අවුෂ්විට්ස් මිනී කම්හල

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    822633_4a3a58b617874d09b83d69390d0d3dd2.webp


    ඉතිහාසය අමතක කරන්නාට අනාගතයක්ද නැත.

    මිනිසුන්ට මෙතරම් දරුණු වෙන්නට පුලුවන්ද ? නාදියාගේ ගේ දෙනෙත් වලින් බේරෙන කඳුළු බින්දු අසන්නේ ඇත්තෙන්ම මිනිසුන්ට මෙතරම් දරුණු විය හැකිද යන්නයි. පෝලන්තයේ Oswiecim කුඩා නගරය බලා යන ගමනේ ඇය අප සමග එකතු වූයේ අපගේ මග පෙන්වන්නා හැටියට. මීට පෙර මම කිසි දිනෙක මෙවැනි ස්ථානයක් නැරඹීමට පැමිණ නැහැ. ඒ වගේම පොත්පත් ජායාරුප වලින් දැක තිබුනත් සියසින් එදා දැක ගන්නට ලැබුණු දේවල් මගේ සිතේ මේ තරම් දුරට පසුතැවිල්ලක් සහ කනගාටුවක් ඇති කරනු ඇතැයි කිසිම දිනක මම හිතුවේ නැහැ.
    822633_92230fecfe1e4e6e9ada8052c194c4bd.webp


    මිනිසුන්ට මෙතරම් දරුණු වෙන්නට පුලුවන්ද ? නාදියාගේ ගේ දෙනෙත් වලින් බේරෙන කඳුළු බින්දු අසන්නේ ඇත්තෙන්ම මිනිසුන්ට මෙතරම් දරුණු විය හැකිද යන්නයි. පෝලන්තයේ Oswiecim කුඩා නගරය බලා යන ගමනේ ඇය අප සමග එකතු වූයේ අපගේ මග පෙන්වන්නා හැටියට. මීට පෙර මම කිසි දිනෙක මෙවැනි ස්ථානයක් නැරඹීමට පැමිණ නැහැ. ඒ වගේම පොත්පත් ජායාරුප වලින් දැක තිබුනත් සියසින් එදා දැක ගන්නට ලැබුණු දේවල් මගේ සිතේ මේ තරම් දුරට පසුතැවිල්ලක් සහ කනගාටුවක් ඇති කරනු ඇතැයි කිසිම දිනක මම හිතුවේ නැහැ.

    අප මේ යන්නේ පෝලන්තයේ පිහිටා ඇති හිට්ලර් ගේ නාසි සිර කඳවුරු පිහිටා ඇති අවුෂ්විට්ස් බිකනුර් වධකාගාර සහ සමූල ඝාතන කඳවුරු සංකීර්ණය නැරඹීම සඳහායි. Oswiecim නගරයේ අහස් කුස ඝන වැහි වලාවකින් වැසී ඇත්තේ මේ නාසි කඳවුරේ බියකරු භාවය තවත් වැඩි කරන්නට දැයි මට හිතෙනවා. මාගේ සංචාරක කණ්ඩායමේ මා සමග තවත් බ්‍රිතාන්‍ය සහ ස්වීඩන් ජාතික සංචාරක වරුන් කිහිප දෙනෙක් සිටියත් ඒ සියලු දෙනාම නිශ්ශබ්දතාවය රැක ගනිමින් නිහඬව සිටිනවා.
    දෙවන ලෝක සංග්‍රාමයට පෙර පෝලන්තයේ Oswiecim ගම්මානය සුන්දර නිසංසල ගම්මානයක්ව පැවතුනා. එහෙත් 1940 වර්ෂයේදී හිට්ලර් ගේ හමුදා සෙන්පතියෙක් වූ හෙන්රිච් හිම්ලර් ගේ උකුසු ඇසට මේ ගම්මානය හසුවුණා. සිර කඳවුරකට හොඳ බිම් තීරුවල් බව වටහා ගත් හිම්ලර් මේ ප්‍රදේශයේ සිටි සියලුම පෝලන්ත ජාතිකයින් ඉවත් කර වෙනත් නගරයකින් ගෙන්වා ගත් යුදෙව් ජාතිකයින් 300 ක් ලවා කඳවුර ඉදි කිරීම් ආරම්භ කළා. 1940 ජුනි මාසය වන විට හිට්ලර් ගේ එස් එස් හමුදාවේ සේනාංකයක් කඳවුරේ ස්ථානගත කරන ලද අතර පෝලන්ත ජාතිකයින් ගෙන් සැදුම් ලත් පළමුවන සිරකරුවන් කණ්ඩායම කඳවුරට ලඟා වුනා. එදා ඉඳන් සුන්දර නිසංසල Oswiecim ගම්මානය බිහිසුනු මිනී කම්හල හෙවත් අවුෂ්විට්ස් නමින් හැඳින්වුනා.


    822633_fe98a8c4659a47659a3e6e80ae021963.webp

    නාදියා සමග අප අවුෂ්විට්ස් සීමාවට පැමිණියා. ප්‍රධාන දොරටුව උඩින් ඇති නාම පුවරුව ‘ARBEIT MACHT FREI’ කියවෙන්නේ ඔබගේ ශ්‍රමය ඔබව නිදහස්
    කරයි යන්නයි.

    822633_5b0cf326528a47e5a3fa3ddf410c1585.webp

    ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූ අපට රතු පාට ගඩොල් ඇලවූ එක සමාන ගොඩනැගිලි රාශියක් දක්නට ලැබුනා. ඒ සෑම ගොඩනැගිල්ලක්ම එකිනෙකින් වෙන් වනසේ මීටර් 3ක පමණ උසට කටු කම්බි ගසා වෙන් කර තිබුනා. ඒ කාලයේ මේවාට විදුලිය සම්බන්ධ කර තිබී ඇත. මේ කම්බි පේලි අතර කුඩා මාවත එස් එස් හමුදාවේ සොල්දාදුවන්ට ගමන් කිරීම සහ පරීක්ෂා කිරීම සඳහා ඉඩ තබා තිබෙනවා. මේ සීමාව පැන අසුවුණු සෑම සිරකරුවකටම අත් වූයේ මරණයයි.
    822633_746035c782f24cf8b7e5b6e8c49add53.webp

    822633_fd17dab6f7bb42b28dbd296af89c62c3.png

    1941 වර්ෂය වන විට මේ අවුෂ්විට්ස් කඳවුර සිරකරුවන් 30000ක් පමණ පිරිසකගෙන් සමන්විත වුනා. තව තවත් පිරිස් පැමිණෙනවාත් සමගම මේ කඳවුර පුළුල් කිරීමේ අවශ්‍යතාවය පැන නැගුනා. ඒ අනුව හෙන්රිච් හිම්ලර් තවත් 100,000 සිරකරුවන් වෙනුවෙන් දෙවන වධක කඳවුර ඉදි කිරීම සඳහා නියෝගය ලබා දුන්නා. අවුෂ්විට්ස් කඳවුරට කි.මී 4ක පමණ දුරකින් අවුෂ්විට්ස් 2 නමින් එසේත් නැතිනම් බිකනුර් නමින් හැඳින්වෙන කඳවුර ඉදී කිරීම ආරම්භ කෙරුනා. මේ කඳවුර ඉදී කිරීම සඳහා 10,000කට අධික රුසියානු සිරකරුවන් පිරිසක් සිය ජීවිත පුජා කර තිබෙන බවයි පැවසෙන්නේ. රුසියානු සිරකරුවන්ගේ ලෙයින් ගොඩනැගුනු මේ වධකාගාරය තුල මිලියන 2ක වඩා පිරිසක් මරා දමා තිබෙනවා.
    822633_1f3b35be62b84b789892b16b2a1e6d4d.webp

    1942 වර්ෂය වන විට වධකාගාරය ආරම්භ කල පරමාර්ථ වෙනස් වී එය යුරෝපය තුල යුදෙව් විරෝධී වධකාගාරයක් බවට පත් වුනා. හිම්ලර් ගේ උපදෙස් අනුව බිකනුර් වධකාගාරය වචනයේ පරිසමාප්තයෙන්ම විශාල වශයෙන් යුදෙව් ජනතාව අමානුෂික ලෙස මරා දමන කම්හල් බවට කෙරුනා. බාල මහලු ස්ත්‍රී පුරුෂ, පුරවැසි භාවය හෝ ඔවුන්ගේ දේශපාලන මතවාදයන් එස් එස් හමුදාවට අනවශ්‍ය වුනා. ඔහු යුදෙව් ජාතිකයෙක් නම් ඔහුට මරණය හිමි විය යුතුය යන්න ඔවුන්ගේ මතය වුනා.
    822633_81951425180e4eafb326913a7a9197c8.webp

    මේ සියලු කරුණු අපට පැහැදිලි කරන නාදියාගේ කටහඬ දුබලයි. ඇගේ සමහර වචන අපට ඇසෙන්නේ නැහැ. ඇය පැවසූ පරිදි මීට පෙර 25 වතාවක් පමණ ඇය සංචාරකයින් සමග මෙසේ පැමිණ තිබෙනවා. එහෙත් ඒ සෑම දිනක්ම ඇයට දැනෙන්නේ අලුත් දිනයක් වගේ. ගොඩනැගිලි අංක 11 වෙත පිය නැගු ඇය වචනෙන් දෙකෙන් විස්තර කර අපෙන් සමුගෙන ඉවත් වුයේ තව දුරටත් ගලා එන කඳුළු නවත්වා ගත නොහැකි නිසා වෙන්නට ඇතැයි මට සිතුනා
    822633_ce88cce022c64f329b05413410091ca8.webp

    මරණයේ බිම් කොටස නමින් හඳුන්වන මේ 11 සහ 10 වැනි අංක දරන ගොඩනැගිලි වල ඉදි කරන ලද ගෑස් කාමර වල සෝවියට් පෝලන්ත සහ යුදෙව් ජාතිකයින් අමු අමුවේ මරා දැමුනා. මේ සඳහා Zyklon-B නමින් හැඳින්වෙන විෂ ගෑස් වායුව ඔවුන් ප්‍රයෝජනයට ගත්තා.
    822633_de8a077df609453cb7c8b9e7e9cdd8bf.webp

    822633_c9b6bf84c9b24193b97d7b646db1e33f.webp

    මේ වන විට බිකනුර වධකාගාරයට හිරකරුවන් ගෙන ඒම සඳහා දුම්රිය මාර්ගයක්ද ඉදි කර තිබුනා. යුරෝපයේ නොයෙකුත් ප්‍රදේශ වලින් ගෙන එන යුදෙව් ජාතිකයින් ඇතුළු පිරිස් වැඩ කිරීම සඳහා සුදුසු සෞඛ්‍ය තත්වයක නොමැති නම් කෙලින්ම ගෑස් කාමර වෙත යොමු කළා. කුඩා දරුවන්, වයසක පුද්ගලයින් මෙන්ම ගැබිණි මවුවරුන්ද ගණන් කල නොහැකි ප්‍රමාන වලින් ගෑස් කාමර වෙත යවා තිබුනා. ඔවුන්ගේ සටහන් පවා වධකාගාරයේ නැහැ. වැඩ කිරීමට සුදුසු යැයි තේරුණු සිරකරුවන් පොත්වල ලියාපදිංචි කල අතර ඔවුන්ගේ ශරීරයේ ලියාපදිංචි නොම්මරය සහිතව පච්චයක් කොටා නිරුවත් කර හිස බූ ගා සිරකඳවුරු වලට ඇතුලත් කර ගත්තා. මෙසේ මිලියන 2.5ක් පමණ සිරකරුවන් පිරිසක් මේ වධකාගාරවලට ඇතුල් කළා ඒ වගේම ඔවුන්ගෙන් 405,000 කට පමණ ලියාපදිංචි නොම්මරයක් ලැබුනා. මේ පිරිසෙන් 50% ක පමණ යුදෙව් ජාතිකයින් වුනු අතර ඉතිරි 50% පෝලන්ත, රුසියානු සහ අනිකුත් ජාතීන්ගෙන් සමන්විත වුනා.

    1944 වර්ෂයේදී සෝවියට් රතු හමුදාව පැසිස්ට්වාදී ජර්මානු හමුදාවන් පරාජය කරමින් යුරෝපය හිට්ලර්ගේ හස්තයෙන් මුදවා ගනිත්දී හිම්ලර් තම සොල්දාදුවන්ට අන දුන්නේ ගෑස් කාමර වල ක්‍රියාකාරිත්වයන් නවතාදමා සියලු ලිපි ලේඛන විනාශ කර සිදුකල අපරාධ වල සාක්ෂීන් විනාශ කරන ලෙසටයි.

    822633_94486de2d0fb42788756bd87654230dd.webp

    822633_2397a68a2e634b77a86fb4d47397555b.webp

    822633_912510fce58740c7b1d0bea8b2a0ba23.webp

    1945 ජනවාරි මස රතු හමුදාවන් විසින් අවුෂ්විට්ස් සහ බිකනුර් කඳවුරු නිදහස් කර ගනිත්දී කාන්තා ඇඳුම් 836,525 ක්ද , 348,820 ක් පිරිම් ඇඳුම් ද, සපත්තු කුට්ටම් 43,525 ක්ද, දත් බුරුසු , රේසර් අති විශාල ප්‍රමාණයක්ද, කෘතීම අත්පා 460 ක්ද, මිනිස් හිස කෙස් ටොන් 7 ක්ද සොයා ගත්තා. සිදු කර තිබූ කෘර අමානුෂික මරණ ගැන තවත් නම් කුමන කතාද ?
    822633_54d157deee8544deb032258ed4c65082.webp

    822633_e12d789a602c477ba89db787d79af756.webp

    1945 වර්ෂයේදී සෝවියට් හමුදාවන් විසින් මේ වධකාගාර නිදහස් කර ගත් දින මේ කඳවුරු දිස්වූ ආකාරය
    822633_9c61f41b4c1343a196b196ee0ceb0f49.webp

    822633_7df190f3deb748e890902f349aea7e69.webp

    1945 වර්ෂයේදී සෝවියට් හමුදාවන් විසින් මේ වධකාගාර නිදහස් කර ගත් දින මේ කඳවුරු දිස්වූ ආකාරය

    නිදා ගැනීමට වෙන් කර ඇති ලී වලින් සාදා තිබුණු තට්ටු ඇඳවල් මැදි කරගෙන සාදා තිබුණු විවෘත වැසිකිලි වලින් තවමත් දුගඳ හමන්නා සේ අපට දැනුනා.
    822633_13cf988d90b3498ea5147395ea0a5d7f.webp

    822633_d70ad444f3f54339a2cdcb093298c6a9.webp

    822633_1c9f311d059748648373fc1780cd4ee2.webp

    කඳවුරු වලට ඇතුල්වීමේදී ලියාපදිංචි අංකයක් ලැබූ 650000ක පිරිසකට තම ජීවිත බේරා ගැනීමට හැකිවුනා. සංඛ්‍යා ලේඛන වල මියගිය පිරිස මිලියන 2.1 සිට 4 දක්වා සඳහන් වෙනවා.

    බිකනුර් භුමියේ ඇති චෙරි ගස් වල චෙරි ගෙඩි රක්ත වර්ණයෙන් දිලිසෙන්නට අවශ්‍ය පැහැය මේ රුධිරය වැගිරුණු භූමියෙන් ලැබෙන්නට ඇති. මේ බිත්ති වල ඇති රතු පැහැති ගඩොල් කැට වලට කොන්ක්‍රීට් කටු කම්බි වලට කතා කරන්නට පුළුවන් නම් එදා සිදුවූ දේවල් සියල්ලම සැඟවී යන්නේ නැහැ. ජීවිත බේරාගත් සිරකරුවන් ගේ අත්දැකීම් අසන්නට පවා භියජනකයි.

    කවුරුන් මොනවා කීවත් මේ සිදු කෙරුණු කෘර කම් සැහැසිකම් අමානුෂික මිනීමැරුම් වලින් සහ රුදුරු පැසිස්ට් වාදයෙන් මුළු ලොවම ගලවා ගත් රතු හමුදාවට නැතිනම් එදා සෝවියට් හමුදාවන්ට මුළු ලොවම නය ගැති යැයි මට සිතෙනවා. අද මේ ස්ථානයේ පිහිටා ඇති අනුස්මරණ සංකීර්ණය මුළු ලොවටම පෙන්වන්නේ නැවත වාරයක් මෙවැනි සිද්ධියක් ලොව ඇති නොවීමට ඉඩ නොදිය යුතු බවයි.

    අවුෂ්විට්ස් බිකනුර් වධකාගාරයේ දුටු දේවල් සහ ලබා ගත් අත්දැකීම් මා වෙනස් පුද්ගලයෙකු බවට පත් වීමට ඉවහල් වුවා යැයි මට සිතෙනවා. ලෝකය දෙස වෙනත් ආකාරයකින් බැලීමට දැන් මට පුළුවන්.

    නැවත කිසිම දිනයක හෝ ලොව කිසිම තැනක හෝ පැසිස්ට් වාදයට සමාන ක්‍රියාදාමයක, ව්‍යාපෘතියක සෙවනැලි කුමන ආකාරයකින් හෝ මතු වෙන්නේ නම් අපි ඊට එරෙහිව නැගී සිටිය යුතු වෙමු යි කියා මට සිතුනේ මේ වධකාගාරයෙන් පිටතට එත්දී. මේ තත්ත්වයන් මනාව වටහාගැනීම ඉතා වැදගත්යයි මට සිතෙනවා. එබඳු වැටහීමක් ලැබීමට නම් ඉතිහාසය පිළිබඳ නිවැරැදි විශ්ලේෂණයක් තිබිය යුතුයි.

    822633_3108b6b5ae3b497880e4d872bb8b59d2.webp

    අවුෂ්විට්ස් වධකාගාරයේ තිබු මේ ජායාරුපය මගේ මතකයේ සදා කල් තිබේවි. ඉතිහාසය අමතක කිරීමෙන් සිදුවන්නේ නැවත වාරයක් එම ඉතිහාසයම අත්විඳීමට සිදුවීමයි.

    එසේම ඉතිහාසය අමතක කරන්නාට අනාගතයක් ද නැත.

    මෙවැනි සිද්ධීන් ඇත්තටම සිදුවුවාදයි අසන පුද්ගලයින් මා හට මුණ ගැසී තිබෙනවා. මෙවැනි ස්ථාන දකිනා තුරු මේ ලොව මෙතරම් බිහිසුණු යැයි කෘර යැයි ඔවුනට කවමදාවකවත් සිතෙන එකක් නැහැ.

    උපුටා ගැනීම
    රොහාන් ඩිරෙක්ස් - මොස්කව්

    http://www.sanchara.lk

    BUMP bn superb :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: EK KILLER

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    බටලන්ද මතක් වුණා.
    RW5.jpg
    සිංහලය වගේ කුණු මෝඩ හරක් ජාතියක් බටලන්ද රජ කරපු හොරුන්ව අපි නැවතත් අගමැති කරා ඊට පස්සෙ තාම විඳවනවා
    පොළොංගු අඹුඩේ අස්සෙ ගහගෙන කෑවෝ කෑවෝ කියලා කෑ ගහනවා. අපි වගේ අදීන ජාතියක්!!
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld



    Patta machan rep+++

    Photos penne nane bn mata




    සිංහලය වගේ කුණු මෝඩ හරක් ජාතියක් බටලන්ද රජ කරපු හොරුන්ව අපි නැවතත් අගමැති කරා ඊට පස්සෙ තාම විඳවනවා
    පොළොංගු අඹුඩේ අස්සෙ ගහගෙන කෑවෝ කෑවෝ කියලා කෑ ගහනවා. අපි වගේ අදීන ජාතියක්!!


    ++ TFS ++


    tnx ban...
     
    • Like
    Reactions: Capital_M