ITN වෙළෙඳ දැන්වීම් වංචාව නිසා මහින්දට ප්‍රජා අයිතිය අහිමි වන ලකුණු?
2015 ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම දැන්වීම් ITN නාලිකා ඔස්සේ විකාශය කිරීමේදී සිදුකර ඇතැයි කියන රුපියල් මිලියන 225ක මූල්‍ය වංචාවේ වරදකරුවන්ට දඬුවම් පැමිණවීම පිළිබඳව නිර්දේශ රැසක්, ඒ පිළිබඳව විමර්ෂණ සිදුකළ බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම මගින් යෝජනා කර ඇතැයි දැනගන්නට තිබේ. එම වරදේ බරපතළකම අනුව, මහින්ද රාජපක්ෂට වසර 7කට මැතිවරණවලට ඉදිරිපත් වීම වැළක්වීමට හෝ ජීවිතකාලයටම මැතිවරණවලට ඉදිරිපත් විය නොහැකි ලෙස හෝ නීති පැනවීය යුතු බව එම නිර්දේශවල සඳහන් වේ යැයි දැනගන්නට ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා එවක ITN බලධාරීන් අල්ලස් පනත යටතේ 70 වැනි වගන්තියෙහි විස්තර කර ඇති ‘දූෂණය‘ නැමති වරද, දූෂණයට කුමන්ත්‍රණය කිරීමේ වරද, දූෂණයට අනුබල දීමේ වරද යන මෙම වැරදි එකක් හෝ ඊට වැඩි ගණනක් සිදු කර ඇති බව එම ජනාධිපති කොමිසම තීරණය කර ඇත.
ඒ අනුව මෙවැනි වැරැදිවලට වරදකරුවන් වන දේශපාලකයින්ට හා රාජ්‍ය නිධාරීන්ට වසර 7කින් පසුව හෝ නැවත ව්‍යවස්ථාදායකයේ හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවල හෝ පත්වීම් ලැබීම නුසුදුසු බව ජනාධිපති කොමිසමේ අදහස වී තිබේ.

(මහින්දවාදියෝ පොහොට්ටුවට දුන්නොත් දෙන්නෙ මහින්ද හින්ද නෙ)