1. බලන නවත්තන්න බැරි බෞද්ධ අය මේක කියවලා තෙරුම් ගනින් බරපතලකම. ඊට පස්සේ ආය ආය බලන්න හිතෙනවනම් ඕක කියවපන්.
http://supahansith.blogspot.com/2017/12/blog-post_708.html
2. උදේම නැගිටපන් හැමවෙලේම මොනාහරි වැඩකට අවදානය දීපන්.
3. Pc එකට Phone එකට Porn Websites බ්ලොක් කරන්න පුලුවන් softwares දාපන්. එතකොට යන්න බෑනේ.
4. ඔය හැම එකේම තියෙන්නේ එකම දේ. ඒකෙන් උබට පොඩි සතුටක් තාවකාලිකව ආවට ඒකෙන් උබට වෙන හානිය ( ආදීනව ) ගොඩක් වැඩි බව තේරුම් ගනින්. ( උබට හිත පාලනය කරන්න බැරිවීම/ පාඩම් මතක හිටින් නැතිවීම / එදිනෙදා කටයුතු මග ඇරීම / සමාජය විකුර්තිව පෙනීම / මනස ව්‍යාකූල වීම / වරදට ලැජ්ජාව බය නැතිවීම )
5. ඕවා බලන යාලුවන්ගෙන් අයින් වෙලා හොඳ යාලුවෝ අශ්‍රය කරපන්.
6. ඕවට යන ඩේටා වලින් උබට වැදගත් උබ ඉගෙනගන්න කැමති දෙයක් අහපන්.
7 and main - නිතරම බණ අහන්න. හිත පාලනය කරගන්න. හොඳ දේවල් නරක දේවල් තෝරලා හොඳ දේවල් විතරක් කරන්න හිත වෙනස් කරගනින්.
ඕවා රඟපෑමක් විතරයි. ප්‍රායෝගිකව හිතපන්. ඕවාගෙන් සතුටක් තිබ්බත් ඒක හෙන පොඩි බන්. ඊට පස්සේ උබ අපාගත වෙලා ගිනි ජාලාවල දැවෙනකොට ඒක ගොඩක් අමාරුයි බන්. ඒක පොඩි නෑ. ලොකු දුකක්. නිකන් පව් කරගන්න එපා බන්. මෙහෙම තාක්ෂණයක් අපිට තියන එකේ හොඳ දෙයක් කරපන් නිකන් ඉන්න වෙලාවට Website එකක් කරපන් පිරිත් වගේ දේවල් දාලා.
ඕවට ඇබ්බැහි උනු අයයි නැති අයයි සසඳලා බලපන්. ඇබ්බැහි උනු හා නැති අය අතර තියන දියුණුව සහ බුද්ධිමය හැකියාව.
ඕව බලන්නේ කරන්නේ මනස පාලනය කරන්න බැරි අය. බහුතරය. උබත් ඒ බහුතරයට යනවද නැත්තන් හොඳ දේවල් වලටම ජීවිතය යොදවන සුලුතරය අතරට යනවද කියලා තීරණයක් ගනින්.
මොකද මේ ලෝකෙ මිනිස්සු ගොඩාක් ඉන්නේ දියුණු නොවුනු මට්ටමක. පොඩි පිරිසක් තමයි දියුණු වෙලා ඉන්නේ. ඉතින් ඒකෙන්ම තේරෙනවා නේ බන්. බහුතරයට යනවට වඩා සුලුතරයට පලයන්. හරි පාරෙ පලයන්. දවසෙන් දවස හිත හොඳ දේවලටම යොමු කරපන්. නරක අදහස් එද්දි ඒකෙන් උබට කරගන්න හානිය දැකපන්.
ඕව ආය බලන්න එපා බන්. අපි මොකටද සුද්දෝ පෝසත් කරන්නේ. අපි උන් වගෙ මෝඩ වෙන්න ඕන්නෑ බන්. බලන උන් බලපුදෙන්. උබ නවත්තපන්.
ජය!

