හිස් කබලේ සෙම පිරීම හෙවත් සයිනසයිටීස් ර
බොහෝ දෙනා පීඩාවිඳින තවත් හිසේ කැක්කුම් තත්ත්වයක් ලෙස හිස් කබලේ සෙම පිරීම හෙවත් සයිනසයිටීස් රෝගය හඳුන්වාදිය හැකියි. සයිනසයිටීස් රෝගය ඇතිවන්නේ අපගේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ සිදුවන ආසාධනයන් නිසා නිපදවන සෙම හිස්කබලේ ඇති කුහරවල ක්‍රමක්‍රමයෙන් එකතුවීමෙනි. අපගේ නාසයට සම්බන්ධව හිස්කබලේ කුහර යුගල් තුනක් තිබේ.
එයින් එක් කුහර යුගලයක් ඇසට ඉහළින් නළල ප්‍රදේශයේ ෆ්රන්ටල් සයිනස් (Frontal Sinus) ලෙසත්, දෙවැන්න ඇසට පහළින් නාසය දෙපස උඩු දත් ඇන්දට ඉහළින් මැක්සිලරිසයිනස් (Maxillary Sinus) ලෙසත්, තෙවැන්න නාසය ඇතුළතින් එත්මොයිඩල් සයිනස් (Ethmoidl Sinus) ලෙසත්, පිහිටා ඇත. මේවා අපගේ නාස් කුහරයට සම්බන්ධ වේ. ශ්වසන මාර්ගයේ උඩ කොටසේ නිපදවන සෙම සහ සොටු මෙම කුහරවලට ක්‍රම ක්‍රමයෙන් එකතුවීමේ ප්‍රවණතාවයක් ඇත.
දැන් අපි සලකා බලමු කෙනෙකුගේ සෙම නිපදවීම වැඩිවන්නේ ඇයි ද කියා. සමහර අයට උපතින්ම ඇති පීනස හෙවත් Allergic Rhinitis ලෙස හඳුන්වන රෝග තත්ත්වය නිසා උදය කාලයේ නිතර නිතර සෙම ගැලීම සිදුවේ. මෙම සොටු දියර හොඳට සූරා එළියට නොදමා උඩට ඇදීමෙන් සයිනස් කුහරවලට එකතුවිය හැකියි. සමහරෙකුට දූවිලි හෝ දුම් ඇවිස්සුණු තැන්වලදී කිවිසුම් යාම සහ සොටුදියර ගැලීමට පටන් ගනියි.
මෙයට අමතරව සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු අවස්ථාවලදී ද මෙම තත්ත්වය ඇති වේ. තවද නාසයේ ඇති මස්දළු, පීනස් ගෙඩි වැනි රෝග තත්ත්ව නිසා ද සුළු වශයෙන් හෝ සෑදෙන සෙම නාසයෙන් එළියට දැමීමට ඇති අපහසුතාවයෙන් කුහර තුළ තැන්පත් විය හැකියි. මෙසේ කාලයක් තුළ එකතුවන සෙම බැක්ටීරියාවල ආසාධනයට සහ පැසවීමට ලක්වීමෙන් මෙම සයිනසයිටීස් නැමැති ආසාධන තත්ත්වය ඇති වේ.
රාත්‍රී කාලයේ ස්නානය සහ තෙත කොණ්ඩය පිටින් නිදා ගැනීම, නිතර නිතර සීතල වතුර පාවිච්චිය මෙම රෝග ඇතිවීමට බලපාන වෙනත් සාධක වේ.
රෝග ලක්ෂණ
හිසේ නළල ආශ්‍රිතව ඇතිවන දැඩි වේදනාව
හිසේ බර ගතිය
හිස පහතට හෙළා ලිවීමේදී හෝ වැඩක් කිරීමේදී ඇතිවන අපහසුතාවයපහත්වී නැගිටින විට කැරකිල්ල සහ විසිවෙන ගතිය ඇතිවීම
අන් අය නොරුස්සන ස්වභාවය
කියාගැනීමට බැරි අසනීප තත්ත්වයක් දැනීම
සවස් කාලයේ උණ ගතිය
දිවා කාලයේ ඇස් ඇරගෙන සිටීමට ඇති අපහසුතාවය සහ තද නිදිමත
ඔබට මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙක් හමුවී පරික්ෂා කර බලා ප්‍රතිකාරවලට යොමුවීමෙන් මෙම රෝග තත්ත්වය නිට්ටාවට සුවකර ගත හැකියි. හිස්කබලේ කුහර ඇති තැන් ඇඟිල්ලෙන් තද කිරීමෙන් දැඩි වේදනාවක් ඇතිවේ නම් මෙම රෝගය ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකියි. ඊට අමතරව එක්ස් කිරණ පරික්ෂණයක් මගින් කුහර තුළ සෙම තැන්පත් වී ඇතිදැයි පැහැදිලිව බලාගත හැකියි.
රෝගය සඳහා ප්‍රතිකාර
සති දෙකක පමණ කාලයක් වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම
මීට අමතරව සෙම නිපදවීම අඩු කිරීම සඳහා ද පීනස සඳහා ද ප්‍රතිකාර ලබා ගැනීම
හුමාලය ආශ්වාස කිරීම
මෙම ප්රතිකාරවලින් ද ගුණයක් නොමැතිනම් උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුවී සයිනස්වල ඇති සෙම ඉවත් කර සේදීම කළ යුතුය.
බොහෝ රෝගීන් මෙම කරුණු නොදැන සයිනසයිටීස් රෝගයෙන් පීඩාවිඳින අවස්ථාවන් ඇත. එම නිසා රෝගයට නිසි ප්‍රතිකාර ලබාගැනීමත් නැවත රෝගය මතු නොවීම සඳහා අප ඉහතින් සඳහන් කළ රෝගයට බලපාන කරුණුවලින් ඉවත්වීමත් ඉතාම වැදගත් වේ.