ඔය කියලා තියෙන විදි එකකින්වත් නෙමෙයි කබර තෙල් හදන්නේ. රත්නපුර කොටකෙතන පැත්තේ නම් ඕවා පාරම්පරිකව හදලා පොඩි කුප්පි වල දාලා ඉනේ ගහන් ඉන්න අය ඉන්නවා. කබරතෙල් කාරයෝ කියන්නේ අන්න ඒ අයට. පොඩ්ඩ මිස් උනොත් සොරි.
ඒ පැත්තේ ගොඩක් අය බුලත් විට කනවා. ඕක කන්න දෙන්නේ බුලත් කොලේට.
මෙහෙමයි - ඉදිකටුවක් අරන් අර චුට්ටි කබර තෙල් කුප්පියේ ඔබලා හත් පාරක් ඉදිකටුව බිමට ගසනවා. ඊලඟට ඒ ඉදිකටුව අරන් බුලත් කොලේ නැට්ටේ ගහලා විනාඩියක් දෙකක් යද්දී අර විස ටික ඔක්කෝම බුලත් කොලේ නාරටි දිගේ යනවලු. ඉතින් ඒ බුලත් කොලේ කාපු එකා එවෙලේ මැරෙන්නේ නෑ. විඳවලා මැරෙන්නේ. ඕක කාපු එකාගේ ඔලුවේ ඉඳන් දැවිල්ල ගන්න ගත්තමලු දැනගන්නේ කබර තෙල් කන්න දීලා කියලා
ඒක තමයි ඒ පැත්තේ අය බුලත් විටක් කමුද කියලා ඇහුවට කවදාවත් කන්න එපා කියන්නේ. උඹලා අපි හිතන් ඉන්නවා වගේ තෙල් අරික්කාලක් විතර කෑමට දාන්නේ නෑ.
හරි දැන් එක එකා මගෙන් මේක කරන හරි ක්‍රමේ අහන් මැසේජ් දාගෙන එන්න එපා. මලත් කියලා දෙන්නේ නම් නෑ. ඕන එකක් හිතාගනින්. මම මේ උඩින් පල්ලෙන් කියන්නේ.
ඔය තෙල මේ ගෙවල් අස්සේ හිඳින්නේ නෑ. ඕක හිඳින්නේ කැලේ මැදක හොරෙන්. ගෙවල් වල අහල පහල හින්දත් ඕකේ දුම නිසා වටේ උන්ට සොරි වෙනවා
ඕකට විස ජාති 7ක සර්පයෝ ගන්නවා. උන්ව මරලා හැලියකට දාලා තව පොඩි දේවල් ටිකක් දාලා. ගල් ගෙඩි 3ක ලිපක් බැඳලා ගිනි අවුලනවා. දැන් ඕකට ලොකු දර ගොඩක් දාලා මුට්ටියේ කට ඇරලා උඩින් වතුර වැටෙන්නේ නැති වෙන්න පොල් අතු මඩුව වගේ ගහනවා.
අන්න ඊලඟට තමා ඔය කබරයාගේ සීන් එක එන්නේ. ඕකට පිඹ පිඹ ගිණි අවුලන්න ගියොත් තෙල හදන එකා මැරෙනවා විසට. ඒකට විසඳුම තමයි කබරගොයා. ගිණි අවුලපු එක ලඟ අර කබරගොයාව ගැටගහනවා.. අර ගිණි රස්නෙට අර කබරගොයා පිඹිනවා. අන්න එතකොට අර ගිණි මැලේ ඇවිලෙනවා. අන්තිමේ කබරගොයත් මැරිලා යද්දී තෙල් ටික ගාණට හිඳිලා. එතකොට තමයි තෙලේ අයිතිකාරයෝ ඇවිත් අරක පෙරාගෙන යන්නේ..
ප්‍රශ්න තියෙනවා නම් හිතේම තියාගනිල්ලා මේවා ඇත්තටම තියෙනවා ඒත් මේ කාලකණ්ණි වැඩ වැලලියං කියලා මං නිස්සද්ද වෙනවා. කුතුහලයෙන් ඉන්න අයට දැනගන්නයි කිව්වේ.
[/COLOR][/SIZE]


me wage tawa godak dewal tiyenawa bn owa kwwama eka eka athhada balanna yanawa




