌ද” කියලා ඒ කියන්නේ ඒ තැනැත්තාගේ නාඩි වාක්‍ය ලියෑවිලා නැහැ. ඒ තැනැත්තාට තමන් ගැන, තමන්ගේ අතීතය ගැන, වර්තමානය සහ අනාගතය, අනාගතයේ ඉදිරි භව ගමන සකස්‌ කර ගත යුතු ක්‍රමය ගැන දැන ගැනීමේ වාසනාව අහිමි තැනැත්තෙක්‌.
    ප්‍රශ්නය : ස්‌වාමීනි. ඔබ වහන්සේ ප්‍රකාශ කළා මේ නාඩි වාක්‍ය කියලා කියන්නේ සෘෂිවරයා හමුවීමට වේලාව පැමිණි තැනැත්තා කියලා. කවුද නායක හාමුදුරුවනේ මේ සෘෂිවරු කියන්නේ?කොහෙද මේ අය ඉන්නේ.? මොකක්‌ද මේ අයගේ විශේෂත්වය හාමුදුරුවනේ?
    නාහිමි : බොහොම හොඳයි. මං තේරුම් කරලා දෙන්නම්. සෘෂිවරු කියන්නේ විශේෂ සත්ව කොට්‌ඨාශයක්‌ නෙවෙයි. සමහරු හිතාගෙන ඉන්නේ සෘෂිවරු කියන්නේ කුරුල්ලන් වගේ අහසේ එහා මෙහා යන විශේෂ අවයව තියෙන පිරිසක්‌ කියලා. සෘෂිවරු කියන්නෙත් අපි වගේම මවුකුසකින් බිහිවෙලා පොළවේ පය ගහලා ජීවත් වුණු, ජීවත් වෙන පිරිසක්‌. මවගෙන් කිරි උරා බීලා හැදුණු වැඩුණු මිනිසුන් පිරිසක්‌. සාමාන්‍ය මිනිසුන් වගේ නෙවෙයි, ඒ තැනැත්තන්ගේ ඇවතුම් පැවතුම් වෙනස්‌. මේ ඇත්තන් බොහෝ වේලාවට මිනිස්‌ වාසයෙන් ඈත් වෙලා, ඈත හිමාලයේ වන අරණයන්හි තුරු සෙවනේ තනිකඩව ඉඳ භාවනානුයෝගීව ධ්‍යාන වඩන අයයි. මේ අය බොහෝ කාලයක්‌ භාවනානුයෝගීව දැහැන්ගතව ඉන්න කොට ඒ ඇත්තන් අනුගමනය කරන භාවනා ක්‍රමය අනුව විවිධ ශක්‌තීන් ඒ ඇත්තන්ට ලැබෙනවා.
    year1.jpg
    මම කලක්‌ ඉන්දියාවේ හිමාලය කිට්‌ටුව තියෙන සෘෂිකේසි කියන ආශ්‍රමයට වෙලා ඉන්දියානු භාවනා ක්‍රමය පුරුදු පුහුණු වුණා. ඒ අවස්‌ථාවේ මටත් විටින් විට සෘෂිවරයින් හමුවුණා.
    නගරයේ ඉන්න පිරිස වගේ නෙවෙයි ඒ ඇත්තෝ. දැලි රැවුල් කොණ්‌ඩ වැඩුණු හැඩපලු ගෙතුණු ඇත්තන්. දැක්‌ක හැටියෙම හිතෙනවා මේ ඇත්තන් නං යෝගියෝ කියලා. ඔවුන් දියුණු කරලා තියන ධ්‍යාන බලයෙන් හිමාල අඩවියේ තිබෙන දැඩි ශීතලට මුහුණ දෙමින් ධ්‍යානගත වීමේ ශක්‌තිය, හැකියාව ඔවුන්ට තියෙනවා. නාඩි වාක්‍ය ප්‍රකාශයට පත් කළ සෘෂිවරුන් මං විශ්වාස කරනවා බොහෝ දෙනෙක්‌ උතුරු ඉන්දියාවේ ජීවත් වෙලා, වනගත ආශ්‍රමවල ගල් තලා මත ඉඳගෙන ධ්‍යාන බලයෙන් මේ නාඩි වාක්‍ය ප්‍රකාශ කරන්න ඇතැයි කියලා. මේ ධ්‍යාන බලයෙන් සිත දියුණු කර වූ මේ සෘෂිවරුන්ට ශක්‌තිය තිබුණා මං හිතන්නේ අවුරුදු පනස්‌ දහසකට වැඩි අතීතයක්‌, වර්තමානයත්, අනාගතයත් තමාගේ ධ්‍යාන බලයෙන් දකින්න. ලෝකයේ සිදුවන දේ ඒ මොහොතේදීම දකින්නට. තවත් වසර පනස්‌ දහසකට අධික අනාගතයක්‌ තම සෘෂී ඥානයෙන් දකින්නට ශක්‌තිය තිබුණා. මේ ශක්‌තිය තමන් ප්‍රගුණ කළ ධ්‍යාන ක්‍රමය අනුව, ශක්‌තිය අනුව, වෙනස්‌ වෙනස්‌ අන්දමට අතීතය, වර්තමානය, අනාගතය දැකීමේ ශක්‌තිය තිබුණා. මේ සෘෂිවරු තමන්ගේ අභිඥා බලයෙන් මේ ලෝකේ බිහිවෙන මිනිසුන් ගැන බලලා, ඒවා ශ්ලෝක විදිහට කියවා තිබෙනවා.
    ප්‍රශ්නය: ස්‌වාමීනි, නාඩි වාක්‍යය ප්‍රකාශ කළ සෘෂිවරුන් ගැන අපි දැන ගන්න කැමතියි.
    නාහිමි : මං කියන්නම්, මීට අවුරුදු පන් දහසකට, හය දහසකට පෙර එනම් කලියුගය ආරම්භයට පෙර ඉන්දියාවේ ජීවත් වුණා සෘෂිවරුන් පිරිසක්‌. සමහර විට දෙතුන් සියයක්‌ විතර වෙන්න ඇති. මේ ඇත්තෝ යෝග භාවනා බලයෙන් සිත දියුණු කරපු ඇත්තෝ. මං කලින් කීවා වගේ ඒ ඇත්තන්ට හැකියාව තියනවා අවුරුදු පනස්‌ දහසක්‌ අතීතය දකින්න. ඒ මොහොතේ ලෝකයේ සිදු වන දේ දකින්න.ඉදිරියේ අවුරුදු පනස්‌ දහසක්‌ අනාගතය දකින්න. ඒ අය ලෝකයේ විශේෂ මිනිසුන් ගැන තම අභිඥා බලයෙන් බලලා, ඒ අය ගැන විස්‌තර ශ්ලෝක විදිහට සකස්‌ කරලා තම ගෝලයන්ට කට පාඩම් කෙරෙව්වා. ඉගැන්නුවා. සමහර සෘෂිවරු තමන්ගේ භෞතික ශරීරය අත් හැරලා මනෝකායෙන් ජීවත් වෙලා මෙම විස්‌තර තම ගෝලයන්ට ඉගැන්නුවා.
    මං තවත් විශේෂ කාරණයක්‌ කියන්නම්. මේ විශ්වයේ පුදුම බලවේග ශක්‌තීන් තියනවා. ඒවා අපට පෙනෙන්නේ නැහැ. අපි දකින්නෙත් නැහැ. එම නිසා බොහෝදෙනා විශ්වාස කරන්නෙත් නැහැ. උදාහරණයක්‌ විදිහට කාකභුජන්දර නාඩි වාක්‍ය ක්‍රමය ගැන මම පැහැදිලි කරන්නම්.
    කාකභූජන්දර කියලා මහා බලවත් සිද්ධ යෝගියෙක්‌ හිටියා.ඒ මීට අවුරුදු පන් දහසකට ඉස්‌සර. ඒ කාකයර් කියන සිද්ධ යෝගියා තමයි කාකභුජන්දර නාඩි වාක්‍ය ඉගැන්නුවේ.මේ සිද්ධ යෝගියා ඊට අවුරුදු දෙදහසකට පසුව නැවත මේ ලෝකයට බිහිවෙලා තමන් මීට පෙර ප්‍රකාශ කළ කාකයර් නාඩි වාක්‍යයේ තිබූ ඇතැම් දෑ නැවත සංශෝධනය කරලා ඇතැම් අනවශ්‍ය දේවල් ඉවත් කරලා තිබෙනවා. මේ කට වචනයෙන් කියපු දේවල නෙවෙයි. ඒ සිද්ධිය එකී නාඩි වාක්‍යයේම දක්‌වලා තියනවා.
    තවත් කාරණයක්‌ මං පැහැදිලි කරන්නම්. පරම විඥානාර්ථ වාදීන්ගේ මතයක්‌ තියනවා ලෝකය පාලනය කරන මාස්‌ටර්වරුන් පිරිසක්‌ ඉන්නවා කියලා. ඒ අය විටින් විට මේ මනුස්‌ස ලෝකයේ පහළ වෙලා ලෝකය යහමඟට ගන්න කටයුතු කරනවා. මේ එක්‌ මාස්‌ටර් කෙනෙක්‌ මට මතක්‌ වෙනවා. ඒ තමයි මාස්‌ටර් “කුටුම්”. මේ ඇත්තා අවුරුදු දහස්‌ ගණනක්‌ වයසක ඇත්තෙක්‌. මාස්‌ටර් කුටුම් තවමත් ඉන්නවා. ඒ කතාව ඇත්තක්‌ කියලා අනගාරික ධර්මපාලතුමා මාත් එක්‌කල කීවා මට මතකයි. මේ ගැන මටත් පෞද්ගලික අත්දැකීමක්‌ තියනවා.
    දවසක්‌ මං ආනන්ද කොලීජියේ ඉන්න කාලේ හවස භාවනානුයෝගීව ඉන්න කොට, මට මාස්‌ටර් කුටුම් පෙනුණා. ඒ ඇත්තා දැක්‌ක හැටියේ මට හිතුණා, මේ මාස්‌ටර් කුටුම් කියලා. මං එතුමා ගැන මොකුත්ම දැනගෙන හිටියේ නැහැ. මට එතුමා දකින්න ඕනකමක්‌ තිබුණෙත් නැහැ. දැක්‌ක හැටියෙම මට දැනුණා මේ ඉන්නේ මාස්‌ටර් කුටුම් තමයි කියලා. ඒ අනුව මාත් පිළිගන්නවා විශ්වයේ මාස්‌ටර්වරුන් පිරිසක්‌ ඉන්නවා කියලා. “රක්‌කොක්‌සිමොරීන් ජටාලකුල” නමින් හැඳින්වෙන සෘෂින් වහන්සේලා ලෝකාර්ථය සලසමින් තවමත් මාස්‌ටර්වරුන් විදිහට විශ්ව බලවේග වශයෙන් ඉන්නවා.
    source :http://lankaanews.com/නාඩි-වාක්‍ය-ගැන-බලංගොඩ-හි/
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    බම්බලපිට්යෙ කොහෙද තියෙන්නෙ???????
     

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    mama giya, 1996 wage, boru ban kiyanne

    විස්තර කරලම කියහන්කො... යන්න කලින්ම , අදහස වෙනස් කරගන්න හරි පුලුවන් නොයා ඉන්න.....
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,267
    4,637
    113
    - Chapters 12k tianawa
    - 1st one is mandatory
    - anik eva select karaganna puluwan
    - kohomat itin wadagat deyak ahaganna 3,4 chapters vitara ahanna wenawa
    - etakota cost eka 4000,5000 wage wei (1100da koheda eka chapter ekak)

    - oyata giyapu gaman kianne na. hena set ekak enawa
    - udema gihin birth date eka kiuwama enna welawak kianawa a gollonge book eka hoyanakan
    - sometimes samaharun ge book eka na, etakota kianna ba
    - passe oya giyama, visthara kianna kalin venama room ekakata ekkaran yanawa
    - etendi hoya gatta book eken questions ahanawa , oya hari da waradi da kianna oni
    - Menna me questions tika hena tricky)
    - oyage background eka gena details tikak ow na ba walin eyalata yanawa
    - passe passe antima questions tikata enakota godak welawata hari eva tamai kianne
    - passe chapters kianna gannawa
    - 1st chapter eka godak welawata oyage background details walin kianne (mata hena sure eva hoyaganne ara mulin ahana questions walin)
    - onima chapter ekak oya ahuwat ara mulin kiana basic detail tika madin madin repeat wena gatiyak tianawa, so attatama baluwot oya words 100kata wage tama 1100k chapter ekakata gewanne.
    - ekama de mata hitha ganna bari une, oyage NAME eka, badinna inna kenage names, hariyatama kianawa (menna me names walin ekak kiala 10k vitara names kianawa, aniva ekin ekak hari) - meka sambavithawa hodatama MASTER karapu tanak kialai mata hitenne
    - godak welawata apala tianawa kiala kianawa, passe apala ain karaganna eyalage eva mewa karanna kianawa (cost eka 10k 15k wei set ekatama)
    - tamil walin tamai kianne, saami tamil walin kiana de eha patte inna kena translate karanawa
    - wade ewara unama u kanna wage balan innawa (man hitanne translate karapu ekata podi gathament ekak dei kiala)
    - After finishing, oyata chapters tike voice recording eka CD ekakata gahala denawa

    meke hama chapter ekema kiana eva kokatat oil eka wage tikak general yanne. ara mulin ahana questions walata adala answers walin eva ape life ekata apply wena vidiyata galapana gatiyak tama mata hithune

    meka tikak scientific method ekak master karapu scene ekak wage mata hithune. salli tikak wadi nam try karala balanna watinawa nikan inna eke

    - man athulata giyapu wele indala voice record kara, pics tikakut gatta pus kola pothe. megollo a pus kola pothen tamai nadi wakya kianne

    - oya after 10years giyat oyage previous records tiana bawak penna tianawa. mokada kalin awada kiala ahanawa

    megollo kochara hoda da kianawa nam hadahana aran giye natan gihin balanna kiala hadahane okkoma detail tika katin kianawa, upan dine, dawasa ,welawa, nakatha , lagne, mulu horascope ekama
     
    Last edited:
    • Like
    Reactions: akwp